පද පේලි .....

Status
Not open for further replies.

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    Two-Cows.jpg


    හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
    එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
    එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
    මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...

    පාලු අම්බරයේ දේදුන්නක් ඇදිලා
    පාට ගෑ විගසේ පාලුව සැඟව ගියා
    සිතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
    පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ ...

    පාට සමණළයන් ආදර ගීමුමුනා
    රෝස මකරන්දේ සුවඳට ඉවකෙරුවා
    සිතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
    පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ ...
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුනනවා....//

    යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

    අහන් ඉන්න ....

    සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
    සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
    අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි

    අහන් ඉන්න...

    6480984917_de999b6c3b_z.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා
    ජීවිතේ පැතුම් රහසේ ම වියැකී ගියා
    රහ‍සේ ම කවුදෝ ඉක්මන් වෙලා
    හඬවාල මගෙ දෑස ඔබ ගෙන ගියා
    දැන උන්නනම් ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    දහසක් පැතුම් මහදෙ සිරකොට තබා
    මා පෙම් කළේ සිතින් සුසුමන් දරා
    මා තුරුළෙ ඔබ උන්න හීනෙන් පවා
    ඇයි ඉන්නෙ හොර රහසෙ මා රිදවලා
    දැන උන්නනම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    දෙනුවන් අගට රහසෙ කඳුළැල් උනා
    ඔබ ගැන ම රෑ තිස්සෙ සිහිපත් කළා
    මා පෙම්කළ බව තාම නොදනී ඔයා
    අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
    දැන උන්නනම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    ආදරේ තරම් ..................


    ගායනය :- ශාන් හසීම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුටුව දා පටන් ගුරු සිත නොරිදා ඉන්න
    සිතුව දියණියේ නුඹෙ ඇස් කඳුලින් මොකද
    පොත් මිටියට හිස නමාන අඬන්නෙ ඇයිද
    සියළු දෙනා පාසැල නිමවෙලා ගොස් ඇත

    හැමදාමත් පාසැල වෙත හිනැහිලා උදේ
    එනමග බලමින් ඉන්නේ ගුරුතුමා ඔබේ
    නොහිතන පැත්තකින් දකින දියණිය මාගේ
    පෙම්වතා නොවෙයි මම ගුරුතුමයි පන්තියේ

    දුටුව දා පටන්

    ශිල්ප සතර කියාදෙන්න ආවෙ සතුටකින්
    සැඟව යන්න වෙනවා දරුවනේ නුඹලගෙන්
    නොලැබෙන දේ පතනා දියණියක් ඇත දුකින්
    කිලිටි නොකර මගෙ ගුරු සිත යනවා මං අරන්

    දුටුව දා පටන්


    පද රචනය - චමින්ද එදිරිසිංහ
    ගායනය - සුදම් චාමර

    ;)


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2803031783_cbfc34474e_z.jpg


    ඉර බැස යන හැන්දෑවට ගල් බැම්ම දිගේ
    හැමෙදාමත් තනියෙන් මම සිතුවම් ඇන්දේ
    ගල් බැම්මට මුහුද ඇවිත් හැපෙනවා වගේ
    ඔයා කිව්වෙ මම බැම්මයි ඔබ මුහුද වගේ

    ඔයා කිව්ව මුහුද තවම බැම්මෙ හැපෙනවා
    ඒත් ඔයා වෙන තුරුළක සුවය විදිනවා
    රැල්ල බැම්මෙ හැපී සොදුරු රටා මවනවා
    ඉස්සර අපි දෙන්නා වගේ මටම හිතෙනවා

    ඉර බැස යන හැන්දෑවට

    ගල් බැම්මෙදි ඔබේ රූපෙ මැවිලා පේනවා
    පේන පේන හැම තැනටම සිත දිව යනවා
    ක්ෂිතිජ ඉමේ හිරු ඇවිදින් සිනා සලනවා
    රැල්ල ඇවිත් මාව තෙමලා විහිළු කරනවා

    ඉර බැස යන හැන්දෑවට

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඳුළු දෝතින් අරන් බිඳුණු සිහිනය ලෙසින්
    ඇයිද හැරදා ගියේ මා ප්‍රියේ
    රැඳුණු ප්‍රේමයෙ ඔබෙන් මතක නටඹුන් ලෙසින්
    අඳුරු සුසුමකද තවරා ගියේ

    පුංචි කාලේ පටන් එකට අත්වැල් දරන්
    අපි ඇවිද ගිය ඕවිටේ
    පුංචි කුරුළු දුකින් දුකට දුක් ගී ගයන්
    ඈත අහසටද ඉගිලී ගියේ

    කදුළු දෝතින් අරන්

    මඟදි හමුවී ඉතින් නොදුටු ගානට නෙතින්
    ඇයිද පිටුපා ගියේ නුඹ හැරී
    සසර මගදී යලී ඔබව නොපතමි කොහේ
    දුකද මට දුන්නෙ මට ඒ ඇතී

    කදුළු දෝතින් අරන්

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ හා මා අතරේ
    පෙර දින තිබූ ඇසුරේ
    වරදක් වී මෙලෙසේ
    රිදවයි මට රහසේ..//

    පුංචි දේකට සැක කරන්
    පුංචි ඇස් දෙක පොඩි කරන්
    ගලන කඳුළක හිර කරන්
    ඔබේ කඳුළත් මට දියන්

    ඔබ හා මා අතරේ..

    කියන විදියට හිත හදන්
    ලැබෙන තරමට දුක බෙදන්
    යනෙන දවසක නුඹ අරන්
    මගේ සැනසුම ඔබ අරන්

    ඔබ හා මා අතරේ..:no:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අකුරු කරනවද මගෙ දුව පාඩම් පොත අතේ තියාන
    සිතින් දකිනවද මගෙ දුව හිත අරගෙන ගිය කුමරාන
    පාඩම් පොත අතේ තියාන, සිතින් දකිනවද කුමරාන

    වදෙන් පොරෙන් නුඹ සිරකර කූඩුවෙ දොර අපි මුරදාන
    සිතින් දුවන නුඹ අල්ලා නවතාගෙන ඉන්නද කොහොම
    කූඩුවෙ දොර අපි මුරදාන, නවතාගෙන ඉන්නද කොහොම

    සිතින් සිතට තහංචි නෑ නුඹ ලෝකය දැනගත්තාම
    අකල් පෙමින් තැවුල් සදා නුඹ එයි ගෙට කදුළු පුරෝන
    තහංචි නෑ දුව හැමදාම, නුඹ ලෝකය දැනගත්තාම


    පට්ට සිංදුව..:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    SRILANKA+SOLDIER.jpg


    අපේ අම්මා හමුදාවට මාව දුන්නම
    මාව බදාගෙන හැඩුවේ මලේ මොකටද
    අපේ ගෙදර බලාගනින් මින් ඉදිරියට
    රටක් නැතුව අපි ජීවත් වෙලා මොකටද..

    අප්පච්චී හමුදාවෙන් ඉවත් වුණාම
    එතන අඩුව පිරවෙනවා මමත් ගියාම
    පරිස්සමින් රට බේරන් ආපහු එන්න
    දිරිය දියන් නුඹේ කදුළු අතින් පිහාන..

    මේ කරදර හැකි විගසින් නිමා වුණාම
    අපිට හැකි හොද විදියට ජීවත් වෙන්න
    අම්මා දුන්නු මව් කිරිවල ණය බෑ දෙන්න
    පුළුවන් නම් උඹත් වරෙන් මාත් එක්කම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තල් අරණට සඳ ඇවිදින් අහසෙ දිලෙනකොට
    මගේ දුවේ මට මැවෙන්නෙ ඔයාගෙ සිනහව
    නිවාඩුවට කල් තියෙනවා ගෙදර එන්න තව
    අම්මා එක්ක මඟ බල බල ඉන්න එපා නුඹ

    මේ රැය අඳුරුයි පාළුයි නෙත නිදි නෑ මගේ
    මගේ දුවේ නුඹ නම් ඇති අම්මගෙ උණුහුමේ
    නුඹේ සුවඳ විදගන්නට ඉවසුම් නෑ සිතේ
    ඉගිල්ලිලා එන්න හිතයි තුරුළට මට නුඹේ

    නුඹට හෙටක් හදන්න අද රුදුරු සටන් බිමේ
    දුක් විදින්නෙ නුඹ හින්දයි මගේ පුංචි දුවේ
    මගෙ ඇස් දෙක පියවුනොතින් මේ රුදු සටනෙදි
    අම්මා එක්ක හොදට හිදින් මගේ පුංචි දුවේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    alone+2.jpg

    දුක හිතුණා රත්තරනේ
    හිත රිදුණා රත්තරනේ
    මා හැරදා ඔබ ගිය දා
    දුක හිතුණා රත්තරනේ
    මා හැඩුවා රත්තරනේ

    හිත හදාගන්න බෑ ඔබ දුර ගිය නිසා
    දුක දරාගන්න බෑ ඔබ ඔහු ළග නිසා
    පෙර කී කතා ඔයා සුළගේ ඇදී ගියා
    නෙතු සොයයි ඔබ කොහේදෝ බලයි

    දුක හිතුණා රත්තරනේ

    මට උහුලගන්න බෑ මේ දුක් වේදනා
    හිතට දරාගන්න බෑ ගැරහුම් චෝදනා
    ඔබ හැරගියා කියා මට හිතාගන්න බෑ
    අසරණයි තනිවුණේ මා තමයි

    දුක හිතුණා රත්තරනේ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිවිතුරුය පළමු පෙම
    බිහිසුණුය බිඳුණු දින
    ලෙන්ගතුය සුවඳ ඔබ
    සුදු හාමිණේ,
    තනිකඩය තවම මම

    වස්සාන කාලයක හිත දවා
    අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
    මල් යාය බඹර ගී හඬ තලා
    කැකුණු පෙම මල් නටුව හැර ගියා

    කප්තුරට යදම් බැඳි තටු සලා
    සක්මනට නුහුරු සිත තනි කලා
    අවරගිර තරු වැටෙන් ගිළිහිලා
    සුභ නැකත රන් හුයක පැටලුනා :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    beauty18.jpg


    ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී..//

    ඔබ සිත මා සිත හමු වූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල..//
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී..//

    ඔබ මා හමවුණ..

    කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල සැටි..//
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී..//

    කරුණාරත්න දිවුල්ගනේ

    ¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
    ¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kajal-Agarwal_hot_on_exposing1.jpg


    පෑව මල් සිනා ඔබ මට
    මා වශී වුණා ඔබ හට
    තාම මා සිතේ රැදී තියේ
    වේදනා ගෙනේ හදවත
    දරාගන්න බැරි තරමට
    කාරණා පැතුම් අතීතයේ

    නිලන වැසි සමේ ඉකිබිඳ
    හඩන සිත මගේ නුඹ ගැන
    හීනය හිත යටම නිදි වරයි
    හිතට හිත නැතත් නෙත ළග
    තවම මැවි මැවී නොපෙනෙන
    ජීවිතයට සැනසුම නුඹමයි
    සුවඳ මල් නෙලා සැරසුව
    පාට හාඩ තියා ගැලපුව
    මගේ නොවන හිත නුඹේ ළගයි
    කදුළු තව තියේ සීතල
    හඩනවාම නම් දෙනුවන
    මගේ නෙතට හදවත කොදුරයි


    පෑව මල් සිනා

    නිලන්ත රාජේන්ද්‍ර


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sad_man_rnd%5B1%5D.jpg


    He takes you out and he takes you up
    'cause he can show you so much
    I go to bed and tomorrow again
    there's a lot of work to be done

    He gives you gold and he'll promise you

    the whole world will be yours
    I just can tell you I love you so
    even though my odds are low

    I'm not an actor I'm not a star

    and I don't even have my own car
    But I'm hoping so much you'll stay
    that you will love me anyway

    The dirty games and the neonshows

    this is the world he knows
    Watching the stars satisfies my soul
    thinking of him makes me feel so cold

    The fancy cars and the restaurants

    you're just so fond of the man
    Sometimes I wonder if you are blind
    can't you see, he's got dirt on his mind

    I'm not an actor I'm not a star

    and I don't even have my own car...

    Michael Learns To Rock [MLTR]

     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83


    Picture perfect memories scattered all around the floor..
    Reachin' for the phone 'cause I can't fight it anymore..
    And I wonder if I ever cross your mind,
    For me it happens all the time..

    It's a quarter after one, I'm all alone and I need you now..
    Said I wouldn't call but I lost all control and I need you now..
    And I don't know how I can do without,
    I just need you now..



     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා.....//

    කළුවර රෑ සඳක් වගේ
    අහසේ ඔබ ඉන්නවානම්
    ආසයි මං නොකී කවිය ඔබට කියන්න
    තරහක් නෑ නුඹ බැස යන්න

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනවානම්
    ආසයි මං කුවුලු පියන් ඇරලා තියන්න
    තරහක් නෑ නෑවිත් ඉන්න

    මගේ පුංචි රෝස මලේ .........
    :(:(


     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83






    You know the bed feels warmer,
    Sleeping here alone..
    You know I dream in colour,
    And do the things I want..

    You think you got the best of me,
    Think you had the last laugh,
    Bet you think that everything good is gone...
    Think you left me broken down,
    Think that I'd come running back,
    Baby you don't know me, cause you're dead wrong..

    What doesn't kill you makes you stronger,
    Stand a little taller..
    Doesn't mean I'm lonely when I'm alone..
    What doesn't kill you makes a fighter,
    Footsteps even lighter..
    Doesn't mean I'm over cause you're gone..

    What doesn't kill you makes you stronger, stronger,
    Just me, myself and I..
    What doesn't kill you makes you stronger,
    Stand a little taller..
    Doesn't mean I'm lonely when I'm alone..


    :D:D:D:D:D


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    barre4.gif


    finch-couple-night.jpg

    barre4.gif

    මේ මල් යායේ මා හා එක් වීලා..
    ඈ පෑ සිනා ලං වෙලා..
    රෑ තරු වාගේ නිවුනා මැලවීලා..
    මා දෑසේ දී වේදනා..//

    මා දෑතේ වෙලිලා එදා..
    රෑ සීතේ සඳ පානේ පිය නැඟුවා..
    ඒ ඡායා සිහිනේ යාවී..
    ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා..

    මේ මල් යායේ..

    සෝ ගීතේ සවනේ යාවී..
    මා ලෝකේ තනි වූ සේ මට හැඟුනා..
    ඈ මා හා පෙරදා මැවූ..
    ඒ මායා මීදුම් සේ දුර ඇඳුනා..

    මේ මල් යායේ..

    barre4.gif

    එඩ්වඩ් ජයකොඩි
    barre4.gif



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    barre4.gif

    sad_couple.jpg

    barre4.gif

    වසන්තයේ සිත සැලුනා..
    අනන්තයට දුක දැණුනා..
    පවනක් වී ඔබ දුර ඇඳුනා..
    සුවඳක් සේ මා ළග රැඳුනා..

    සුදු රැළි ගවුමෙන් සැරසී..
    පෙර ඔබ ආ හැටි සිහි වී..
    දඟකාරියෙ ඔබ මට පෙම් කල..
    මතකය ඔබ ළග නැවතී..

    අරුන්දතියෙ සඳ සැඟවී..
    සමණල සිහිනය බොඳ වී..
    මල් පාවඩ දිග යනවාදෝ..
    අද මා පෙම් කළ කුමරී..
    barre4.gif

    රොමේෂ් & ලක්ෂාන්

    barre4.gif


     
    Status
    Not open for further replies.