පද පේලි .....

Status
Not open for further replies.

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුබ අහසේ
    ආදරය තරමි සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔබ මගෙම වෙන්න ඕනා

    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා

    මියදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
    මා හදවිතින්ම උමතුවී තියේ.. //

    ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
    දැක ගන්නට ඔබ මා ලඟ නෑනේ
    නුදුරේදිම කරගන්නට මාගේ
    අවසර දෙන්නට පමණයි ඕනේ
    ඉඩ දෙන්නම් පපුතුරේ
    නැලවෙන්නට සොදුරියේ
    මට ඔබම තමයි ඕනා

    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා

    මියදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
    මා හදවිතින්ම උමතුවී තියේ.. //

    රැකගන්නම් ජීවිතයම වාගේ
    එක සැරයක් හද ගත්තානම් මාගේ
    සැනසෙන්නට හැමදාමත් ආයේ
    එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
    නොසිදෙන මහ සාගරේ
    තරමට මගෙ ආදරේ
    මට ඔබම තමයි ඕනා..

    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා

    මියදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
    මා හදවිතින්ම උමතු වී තියේ.. //
     

    nilanthip85

    Member
    Apr 3, 2012
    3
    1
    0
    Karandeniya
    අද දුක දැනුන දවසක්...

    ඇහෙනවනම් සිත හඩන තරම් ..කිසිවෙකු නැ ලොව හිනහෙන්නේ.....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දුකේදී හැඬුමට සැපේදී
    සිනාසෙන්නට ලඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙකු ඇතිනම්
    නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි ඒ අම්මා.....


    අහස මෙන් ලත් චෝදනා
    පොළව මෙන් දුක් උහුලනා
    මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
    සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවේ රජ වීලා....


    දුකේදී හැඬුමට සැපේදී........


    සිතට සැනසුම් කල්පනා
    ගෙනෙන පාදා වාසනා
    තනා ටජ්මහලක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
    සොඳුරියේ නුඹෙ රුව අඹා ගමි මහද මන්දීරේ.....


    දුකේදී හැඬුමට සැපේදී
    සිනාසෙන්නට ලඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙකු ඇතිනම්
    නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි සුදු අම්මා.....

    :(:(:(:(:(:(

    Totti-woman--romantic--Love--hug_large.jpg

     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ආකාස ගගේ වලාවේ වෙලී
    සීමාව සොයා සිසාරා ඇදී
    එමි ආදරෙ සිත සාදමි
    මුදු හාදු දී හද ගිනි නිවමි

    සුලග හෙමිහිව හැමුවාවේ
    කොහෙද ඇය මට කිවුවාවේ
    පෑයුව සදේ, ආකාසෙ රැදී
    ඈ වාගේ ගිලි රිදවයි නුබ හිනහී

    ඈ ඉන්නා සේ මැදුරේ
    ලා අදුරේ මේ යාමේ
    පාවේදෝ ගී රාවේ
    පිඩාවී සන්තාපේ

    ඒ හඩනා හඩදෝ ඇයගේ
    දෑසේම පායා
    රෑ සීන ගේනා
    ඈ කෝ සොයා දැවෙමී

    පෑයුව සදේ, ආකාසෙ රැදී
    ඈ වාගේ ගිලි රිදවයි නුබ හිනහී

    රෑ බෝවී ආවාවේ
    දේ දුන් දේ හේමන්තේ
    නෑ එන්නේ මල් වාරේ
    සරසාලා ඈ හිසකේ

    ඈ මතකේ, සුසුමේ සිරවේ
    දෑසේම පායා රෑ සීන ගේනා
    ඈ කෝ සොයා තැවෙමී
    පෑයුව සදේ, ආකාසෙ රැදී
    ඈ වාගේ ගිලි රිදවයි නුබ හිනහී

    ආකාස ගගේ වලාවේ වෙලී
    සීමාව සොයා සිසාරා ඇදී
    එමි ආදර සිත සාදමි
    මුදු හාදු දී, හද ගිනි නිවමි

    සුලග හෙමිහිව හැමුවාවේ
    කොහෙද ඇය මට කිවුවාවේ
    පෑයුව සදේ, ආකාසෙ රැදී
    ඈ වාගේ ගිලි රිදවයි නුබ හිනහී
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
    මටත් වඩා කල් ඔබ ජීවත් වේවා
    මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ
    විෂාකාව වේවා......!!!

    මහා පොළව සේ නිහඬ නිසංසල
    ඔබේ දයාබර හදින් ගලා එන
    ආදර ගීතය ලොව සනහාලන
    බුදු බණ පදයක් වේවා.....!!!

    ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
    සුවඳ ගලා ගිය ඔබෙ මවු හදවත
    නිවන් පුරට යන මං පෙත හෙලිකල
    පහන් ටැඹක් වේවා......!!!


    :):):):):)

    :love::love:

    A_warm_hug1.jpg

     

    nilanthip85

    Member
    Apr 3, 2012
    3
    1
    0
    Karandeniya
    සිතින් මා නොසැලී හිදිද්දි.. කදුල නුඔ ඇවිදින්....
    නිවා දැමු ඒ සිතේ පීඩා නොබිදිනූ මැනවී.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලා රෝස නාමල් සඳුන් සුවඳින් හද නැහැවිලා
    මා නෙතු බොඳවුණේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැවු හීනේ සිඳී මා තනිවුණා

    තුරුණු මිහිරෙන් නුඹේ නෙතු දිළී පියවිලා
    සිත පුරා පෑව හද පුදා වින්ඳ ආදරෙත් සැඟවුවා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැවු හීනේ සිඳී මා තනිවුණා

    ඈත කඳු නිම්නයේ සිටියදී පියඹලා
    පුංචි රන්පාට සමනල්ලු රෑන අද වගේ සිහිවුණා
    දෑතින් අල්ලා මගේ සිත ම සිඹලා
    පා සෙනෙහේ තියේ මා දිවිතුරා

    ලා රෝස නාමල් ................


    ගායනය :- චිලී තිලංක
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තාරකා එලි ඉඟිබිඟි කරනා නීල ආකාසේ
    පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම්ලෝකේ
    සිහින පෙම් ලෝකේ.....

    අසන්න දේවල් අනන්ත ඇති මුත් අසාගන්න බැරිවා
    ඇසින් කතා කර සිතින් එකතු වෙමු හමුවන හැම මොහොතේ
    හමුවන හැම මොහොතේ...

    පෙමින් බැඳුන විට අනන්ත බාදක අප ජයගත යුතු වේ
    හිතන්න දේවල් කොයින්ද වෙන මට මගෙ හිත ඔබ ලගනේ
    මගෙ හිත ඔබ ලගනේ.....

    stock-photo-romantic-couple-series-18867943.jpg

    :love::love:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    She hangs her head and cries on my shirt
    She must be hurt very badly
    Tell me what's making you sad, Li?
    Open your door, don't hide in the dark
    You're lost in the dark, you can trust me
    Cause you know that's how it must be

    Lisa Lisa, sad Lisa Lisa

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබෙ කඳුළැල්නම් මට පේන්න හඬන්නට එපා
    දුක හිතෙන තරම් ඔය විදියට බලන්නට එපා
    මල් කිරිල්ලියක් සේ ඔබ ඉන්න කූඩුවේ
    ඔය කඳුළ දෙන්න මට හඬන්න ඔබ හඬන්නෙපා

    මගේ ලොවේ කඳුළු හංඟ තිබුණෙ ගොඩක් කල්
    එදා හැඬුවෙ ඉවර වෙන්න නෙතේ කඳුළු වැල්
    මගේ ළඟ ම ඔබ හිඳින්න වෙලී සදාකල්
    එහෙම ඉන්න අපි දෙන්නට නැති ද සිනා රැල්

    ‍ඔබෙ කඳුළැල්නම් .............

    මගේ ළඟට ආ ඔබ මම හොඳින් රකින්නම්
    සතුට පෙණුනෙ නැතුවට හිත පුරා තියන්නම්
    කවුරු බැලුවෙ නැතුවත් මම ඔබට බලන්නම්
    ජීවිතය ම ගෙවෙනා තුරු ළඟින් හිඳින්නම්

    ‍ඔබෙ කඳුළැල්නම් .............


    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
    ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ

    හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
    කියන්නෙ ජීවිතේ මුලාවදෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හද රැන්ඳු ආදරේ නමින්
    පිණි බින්ඳු තාරකා ඇසින්
    ගිලිහෙන්නෙ මං හින්ද නම්
    ඉවසන්නෙ මා කෙලෙසකින්

    ජීවිතේ මේ වන්දනාවේ
    මා ළඟින් උන් කිණ්නරාවී
    මා දමා යන්නෙ දෝ පාවී
    මාරුතේ මං මුලාවේවී
    දුක් දැනේවී අප්සරාවී
    සඟවන් උඳුම්බරා දේවී

    හද රැන්ඳු ආදරේ..........

    සේල ඇතිරූ සේද යහනේ
    වේදනා මල් නේද පිපුණේ
    තාරුකාවන් නීල නයනේ
    වාසනාවන්ත පෙම් හීනේ
    පීදුනානම් සිහින විමනේ
    නෑ සුසුම් මේ තරම් ළඳුණේ

    හද රැන්ඳු ආදරේ..........


    ගායනය :- රකිත වෙලන්ගොඩ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
    එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

    මගෙ ජීවය ගල් ලෙනකී එහි පහණ ඔබ තමා
    එය දල්වනු මැන හිනැහී අද පෙම් ගිතෙල් දමා
    වැලපීමට හෝ සැනසීමය මතු සැනින් සැරේ
    එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

    අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ
    පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ
    පිටුපෑමට ලං වීමට භවයේ වරින් වරේ
    එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

    අද හෝ හෙට කරුණාකොට වියලුනු දෙතොල් තෙමා
    සුරැකීමට සැනසීමට ඔබ දිය යුතුයි අමා
    ඔබගේ නෙත කඳුලැළි මත පාවෙන තරම් ප්‍රියේ
    දල්වූ මැන මගෙ හදවත් හොද සිහිය මට තියේ
    කලදී මට නොහැකී යයි බාධක සුළං රැලී
    එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ....

    romantichu_mxzl8ccl.jpg

     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මා දෑසේ වේදනා
    ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වයිර චේතනා

    පෙරදා ඔබෙන් මෙමා
    ලැබූ නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොළු කලා //
    ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා

    මා දෑසේ වේදනා ....

    මා ගයන ගීතයේ
    රාවේ ගුවනින් ඇසේ
    ඒ සෝ සුසුම් තුලින්
    ඔය දෑස තෙත් කලේ //
    මේ ගීය ගැයුවේ මා
    ඔබ රිදවනු නොවේ

    මා දෑසේ වේදනා .....
    :):)

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    images


    ඔබ මගේ වෙලා..
    මගෙ ළඟට වෙලා..
    නිවාඩු පාඩුවේ කියන්න..
    ආදරේ කියා..
    සඳ මඬල වෙලා..
    තරු ළඟට වෙලා..
    කියාදෙන්න ආදරේ කියා..//

     
    Status
    Not open for further replies.