යුරේනි ගේ **පොරtalks සහ ``කොරtalks

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    යුරේනි ගේ **පොරtalks සහ ``කොරtalks


    <font size="3">යුරේනි නොෂිකාට රංගනයේ දොරටු විවර වුණේ 2006 සේවිකා රූ රැජින ලෙස කිරුළු දැරීමෙන් අනතුරුවයි. ‘කිඳුරංගනා’ ටෙලි නාට්‍යයේ සංජු විදියට කළ ප්‍රථම රංගනයට විශාල ජනප්‍රියත්වයක් හිමි වුණත් ඉන් පසුව ඇයව දකින්නට ලැබුණේ අඩුවෙන්. පසුගිය කාලෙ යුරේනි ඉන්දියාවේ සිටි බවත් ජෝන් ඒබ්‍රහම් සමග වෙළෙඳ දැන්වීමක පෙනී සිටි බවත් දැන ගන්නට ලැබුණා. මේ දවස් වල ඇය ‘පියවි’ ටෙලි නාට්‍යය තුළින් අප හමුවට එනවා. කාලෙකට පසුව යුරේනි ‘රිද්ම’ කතා බහකට එකතු වුණා.

    මේ දවස්වල මොනවද කරන්නේ...? <font size="4">
    මේ දවස්වල ‘පියවි’ ටෙලිනාට්‍යය විකාශය වනවා. අලුත් ටෙලි නාට්‍යය දෙකකටත් ආරාධනා ලැබිල තියෙනවා. දෙරණ නාලිකාවේ වැඩසටහනක් ඉදිරිපත් කරන්නත් ලැබුණා.
    පසුගිය කා‍ලේ හින්දි සිනමාවට එකතු වීමේ හීනය ඇතුව ලොකු කැපවීමක් කලා කියලා ආරංචියි...?
    මම ඉන්දියාවේ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ආයතනයකට එකතු වෙලා කටයුතු කළා. ඒ රටේ සිනමාවට යන්න පහසු නැහැ. වෙළෙඳ දැන්වීම් ක්‍ෂේත්‍රය, මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රය හරහා තමයි යන්න වෙන්නේ. ඉතින් මමත් වසර 11/2 ක් ඉන්දියාවේ අදාළ නිෂ්පාදන ආයතනයටවෙලා කටයුතු කළා.
    කැපවීමට ප්‍රතිඵල ලැබුණාද..?
    ජෝන් ඒබ්‍රහම් සහ ප්‍රියංකා චොප්රා සමග වෙළෙඳ දැන්වීම් 2 කට ආරාධනා ලැබුණා. ප්‍රියංකත් එන්න හිටපු දැන්වීමේ ප්‍රධාන නිළිය ඇය. මට තිබුණේ ‘හායි‘ කියල වයින් වීදුරුවක් ප්‍රියංකට දෙන්න. ඒත් 2006 ලංකාවේ සේවිකා රෑ රැජින වූ මම එවැනි අතිරේක දර්ශනයකට සිටිම සුදුසු නැහැ කියන අදහසයි මගෙ නිෂ්පාදන ආයතනයට ප්‍රකාශ කළේ. ඉතින් මම ඒ දැන්වීම ප්‍රතික්‍ෂේප කළා.:shocked: ජෝන් ඒබ්‍රහම් සහ මම හිටපු දැන්වීම මට ලැබුණේ ප්‍රධාන නිළි චරිතය නිසා ඒක භාර ගත්තා.:D
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol: මේ ගෑනි ඇඩ් එකට එනවනම් ප්‍රියංකා එන්නෙ නෑ කියන්න ඇති ෂුවර් එකටම
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හින්දි සිනමාවේ දොරටු විවර වුණදාට ලංකාව අමතක වෙයිද?
    කවමදාවත් නැහැ. කිඳුරංගනා ටෙලි නාට්‍යයෙන් පසුව ටෙලි නාට්‍යය කිහිපයක් කරල තමයි මම ඉන්දියාවට ගියේ. හොලිවුඩ් නමෛයි බොලිවුඩ් චිත්‍රපට ලැබුණත් ලංකාවේ නිර්මාණවලට ඉඳහිට හෝ එකතු වනවා. ඒත් අපේ සිනමාවට වඩා බොලිවුඩය ලෝකයට විවෘතයි. ඒ සිනමාපට, නළු නිළියෝ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වනවා. ඒකයි බොලිවුඩ් සිනමාවට යාමට උත්සහ කළේ.
    ඔය හීනය ඉටුකර ගැනීමේ මූලික පියවර විදියට ද ලංකාවේ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට එකතු වුණේ...?
    නිළියක් වීමේ හීනයවත් හිතක තිබුණෙ නැහැ. පුංචි කාලෙ ඉඳන් හීන මැව්වේ නීතිඥවරියක් වීමට. 2006 සේවිකා රෑ රැජින තරගයෙන් දිනුවට පස්සේ තමයි ‘ කිඳුරංගනාට’ අවස්ථාව ලැබුණේ. කිඳුරංගනා කළේ ඉන්දීය කණ්ඩායමක් . ඒ අය මාව දැකපු හැටියේම කිව්වා ‘ඔයාව හරියන්නේ හින්දි සිනමාවට’ කියලා. නිතර නිතර එහෙම ඇහෙනකොට දන්නෙම නැතුව ඒ අදහස හිතට කා වැදුණා.
    කොහොමද ජෝන් ඒබ්‍රහම්?
    නිෂ්පාදක සම්බන්ධිකාරකවරු ජෝන් ඒබ්‍රහම්ට මාව 2006 සේවිකා රෑ රැජින විදියට හඳුන්වලා දුන්නම ඔහු මට සුබ පැතුවා. හැබැයි වෘත්තීය මට්ටමින් විතරයි කතා බහ කළේ. ජෝන් ටිකක් නිහඬ පුද්ගලයෙක්.
    කාන්තාවන්ගේ උන්මාදනීය සිහින කුමරා සමග රඟපෑම යුරේනිට මොනවගේ අත්දැකීමක් වුණාද..?
    ජෝන් ඒබ්‍රහම් එක්ක රඟපාන්න මාව තෝර ගත්තා කියන දුරකතන පණිවුඩය ලැබුණේ පාන්දර 2 ට. ඒ වෙලාවේ ඉඳන් මට නින්ද ගියෙත් නැහැ. ඒ සතුට වැඩිකමට. ඒත් කැමරාවෙන් දැකපු ජෝන් ඒබ්‍රහම්ට වඩා සජිවීව දැකපු ජෝන් ඒබ්‍රහම් වෙනස්.
    මිනිසුන් හිතාගෙන ඉන්නේ හින්දි නළු නිළියන් අතිශය සුරුපී පිරිසක් විදියට.
    (හිනැහී) මමත් ඉන්දියාවට යද්දි හිතුවේ එහෙම . ඒත් මම දැකපු ලස්සනම නළු නිළියෝ කියලා කියන්න තියෙන්නේ ආක්ෂය කුමාර් හා දීපිකා පදුකෝන් විතරයි. ඒ අය කැමරාවෙන් දකින රූපයටත් වැඩියේ සජීවීව ලස්සනයි. ඒත් තරු විදියට අපි ඉහළින්ම සලකන ඇතැම් අය සජීවිව දකිද්දී මට හිතුණා අපේ රටේ මීට වඩා ලස්සන නළු නිළියෝ කොයිතරම් ඉන්නවද කියලා. :baffled:එහේ තාක්ෂණය දියුණුයි. ක්‍ෂේත්‍රය හරිම පුළුල්. කෙනෙකුගෙ තරු ගුණය වඩා දීප්තිමත් කරලා ඉහළම මට්ටමට ගන්න තමයි ඔවුන් කැපවෙන්නේ.
    යුරේනි ආයෙම ලංකාවට ආවේ...?
    මම ආවේ මගෙ නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධතාව ඇතුව මට අවස්ථාව ලැබුණම ඒ අය දන්වනව. ඒ අතර මම ලංකාවටවෙලා මෙහේ නිර්මාණවලට එකතු වනවා.
    යුරේනි තවම තනියම
    මගේ මව්පියන් නැතිවුණේ මට වයස 7 දි. එදා ඉඳන් මම හැඳුනේ කොන්වන්ට් එකේ. දැන් මම තනි ගෙදරක ජීවත් වනවා. මට ඒ ජීවිතේ හුරු වෙලා.
    ඒ වුණත් හැමදාම තනියම ඉන්න බෑනේ...
    (හිනැහී) තනියම ජීවත් වෙලා පුරුදු කෙනෙකුට තවත් කෙනෙක් එක්ක යුග ජීවිතය ගෙනියන එක අභියෝගයක්. මාව හරියටම තේරුම් ගත්තු කෙනෙක් හමු වුණේ නැතිනම් ගැටලු මතුවේවි.
    දැනට එහෙම කෙනෙක් හමුවෙලාම නැද්ද..?
    (හිනැහී) පෙම් සබඳතා තිබිලා තියෙනවා. ඒත් දැනට නම් පෙම්වතෙක් නැහැ
    .
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ජෝන් ඒබ්‍රහම් සහ මම හිටපු දැන්වීම මට ලැබුණේ ප්‍රධාන නිළි චරිතය නිසා ඒක භාර ගත්තා.:D
    menna pradaana charithaya:P
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Yureni+noshika(1).jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    menna pradaana charithaya:P

    හොඳ වෙලාවට උඹ ෆොටෝ එක දාල තියෙන්නෙ නැත්නම් ප්‍රධාන චරිතය අඳුරගන්න හරි අමාරුයි සෑහෙන්න වෙලා පෙන්නනවනේ :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Munge mole kuubi kaalada bun me wage gon katha kiyanna. Meka thama lankawe lassana kello oya wage tharaga walata nogiyama thiyana wade. Chaw kellek ruu rajinak da mokekda ekek wela ahawal eka nalalata aran pajaatha karanawa lankawama. Hoda welawata Jacky wage ekak eka paarak hari oka dinna :) Naththan indiawe un hithai lankawa ithiyopiawa wage kiyala
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    හොඳ වෙලාවට උඹ ෆොටෝ එක දාල තියෙන්නෙ නැත්නම් ප්‍රධාන චරිතය අඳුරගන්න හරි අමාරුයි සෑහෙන්න වෙලා පෙන්නනවනේ :lol:
    :lol: