චිතකයේදීත් අළු නොවූ හදවත - තිච් ක්වාන්ග් ඩ&#35

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    චිතකයේදීත් අළු නොවූ හදවත - තිච් ක්වාන්ග් ඩ&#35

    Thich_Quang_Duc.png

    තිච් ක්වාන්ග් ඩුක් හිමියන් කියන්නෙ කෙටියෙන් කියනවා නම් වියට්නාමයේ ජීවත්වුනු. රෝමන් කතෝලික අන්‍යාගම් කරනය විසින් වියට්නාම ජාතිකයන්ට සිදුවන හිරිහැර වලට විරෝධය පාන්න තමන්ගෙ සිරුරට ගිනිතබාගෙන අපවත්වුනු මහායාන භික්ෂුවක්.
    ක්වාන්ග් හිමියන් ජන්මලාභය ලැබුවේ 1897 දී පමණ. ඒ Hoi Khanh,ගමේ ( Khanh Hoa කියන පලාතේ Vạn Ninh දිස්ත්‍රික්කයේ ). හත්දෙනෙක්ගෙන් යුත් පවුලක උපන් ඔහු වයස අවු 7 දී බෞද්ධ දර්ශනය හැදෑරීමට යොමුවිය. ඉන් අනතුරුව වයස අවු 15 දී සාමනේරකෙනෙකු ලෙසින් පැවිදි ජීවිතය ආරම්භකර සිය නම තිච් ක්වාන්ග් ඩුක් ලෙසින් වෙනස්කර ගත්තෝය. වයස අවු 20 දී උපසම්පදාව ලත් ක්වාන්ග් හිමියන් ඉන් අනතුරුව Ninh Hòa කදු ආසන්නයේ වනගතව භාවනාවට යොමුවිය. ඉන් අනතුරුව හෙතෙම සිය මුළු ජීවිතයම බෞද්ධ සමය වෙනුවෙන් කැප කිරීමට කටයුතු කලෝය.
    වසර 1950, 1960 වියට්නාමයේ බෞද්ධ ජනතාවට අභාග්‍යසම්පන්න කාලයක් විය. ඒ වන විට වියට්නාමයේ බෞද්ධ ජනතාවට එරට රෝමානු කතෝලිකයන්ගෙන් සිදුවන හිරිහැර එන්න එන්නම වැඩි විය. රෝමානු කතෝලික පල්ලි වියට්නාමයේ බිම් අත්කර ගනිමින් අන්‍යාගමික කරනය දැඩි විය.
    1963 වසරේ වෙසක් දිනය තුළ බෞද්ධ කොඩිය භාවිතා කිරීමේ තහනමක් හා ඒ වෙනුවට වියට්නාම ධජය භාවිතා කිරීමට එරට රෝමානු කතෝලික අගරදගුරුගෙන් යෝජනාවීමත් සමග වියට්නාම බෞද්ධ ජනතාව පාරට බැස සිය අප්‍රසාදය පලකිරීමට පෙලඹිය. මේ සටනේදි පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ශයට පත් විය.
    තත්වය මෙසේ තිබියදී ක්වාන්ග් හිමියන් පෙරමුන ගත්තෝය. හෙතෙම වියට්නාම බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැරවලට විරෝධය පාමින් 1963 ජූනි 11 දින වියට්නාමයේ කාම්බොජ තානාපති කර්යලය සල කවාන්ග් හිමියන් භාවනායෝගී ඉරියව්වෙන් හිද සිය සිරුරට ගිනි තබාගෙන වියට්නාම බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැර වෙනුවෙන් සිය ජීවිතය කැපකලෝය. සිද්ධිය සිදුවන අවස්තාවේ එතැන සිටි ද නිව්යෝක් ටයිම් පුවත් පතේ පුවත්පත් වාර්තාකරුවෙක් වූ ඩේවිඩ් හැල්බ'ස්ටන් මෙසේ සදහන් කර තිබිණි.
    "මම ඒ දර්ශනය දුටිමි. සිරුරෙන් ගිනිදළු නැගිනි. ඔහුගේ ශරීරය මලානිකව වෙව්ලීමට පටන් ගත්තේය. හිස කලු වීමට ඇරභිනි. වාතය මස් පිලිස්සෙන් ගදින් යුක්ත විය. මිනිස් සිරුර ඉතා ඉක්මනින් දැවිනි. වියට්නාමීන්ගේ විලාපය මට ඇසිනි. මම හැඩීමට නොහැකි තරම් කම්පනයටත්, ව්‍යාකූලත්වයටත් පත් වීමි. ඔහු දැවෙන තුරුත් කිසිදු විලාපයක්, එකදු මාංශ පේශියක චලනයක් වත් සිදු නොවීය."
    දැවීමෙන් අනතුරුව බෞද්ධයන් ඔහුගේ අළු ඉවත් කිරීමේදී පුදුමයට පත්විය. ඒ ඔහුගේ හදවත නොදැවී පැවතීමය. ඉන් අනතුරුව ඔවුන් එම හදවත තැන්පත් කට එම ස්ථානයේ ක්වාන්ග් හිමියන් වෙනුවෙන් ස්මාරකයක් සාදා වියට්නාම බෞද්ධ ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැපකල හිමියන් වෙනුවෙන් ගරු කරති.

    Th%C3%ADch_Qu%E1%BA%A3ng_%C4%90%E1%BB%A9c_self-immolation.jpg

    හිමියන්ගේ ජීවිත පුජාව.

    Thich_quang_duc_heart.gif


    අළු නොවූ හදවත
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ගොඩක් වටිනා thread එකක් යාළුවා . දිගටම දාන්න මේ වගේ ඒවා . කව්රුවත් අපේ බෞද්ධ භික්ෂුන්ව විවේචනය කරනවා ඇරෙන්න උන් වහන්සේලා කරන අපරිමේය සේවය අගය කරනවා අඩුයි .
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    http://www.elakiri.com/forum/showthread.php?t=1342806

    eth kamak ne ban..mewa kochchara post wunath awulak ne..:D

    නෑ මචන් මේ පෝස්ට් එක මම දැම්මෙ නෙට් එකෙන් හොයලා මමම translate කරලා. පස්සෙ මම මගෙ බ්ලොග් එකෙත් දැම්මා. අවුලක් නෑ එල එල..
    http://kadamalla.wordpress.com/2012/06/10/චිතකයේදීත්-අළු-නොවූ-හදවත/