මෙන්න! අරුම පුදුම හිවල් නිව්ස්!

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    මෙන්න! අරුම පුදුම හිවල් නිව්ස්!

    අන්වර් මනතුංග මාස කිහිපයකට පෙර face book එකට ආවේ එහි ආගම්බේධවාදී හිවලුන් එහි රජකරමින් සිටින බව ආරංචි වු නිසයි. එහිදී අන්වර් මනතුංග බ්ලොගයේ දැවැන්ත පහර වලට හසුවු සමහර හිවල් අඩවි තම වැඩ ටිකක් අඩු කරගෙන. ඒත් හිවල් හඬ නම් තවම නවත්වා නැහැ. මොකද සුකරයාට අසුචි කනවා හැර වෙන Job එකක් නැත්තාසේ මේ හිවලාටද අනුන්ගේ මගුල් ඇදගෙන නානවා හැර වෙන මොනවා කොරන්නද?
    Fox.jpg


    මේ ලිපිය අන්වර් මනතුංග දුටු fb එකේ දුටු තවත් අරුම පුදුම ගනයේ හිවල් නිවුස් එකක් ගැනයි. මෙය පලකර තිබෙන්නේත් හිවල් හඬයි. මම එහි Link එකත් පහත දැමුවේ ඔබටද එය බලාගන්නයි. http://www.facebook.com/photo.php?f...1443855.103046.344286468916312&type=1&theater මේ හිවල් හඬ ඡායාරූපයේ පලවෙන්නේ පත්තරයක පුවතක් පලවු ආකාරයේ ඡායාරූපයක්. නමුත් පුදුමය කියන්නේ එම පත්තරය මොකක්ද? කුමණ කලාපයද? කුමණ පිටුවද? කියන කිසිවක් තම සටහනේ තබන්නට මේ හිවලාට අමතක වීමයි. නමුත් ඒ ඡායාරූපයේ සඳහන් දේ උපුටා ගන්නම්

    Burma-Hiwal-handa-300x225.jpg

    හිවල් හඬ පලකර විසින් තිබු ඡායාරූපය
    උපුටා ගැනීම

    මියන්මාර බෞද්ධයෝ බංගලාදේශයට පලායති.

    බටහිර මියන්මාරයේ හටගත් බෞද්ධ මුස්ලිම් කෝළාහලය නිසා 1500ක් බෞද්ධයෝ බංගලාදේශයට පලා ගියහ. ගැටුම් නිසා දෙපාර්ශවයේම අට දෙනෙක් මියගිය බව නිල වාර්තා කියයි. එහෙත් බී බී සී වාර්තාවක දැක්වෙන්නේ යටත් පිරිසෙයින් විසි දෙනෙක් වත් මරා දැමෙන්නට ඇති බවයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මුන්ගේ විශේෂ නියෝජිත විජේ නම්බියාර් විශේෂ දුත ගමනක යෙදෙමින් මියන්මාරයට ළඟාවු අතර ඔහු ගැටුම් පැතිර ගිය බංගලාදේශ සීමාවේ පිහිටි මෙන්ඩිගෝ නගරයේද සංචාරය කිරීමට නියමිතය. මෙම ප්‍රදේශයේ ජීවත්වු බොහෝ බෞද්ධයන්ගේ නිවාස පුළුස්සා ඇතැයිද වාර්තා විය.

    උපුටා ගැනීම අවසන්

    මේ පුවතේ හැටියට මියන්මාරයේ හටගත් බෞද්ධ මුස්ලිම් කෝළාහලය නිසා බෞද්ධයෝ 1500ක් පමණ පලාගොස් ඇත්තේ අසල්වැසි බංගලාදේශයටලු. එතකොට මියන්මාර බෞද්ධයන් කෝලාහල වලින් බේරෙන්නට බංගලිදේශයට ගියේ එය බෞද්ධ රටක් නිසාද? එසේ නම් පසුගිය කාලයේ බංගලිදේශය තුල බෞද්ධ භික්ෂූන් ඝාතනය වුනා සහ පීඩාවන්ට පත් වෙනවා යැයි කියු පුවත් සියල්ල බොරුද? ඇත්තටම මේ ආකාරයේ අමර නිවුස් පලකරන පුවත් පත කුමක්ද? එය රේස් පත්තරයක්ද? නැත්නම් කැලෑ පත්තරයක්ද? යන්න අපට සිතාගත නොහැකිය.

    එම ඡායාරූපය ගැන හිවල් හඬ විසින් සටහනක්ද තබා තිබිණි. එය මම පහත උපුටා දක්වමි.
    Burma-Hiwal-handa-2-300x225.jpg


    එය මුණු පොතේ පල වී තිබුණේ මෙසේය
    උපුටා ගැනීම

    බුරුමයේ අසරණ බෞද්ධයින්ට සිදුවී ඇති විපතක මහත ඔබට පෙනෙනවා ඇති. මේක දකින සමහර අන්‍යාගමික අය අපි ජාතිවාදය අවුස්සනව කියල කියාවි. ඒත් ඇත්තටම ජාතිවාදය අවුස්සන්නේ මේ වගේ අපරාධ කරන අයම නොවේද? ජනමාධ්‍ය වශයෙන් අප කළ යුත්තේ මෙවන් දෑ ගැන මුලදිම අනතුරු හැඟවීමයි.

    අස්සයා පැන ගිය පසුව ඉස්තාලය වසා පලක් නැත. මේක “Share කරගනිමින් යාලුවන්වත් දැනුවත් කරමු.

    උපුටා ගැනීම අවසන්

    බුරුමයේ අසරණ බෞද්ධයන්ට සිදුවු විපතක මහත! අනේ සකෝ බළලෝ නොව හිවලෝ කිව්වලු! ඇත්තටම ජාති වාදය අවුස්සන්නේ මෙවැනි ජඩ පුවත් මුණු පොතේ පලකරමින් ආගම් වාදය අවුස්සන හිවලුන් නොවේද? මෙවැනි හිවල් පුවත් පලකරන හිවල් හඬ වැනි ආගම්බේධ සහ ජාතිවාදී පුද්ගලයන් මූණූ පොතෙන් කොන්කර දැමිය යුතු යුගය පැමිණ ඇති බව මම දේශමාමක සහ සැබෑ දේශප්‍රේමී ජනතාවට දැනුම් දෙමි.

    අනෙක් ලිපි
    ලිපි 1
    http://www.elakiri.com/forum/showpost.php?p=12873106&postcount=1

     
    • Like
    Reactions: shenu and KeBa

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    රෙප් කැපෙන,කොම්මෙන්ට් නොකරන ත්‍රෙඩ් එකක්