පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වස්සාන කාලයක හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
මල් යාය බඹර ගී හඬ තලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කමත ගාව බොල් වී ගොඩ උදේ ඉඳල ‍පොලන්නී
    කොහේ ඉඳල මෙහෙ ආවද කියාපන්කො බොලන්නේ
    මහත්තයෝ මේ පැත්තට ආවෙ ඊයෙ තමයිනේ
    අහිකුංඨික ගෑනියෙකී හාල් මිටක් හොයන්නේ

    හත් දවසෙන් හත් දවසට තැනින් තැනට දුවන්නේ
    සින්නක්කර බිම් අඟලක් මොක ද උඹල නොගන්නේ
    ඉඩම් කඩම් කොහොම ද අපි අපේ කියල කියන්නේ
    මැරෙන දාට කොයි කාට ද ගෙනියන්නට ලැබෙන්නේ

    කමත ගාව .............

    විසකුරු නයි පොළොංගු ඇයි ලංකරගෙන සිටින්නේ
    බැරිවෙලවත් වැරදුනොතින් උන් නපුරක් කරයිනේ
    මහත්තයෝ දන්නෙ නෑනෙ මිනිස්සු වගෙ නෙමෙයිනේ
    සර්පයො නෑ හොඳින් ඉඳල යටින් කටුව ගහන්නේ

    කමත ගාව .............


    ගායනය :- ෆ්‍රෙඩී සිල්වා හා නිරෝෂා විරාජිනී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    Never mind, I'll find someone like you
    I wish nothing but the best for you too
    Don't forget me, I beg
    I remember you said,
    "Sometimes it lasts in love but sometimes it hurts instead,
    Sometimes it lasts in love but sometimes it hurts instead, "
    Yeah
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උණු කදුලේ ඇයි තෙරපෙන්නේ
    හැඩුවා මදිදෝ
    අද දිනේ
    ඉතිරි කරන් බිඳක් හෙළනට හෙටදිනේ
    නැතිනම් හදවත
    හඩාවී සොවිනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    More…It’s the little things that make a difference
    Its
    ’s the quest for love that brings us life
    It’s a dream of what could be

    That makes it all worth while
    Like you being by my side
    A love that only grows with time


     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ළා හිරු අවරින් ගිලෙන සැනින්
    පුන්සඳ වී පායා ඇවිදින්
    ඔබ මා අඳුරින් මුදන පිනෙන්
    ආද‍රයේ කොඳ කැකුළු දකිම්

    හිත කිති කවමින් පෑව සෙනේ
    ජීවි‍තයේ අම සුවය ගෙනේ
    තුසිතය සිහිවේ හිතට නිතින්
    මා ලද සුහුඹුල් පෙමද උතුම්

    ළා හිරු ..............

    ඉහිරෙන හිරිමල් හීනයේ
    ඈතින් ඈතට හිත ඉගිලේ
    සොඳුරද මෙතරම් ලද අභිමන්
    මා හද සැනසුම් නුඹය සුපෙම්
    රෑ සිහිලැල්ලේ වෑ‍හේ සඳවතක කැලුම්
    මේ ඔබ සුසුමේ පහසින් මුළු ලොවම විඳිම්



    ගායනය :- රොමේෂ් හා ලක්ෂාන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හිත වාවන්නේම නෑ - ඔබ ආයෙත් එන්නේ නෑ
    මම තාම දන්නේ මා ඔබේ කියා

    හිරි කෝඩු මැදියම් රෑ - දුන් හීන එලිවෙන්නේ නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා... //
    මම තාම දන්නේ මා ඔබේ කියා....

    සුසුමං කියානුදුන්නු ජීවිතේ සුපෙම් කතාව //
    කියාදුන්නේ ඔබමයි ලඳේ //

    ආආආආආආආආආආ

    දෑසක් පියාන ඉන්නේ, බැරිද තාම අවදි වෙන්නේ
    බලා ඉන්න බෑ මට තවත්

    සීතලෙන් පාවෙවී දෙනුවන් පහන් නිවිඊඊඊ
    ඔබ යන්නේ ඇයි ආදරී........ඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඕඕ
    ඔබ යන්නේ ඇයි ආදරී........ඊ ඊ ඊ

    හිත වාවන්නේම නෑ - ඔබ ආයෙත් එන්නේ නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා..//
    මම තාම දන්නේ මා ඔබේ කියා....

    උකුලේ නිදාන උන්නු කාලේ ආයේ එන්නේ නෑ //
    තනිවෙන්න බෑ මට ඉතින් :( //

    හොඔඔඔඔඔඔඔඔඔ

    කෙහෙරැල්ලේ ගෑවි ගෑවි සුවද සෙව්වේ මා එදා
    ලංවෙලා ඉන්න බෑ ඉතින්
    ආදරේ නෑ ඔයා :( පාඩුවේ වා හෙලාආඅආඅ ඔබ යන්නේ ඇයි ආදරී
    ඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    ඔබ යන්නේ ඇයි ආදරී

    හිත වාවන්නේම නෑ - ඔබ ආයෙත් එන්නේ නෑ
    මම තාම දන්නේ මා ඔබේ කියා

    හිරි කෝඩු මැදියම් රෑ - දුන් හීන එලිවෙන්නේ නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා... //
    මම තාම දන්නේ මා ඔබේ කියා....
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ලස්සන සැමදේ
    මොහොතක සුවදේ
    එහි කෙලවර දුක දේ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    http://www.elakiri.com/forum/showpost.php?p=13070026&postcount=807

    ඇපල් පෙයාර්ස් ගස් පල බරව නැවිලා

    ඒ ගං ඉස්මත්තේ
    ඒ ගං ඉස්මත්තේ මීදුමක් පාව යන්නේ
    කත්‍යූෂා දැන් එහි ආවේ...කත්‍යූෂා..
    කත්‍යූෂා..

    කත්‍යූෂා දැන් එහි ආවේ..

    කඳු බෑවුමෙන් වට

    ගං ඉවුරේ සිට
    රාජාලියෙකු ගැන ගී ගයන්නී..
    පෙම් හසුන් රැකෙන බව ගයන්නී
    පෙම් හසුන් රකින බව ගයන්නී

    ගීතය...ගීතය පියාඹා යනු මැනව

    ඈ වෙතින් සුබ පැතුම්

    ගෙන යනු මැනව
    මේ මිහිරි හඬ ගෙන යනු මැනව
    දේශයක් රකින ඔහු වෙතට යනු මැනව

    යනු මැනව

    මේ සරල කෙල්ල

    ඔහුට සිහි උනාවේ
    මවු බිම ඔහු අතින් සුරැකුනා වේ
    දේශය ඔහු රකිනා අයුරින්ම
    අත්නොහැර රකින්නී
    ප්‍රේමය....කත්යූෂා




     
    • Like
    Reactions: maheshsenadheera

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම මුකුත් කියන්නෙම නෑ මයි
    හිත රිදෙන කතන්දර බෝමයි
    ඔබ ව තේරුම් ගන්න ම බෑ මයි
    වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි

    මෘදු සරා සඳේ සිහිලැ‍ල්ලේ
    හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ
    මුතු පින්ණ පිපුණ තණනිල්ලේ
    හමුවුණා එදා සැනසිල්ලේ

    මම මුකුත් කියන්නෙම ...............

    ඒ මිහිරි අතීතය නිමවී
    නෙතු කඳුළු වලින් යමු වෙන්වී
    ඔබ ගියත් කෙනෙකු හා ලංවී
    මා ඉන්නම් සැමදා තනිවී

    මම මුකුත් කියන්නෙම ...............


    ගායනය :- රොෂාන් ෆ්‍රනැන්ඩු
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    තනි වෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ හිතටයි . . .
    වැළපෙන්න ඉඩදෙන්න
    මගේ නෙතටයි . . .

    යුගයක සෙනෙහස සිතුවිල්ලක්‌ වී
    සැගවිනි මතකය අද රහසේ . . .
    පෙම් කළ සිතකට සාප නොකළ මැන
    වෙන හිතකට පෙම් කළ දවසේ . . .

    මැකුනු අතීතේ නටඹුන් අතරේ
    මා තනි වූ දා දිවි කතරේ . . .
    වසන්තයේ තුන් මංසල අභියස
    ඔබ ඇත ඔහු සුලැගිළි අතරේ . .

    තනි වෙන්න ඉඩ දෙන්න..... :dull:


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රතට රතේ තොල්පෙතිවල සායම් ගාලා
    කිටි කිටියට ඇගට තදට ඩෙනිමක් ඇඳලා
    යන එන විට එහෙට මෙහෙට හොඳට ගස්සලා
    ගෑණු හිතන්නේ එයාල හැඩැයි කියලා

    කොණ්ඩය වවලා නැතිනම් තට්ටය ගාලා
    අමුතු කමිස දිගට හිරට කලිසම් ඇඳලා
    පාරෙ යනව බොහොම උජාරුවෙන් බල බලා
    පිරිමි හිතන්නේ එයාල හැඩැයි කියාලා

    කවුද බලමු වැඩිපුර දෙන්නාගෙන් ලස්සන
    බලමු කියන විස්තර අපිත් ඉඳිමු අහගෙන

    මේ පිරිමි දිහා බල බල ඇස් දෙක කරකවලා
    අල්ලගන්නෙ හදන්නෙ මොනවා ද ඉල්ලලා
    ගෑණු කියන්නේ නොගෑවි ඉන්න කියාලා
    ඒක දන්නෙ නැති ගෑණුන් තමයි මෙයාලා

    තමන්ගෙ ලොකු පංපෝරිය ගැනම කියාලා
    පිට ඔපයට හොඳට ඇතත් හිත කැත වීලා
    ඉන්න පිරිමි කොතෙකුත් ඇත අපට හමුවෙලා
    අනෙ කොන්දක් නැති පිරිමින් දැන් ‍රටේ පිරීලා

    කවුද බලමු වැඩිපුර දෙන්නාගෙන් ලස්සන
    දෙන්නම වළියට බර පලක් වෙයි ද බැණගෙන

    නංගි කට තිබුණට ඔය කිවුවට අපියි ලස්සන
    අපි දකිනව ගෑණුන්ගේ නියම ලස්සන
    ලස්සන මැවුවට කමකට නැහැනෙ ගතිගුණ
    ගෑණු කොහෙද අද පිරිමිය ඉන්නෙ මුල්තැන

    අනේ කවුරු වුණත් දන්නවනෙ ගැහැණු හොඳ වග
    වටිනාකම නිසයි නිතර ඉන්නෙ අපි ළඟ
    ගැහැණිය ජය කණුව ළඟයි පිරිමියා මඟ
    අයියෝ පිරිමිය දණ ගහනවමයි ගැහැණු අපි ළඟ

    මොකට ද තව බොරු කර ඔය දෙන්න ම ලස්සන
    වාද භේද අතහැර දෙන්න ගන්න සමතැන


    ගායනය :- මේරියන්ස් සංගීත කණ්ඩායම
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලොවම එපාවී ලොවම කළකිරී
    තැවී දැවි හිදිනා වේලේ
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ
     
    Status
    Not open for further replies.