ඇදහිය නොහැකි තරම් විස්මිත පින්තූරයක්!

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඇදහිය නොහැකි තරම් විස්මිත පින්තූරයක්!

    සමහර පින්තූර ඇස් අදහන්නත් බැරි තරම්! මේ පින්තූරය ගන්න ඡායාරූප ශිල්පියාට අවුරුදු දෙකක් බලා ඉන්න සිද්ධ වුණා. මේ නිසල විලට ඉහළින් අහසේ මෙම පිහිටීමත් එය ඡායාරූපයට නැඟිය හැකි තරම් ප‍්‍රමාණවත් ආලෝකයක් ලැබෙන තෙක් ඒ තරම් කාලයක් බලා ඉන්න ඔහුට සිද්ධ වුණා. එතරම් කලක් ඉවසා සිටීමේ වටිනාකම පෙනෙන්නේ මේ විස්මිත සේයා රුව දුටුව පසුවයි
    1.jpg

    මේ සේයා රුව අරගෙන තියෙන්නෙ මැඩගස්කරයේ නැගෙනහිරෙන් පිහිටි රීයුනියන් දූපතේ සිටයි. මෙහි සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ තාරකාවිද්‍යා ඡායාරූප ශිල්පියකු වූ ප‍්‍රංශ ජාතික ලූක් පෙරෝ (Luc Perrot) ටයි. මෙම ජූනි මාසයේ මුල දිනයක මේ විස්මිත දසුන ඔහුට දැක ගත හැකි වූයේ රීයුනියන් දූපතේ පිටන් ඩි ලියූ නම් තැනේදියි.

    මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අප ඉන්නා පෘථිවියත් ඇතුළත් වන කිරිසයුර හෙවත් ක්ෂීරපථය (Milky Way) නම් මන්දාකිණියේ එක කොටසක්. මෙය හැඳින්වෙන්නේ ක්ෂීරපථයේ ‘දඩයක්කාරයාගේ බාහුව’ කියලයි. මේ අහස හරහා අප දකින්නේ පුංචි පුංචි තරු වශයෙන් විහිදී ඇති අප අවට පැතිර ඇති පුළුල් විශ්වයේ පුංචි කොටසක් විතරයි.


    ගිනිකන්දක හෙවත් යමහලක ආවාටයකින් සෑදුණු මේ නිසල විල පසුබිමේ ඇති පඳුරු හා ගහ කොළවල ඡායාව අහසේ ආලෝකයෙන් විල තුළින් පර්වර්තනය වෙමින් දසුන තවත් අලංකාර කරනවා.


    පරිස්සෙමින් බලූවොත් ඒ දූපතේ ඇති උසම කන්ද වූ පිටන් ඬේ නීජස් කිලෝමීටර් කීපයක් ඈතින් දැක ගන්න පුළුවන්.
    අහසේ ඉහළින් දිස්වෙන්නේ ආලෝක වර්ෂ 100කට මෑතින් පිහිටි අපට ළං වූ තාරුකා රාශියක්. ඈතට විහිදී ඇත්තේ ආලෝක වර්ෂ 1000කට වඩා ඈතින් පිහිටි තරු ලක්ෂ ගණනක්.

    ඔබ කැමති නම් ලූක්ගේ තවත් ඡායාරූප නරඹන්න, යන්න ඔහුගේ
    වෙබ් අඩවියට.

    ගත්තෙ මෙතනින්:D



     

    ~Wolverine~

    Member
    Jul 2, 2012
    45
    7
    0
    Kandy
    lassanai mchn..
    aththatama gaththa ekak kiyala hithagannath ba..:confused:
    e tharamata maru angle ekakin aran thiyanawa..:yes::yes:
    thaama rep pwr na mata mchn..sorry wenna oni..:(