දිව්‍ය ලෝකය

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels






දිව්‍ය ලෝකය

පියසේන සාලයේ සැටියක වාඩි වී පුවත්පතක් කියවමින් සිටියේය.
පියසේන ගේ පුත් මනෝජ් සිටියේ සාලයේ වාඩිවී සෙල්ලම් කරමිනි.
හදිසියේ හිස ඔසවා තම පියා දෙස බැලූ මනෝජ් මෙසේ ඇසීය.

තාත්තෙ දිව්‍ය ලෝකෙ මිනිස්සු කසාද බඳිනවද?

පියසේන පුවත්පතින් දෙනෙත් මෑත්කොට පුතා දෙස බලා මෙසේ පිළිතුරු දුන්නේය.

අපොයි නෑ පුතා.ඒකනෙ එහාට දිව්‍යලෝකෙ කියන්නෙ.

:yes:
:yes:
:yes:





මං මොනවා කරන්නද?

හොර සුරා පෙරීමේ වරදට තමා හමුවට පමුණවනු ලැබූ විත්තිකරු දෙස තියුණු බැල්මක් හෙළූ විනිශ්චයකරු ගැඹුරු හඬකින් මෙසේ කීය.
එක අවුරුද්දක් ඇතුළත තමා එකම වරදට මේ උසාවියෙදි මා ඉදිරියට ආ 5 වැනි වතාව මේක.
ඇත්තටම තමාට මේ ගැන ලැජ්ජා හිතෙන්නෙ නැද්ද?

තමුන්නාන්සෙ වෙන උසාවියකට මාරුවෙලා යන්නෙ නැතුව මෙහෙම ඉන්නවට ඉතින් මං මොනවා කරන්ඩද?
විත්තිකරු නඩුකාරවරයා දෙස බලා හිස කසමින් කීවේය.

:shocked:
:shocked:
:shocked:





එයා මගෙ ලෙඩෙක්

එක් වෛද්‍ය විශේෂඥයකු ගේ නිවෙසේ දුරකථනය නොනැවතී නාද වන්නට විය.
දොස්තර මහතා වහා ගොස් රිසීවරය ඔසවා කනේ තබා ගත්තේ ය.

ඔයා දැන්ම එනවද නැද්ද? නැත්තං මං මැරෙනවා.
අනෙක් පැත්තෙන් කියනවා ඇසුණි.

ආවෙ නැත්තං මැරෙනවා...?
තමුසෙ කවුද? මොකද්ද තියෙන අමාරුව?
දොස්තර මහතා ප්‍රශ්න වැලක්ම නැඟුවේ කිසිවක් තෝරා බේරා ගත නොහැකි වූ බැවිනි.

එවිටම කඩිමුඩියේ එතැනට ආ වෛද්‍යවරයාගේ තරුණ දියණිය මෙසේ කීවාය.

ඕක මට දෙන්න තාත්තෙ. ඒ මට අහුවෙලා ඉන්න ලෙඩෙක්.

:lol:
:lol:
:lol:





හොඳ වෙලාවට

ඊයෙ මම තනියම අර පාළු පාර දිගේ එනකොට එකපාරටම හොරෙක් ඇවිත් මගෙ ඔරලෝසුවයි, පර්ස් එකයි උදුර ගත්තනෙ.
නෙවිල් තම මිතුරු මනෝජ් සමඟ කීවේය.

ඇයි තමුසෙ ගාව පිස්තෝලයක් තිබුණා නේද?
මනෝජ් ඇසුවේ පුදුමයෙනි.

තිබුණා තමයි. හොඳ වෙලාවට හොරාට ඒක අහුවුණෙ නැහැ.
නෙවිල් පිළිතුරු දුන්නේ ආඩම්බරයෙනි.

:eek:
:eek:
:eek:





එකම කතාව

අපි කවදද කසාද බඳින්නෙ කරු?
වෙරළ අයිනේ ගල් පරයක වාඩිවී කරුණාසේන ට තුරුළු වී සිටි අමිතා ඇසුවාය.

පස්සෙ බඳිමු ළමයො කරු කීවේ උදාසීන අයුරිනි.

ඔයා හැමදාම කියන්නෙ ඔය කතාවමයි අමිතා නොරුස්නා හඬින් කීවාය.

ඉතින් ඔයා හැමදාම අහන්නෙත් ඔය ප්‍රශ්නෙමනෙ.

;)
;)
;)





ඒ හින්දම තමයි

අපේ නැන්දම්මව මට පේන්න බෑ මචං
අරුණ,මනෝජ් සමඟ කිව්වේ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.

එහෙම කියන්න එපා බං. නැන්දම්මා නැත්තං උඹට, උඹේ වයිෆ් නිශාන්ති කොහෙන්ද?

ඒ හින්දම තමයි බං, මට ඔය ගෑනි පේන්ඩ බැරි.අරුණ කීවේ කෝපයෙනි.

:frown:
:frown:
:frown:





අච්චු කන්තෝරුවේ නම?

විභාගෙට තියෙන්නෙ හරියටම තව සති දෙකයි. ප්‍රශ්න පත්තර අච්චු ගහන්ඩ දීලත් ඉවරයි. ඔය ළමයින්ට මුකුත් ප්‍රශ්නයක් හෙම අහන්ඩ තියෙනවද? ගුරුතුමා පන්තිය සිසාරා බැල්මක් හෙළමින් ඇසීය.

ඒ අච්චු කන්තෝරුවේ නම මොකක්ද සර්?

සිසුහු සැවොම එක හඬින් ඇසූහ.

:cool:
:cool:
:cool:





කොහොම බඳින්නද?

උඹ අර බාලිකාවෙ උගන්වන චමරිව බඳින්න නේද හිටියෙ. ඇයි හිටපු ගමන් ඒ කෙල්ලව අත හැරියෙ?සරත් ලකීගෙන් ඇසුවේ තම නිවෙසට පැමිණි විටෙකදී ය.

දවසක් දා මට සනීප නැතුව මට එයාව බලන්න යන්න බැරිවුණා. පහුවැනිදා මම එයාව බලන්න ගියාම,ඊයෙ නාවට අම්මගෙන් ලියුමක් ගෙනාවද? නැත්නං නගිනවා බංකුව උඩට කියල ඒකි මගෙ කනෙන් අල්ලලා හෙල්ලුවා නෙ බං. එදායින් පස්සේ මං ඒ පැත්ත පළාතෙ ගියෙ නැහැ ලකී කීවේය.

:oo:
:oo:
:oo:





පුතාගෙ දක්ෂකම

කොහොමද සිල්වා ඔයාගෙ පුතා, හොඳට ඉගෙනගන්නවද?සාදයකදී හමුවූ රෝසි, තම අසල්වැසි කාන්තාවක වූ සිල්වාගෙන් ඇසුවාය.

අපොයි ඔව් අනේ. අපේ පුතා ඉගෙන ගන්ඩ කොච්චර ආසද කියනවා නං එක පන්තියක අඩුම ගණනේ අවුරුදු තුනක්වත් ඉන්නවා සිල්වා කීවේ කටඋල්කරමිනි.

:nerd:
:nerd:
:nerd:





ගනුදෙනු කාරයෝ කවුද?

දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්‍ෂණය කර තිබුණි.

දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.

කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?

කස්ටර්මර්ස්ලා සර් අනුලා තොදොල් වෙමින් තෙපළාය.

දෙපාර්තමේන්තුවෙද?ඔයාගෙද?
ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.

:rofl:
:rofl:
:rofl:









රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.
දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.
;)
පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.
:rolleyes:



picture.php

 
Last edited:

Aselak

Member
May 31, 2012
829
301
0
එයා මගෙ ලෙඩෙක්

එක් වෛද්‍ය විශේෂඥයකු ගේ නිවෙසේ දුරකථනය නොනැවතී නාද වන්නට විය.
දොස්තර මහතා වහා ගොස් රිසීවරය ඔසවා කනේ තබා ගත්තේ ය.

ඔයා දැන්ම එනවද නැද්ද? නැත්තං මං මැරෙනවා.
අනෙක් පැත්තෙන් කියනවා ඇසුණි.

ආවෙ නැත්තං මැරෙනවා...?
තමුසෙ කවුද? මොකද්ද තියෙන අමාරුව?
දොස්තර මහතා ප්‍රශ්න වැලක්ම නැඟුවේ කිසිවක් තෝරා බේරා ගත නොහැකි වූ බැවිනි.

එවිටම කඩිමුඩියේ එතැනට ආ වෛද්‍යවරයාගේ තරුණ දියණිය මෙසේ කීවාය.

ඕක මට දෙන්න තාත්තෙ. ඒ මට අහුවෙලා ඉන්න ලෙඩෙක්.


:D:D:D:D:D
 

emil

Member
Mar 22, 2007
7,271
555
0
Elakiri.Com
පුතාගෙ දක්ෂකම

කොහොමද සිල්වා ඔයාගෙ පුතා, හොඳට ඉගෙනගන්නවද?සාදයකදී හමුවූ රෝසි, තම අසල්වැසි කාන්තාවක වූ සිල්වාගෙන් ඇසුවාය.

අපොයි ඔව් අනේ. අපේ පුතා ඉගෙන ගන්ඩ කොච්චර ආසද කියනවා නං එක පන්තියක අඩුම ගණනේ අවුරුදු තුනක්වත් ඉන්නවා සිල්වා කීවේ කටඋල්කරමිනි.


:lol::lol:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹෙත් මාර සිද්ධි තමයි තියෙන්නෙ නේද
    මම මේවටකැමතිම නෑ බන් හැබැයි වැඩිය
    ඉදල හිටල උඹ දාන එකක් කියෙවුවොත් මිසක්