හොදයි යාලුවනෙ අපි එහෙනම් ජාවා වල තියන පුන්චිම දෙයින් පටාන් ගමු.
හරි අපි පොඩි Program එකක් ලියලම බලමු. මොකුත් කල්පනා නොකර පහල තියන Code එක Notepad එකක ලියාගමුකො.....
ඊට පස්සෙ මම කියන්නම් මොකක්ද මෙතන හරියටම වෙන්නෙ කියලා.....ස්
Code:
class HelloJava{
public static void main(String args[]){
System.out.println("Hello Java");
}
}
නැහැ වෙන දේ කියන්න කලින් මෙක Run කරවලාම ඉමුකො....
හොදයි මෙහෙම කරන්න ඔය Notepad File එක අපි මුලින්ම save කරගන්න ඕන..
හරි කොල්ලනේ මේක save කරද්දි පොඩි වෙනසක් තියනවා එක තමා මචන් මේක save කරද්දි file type එක එහෙම නැත්නම් extension එක .java කියල save කරන්න ඕන.
හරිනෙ දැන් ඔන්න Java File එක ready දැන් තියන්නෙ අපි හදා ගත්ත file එක Run කරවන්න පුලුවන් මට්ටමට ගේන එක.
ඒක කරගන්නව කියන්නෙ ඒක Compile කරගන්නවා කියන එකටයි.
අපි බලමු කොහොමද මේ FIle එක COmpile කරගන්නෙ කියලා......
එක කරගන්න අපිට CMD එක නැත්නම් Command Prompt එක ඕන වෙනවා.
මුලින්ම CMD එක ඕපන් කරගෙන මෙන්න මේ Code eka type කරල Enter කරල බලන්නකො....
හරි උබල මීට කලින් Java මේක run කරන මැශීන් එකෙ use කරල නැත්නම් මෙතනදි error එකක් එනවා...
මෙන්න මේ විදියේ....
Quote:
|
'javac' is not recognized as an internal or external command,operable program or batch file
|
දැන් අපි මෙහෙම වෙන්න හේතුව පොඩ්ඩක් හොයල බලමු......
උබලට මතක ඇති මම කලින් කිව්වා compile කරනවා කියලා වචනයක්....
අන්න ඒ දේ තමා මෙතනිදි කරවගන්න ඕන...
ඒකට Java වල වෙනමම පුන්චි software එකක් ජාවා ඉන්ස්ටොල් කරද්දිම අපේ computer එකට ඇතුල් වෙනවා... එයාට තමා java compiler කියන්නේ...
අන්න ඒ compiler ට කතා කරන්න තමා javac කියන command එක use කර්න්නෙ....
දැන් මචන් ලට මෙතන වෙන දේ තේරෙනවා ඇති නෙ?
හරි කලින් post එකෙ මම java install කරගන්න කියල දුන්නනේ?... දැන් ඔයගොල්ලො පුන්චි වැඩක් කරන්න ඕනා....
taar ගාල යන්න java install කරපු folder එකට..
මගෙ නම් ඒක තියන්නෙ මෙතන....
Quote:
|
C:\Program Files (x86)\Java
|
දැන් ඔය ෆෝල්ඩර් එක අස්සට ගිහින් බලන්නකො.
ඊලගට ඇති jdk, jre කියල ෆොල්ඩර් දෙකක්. අන්න ඒකෙන් JDKඑක ඇතුලට යමුකො..
(මෙතන JDK - Java Development Kit, JRE - Java Runtime Environment මෙහෙම තමා මෙවගෙ තේරුම් එන්නෙ...)
හරි JDK එක ඇතුලට ගියාම ඇති bin කියල ෆොල්ඩරයක්. ඒකට ගිහින් බැලුවම උබලට පේන්න තියනව Javac.exe කියල app ෆයිල් එකක්. අන්න එයාව තමා අපි අල්ලගන්න ඕන..
දැන් උබලට එනව ඇති ප්‍රශ්නයක් ඇයි අපි එයාව අල්ලගන්නෙ?
මේකනෙ අපි compiler ට කතා කරාට CMD එක දන්නෙ නැහැනෙ compiler ඉන්න තැන. ඉතින් CMD එක අපිට error එකක් දෙනවා. මුලින්ම අපි ඒක වලක්වගෙන ඉන්න ඕන.
ඒක කරන්න අපිට ක්‍රම 2ක් තියනව
1) CMD එකේ COde කරන්න කලින් path eka CMD එකේම ට්ය්පෙ කරල සෙට් කරන එක.(මේක හෙන වාත වැඩක්)
2) අනික් ක්‍රමය තමා Default compiler ගෙ path එක සෙට් කරල තියන එක.
1) ක්‍රමය කරන්නෙ මෙන්න මෙහෙම.
මුලින්ම java folder එක ඇතුලෙ තියන bin folder එකට යන්න.
ඊට පස්සෙ javac කියල CMD එකෙ type කරලා enter කරාම මෙන්න මේ වගේ දෙයක් පෙන්වයි.
මෙ විදියට උනා නම් ඒ කියන්නෙ java compiler ඉන්නෙ කොහෙද කියල CMD එක දන්නෙ නැහැ කියන එකයි. ඉතින් අපි මේකට මොකක් හරි පිලියමක් යොදන්න ඕන...
මෙහෙම කරමුකො මෙය දන්නෙ නත්තෙ Java Compiler ඉන්න තැනනෙ. ඉතින් අපි එයා ඉන්න තැන හොයල දෙමු.
ඒක කරන්නෙ මෙන්න මෙහෙම.....
taar ගාල යන්න java install කරපු folder එකට..
මගෙ නම් ඒක තියන්නෙ මෙතන....
Quote:
|
C:\Program Files (x86)\Java
|
දැන් ඔය ෆෝල්ඩර් එක අස්සට ගිහින් බලන්නකො.
ඊලගට ඇති jdk, jre කියල ෆොල්ඩර් දෙකක්. අන්න ඒකෙන් JDKඑක ඇතුලට යමුකො..
(මෙතන JDK - Java Development Kit, JRE - Java Runtime Environment මෙහෙම තමා මෙවගෙ තේරුම් එන්නෙ...)
හරි JDK එක ඇතුලට ගියාම ඇති bin කියල ෆොල්ඩරයක්. ඒකට ගිහින් බැලුවම උබලට පේන්න තියනව Javac.exe කියල app ෆයිල් එකක්. අන්න එයාව තමා අපි අල්ලගන්න ඕන..
ඉතින් අපි එයා ඉන්න තැන cmd එකට පෙන්නලා දෙන්න ඕන. ඒකට bin folder එකෙ ලින්ක් එක කොපි කරගන්න ඕන.
eg -:
Quote:
|
C:\Program Files (x86)\Java\jdk1.6.0\bin
|
ඊට පස්සෙ CMD එකට ගිහින් පහල තියන විදියට type කරල enter කරන්න.
path=C:\Program Files (x86)\Java\jdk1.6.0\bin
හරි දැන් වැඩේ ගොඩ, දැන් CMD එක Close නොකර javac කියල type කරල Enter කරන්නකො.
එතකොට මෙන්න මේ විදිය දෙයක් ආවොත් වැඩේ ගොඩේ ගොඩ

ඒ කියන්නෙ පලවෙනි ක්‍රමය සාර්තකයි.. ඒත් මේකේ ලොකු අවුලක් තියනව. මොකක්ද දන්නවද..
හදිසියෙ හරි CMD එක close උනොත් ආයෙමත් path එක සෙට් කරන්න ඕන වැඩ කරන්න. ඒක මහ ඇනයක් නෙ නේද?
ඒකට පොඩි වැඩක් තියනව කරන්න.
default path එක සෙට් කරල තිබ්බ නම් ඔය අවුල ගොඩ .. ඒක කරන්නෙ මෙන්න මෙහෙම...
පලමු පියවර
දෙවන පියවර
තෙවන පියවර
සිවුවන පියවර
අවසාන පියවර
අවසාන පියවර ට පස්සෙ Ok කරාම වැඩෙ හරි.
දැන් cmd එක CLOSE කරල open කරගන්න. ඊට පස්සෙ ආයෙත් javac කියල type කරල enter කරන්නකො.
මෙන්න මෙහෙම ආවොත් වැඩෙ ගොඩ.
හරි දැන් අපෙ CMD එක java එක්ක වැඩ කරන්න සූදානම්.
හරි දැන් අපි ලියාගත්ත Java File එක compile කරගමුකො.
ඒක කරන්න අපි ලියාගත්ත java file එක තියන තැනට CMD එකෙන් යන්න ඕන.
cmd codes අමුතුවෙන් කියල දෙන්න ඕන නැහැනෙ...
code කියල අමුතු දෙයක් ඕන නැහැ.
FIle එකක් locate කරගත්තොත් ඇති.
හරිනෙ ඊට පස්සෙ මෙන්න මෙහෙම Code කරල enter කරන්න
ඊට පස්සෙ ගිහින් බලන්න .java file එක තිබුන තැන .class කියල ෆයිල් එකක් හැදිල තියෙයි.
ඒ කියන්නෙ java file එක නිවැරදිව compile උනා කියලයි.
හරි දෙන් අපෙ Java file එක run කරන්න සූදානම්. මතක තියාගන්න ඕන මෙතනදි run karanna ඕන .class file එක තමා,.
ඒක කරන්නෙ මෙහෙම java HelloJava කියල type කරල enter කරන්න. එතකොට
"Hello Java" කියල CMD එකෙ print උනොත් අපේ වැඩේ සාර්තකයි.
මෙන්න මම කරපු පිලිවෙල
Quote:
class HelloJava{
public static void main(String args[]){
System.out.println("Hello Java");
}
}
|
වැදගත් : අපි ජාවා file එක සේව් කරගත්දි File Name එකට අපෙ code එකෙ තියන Class Nameඑක දෙන්න ඕන අනිවාර්යයෙන්.
මෙතනදි ඒක මෙන්න මේ විදියයි
හරි යාලුවනෙ මෙන්න මේක තමා java වලට තියන්න පුලුවන් පුන්චිම ආරම්බය.
මම මෙහෙම ආරම්බයක් ගත්තෙ හැමෝටම පොඩි දේ ඉදලා කියල දෙන්න ලේසි වෙන්න.
මෙ ක්‍රියාවලිය කරන තවත් ක්‍රම ගොඩක් (මීට වඩා ලේසි) තියනව. ඒවත් අනිවාර්යයෙන් මෙ thread එකෙ ඉස්සරහදි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
මේකෙ අපැහැදිලි තැන් මොකුත් ඒ වගේම වැරදි තියනවනම් කියන්න මම ඒවා බාරගන්න කැමතියි.
බොහොම ස්තූතියි.
පලමු පාඩමේ ඉඩන් මාත් එක්ක හිටිය හැමෝටමත් ගොඩක් ස්තූතියි.
අලුත් වැඩ ටිකකින් සෙට් වෙමු..