තවත්
සිදුවීමකි.මිතුරන් දෙදෙනකු පරිගණකයක්
මිලදී ගැනීමට යුනිටිය වෙත ගොඩ
විය.
හතර අතින් (Quotation)
කොටේශන් දමා අවසානයේ PC Patner
වෙතින් අවම ලංසුව ලැබුණි.ඒ සඳහා 3.2
D processor ,2 X 512 mb Ram රැම්
දෙකක් ආදී වශයෙන් විය.
PC Partner - සර් අපි එසෙම්බල් කරන්ඩ
සල්ලි ගන්නේ නෑ.
නමුත් ඒ සඳහාද
සඟවා මුදල් අයකරන බව දන්නා හෙයින්
මැෂින් එක එසෙම්බල් කිරීමට බාර
දුනි..පැය භාගයකින් මැශින් එක සෙට්
කරල දෙනව.මුදල් ලබා ගැනීමෙන් පසු
මේ බිලත් අරන් අහවල් තැනට යන්නයි
කීවේය.පැයකින් පසු මිතුරන් දෙපල කියූ
අහවල් තැනට ගියේය.
පැයක්
ගතවිය ,දෙකක්,තුනක් හතරක් ආදී
වශයෙන් රාත්‍රී හත
විය.
අවසානයේ සිංහල හෝඩිය
ගායනාකිරීමේ ප්‍රතිපලයක් ලෙස
පරිගණකය පෙට්ටියක බහා ලැබුණි.
PC HOUSE - සර් ඔක්කොම ටෙස්ට් කරල
තියෙන්නේ අරන් යන්ඩ.
මිතුරන් දෙදෙනා - බෑ බෑ මෙතනම චෙක්
කරල අරන් යන්ඩ ඕනේ
භාදක මැද්දේ පරික්ෂා කිරීම ඇරඹිණි
පරික්ෂා කිරීමේදී පෙනී
ගියේ මේ සඳහා යොදා තියෙනේ ඉල්ලු
3.2 ප්‍රොසෙසරය නොව 2.7
ප්‍රොසෙසරයකි.රැම් එක
යොදා තිබුනේ ඉල්ලු 512 රැම් නොව
256 රැම් දෙකකි.
මිතුරන් දෙදෙනා - කෝ ඕයි
මේ මොනවද මේ හයි කරල
තියෙන්නේ?
PC HOUSE - සර් පොඩ්ඩක් ඉන්ඩ බලන්ඩ
කියා ඇතුලට ගිය මොහු නැවත පැමිණ
සර් ඔය ඉල්ලල තියෙන එකට වැඩිය ඔය
දාල තියෙන එක ස්පීඩ්.
නැවත හෙලුවෙන් වැනීමට මිතුරන්
දෙදනාට සිදුවිය.
PC HOUSE - සර් මේ ප්‍රොසෙසර් එක
මේ වෙලේ ස්ටොක්ස් වල නෑනේ සර්.
මිතුරන් දෙදෙනා - ඉතින් තොපි
කොහොමද යකෝ බිලට දැම්මේ බඩු
නැත්තන්?
දැන් අපි බලන්නේ නැතුව
ගෙදර අරන් ගිහිල්ල චක් කරල ආපහු
ගෙනාවොත් තොපි මේක අපි වෙන
එකක් දාලා අරන් ආවා කියනවනේ.තොපි
මොන ලෝකෙන් ඉපදිච්ච සත්තුද?
නැවතත් හෙලුවෙන් වැයීම ආරම්භ විය.
මිතුරන් දෙදෙනා - එතකොට මේකට
256 රැම් ගහල තියෙන්නේ?
PC HOUSE - ඔලුව කසයි.
සර්
මේ ස්ටොක් වල බඩු ඉවරයි.ඒකයි
සර්.සර් අපි නෝට් එකක්
දාලා දෙන්නම්.සර් ආපහු අරන් එන්ඩ
මැෂින් එක.අපි එතකොට හයි කරල
දෙන්නමි.
මිතුරන් දෙදෙනා - දැන් තොපි
කියන්නේ අපේ කාලේ කාගෙන අතින්
වියදම් කරන් ආයේ ඇවිල්ල මෙතන
ලගා ගහන් ඉන්ඩ කියලද?
මේ වන විට ප්රශ්නය ඉහල තැනටම
ගොස් තිබිණ.
පාලනාදිකාරයෙන් පැමිණ සේවකයාට
තමුසෙට මේක තාම සෙට්ල් කරගන්ඩ
බැරිවුනාද?ගන්නව කෝල් එකක් මේක
බිල් කරපු බූරුවට.
සේවකයා PC Partner පරිගණකය
සඳහා බිල් කල බුරුවාට දෙමළෙන් අමතයි
අමතයි.
PC HOUSE -සර් එයා shop එක
වැහුවයින් පස්සේ එන්නම් කිව්ව.
මේවා කියන්නේ කටින්ද?
මනුස්සකමක්
නාමයක්වත් තිබෙන මනුෂ්‍යයෙක්
මෙලෙස තම පාරිභෝගිකයාට ප්‍රතිචාර
දක්වයිද?ඔවුන්ගේ මූලික වුවමනාව මුදල
අතට ගැනීම පමණි.දෙවියන් දෙසූ
දහමේ මෙලෙස මුදල අතට ගැනීමෙන්
වෙළඳාම අහවරෙකැයි කියා නැත..................








පන් හයදහකට පාවිච්චි කොරපු මැසින් කටුවක් ගන්නව මිසක් 