පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුහුල් වළාවක මා ලියු කවි පද
    ඔබ කියවන්නට පෙර මැකුනා
    නුවණ් සිඳී ගිය කඳුලක සිරවී
    මගේ ආදරය ගොඩගැලුවා

    වසක් පුරාවට පීදුණු සෙනෙහස
    සළෙලු සලුවකින් ඔබ වැසුවා
    හිතක් පුරා පිපි ආදර කුසුමක්
    කළල වියේදි ම මිය ඇදුනා
    ඔබගෙ සුසුම් මත සිත්තම් කළ පෙම
    ඔබටත් නොපෙනිම බොඳව ගියා

    දුහුල් වළාවක ............

    නෙතේ අඳුන් ගෑ ඔය රූ සිත්තම
    මගේ ම වන්නට පැතූ පැතුම්
    පරවී යයි හද පූජාස‍නයේ
    අවිහිංසක හිත පෙලා දුකින්
    රහසේ බැඳි පෙම සඟවා කඳුළක
    ඔබගෙන් ඈතට මා යනවා

    දුහුල් වළාවක ............


    ගායනය :- රෝසි (අනුෂ්කා පෙරේරා)
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මට මුළු ලොවම ඔබයි,
    මගෙ මුළු ලොවම ඔබයි..
    සිනහව කඳුළ ඔබයි,
    ජය පැරදුමත් ඔබයි..
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    හිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ
    සඳ රාජිනි ඔබයි මගේ හද මන්දිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ

    රැ දොළොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
    චන්චලයි වගේ ඔබේ හිත කොයිද පාවුණේ
    අදහන්න බෑ කඳුලක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

    තාරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
    ඇයිද හැන්ගුනේ පෙලා මා අන්දකාරයේ
    අදහන්න බෑ කඳුලක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ......
    :dull::dull:

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    2Q==



    සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා
    සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා

    ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
    දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
    කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී

    සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා

    දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
    මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
    ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී

    -සනත් නන්දසිරි-




     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිරිමල් හිනාවක ඇවිදින්
    මා නිල් නෙතු අතර රැඳිලා
    බොරුවක් නෙවෙයි ඇත්තයි ‍මගේ කීවා
    පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා
    ආදරේ ළඟම මං දිවි නොවෙතලා
    ජීවිතේ පැතුම හීනයේ තවරලා

    සංසාරෙ මාවතේ දුර ඈත හමුවෙමින්
    කවියක් වාගේ හිත ලියවිලා
    මතකයෙ හැංගිලා හිත අද්දර ඉඳන්
    හිතවත් වෙන්න හිතුවා එදා
    ඔය ජීවිතේ මාගේ විතරනම්
    මං ආදරෙයි සෙනෙහෙන් සදා

    හිරිමල් හිනාවක .................

    දඟකාර හීනයේ උණුහුමේ වැතිරෙමින්
    නොනිදා නෙතට හුරතල් වෙලා
    මගෙ විතරක් නිසා හිමිකම ළඟ තියන්
    වස්සානයට ඉඟිබිඟි කළා
    ඔය ජීවිතේ මාගේ විතරනම්
    මං ආදරෙයි සෙනෙහෙන් සදා

    හිරිමල් හිනාවක .................


    ගායනය :- නිමේෂා ගමගේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ පවසයි මා හැර යන බව
    ඔබට අවැසි නිදහස් වන්නට
    සත්තයි මා කවුරුන්දෝ නුඹගේ
    යා යුතු මඟ එයනම් යන්න
    නුඹට අවැසි විදිහට
    සවන් දෙන්න ප්‍රවේශමෙන්
    නුඹෙ හද ගැහෙනා රාවයට
    පවසන්නේ කුමක් දැයි කියා
    රැදී තියේවී මතකයන්
    රැදී තියේවී මතකයන්

    අහස ගිගුරුම් දෙන්නේ වහින විටදී

    සබඳ මඳක් නැවතී
    නුඹ යන මඟ දෙස බලන්න
    දිනෙක සියල්ල නුඹ හැරදා යාවී
    වස්සානය නිමාවේ නුඹ වටහා ගනීවී

    6th Lane


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ එදා නම් සඳ වගේ මැයි
    ඔබ මෙදා හිරු වී මා දවයි
    ඔබ මගේ යැයි මට තව සිතෙයි
    ඔබ දමා යන්නට හිත කියයි
    ඔබ එදා නම් සඳ වගේ මැයි

     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ඔබ මගේ වෙලා..
    මගෙ ළඟට වෙලා..
    නිවාඩු පාඩුවෙ කියන්න..
    ආදරේ කියා..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලප නොම වන් සඳ මෙන් සොමි ගුණ ගිහිණි
    ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
    සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
    තොප දැකුමෙන් අප පින් කල බව දැනිණි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Shawty had them apple bottom jeans (jeans)
    Boots with the fur (with the fur)
    The whole club was looking at her
    She hit the floor (she hit the floor)
    Next thing you know
    Shawty got low, low, low, low, low, low, low, low

    Low- Flo RIda
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නීල වරල පීරා....
    මල් ගවසා
    ආල වඩන සිහිනිඟ රැලි නෙලලා
    නුඹ මා දිහා හොරැහින් බලා
    කී කතා ගොළුවෙලා ගියා
    ආදරේ හින්දා...
    වේදනා වින්දා
    නුඹ නිසාදෝ මේ

    පොකුරු සිනා මල් පූදින

    කියඹුලතාවන් නළලත
    පාට එරන් කොමළි
    නුඹ ආදර සිත ළඟ
    ආලය නෑ එන්නේ

    සාර සියක් මල් නෙළලා

    පාර වැරදිලා එනදා
    මං බලා ඉන්නවා නුඹ දිහා
    ආදරේ හින්දා
    වේදනා වින්දා
    නුඹ නිසාදෝ ඒ..

     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    images

    තරුද නිදන මහ රෑ...

    නිදමි මහද නිදි නෑ...
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...

    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්...

    සුළඟ නොවේ මේ පාවී එන්නේ
    කුටියක සිරවී හෙලන සුසුම්...
    අතු අග පරවී බිමට වැටෙන්නේ
    සමනල යුගයක පිපුණු කුසුම්...



    Artist : Nanda Malani
     
    • Like
    Reactions: amila_90210

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා
    ශ්වේත පියුම වගේ දිලුණ කෝල නුඹේ සිනා
    දෑස ළඟම තියාගන්න මේ දිවි ඇති තුරා
    පාරමිතා පුරනව මං හැම මොහොතක් පුරා

    කොළොම්පුරේ නැති ලස්සන මිණිපුර සතු වෙලා
    කඩා‍වැටෙන මීදුම හා මුමුණයි තුරු ළතා
    අහංකාර ඔය තරමට ඒ හින්දද කියා
    අහන්නැතුව මම හිටියේ තරහ වේවි කියා

    දෙනෝදහක් අතර හිටිය මට සොඳුරුම කෙනා
    බලා උන්නෙ දිය ඇල්ලට වැඩිය නුඹේ දිහා
    එදා කිසිත් නොදොඩා නුඹ ගියද වහන් වෙලා
    මිණිපුර මං එ‍නවාමයි ආයෙ නුඹව සොයා

    කෝඩුකාර මගේ හිතට .................


    ගායනය :- සමන් ඉන්දික
     
    Status
    Not open for further replies.