Rep Power එක 3 යි...!

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔන්න මන් අද මගේ කුලුදුල් Rep points 1000 වාර්තා කළා...


    :D:D:D

    1000.jpg



    Rep power එක :rolleyes: 3 ක් වෙලා..
    Rangathusith
    E +++
    P




    3.png



    මුලින්ම සියලු දෙනාටම ස්තුති කරලා ඉන්නම්. :love::love::love:
    එළකිරියේ මගේ පෝස්ට් වලට, ත්‍රෙඩ් වලට, ඒ වගේම පැනනැගුන ගැටළු නිරාකරණය කරගන්න හා අනෙකුත් සියලුම වැඩ කටයුතු වලට නන් අයුරින් සහය දුන් සියලුම දෙනාට බොහොම ස්තුතියි...!
    :yes::yes::yes:

    ඉතින් මේ කාරනෙත් කියල අදත් නුලක් දිගඇරලා දාන්න තමා කල්පනාකලේ.
    එහෙනම් ඉතින් දැන් ආයෙත් වැඩේට බහිමු..


    :D:D:D


    අහල තියෙනවා නේද බර්මියුඩා ති‍්‍රකෝණය ගැන.
    (Bermuda Triangle)
    ඔන්න එහෙනම් ඒ ගැන තොරතුරු බිඳක්...


    ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අග්නිදිග අත්ලාන්තික් වෙරළ තීරයේ එක්තරා ප‍්‍රදේශයක සිදුවන සිදුවීම් නිසා ලොව පුරා කවුරුත් මවිතයට පත්වී සිටිති. මේ කලාපයට ඇතුලූ වන නැව් මෙන් ම මේ කලාපයට ඉහළින් අහසේ ගමන් ගන්නා ගුවන් යානා ද අතුරුදන් වී තිබේ. සමහර ගුවන් යානා සහ නැව් අතුරුදන් වී ඇත්තේ කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකරයි. මේ නැව් සහ ගුවන් යානාවලට මොකද වුණේ? ඒවායේ ගමන් කළ අයට මොකද වුණේ? ඔවුන් කොහෙද ගියේ? මේ ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දෙන්න විද්‍යාවට තවමත් හැකිවී නැහැ. ඈත අතීතයේ පටන් නාවිකයන් මේ ති‍්‍රකෝණාකාර ප‍්‍රදේශය හැඳින්වූයේ ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’ යන නමිනුයි. ඒත් අපි කවුරුත් එය හඳුන්වන්නේ ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යනුවෙනි.


    මොකක්ද මේ බර්මියුඩා ති‍්‍රකෝණය ?

    ශතවර්ෂ ගණනාවක් තිස්සේ නාවිකයන් විසින් ඔවුනට මුහුණ පාන්නට සිදුවුණු පැහැදිලි කළ නොහැකි අත්දැකීම් විස්තර කර තිබේ. ඒත් බර්මියුඩා ති‍්‍රකෝණය ගැන ඔවුන් කියන කතා මුහුද සම්බන්ධයෙන් ගෙතූ උපමා කතාවලට බොහෝ සෙයින් සමාන කමක් දක්වනවා. ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’ට Devil's Triangle නැතිනම් ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ට Bermuda Triangle අයත් ප‍්‍රදේශය වන්නේ බර්මියුඩාව, ෆ්ලොරිඩාවේ මයාමි සහ පුවර්ටෝ රීකෝවේ සැන් යුවාන් යන ප‍්‍රදේශයි. මෙම ප‍්‍රදේශයට අප බර්මියුඩා ති‍්‍රකෝණය කීවත් එය ඇමෙරිකානු භූ කලාප නම් කරන මණ්ඩලයේ The U. S. Board of Geographic Names නිල නාමාවලියට එය ඇතුළත් කර ගෙන නැත. මෙම කලාපය ජපාන හා පිලිපීන ධීවරයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’කියාය. ඊට හේතුව මෙවැනි ම කලාපයක් ජපානයට නැගෙනහිර මුහුදේ තිබීමයි. ජපාන සහ පිලිපීන ධීවරයින් එම කලාපය හඳුන්වන්නේ ‘යක්ෂයාගේ මුහුද’ Devil's Sea කියාය. ඒ අනුව ඔවුහූ බර්මියුඩා ති‍්‍රිකෝණයට ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’කියා කියති. එහෙත් බර්මියුඩා ති‍්‍රකෝණය තරමට මෙම කලාපය ප‍්‍රසිද්ධියට පත්වී නොමැත. බර්මියුඩා ති‍්‍රකෝණයට අයිති කලාපයේ ඇති අසාමාන්‍ය චුම්බක ධාරා මෙන්ම අබිරහස් අතුරුදන්වීම් ද ‘යක්ෂයාගේ මුහුද’ යනුවෙන් හැඳින්වෙන කලාපයේ දැකිය හැකිවේ.

    1.gif


    ක‍්‍රිස්ටෝපර් කොලම්බස් දුටු දේ

    බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස පිළිබඳ මුල්ම ලිඛිත වාර්තාව සටහන් වී ඇත්තේ 1492 දීය. එය සුප‍්‍රකට ස්පාඤ්ඤ ජාතික දේශගවේෂක ක‍්‍රිස්ටෝපර් කොලම්බස් විසින් ලියූ වාර්තාවකි. එම වාර්තාව සටහන් කර ඇත්තේ ඔහු ‘නව ලොවක්’ සොයා ගමනේ දී මුලින්ම ඇමෙරිකාවට පය තැබූ අවධියේදීය. ක‍්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාවට ගොඩ බැස්සේ ‘සැන්ටා මරීයා’ නැවෙනි. ‘සැන්ටා මරීයා’ නැව බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් කලාපය හරහා යද්දී ඔවුන්ගේ මාලිමා යන්ත‍්‍ර අසාමාන්‍ය අයුරින් හැම පැත්තටම කැරකෙන්න පටන් ගත් බවත් ක්ෂිතිජයේ කෙළවර දීප්තිමත් ආලෝකයක් දුටු බවත් ගිනි බෝලයක් අහසේ සිට ඇවිත් මූදට වැටුණු බවත් ක‍්‍රිස්ටෝපර් කොලම්බස් දුටු බව එම වාර්තාවේ සටහන් ව ඇත.

    ති‍්‍රකෝණයේ අබිරහස

    එදා පටන් අද දක්වාම දහස් ගණනින් අතුරුදන්වීම් මෙම කලාපය ආශ‍්‍රිතව අසන්න ලැබේ. මේ සෑම අතුරුදන්වීමක දී ම වහාම කි‍්‍රයාත්මක වන්නේ වෙරළාරක්ෂක නිලධාරීන්ය. බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් වන ප‍්‍රදේශයේ සිටින වෙරළාරක්ෂක නිලධාරීන් එහි දී අතුරුදන් වූවන් සොයමින් සෑම අවස්ථාවක දී ම මුහුදේ සෝදිසි මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් ඔවුන් කොතරම් වෙහෙස මහන්සි වෙනවා ඇත්දැයි ඔබට හිතා ගන්න පුළුවන් වේවි. බර්මියුඩා ති‍්‍රකෝණයේ කිසියම් අද්භූත සංසිද්ධීන් සිදුවන බවත් එහි කිසියම් අබිරහසක් ඇති බවත් ලොව පුරා ප‍්‍රචලිත වීමට හේතු වූයේ ෆ්ලයිට් 19 (Flight 19) ගුවන් යානා අතුරුදන්වීමය. ඊට පෙරාතුව 1918 මැයි මාසයේ 306 දෙනෙක් රැගත් යූ.එස්.එස්. සයික්ලොප්ස් (USS CYCLOPS) නෞකාව අතුරුදන්වීමත් සිදුවිය.


    3.jpg


    ‘ෆ්ලයිට් 19’

    1945 දෙසැම්බර් 5 වැනිදා ‘නේවි ඇවෙන්ජර්ස්’ නම් නාවික හමුදාවේ බෝම්බ හාරක ‘ෆ්ලයිට් 19’ නම් ගුවන් යානා පහක් ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුරෙන් ගුවන් ගත වූයේ සාමාන්‍ය පරිදි පැය 3 ක කාලයක් පුරා සිදුකෙරෙන යුද අභ්‍යාසයකට සහභාගීවීම සඳහායි. මේ ගුවන් යානා සමඟ ගුවන් හමුදා භටයෝ 14 දෙනෙක් ගමන් කළහ. ඔවුහූ ෆ්ලොරීඩා වෙරළ තීරය අවට බෝම්බ දැමීමේ පෙරහුරුවකට සහභාගී වූහ. පැය කිහිපයක් ගතවූ පසු ගුවන් යානා සමඟ ගමන් කළ මෙහෙයුම භාර අණ දෙන නිලධාරියා ලූතිතන් චාර්ල්ස් ටේලර් ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුර අමතමින් කියා සිටියේ ඔවුන්ගේ මාලිමා යන්ත‍්‍ර නිසි ලෙස ක‍්‍රියා නොකරන බවත් ඔවුන්ට මඟ සොයා ගැනීමට නොහැකිවී අතරමං වී ඇති බවත්ය. ඊට පසු ‘ෆ්ලයිට් 19’ ගුවන් යානාවලින් කිසිදු හෝඩුවාවක් අසන්න නොලැබිණි. ඊට පැය කිහිපයකට පසු ‘ෆ්ලයිට් 19’ ගුවන් යානා සෙවීමට තවත් ගුවන් යානා 100 ක් පිටව ගියහ. ඒ අතුරින් 13 දෙනෙකුගෙන් සමන්විත ‘මාටින් මැරීනර්’ (Martin Mariner) ගුවන් යානාව ද යළි දකින්නට ලැබුණේ නැන. මේ යානා එකකවත් සුන්බුන් හෝ මළ සිරුරු දකින්න හමුවුණේ ද නැත.

    චාර්ල්ස් බර්ලිට්ස් සහ ඊ.වී.ඩබ්ලිව්. ජෝන්ස්

    මේ අබිරහස ගැන උනන්දුවක් ඇති වූ එක් තරුණ හමුදා නිලධාරියෙක් වූයේ චාර්ල්ස් බර්ලිට්ස්ය. ඔහු දසක ගණනක් තිස්සේ මුහුදේ සිදුවූ මෙවැනි අද්භූත අසාමාන්‍ය සිදුවීම් ගැන උනන්දුවෙන් පර්යේෂණ පැවැත්වූ අයෙකි. ඔහු ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවාවේ පුවත් වාර්තාකරු ඊ. වී. ඩබ්ලිව්. ජෝන්ස් සමඟ මිත‍්‍රත්වයක් ඇති කර ගත්තේය. 1950 වසරේ සැප්තැම්බරයේ රසවත් හා උණුසුම් පුවත් නොමැතිව හෙම්බත් වී සිටිද්දී මුහුදේ සිදුවන අබිරහස් දේ ගැන ලිපියක් පළ කරන්නට ජෝන්ස් ඔහුගේ කර්තෘවරයා කැමැති කරවා ගත්තේය. අත්වැරදීමක් නිසා සිදුවූ අවාසනාවන්ත ඛේදනීය අනතුරු ලෙස සැලකූ අසාමාන්‍ය සිදුවීම් ලෙස නම් කර පුවත්පත් ලිපියකින් මේ තොරතුරු ප‍්‍රථම වතාවට පළ විය.

    2.jpg


    බර්මියුඩා ත‍්‍රිකෝණයට ප‍්‍රසිද්ධියක් ලැබේ

    අබිරහස් අතුරුදන්වීම් සිදුවන මෙම කලාපය බර්මියුඩා ති‍්‍රකෝණය යනුවෙන් නම් කර ඒ ගැන විශේෂංගයක් පළ කළේ 1964 දී වින්සන් ගැඩිස් විසිනි. ඔහු ලියූ මෙම විශේෂංගය පළවූයේ ආගෝසි (Argosy) සඟරාවේ මුල පිටුවේය. ඉන් වසර 10 කට පසු චාර්ල්ස් බර්ලිට්ස්, 1945 වසරේ සිට සොයා එක්රැුස් කළ සියලූම පර්යේෂණ වාර්තා හා තොරතුරු එකතු කර ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යන නමින් පොතක් පළ කළේය. මේ පොත ආදායම් වාර්තා බිඳ හෙළමින් අළෙවි විය.


    පිටසක්වළ ජීවීන් සහ අත්ලාන්තිස් නගරය ?

    චාර්ල්ස් බර්ලිට්ස්ගේ පොත ප‍්‍රකාශයට පත්වීමත් සමඟ අබිරහස් අතුරුදන්වීම් ගැන නොයෙක් නොයෙක් අපූරු පැහැදිලි කිරීම් ඉදිරිපත් විණි. මෙම අතුරුදන්වීම් පසුපස පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසිවල සම්බන්ධයක් ඇතැයි සමහරු අදහස් පළ කළහ. තවත් සමහරුන් කීවේ පුරාණයේ ගිලී ගියා යැයි සැලකෙන අත්ලාන්තික් මහාද්වීපයේ අත්ලාන්තික් නගරයෙන් පිටවන කිසියම් ශක්ති ධාරාවක් නිසා අද්භූත සංසිද්ධීන් සිදුවන බවයි.


    මාලිමා යන්ත‍්‍ර පිස්සු වට්ටවන ති‍්‍රකෝණය

    බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් කලාපයේදී මාලිමා යන්ත‍්‍රවල කටු උතුරු දිශාවට යොමු නොවන බව ඇමෙරිකානු නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක නිලධාරීහු ද පවසති. මෙම ප‍්‍රදේශයේ ඇති අසාමාන්‍ය චුම්බක ශක්ති ධාරාවන් නිසා මාලිමා කටු කැරකෙන්නේ චුම්බක උතුරු දෙසටය. මේ අනුව මෙම මුහුදු කලාපය හරහා ගමන් කර නැව් සහ ගුවන් යානා මඟ සොයා ගැනීමට නොහැකිව අනතුරට පත්වීමේ අවදානමක් ද තිබේ.


    වායු ධාරා ගැන ඉදිරිපත් වූ න්‍යායය

    මෑතදී ඉදිරිපත් වූ එක් විද්‍යාත්මක පැහැදිලි කිරීමකට අනුව බර්මියුඩා ති‍්‍රකෝණයේ අතුරුදන්වීම් වලට පිළිගත හැකි නිගමනයක් පළ විය. ඒ අනුව මුහුදේ ඇති සාමාන්‍ය අයිස් කුට්ටිවල සමාන වුවත් ඒවා තුළ සිර කර ගෙන ඇති රසායනික සංයුතියෙහි වෙනසක් ඇති වායුවක් උෂ්ණත්වයේ හා පීඩනයේ ඇති වන වෙනස්කම් අනුව මුදා හැරෙන බැව් ඒ මතයෙන් කියැවිණ. තවමත් නිසි ලෙස හඳුනා නොගත් කිසියම් වායු සංයෝගයක් බර්මියුඩා ති‍්‍රකෝණය අයත් කලාපයේ මූදු පත්ලට මුදා හැරෙන බවත් ඉන් පැහැදිලි කෙරිණ. මෙම වායුව සිර වී ඇති අයිස් කුට්ටි හා එයින් නිකුත් කෙරෙන වායුව හැඳින්වෙන්නේ ‘ක්ලැතරේට්ස්’ යනුවෙනි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණ කළ විද්‍යාඥයන්ට බර්මියුඩා ති‍්‍රකෝණය ආශ‍්‍රිත මූදු ජලයේ මීතේන් වායුව මිශ‍්‍ර වී ඇති බව ද සොයා ගත හැකි වී තිබේ. උෂ්ණත්වය ඉහළ යෑමේදී සහ පීඩනයේ වෙනස්වීම්වලදී ‘ක්ලැතරේට්ස්’වලින් මුදා හැරෙන වායුව බුබුළු දමමින් ඉහළට මතු වෙයි. භූ රසායන විද්‍යාඥ රිචර්ඞ් මැකෙල්වර් පවසන්නේ මුහුදු ජලය හරහා ඉහළට පැමිණෙන වා බුබුඵ නිසා නැවක් පාවී යාමට ආධාර වන ජල ඝනත්වය අඩු වී යාම නිසා එතැනින් ගමන් ගන්නා නැව් ගිලී යාමට ඉඩ ඇති බවයි. එසේ ම ඉහළට එන ‘ක්ලැතරේට්ස්’ වායු ධාරාවන් නිසා දිය සුළි ඇතිවීමක් ද සිදු විය හැකියි. එමෙන් ම මෙම වායුව මූදු ජලයෙන් මතුපිටට පැමිණ විශාල වශයෙන් වායුගෝලයට එක් වූ විට වාසුළි ඇතිවීමටත් ඒවා නිසා වායුගෝලයේ ඇති ඔක්සිජන් සංයුතියේ වෙනස් වීම නිසා නියමුවන්ට ශ්වසන අපහසුතා ඇති වීමෙන් ගුවන්යානා පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් හෝ ගුවන් යානාවල එන්ජින් එක්වරම රත්වී ගිනිගෙන පුපුරා යාමෙන් විනාශ වීම ද සිදු විය හැකි බව ඔහුගේ මතයයි.


    අබිරහස තව තවත් අබිරහසක් වෙයි

    බර්මියුඩා ති‍්‍රකෝණය සම්බන්ධයෙන් මතු වන ප‍්‍රශ්න ප‍්‍රමාණය ලැබෙන පිළිතුරුවලට වඩා වැඩි වෙමින් පවතී. 1991 වසරේ මැයි මාසයේ කවුරුත් සිතුවේ ත‍්‍රිකෝණය හා සම්බන්ධ වූ එක් අබිරහසකට පිළිතුරු ලැබුණි යැයි කියාය. ඒ ති‍්‍රකෝණයට අයත් වන ප‍්‍රදේශයේ මූදු පතුල ගවේෂණය කළ කණ්ඩායමකට අඩි 600 ක් ගැඹුරේ තිබී නාවික හමුදාවට අයත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා පහක සුන්බුන් හමුවීමත් සමඟයි. මේ සුන්බන් හමුවූයේ ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුරේ සිට සැතපුම් 10 ක් දුරින් මුහුදේදීය. කවුරුත් සිතුවේ මේ හමුවුණේ ‘ෆ්ලයිට් 19’ නම් ගුවන් යානා 5 කියලයි. ඒත් ඒ ගැන වැඩිදුර පරීක්ෂා කිරීමේදී සොයාගත් තොරතුරු හැමෝම මවිතයට පත් කිරීමට සමත් විය. ඒ අබිරහස තවත් ලොකු අබිරහසක් බවට පත්විය. මූදු පතුලේ තිබී සොයාගත් මෙම යානා 5 ‘ෆ්ලයිට් 19’ කණ්ඩායමට අයත් 1945 දෙසැම්බර් 5 වැනිදා අතුරුදන් වූ යානා 5 නොවීය. එහෙත් ඇමෙරිකානු නාවික හමුදාවට තවත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා 5ක් මෙම කලාපයේ දී අතුරුන් වූ බවට කිසිදු වාර්තාවක් ද නොමැත. එසේ නම් ඒ ගුවන් යානා එතැනට ආවේ කෙසේ ද?


    උපුටා ගැනුම :- http://www.malkakulu.com/2011/12/bermuda-triangle.html
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මගේ උණුසුම් සුබ පැතුම් මචන්...:)

    Congratulations-10.jpg


    අරවා දෙන්න බෑලු....:(
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..


    Rangathusith
    E +++
    P


    Elakiri macho thawa wadi wewa.........................:yes::yes::yes::yes::yes:


    Rangathusith
    E +++
    P


    මගේ උණුසුම් සුබ පැතුම් මචන්...:)

    Congratulations-10.jpg


    අරවා දෙන්න බෑලු....:(

    යාළුට රෙප් දෙන්න විදියක් නෑලු.. දීලලු තියෙන්නෙ. :(
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Congrats & Good post bro.......:D


    You have given out too much Reputation in the last 24 hours, try again later.


    බොහොම ස්තුතියි...!


    Me too... You have given out too much Reputation in the last 24 hours, try again later.

    good post bro 9+++

    බොහොම ස්තුතියි...!


    Rangathusith
    E +++
    P