බලන්න මේ සුන්දර ගීතය ඔබත් අහල තියෙනවද කිය&#351

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බලන්න මේ සුන්දර ගීතය ඔබත් අහල තියෙනවද කිය&#351

    වැඩි තේරුම්ක නැති පුංචි කාලේ වුනත් අපිට කණට ඇහුනු ගීත වලින් සමහර කොටස්, ඒවයේ තියෙන යම් සුන්දර කුමක් හෝ හේතුවක් නිසා අපේ මතකයේ රැඳෙනවා. මේ තියෙන්නෙත් මගේ මතකයේ ඒ වගේ රැදුනු ගීත වලින් මම අදටත් හුඟක් කැමති ගීතයක්. වසර දෙකක් පමණ තිස්සේ මා අන්තර්ජාලය පුරා සෙවුවත් එය සොයාගැනීමට හැකිවූයේ නැහැ. මේ මෑතකදි මගේ මුහුණුපොත වෙත පණිවිඩයක් මගින් කිසිවෙකු මට එම ගීතයේ You Tube ලින්ක් එක එවා තිබුණා. අවාසනාවට ඒ මිතුරාගේ නම සොයාගන්න විදිහක් නැහැ.

    මේ ගීතය ඇත්තෙන්ම සුවිශේෂි එකක්. මෙය තමයි ශ්‍රීලංකාවේ මුල්ම රෑපවාහිනි නාලිකාව - ස්වාධින රූපවාහිනියේ තේමා ගීතය. මෙය බොහෝවිට වර්තමාන පරම්පරාවේ අය අහල නැති වෙන්න පුලුවන්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය ආරම්භයේදී මෙය මෑතක් වන තුරුම ප්‍රචාරය වුනා. දැන්නම් මෙහෙම ගිතයක් තිබුණද කියලවත් එහි සේවය කරන අය දන්නවද දන්නේ නැහැ. නමට පමණක් නොවී ඇත්තෙන්ම ස්වාධීන නාලිකාවක්ව තිබුණ සමයේ වටිනා නිර්මාණ රැසක් ඒ හරහා රටට දායාද වුණා.


    මේ ගීතය You Tube වෙත ඇතුලත් කල මුදිත ලියනගම මහත්මයාටත් එහි ලින්ක් එක මට Facebook වෙත එවු සොයුරාටත් මේ වීඩියෝව ලබාගැනීමේදී සහය වුන ගයන්ත සමරදිවාකර සොයුරාටත් ස්තූතිවන්ත වෙනවා.

    මෙන්න පද ටික

    සමනොල සිරිපා - පියුම දොවාගෙන..//
    සීත ගඟුල් රට වට යනවා
    සිංහරාජ වන කංචනාදයෙන්
    මේඝ වලාකුලු රජ වෙනවා.....

    තුරුලිය මල් පල - විහඟ ගීතයෙන්..//
    ආදම් උයනක් සැඟැවෙනවා
    රාවණ ලංකා ඉසුරු පුරාණය
    ගොලු මුහුදෙන් මුතු මතු වෙනවා....

    ගංගා හරවා - වැවු පෙල අමුණා
    මිහි රස මතු කල පරම්පරාවේ..//
    අනුර පොලොන්නරු සීගිරි අවුකන
    විස්කම් පෑ ගුරු පරම්පරාවේ
    පැතිරේ කිතු රාවේ....

    සමනොල සිරිපා....

    පිරිසිදු බුදු බණ පොත්කොට රැකගෙන
    ලොවට බෙදාදුන් පරාම්පාවෙන්..//
    වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව
    යුගයක් පෑ හිරු පරම්පරාවේ
    පැතිරේ කිතුරාවේ.....

    එක අම්මාගෙන් - කිරි බිවු අපි සැම..//
    එක ලේ මස් ඇති සොහොයුරැවෝ
    පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි
    එකම පියාගේ දූ දරුවෝ

    පරිසරයට සුව සුවද බෙදාදෙන
    සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
    ඒක ධජයේ යට එකටම යන අපි
    ලංකා මවගේ දූ දරුවෝ
    ලංකා දූ දරුවෝ....///​




    මෙතනින් Mp3 එකක් විදිහට බාගන්නත් පුලුවන්!!
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    මමත් ඕක පොඩිකාලෙ අහලා තියෙනවා. ඉස්සර ළහිරු මඩල කියලා වැඩසටහනකුත් ගියා. චැනල් එක පටන් ගත්තෙත් හවස 3.30ට හරි 4.30ට වගේ මතක.

    රෙප් ++
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පරණයි නියමයි
    11.gif
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,611
    519
    113
    Here on earth..
    අවුරුදු ,දකින්න ලැබුනේ.. අහද්දී ඇගේ මාවිල් වෙනවා, අමුතුම හෙගීමක් එනවා. පුදුම ආදරණීය, අභිමාණවත් හැගීමක් ඒක, ලංකාව ගැන..

    තැන්ක්ස් මචන්..!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Jeez! This brings back memories!
    Damn glad someone had the foresight to record this and upload it.
    One thing to note, the video is not the very first version that was on ITN. This is the 2nd ord 3rd version they had in the late 80s ord early 90s.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඇත්තටම

    අවුරුදු ,දකින්න ලැබුනේ.. අහද්දී ඇගේ මාවිල් වෙනවා, අමුතුම හෙගීමක් එනවා. පුදුම ආදරණීය, අභිමාණවත් හැගීමක් ඒක, ලංකාව ගැන..

    තැන්ක්ස් මචන්..!


    මම උබේ අදහස් වලට එකඟ වෙනවා. මේ අහද්දි අමතුම හැගීමක් හිතට දැනෙනව.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මේ ගැන

    මේ සින්දුව බලද්දි වචන වලින් කියන්න බැරි පුදුම හැගීමක් හිතට දැනෙනව. ඒ අතීතයට යන්න ඇත්නම් කොච්චර හොඳද කියල හිතෙනව. එදා සහ අද රූපවාහිනී මාධ්‍ය දෙස බලද්දී කොච්චර ලොකු වෙනසක් (පිරිහීමක්) වෙලාද කියල පේනව. :(:(:(:(:(