ඉතිහාසෙන් අතුගෑවුන වීරයෙක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඉතිහාසෙන් අතුගෑවුන වීරයෙක්

    ◄ ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වීරයා ►

    අපේ රටේ ඉතිහාසෙන් අතුගෑවුන වීරයෙක් ගැන මතක් කරලම වැඩේ පටන් ගන්න ඕනේ කියල හිතුන ..

    වර්ෂය: 1964, ස්ථානය: ජපානයේ ටෝකියෝ නුවර, ඉසව්ව: 18 වන ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර 10,000 තරඟ ඉසව්ව.. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට තරඟ වැදුනේ ආර්. කරුණානන්ද හෙවත් රණතුංග කරුණානන්දයි.
    තරඟය ආරම්භ වී සුළු මොහොතක් ගත් වෙත්ම චෙකොස්ලෝවැකියානු, රුසියානු ක්‍රීඩකයන් පෙරමුණ ගත අතර තරඟ කරුවන් හට වට 25 ක දුරක් නිම කල යුතුව තිබිණි.

    අංක 67 යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආර්. කරුණානන්දද මෙම ක්‍රීඩකයන් සමග ඉදිරියට ඇදුනි.

    544023_165540826899536_159649794155306_239326_1550541273_n.jpg


    ටෝකියෝ ඔලිම්පික් සංවිදානයේ දුර්වල කමක් හේතුවෙන් එදිනට පෙර දින මීටර 5000 ඉසව්වට සහභාගී වී සිටි කරුණානන්ද, සෙම්ප්‍රතිශ්‍යාව සමග උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් දුබල වී සිටියේය.

    නමුත් තම අධිෂ්ඨාන ශක්තිය පෙරදැරිව කරුණානන්ද තරඟයේ යෙදුනද තරඟය ආරම්භවී වට කිහිපයක් යනවිට තරඟයේ පෙරමුණ ගත් ක්‍රීඩකයෝ ඔහුට වඩා වටයක් ඉදිරියෙන් සිටියෝය. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීති ඝෝෂා මැද ජයග්‍රාහී ක්‍රීඩකයා වූ ඇමරිකාවේ බිලි මිල්ස් විනාඩි 28 යි තප්පර 24 කින් තරඟය නිමා කරන විට, කරුණානන්ද ඔහුට වඩා වට හතරක් පිටුපසින් සිටියේය. පළමු දෙවන තෙවන ක්‍රීඩකයින් තරඟය නිමාකරත්ම, පසු පසින් සිටි බොහෝ ක්‍රීඩකයින් තරඟය අතහැර දමා තරඟයෙන් ඉවත් විණි.

    නමුත් ශ්‍රී ලංකාවේ කරුණානන්ද තනිවම ක්‍රීඩා පිටියේ තරඟ කරමින් සිටියේය. මෙය දුටු ජපන් ක්‍රීඩා ලෝලීන් කරුණානන්දට උසුළු විසුළු කිරීමට පටන් ගන්නා ලදී.

    නමුත් නොසැලෙන ශක්තියෙන් ක්‍රීඩා කල කරුණානන්ද අවසන් වටය වෙත පැමිණෙද්දී සියලුම ප්‍රේක්ෂකයින් තම අසුන් වලින් නැගිට ප්‍රීතිඝෝෂා කිරීම ආරම්භ කළේ ඔහුගේ ආත්මශක්තිය හමුවේ ඔවුන් අසරණ වූ නිසාවෙනි.

    මෙම සිදුවීම ජපානය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්දියක් බවට පත්විය. තරඟය නිමවී දින ගණනක් යනතුරුත් කරුණානන්ද හට ජපන් ජනතාවගේ ගරු බුහුමන් ලැබුණි. තරඟය ජයගත් බිලි මිල්ස් පවා කියා සිටියේ තරඟයේ රන් පදක්කමේ නියම සුදුස්සා කරුණානන්ද බවයි. එකල දෙවන ලෝක යුද්දයෙන් පසුව ජපානය හිස ඔසවමින් සිටි කළ පරිච්චේදයක් විය. කරුණානන්දගේ නොසැලෙන ශක්තිය එරට ජනයා නැගිට්ටවීමට ජපන් රජය විසින් යොදාගනු ලැබිය. කරුණානන්ද ගේ වික්‍රමය ජපානයේ පාසල් පෙළපොත් වලට ඇතුලත් විණි. කරුණානන්ද අගයා ජපන් රජය විසින් ඔහුට ජපානයේ රැකියාවක් ප්‍රධානය කරන ලදී.

    නමුත් ජපානයට පිටත්වීමට දින කීපයකට පෙර ඔහු අභිරහස් ලෙස මරණයට පත්විය. ඔහුගේ මරණය අදටත් අභිරහසකි. ඔහුගේ වියෝව දරාගත නොහැකිව ඔහුගේ බිරිය සිහි විකල් වූ බව කියවේ. ජපන් ජාතිකයින් ඔවුන්ගේ වීරයෙක් ලෙස සැලකූ කරුණානන්දහට අපගෙන් ලැබුන ත්‍යාගය එය විය.

    ජපානයේ වීරයෙක් වූ අපේ විරුවා අපේ රටේ කී දෙනෙක් අසා තිබේද? ක්‍රීඩාව මුදලාලිකරණයවී තහනම් උත්තේජක මාතෘකාවක් වී ඇති රටකට, මෙවන් විරුවන් කෙතරම් ආදර්ශයක්ද? කරුණානන්ද වැනි ක්‍රීඩකයින් අපේ රටේ ක්‍රීඩා ඉතිහාසයෙන් අතුගා දමා ඇති කාරණය කුමක්ද? කරුණානන්ද යනු අපි වගේ හිච්චි ළමයින්ට ආදර්ශයට ගතහැකි විරුවෙකි.. කාටුන් චරිත ළමා ලෝක වල වීරයන් වීමට ඉඩ හැර බල නොසිට මොවුන් පිලිබඳ ළමා පරපුර දැනුවත් කිරීම දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු සියල්ලන්ගේම වගකීමකි...



    රට වෙනුවෙන් මෙතරම් මෙහෙයක් කරපු මේ උතුම් මිනිසාට සහ ඔහුගේ පවුලේ උදවියට අත්වුණු ඉරණම ගැන අහන්නත් කණගාටුයිග ජපනුන් ඔහු සොයාගෙන ඔහුගේ ගෙදරට නිතර එද්දි මොහු පිළිගන්න ගුවන් තොටුපලට යන්න තරම්වත් අපි කෘතඥ වුනේ නැහැ. "ලෝකේ අනිත් රටවලට වඩා අපි සුවිශේෂයි". හැබැයි ඒ මෙන්න මේ වගේ දේවලින්.


    "මම දන්නවා රණතුන්ග කරුණාදසගේ පුතාව හොඳට. ඒ නමින් චන්න කරුණාදාස.රැකියවෙන් ගුරුවරයෙක්.උගන්නන්නේ හලාවත කලපයෙ ඉස්කෝලෙක.මගෙ තත්තගේ හොඳම යලුවෙක්. අවුරුදු කීපෙකට කලින් ඒ සර් ඉගැන්නුව ඉස්කොලෙ පොඩි ළමයෙක් මිදුල අතුගාලා ගිනිගනිමින් තිබුන කුනු වලකට කුනු විසිකරද්දි, ඒ ළමයාව ගිනිවලට වැටුනා. මේ සර් ඒ ළමයව කුනු ගොඩට පැනලා බේරගෙන තිබුනා.මට මතක හැටියට සර් ICU එකෙත් හිටියා ටික දවසක්. කරුණාදාස වගෙ පියෙක්ගෙ ඩරුවෙක් එහෙම කරනව කියන එක පුදුමයක් නෙමෙයි. ඒතරම් ලොකු හිතේ හයියක් ඒ පවුලට තියෙනවා."
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    36888200s3.jpg


    එ වීරයා ගැන මම කලින් අහලා තිබුනේ නැ,බොහෝම ස්තුති අපව මේ ගැන දැනුවත් කලාට,රෙප් දිය නොහැක:(...