අත්වැරැද්දක් නිසා ලොව සිදු වූ ලොකුම විනා
අත්වැරැද්දක් නිසා
ලොව සිදු වූ ලොකුම විනාශය
රජයේ නිලධාරීන්ගේ අත්වැරැද්දක් නිසා හටගත් ලොව ලොකුම හානිය වාර්තා වන්නේ 1971 - 1972 අතර කාලය තුළ ඉරාකයෙනි. මේ වකවානුවේදී ඉරානයේ මහා නියඟයක් ඇති විය. ඒ සඳහා නිලධාරීන් යෙදූ විසඳුම නිසා 5,000 කට වඩා නූගත් ගැමියන් පිරිසක් මියගොස් තවත් දස දහසකට වැඩි පිරිසක් සදාකාලික අබ්බගාතයන්, අන්ධයන් සහ මානසික රෝගීන් බවට පත් වූහ.
ඒ කතාව ආරම්භ කිරීමට පෙර කුඩා විස්‌තරයක් කිව යුතුය. මීට වසර තුන් හාරදහසකට පෙර ලෝකයේ දියුණුම ශිෂ්ඨාචාරය පැවැතියේ ඉරාකයේ ය. මේ කියන්නේ කතෝලිකයන්ගේ බයිබලයේ පැරැණි තෙස්‌තමේන්තුවට අදාළ කාලයයි. ඉරාකයට අයත් භූමිය එවකට බැබිලෝනියාව විය. එය යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා දෙකට මැදිව තිබූ නිසා දෙගංමැදි රාජ්‍යය ලෙස හඳුන්වන ලදී. එහා පැත්තේ පිහිටි මෙසපොටේමියාව පාලනය කළෝ ග්‍රීකයෝ ය. කාලය ඉදිරියට යද්දී සෙසු සියලු රටවල ශිෂ්ටාචාර තව තවත් දියුණු වීමත්, අලුත් ශිෂ්ඨාචාර ඇති වීමත් බැබිලෝනියානු ශිෂ්ටාචාරය තිබෙන තැනම තවදුරටත් පල්වීමත් සිදුවිය. මෙය ලංකාවට සිදු වූ ඛේදවාචකය හා සමාන කතාවකි. සුද්දන් කොළ අතු ඇඳගෙන ගල් ගුහාවල ජීවත් වෙමින් සතුන් මරාගෙන කෑ කාලයේදී සිංහලයා රෙදි අඳින, ගොඩනැඟිලි හදන ඉතා දියුණු සංස්‌කෘතියක් ඇති ජාතියක්‌ව සිටියේය. එහෙත් සුද්දන් ක්‍රමයෙන් දියුණු වී කලිසම් කමිස ඇඳගෙන ශිෂ්ඨ සම්පන්න ජීවිත ගත කරන්නට පටන් ගත් විට සිංහලයා අමුඩ කෑලි ගසාගෙන ප්‍රාථමික සංස්‌කෘතික තත්ත්වයන් බලා ගමන් කළහ. බැබිලෝනියාව ඉරාකය වූ පසුද සිදු වූයේ මෙයයි. ඉරාකයේ ජනයා ඉතා පැරැණි උපකරණ පාවිච්චි කරමින් තිරිඟු හා බාර්ලි වවාගෙන ඒවා මත යෑපෙමින් කබල් මැටි ගෙවල්වල ජීවත් වූහ. මේ අතර 1969 -1970 කාලයේදී ඉරාකයට උදා වූ ග්‍රීෂ්ම සෘතුව වෙනදාට වඩා බෙහෙවින් උණුසුම් වූ අතර පොලොව ඉරිතලා කෙත්වතු වියෑළී වගා හානි හට ගත්තේය. රටේ ගොවි බිම් කේන්ද්‍ර කරගෙන විසූ ජනතාවට ආහාර නැති විය. 1971 වන විට ධාන්‍යාගාරවල ඉතිරි ව තිබූ තිරිඟු හා බාර්ලි අස්‌වනු කාලයකින් වාර්තා වූ අඩුම ධාන්‍ය සංචිත බවට පත් විය.
මේ වන විට ඉරාකයේ ජනාධිපති සදාම් හුසේන් ය. ඊළඟ කන්නයට වගා කිරිමට බීජ ධාන්‍ය පවා ගොවීන් ළඟ ඉතිරි වී තිබුණේ නැත. ඒ ඔවුන් තමන් ළඟ තිබූ හැම ධාන්‍ය ඇටයක්‌ම අනුභව කළ හෙයිනි. ඒ නිසා ඇමරිකාවේ වෙස්‌ට් කොස්‌ට් සමාගමෙන් බීජ බාර්ලි ටොන් 22,000 ක්‌ද, මැක්‌සිකෝවෙන් බීජ තිරිඟු ටොන් 73,000 ක් ද ගෙන්වීමට සදාම් හුසේන්ගේ බාත් පක්‍ෂය තීරණය කළේය. මැක්‌සිපැක් නමැති මේ තිරිඟු වර්ගය අභිජනනය කර තිබුණේ නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු විද්‍යාඥ නෝමන් බෝලග් ය. ඉරාකයේ කෙත්වතුවල මේ වන විට පළිබෝධ වසංගතය පැතිර ගොස් තිබිණි. එබැවින් පිටරටින් එන ධාන්‍ය පළිබෝධ නාශක ප්‍රතිකාරවලට ලක්‌කර එවන ලෙස ඇමරිකාවට හා මැක්‌සිකෝවට දන්වන ලදී. බීජ ධාන්‍ය පළිබෝධවලට හොඳින්ම ඔරොත්තු දෙන්නේ ඒවා මිතිල්මර්කරි ඩිසයනයිඩියටයිට් රසායනික ප්‍රතිකාරයට ලක් කළ විටය.
මර්කරි හෙවත් රසදිය යොදා ගෙන කරන පළිබෝධ නාශක ප්‍රතිකාර ක්‍රම ඇමරිකාව සහ කැනඩාව විසින්ද, යුරෝපයේ රටවල් සියල්ලම විසින් ද, තහනම් කරනු ලබ ඇත. ඒ එම ප්‍රතිකාර සහිත බීජ ධාන්‍ය සමඟ කටයුතු කළ ස්‌වීඩනය, පකිස්‌තානය, ගෝතමාලාව යන රටවල ගොවියන් විශාල ප්‍රමාණයක් 1950 ගණන්වලදී රසදිය විෂවීමෙන් මියගිය නිසා ය. රසදිය යනු ගස්‌වැල්වලට හානිකරන පලිබෝධ නැසීමට හොඳම බෙහෙත වුවද, මිනිසුන්ට සහ සතුන්ට ගිලුණොත් ඉතා හානිකර ප්‍රතිඵල ඇති විය හැකි ද්‍රව ලෝහයකි. 1950 - 1960 යන අවුරුදුවල ඉරාකයේදී මෙවැනි රසදිය විෂවීම් ඇති විය. එහෙත් පලිබෝධ රෝග බහුල රටක් වන බැවින් ධාන්‍ය රැක ගැනීම වඩා ආරක්‍ෂිත ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් ඉවසන්නට ඉරාකයේ බාත් පක්‍ෂයට බැරි විය.
ඇනවුම් කළ තිරිඟු හා බාර්ලි තොගය රැගෙන 1971 සැප්තැම්බර් 16 වැනිදා ඉරාකයේ බස්‌රා වරායට නැවක් පැමිණියේය. රසදිය ප්‍රතිකාරය නිසා ධාන්‍ය වර්ග දෙකම රෝස පැහැයට හැරී තිබුණු අතර ඒවා බහා මුද්‍රා කර තිබූ මලුවල ස්‌පාඤ්ඤ සහ ඉංග්‍රිසි භාෂාවලින් ආහාරයට ගැනීමෙන් වළකිනු' යන අවවාදය ඉතා හොඳින් පෙනෙන ලෙස සඳහන් කර තිබිණි. ඊට අමතරව මිනී ඔලුවක් සහ කතිර ඇට සහිත මාරක සංඥාව ද එම මලුවල මුද්‍රණය කර තිබිණි. එහෙත් අවාසනාව වුයේ නූගත් ඉරාන ගොවියන්ට ස්‌පාඤ්ඤ හෝ ඉංග්‍රීසි කියවීමටත්, මිනී ඔලුවේ සංඥාව තේරුම් ගැනීමටත් බැරි වීමය. ස්‌පාඤ්ඤ තබා ඔවුන්ට තම මවුබසවත් කියෑවීමට බැරි විය. බීජ ධාන්‍ය බෙදා දෙන ලද්දේ ණයට ය. ඊළඟ කන්නයේදී අස්‌වනු ලැබුණ විට මුදල් අයකර ගැනීමේ පදනම මත ය. කුසගින්නේ පෙළෙමින් මහත් දුක් විඳිමින් සිටි ඉරාක ගොවීහු වගාව පැත්තක තබා තිරිඟු සහ බාර්ලිවලින් පිටි කොටා රොටී සහ පාන් සාදා අනුභව කළහ.
බීජ ධාන්‍ය ප්‍රවාහනයේදී ආණ්‌ඩුව ඉතා දැඩි නීති පනවා තිබිණි. වරායෙන් පටවන ලද බීජ රැගත් ලොරි අතරමඟ නතර නොකර කෙළින්ම ගබඩා වෙත යා යුතු බව නියම කරන ලදී.
එහෙත් දුගී දුප්පත් ලොරි රියෑදුරෝ මඟදී බීජ ධාන්‍යවලින් කොටසක් බේකරිකාරයන්ට විකුණූහ. සමහර තැනකදී ලොරි කොල්ලකන ලදී. බීජ ධාන්‍ය මිනිසුන් විසින් අනුභව කරනු ලබන බව දැනගත් රජය එයින් වන හානිය සඳහන් පත්‍රිකා පන්ලක්‍ෂයක් මුද්‍රණය කර ගොවි බිම්වලට අහසින් දැමීය. එහෙත් ඒ වන විට විපත සිදුවී අවසන් ය. තිරිඟු සහ බාර්ලි පාන් කෑ ළමයින් සහ වැඩිහිටියන් වමනය කර මිය ගියහ. තවත් සමහරුන් ගේ ස්‌නායු පද්ධතියට රසදිය නිසා හානි වී තිබූ බැවින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ විය. දොරකින් ඇතුළු වීමට තැත් කළ මිනිසා එම අරමුණ කරා මොළය යොමුකර ගත නොහැකිව බිත්තිවල හැප්පිණ. තමා වෙත එන පාපන්දුවට පයින් ගැසූ ළමයාගේ පාදය එසවුණේ පන්දුව ඔහු පසුකර ගොස් විනාඩි දෙකකට පමණ පසුය. මොළයේ විධානය ඒ අයුරින් ප්‍රමාද විය. සමහර ළමයින්ට පාන් කෑම සඳහා සිය මුඛය සොයා ගැනීමට බැරිවිය. ඔවුහු පාන් කැබලි මුහුණේ තැන් තැන්වල තබමින් සිරුරුට ඇතුළු කිරීමට තැත් කළහ. වස කැවුණු අයට කිරි හෝ බිත්තර සුදුමදය පොවා වමනය කරන්නට සලස්‌වන ලෙස රජය මගින් නිවේදනය කරන ලදී. එහෙත් එදා වේල කන්නට නැති දුප්පතුන්ට මොන කිරිද? කවර බිත්තරද?
1971 දෙසැම්බර් වන විට ඉරාකයේ පළාත් 14 ක ජනයා ඊයම් විසට ලක්‌ව සිටියහ. තවත් කල් යන විට ඊයම් විස සහිත හරක් මස් වෙළෙඳපොළට ආවේය. හරක් වෙළෙන්දා තම සතුන්ට තිරිඟු හා බාර්ලි කෑමට දීමෙන් මෙය සිදුව තිබිණි. ඉරාකය මාස 2 කට මස් කෑම තහනම් කරමින් මුළු රටටම බල පැවැත්වෙන ආඥාවක් නිකුත් කළේය.
මේ විපතින් ජය ගත්තේ විද්‍යාව පමණි. රසදිය විස වූ ලක්‍ෂ ගණනක පිරිසක් දුක් විඳින හැටිත්, 5,000 ක් මිය යන හැටිත් මුල් වරට බලා ගැනීමට විද්‍යාඥයන්ට හැකි විය. රෝග ලක්‍ෂණ ආශ්‍රයෙන් රසදිය විසට ප්‍රතිකාර කිරීමට පර්යේණ කරන ලදී. රසදිය විසට ප්‍රතිකාර මුල් වතාවට සොයා ගන්නා ලද්දේ මේ අවාසනාවන්ත සිද්ධියේදී ය. එය රජයේ නිලධාරීන් අතින් සිදු වූ සුවිශාල අත්වැරැද්දක් බව අදටත් පිළිගැනේ.
අනුර සොලමන්ස්