PART 02- ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    PART 02- ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර

    ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර - දෙවන පියවර

    images

    M.R.S.A. බැක්ටීරියාවක්


    අද අපි සාකච්ඡාවේ ඉදිරියට යමු ... මේක හරිම කම්මැලි කතාවක්ද මන්ද ? එත් අපි මේ ගැන කතා කරන්නම ඕන , මොකද නැත්නම් අද අපි බලන සමහර විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක වගේ , “බෙහෙත් නැති රෝගයක්“ පැතිරිලා අපි හැමෝම විනාශ කරන දවස හෙට වෙන්න පුලුවන් , 2012 ලෝක විනාශය වන විදිය ගැන විවිධ මත , ප්‍රවාද පැතිරුනත් මෙම අනතුර ඒ වගේ “විය හැකියි“ කියල අත ඇරල දාන්න බැරි , මෙම ගැටලුව අද අපේ එළිපත්තටම ඇවිත් තියෙන නිසා....


    දැන් අපි කතාවට එමු ....අපි ප්‍රශ්න ටිකක් අහමුද ?

    • බහු ඖෂධ ප්‍රතිරෝධීතාව යනු කුමන තත්ත්වයක්ද ? මොකක්ද දෙන උත්තරේ .....

    බැක්ටීරියාවක් හෝ වෙනත් රෝග කාරක ක්ෂුද්‍රජීවි කාණ්ඩයක් යම් ප්‍රතිජීවක ඖෂධයකට හෝ කිහිපයකට විරුද්ධව ක්‍රියාත්මක වීමේ හැකියාව ඇති කර ගැනීම.

    උත්තරේ ටිකක් බර වැඩිද මන්ද ? ඒත් කෙටියෙන් කිව්වොත් රෝග ඇති කරන ක්ෂද්‍ර ජීවීන් , ප්‍රතිජීවක ඖෂධ වලට ඔරොත්තුදීමේ හැකියාවක් ඇති කර ගැනීම,එතකොට මොකද වෙන්නේ බෙහෙත් දුන්නට ලෙඩේ (බෝවන රෝගය) හොද වෙන්නේ නැහැ , උග්‍ර වෙනව මිසක.

    • බහු ඖෂධ ප්‍රතිරෝධීතාවයේ අනතුරක් තිබේද ?

    ඔව් , එවිට ඔබ රෝග තත්ත්වයකදී ලබා ගන්නා ප්‍රතිජීවක ඖෂධ වල ක්‍රියාකාරීත්වය දුර්වල හෝ අක්‍රිය කරන අතර රෝග තත්ත්වය පාලනයකින් තොරව උග්‍රවීමෙන් අනවශ්‍යව රෝහල් ගත වීම් ,ඉතා ප්‍රභල ඖෂධ සදහා අධික වියදමක් දැරීමටවීම, අනෙන් ඉන්ද්‍රියයන්ට හානි සිදුවීම හෝ මිය යාම විය හැක.

    • බහු ඖෂධ ප්‍රතිරෝධීතාවය ඇති වීමට හේතු ?

    01.ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය අයුරින් / වැරදි ලෙස /අක්‍රමවත් ලෙස භාවිතය.

    02.නිසි ලෙස අත් නොසේදීම සහ නිසි පවිත්‍රතා ක්‍රම අනුගමනය නොකිරීම

    03.විෂබීජ නාශක නිසි අයුරින් භාවිත නොකිරිම

    මට මෙතනදී මැදිහත් වෙන්න හිතෙනවා , මොකද උත්තරේ ටිකක් බර වැඩියි නේ,

    ඔබ දන්නවා ඔබ රෝගී වෙලා වෛද්‍යවරයා ලගට ගියාම නියම කරනවා Antibiotics නම් වලින් කිව්වොත් Amoxacillin,Cloxacillin,Co-Amoxacillin ඉතින් ඒ එක්කම වෛද්‍යවරයා කියනවා දවසට මෙපමණ වාර ගණනක් , සහ දින 5ක් එහෙම නැතිනම් දින 7ක් ගන්න කියලා, එත් දවසක් දෙකක් බෙහෙත් ගන්න කොට ඇගට සුවයක් දැනුනම අපි මොකද කරන්නේ , බෙහෙත් ගන්න එක නවත්වනවා නේද ? මේක හරිම අනතුරුදායකයි , කිසිම දවසක මේවැඩේ නම් කරන්න එපා ,

    අනික ප්‍රතිජිවක ඔබට ඔනෑ වෙලාවට ගන්න එපා එය නියමිත කාළ අන්තරයකදි ගන්න ඔන ඒ කිව්වේ පැය 6න් 6ට නම් , ඒක ඒ විදියටම ගන්න ඕන ,

    තව එකක් ටික දවසක් යන කොට අපිත් බෙහෙත් දන්නවනේ , එතකොට හෙම්බිරිසාවක් හැදුනම “දොස්තර“ හොයන්නේ නැතිව පාමසියෙන් ඉල්ල ගන්නව ඇමොක්සිලින් ටිකක් , ගිලදානව ඒක , කරන්න එපා මේ වැඩේ ආයෙත් , ඒ කරගන්නේ අපි මේ කතා කරන අනතුර ඔබ තුලම හදා ගන්න එක ,

    නිසි ලෙස අත් සේදීම හරිම වැදගත් , සමහර වෙලාවට අපි අත හෝදනවා කියල කරන්නේ කුණු පොගවනව විතරයිනේ , ඒකෙන් මේ විසබීජ ඉවත් වන්නේ නැහැ , මේ රූප සටහන බලාගෙන නිවැරදිව අත් සෝදන විදිය ඉගෙන ගන්න , ලැජ්ජවෙන්න ඔන නැහැ මේ අපේ ජීවිතය රැක ගන්නයි කරන්නේ , විශේෂයෙන්ම ඔබේ දරුවාට කියල දෙන්න එය,


    images.jpg

    රතුපාට පෙදෙසේ විෂබීජ ඉතිරි වෙනවා....

    නිවැරදි අත් සේදුම් ක්‍රමය​
    hand-washing-technique.jpg


    correct-handwashing-technique_2_9213.jpg


    අපි නිකම්ම අත සේදුවට මේ රතු පාටට පෙන්නලා තියෙන ප්‍රදේශයේ විෂබීජ ඉතිරි වෙනවා ටිකක් හරි හේදෙන්නේ මේ කොළ පාට පෙදෙස පමණයි , එත් නිවැරදිව අත සේදුවාම “අත හරිම පිරිසිදුයි“ ,


    දැන් විෂබිජනාශක භාවිතය ගැන කතා කරමු , ඔබේ නිවසේ විෂබීජනාශක වර්ග භාවිත කරනවා ඇති , හොදට මතක තියා ගන්න ඒවායේ නිශ්පාදකයා ලබා දී ඇති උපදෙස් අවලට අනුකූලව එම ද්‍රාවණ හදා ගන්න , ලාබෙ ගැන හිතල සැර අඩු වන විදියට එම රසායනික ද්‍රාවණ හදා ගත්තොත් ඒකත් අපි මේ කතා කරන අනතුරට උල්පන්දම් දීමක් වෙනව

    දැන් අවසානය , අපි කතා කළේ අනාගතයේ මහා විනාශයක් ඇති කළ හැකි Multi Drug Resistance කියල ගැටලුව ගැන , මේ ගැන තව දුරටත් දැනගන්න ඕන නම් , එහෙම නැත්නම් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් එහෙම සූදානම් කළොත් අපිත් උදව්වෙන්නම් , කතා කරන්න අපට , 0712004793න් , මොකද දන්නවද අද අපි මේ ගැන සමාජය දැනුවත් නොකළොත් හෙට සිදුවන මහා විනාශයකට අපිත් දායකවූවා වෙනවා ,


    ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර - පළමු පියවරhttp://www.elakiri.com/forum/showthread.php?p=12791749#post12791749

    හිත ගැහෙන ගත කහන ෆෝන් මකුළුවා(ALL INfOrmAtion) ත්‍රේඩ් එකට http://www.elakiri.com/forum/showthread.php?p=12791379#post12791379

    via:sodurusuwasewana
     
    Last edited: