මඩුවන්වෙල දිසාවේ.

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මඩුවන්වෙල දිසාවේ.

    MaduwanwelaWalauwa02.JPG


    මම හිතන්නේ මඩුවන්වෙල දිසාවේ නැත්නම් මඩුවන්වෙල වලව්ව ගැන අහපු නැති කෙනෙක් එළ කිරියෙ ඉන්න බෑ. නමුත් ඔක්කොටම දැනගන්නත් එක්ක මඩුවන්වෙල දිසාවේ නැත්නම් වලව්ව ගැන පෝස්ට් එකක් දාන්න හිතුනා. මේකත් නෙට් එකෙන් හොයාගෙන සුපුදු පරිදි සිංහලයට කොටපු එකක්.
    කොළඹ රත්නපුර පාරෙ ඇවිත් උඩවලව හන්දියෙන් කි.මි 1 1/2 ක් විතර ගියහම හමුවෙන රන්චාගම පාරෙ ඇවිත් පනාමුරේ පැත්තට එනකොට තමයි පාරේ වම් පැත්තෙන් මේ කියන ස්ථානය හමුවෙන්නේ.
    වලව්ව ගැන ඉතිහාසය කියනවා නම් මේ ඉඩම් ලැබිලා තියෙන්නේ 1700 ගණන් වල මහදිසාවෙගේ සීයා ඒ කියන්නෙ විජේසුන්දර ඒකනායක මැතිතුමාට දෙවනි විමලධර්ම සූරිය රජතුමාට අවි ආයුධ සැපයූ නිසා එතුමාගෙන් ලැබුණ පරිත්‍යාගයක් විදිහට. මේ අවි ආයුධ ඕන කලේ රජතුමාට සුදු ගෝනෙක් අල්ලගන්න බවටත් කතාවක් තියෙනවා. මෙම ස්ථානයේ මෙම මැදුර හදන්න තීර්ණය කරීමට හේතුව ගැනත් කතාවක් තියෙනවා, නමුත් මීටම සමාන කතා කිහිපයක් මම සෙංකඩගල රජධානිය හැදීමට හේතුව ලෙසත් තවත් ග්‍රීක කතාවකත් අහලා තියෙනවා. කොහොම වුනත් කතාව මේකයි. දවසක් හිවලෙක් හාවෙක් පස්සෙන් මෙම ස්ථානයෙන් පන්නන් යනකොට මෙතනදි හාවට යම්කිසි බලයක් ඇවිත් හාවා හිවලව පන්නන් ගිය නිසා එම විජයග්‍රහණ භූමියේ මෙම මැදුර හැදුවා කියන එක.
    එතුමාගේ අභාවයෙන් පස්සෙ මෙම මැදුර මඩුවන්වෙල දිසාවේගේ පියාණන් අතට පත්වී තවත් නවීකරණය වුන බවද සදහන් වෙනවා. ඒ කියන්නෙ 1725දි විතර වහලයට උළු සෙවිලි කර වලව්වට කි. මි 1ක් පමණ දුරින් පන්සලකුත් ගොඩනැගූ බව සදහන් වෙනවා. වලව්වට නම පට බැදුනේ ඒකාලේ මේ ප්‍රදේශයේ මී හරකුන් ( කමත් භාශාවෙන් මඩුවන් ) බහුලව සිටි නිසා කියන ජනප්‍රවාදයක් මේ ප්‍රදේශයේ තවමත් පවතිනවා.
    මඩුවන්වෙල දිසාවේ ගැන කතාවේ හැටියට මෙතුමගේ මවුපියන් මෙතුමා බොහොම කුඩාකාලේ මිය ගිය බවත් ඉන් පස්සේ මෙතුමාගේ ළමා කාලය ඥාතී නිවසක ඒ කියන්නේ "නාරන්ගස්මඩ වලව්වේ" ගෙවුන බවත් ඉතිහාසයේ සදහන් වෙනවා. මෙතුමා පාසල් ගොස් ඇත්තේ ගල්කිස්ස ශාන්ත ජෝශප් විද්‍යාලයට බවත් ඉන් අනතුරුව නැවත කොලොන්න කෝරලයට පැමිණ එහි රටේ මහත්තයා ලෙස වැඩකල බවත් ඉන් අනතුරුව ඔහු මහදිසාවේ තනතුරට පත්වූ බවත් සදහන් වෙනවා.
    මඩුවන්වෙල වලව්ව සතුව අක්කර 44,000ක ඉඩම් ප්‍රමාණයක් ඒ අවට මඩුවන්වෙල, පණාමුරේ, වලකඩ, කෙම්පාන, කොලොන්න යන ප්‍රදේශවල විසිරී ඇති බව සදහන් වෙනවා. එක්නැළිගොඩ කුමාරිහාමී සමග විවාහයෙන් පස්සෙ මේ ඉඩම් ප්‍රමාණයට තවත් අක්කර 40,000ක් එක්වුන බවද සදහන් වෙනවා. ඉන් අනතුරුව ඔහු වලව්ව කාමර 121කින් හා මැද මිදුල් 21කින් යුතු වන පරිදි විශාල කල බව ඉතිහාසයේ දැක්වෙනවා.
    Maduwanwela-Walauwa.jpg



    10xebzc.jpg



    5000249090eaac4892a0b.jpg

    ඔහු ඉන් අනතුරුව වලව්වට පිවිසෙන මග ශක්තිමත් ගල් ආරුක්කු 3ක් , ඇතුල්වන්නන් නිරීක්ශනයට ස්ථාන 3කුත් තාප්ප තුනකුත් ඉදිකර ඇත. වලව්ව සදහා ඉස්තරම් මහෝගනී, සියඹලා වැනි දැව භාවිතා කර ඇති අතර වලව්වට ජලය රැගෙන ඒම සදහා උමං ජලය ගෙනයන කානු පද්ධතියක් සකස් කර ඇත. අඩි 4 අගල් 8ක් උස දිසාවේ වලව්වේ දොරවල් නිර්මාණය කරන විට එය අඩි 5ක පමණ උසට සිදුකර ඇත. සුද්දන්ට කිසි ලෙසකින් හිස නැමූ දිසාවේ වලව්වට සුද්දන් එනවිට හිසනැමීමට සිදුවන පරිදි මෙය කල බවත් සදහන් වේ. මෙහි කිසියම් සත්‍යක් අදද දැක ගත හැක. ඒ ඇතුල්වන ස්ථානයේ පයට පෑගෙන පරිද්දෙන් පිගන් ගඩොලින් එකල එංගලන්තයේ වික්ටෝරියා රැජිනගේ සිතුවමක් සහිත පිගන් ගඩොලක් බිමට අල්ලා ඇත.
    එකල මේ සුවිසල් මාලිගය අක්කර 20ක් පුරා විහිදුන බව සදහන් වෙතත් දැන් එය කාමර 43ක් හා මැද මිදුල් 7කට සීමාවී ඇත. අඩි 1.5ක් පමණ වන ශක්තිමත් බිත්ති මෙම මැදුරේ මේතාක් පැවැත්මට හේතුවක් විය හැක. මෙහි ඇති නාන කාමර අදටත් ක්‍රියාකාරී මට්ටමේ පසු වේ. මෙහි ඇතැම් ස්ථාන වල විවිධ කාසි හා මැණික් ඔබ්බවා කල සැරසිලි තිබින බව පැවසේ, ඒ පිලිබදව අදටද නශ්ඨාවශේෂ හදුනා ගත හැක.
    කෙසේ වෙතත් මඩුවන්වෙල පරම්පරාවේ අවසානය තරමක් දුක්ඛිත එකකි, ඒ දිසාවේගේ පරම්පරාව ගෙනයාමට පුත්‍රයෙක් නොසිටීමත් දිසාවේට සිටි දියණිය අබ්බගාත අයෙක් වීමත්ය. 1930 සැප්. 06 දිසාවේගේ අභාවයත් සමගම මඩුවන්වෙල පරම්පරාවේ අවසානය සටහන් විය.
    ______________________________________
    කියවල ඉවරවෙලා බම්ප් එකක් වත් දාලා යන්න.
     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    thawath wisthara sahitha una nam hodayi.....

    මම එක පාරක් මඩුවන්වෙල පොඩි කාලෙ ගිහින් තියෙනවා, නමුත් මෙච්චර විස්තර මතක නෑ. ඒ නිසා මම හුගක් එවා නෙට් එකෙන් හොයල translate කරල දැම්මේ, තව විස්තර පුලුවන් වුනොත් ඉස්සරහට දාන්නම්.
    :yes::yes::yes::yes::yes: