රාවණ තාක්ෂණයට අනුව ලේසර් කිරණ අවියක් නිව&#3523

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    රාවණ තාක්ෂණයට අනුව ලේසර් කිරණ අවියක් නිව&#3523

    හෙළ ඉතිහාසය වැනුම හැරුන විට වෙනත් යමක් නොකරන්නේ ඇයිදැයි බොහෝ සහෘදයින් විමසූ නිසා ඔන්න අද වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් අලුත් වැඩකට අත ගැහුව. ඒ තමයි රාවණ රජතුමගේ හෙළ තාක්ෂණය ඔබට නිවසේදීම අත්හදා බැලීමට අවස්ථාව ලබා දීම. එමගින් මීට අවුරුදු දස දහස් ගණනකට පෙර හෙළයින්ට තිබූ අතීත තාක්ෂණය සියැසින් දැක එමගින් ඇතිවන චිත්ත ප්‍රීතියෙන් සියොළඟ මවිල් කෙලින් කරවාගෙන ආඩම්බර වීමට ඔබට හැකි වේවි.

    මාතෘකාවේ දැක්වෙන පරිදිම ලේසර් කිරණ අවියක් නිවසේදීම හදාගන්න හැටි ඉගැන ගැනිමටයි ඔබ මේ සූදානම් වෙන්නෙ. මීට මාස කිහිපයකට පෙර මා ලේසර් කිරණ අවියක් රාවණා තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කළ අතර එය නුදුරේදීම නව නිපැයුම්කරුවන්ගේ සංගමයට ඉදිරිපත් කර ඒ හරහා එයට පුරස්කාර අයිතිය ලබාගැනීමට බලාපොරොත්තු වෙනව.

    00e4860b1e4fbff0a27ce78e928342b0%5B1%5D.jpg





    ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන රාවණා ලේසර් තාක්ෂණය ඉතාමත් බලවත් බව මහාභාරතය කියවීමෙන් වැටහෙනව. රාවණා සමයේදී මෙවැනි අවි සවි කර තිබුණේ දඬුමොණර යානා වලයි. එම අවියකින් විශාල ගොඩනැගිල්ලක් වුවත් එක් ලේසර් ධාරාවක් යොදාගෙන සුණු විසුණු කර දැමීමට පුළුවන්. එසේම පිටසක්වල යානා (Alien Ships) සහ මව් යානා (Mother Ships) විනාශ කිරීමට බොහෝ ප්‍රබල ලේසර් තුවක්කු රාවණා සමයේ හෙළයෝ භාවිතා කර තිබෙන බව ඉතිහාසඥයින් පවසනව.

    ඉතින් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් මේ කියන්න යන ආයුධය මා විසින්ම නිපදවා සාර්ථකව අත් හදා බලා තිබුනත් ඔබ මේ ලේසර් අවිය නිෂ්පාදනයේදී හෝ භාවිතයේදී සිදුවන අනතුරු හෝ එම ආයුධයෙන් සිදුවන විනාශය ගැන මා වග කියන්නේ නෑ. මන්ද යත් ඔබගේ ක්‍රියාකාරීත්වය මාගේ අනුදැනුමෙන් තොර නිසයි.

    රවණා රජතුමාගේ ලේසර් තුවක්කු ගැන වඩාත් පැහැදිළිව සඳහන් වන්නේ වෛමානික ශාස්ත්‍රය නැමැති හෙළ බසින් ලියවුණ පුස්කොළපොතෙයි. නමුත් පසුකාලයේදී ඉන්දියානු බමුණන් විසින් එය සොරගෙන ඉන්දියාවට ගෙන ගොස් ඇති අතර භාරද්වාජ නැමැති බමුනෙක් එය සංස්කෘත බසට පෙරළා මුල් හෙළ පිටපත ගිණි තබල තිබෙනව. එය හෙළයන්ට අයිතිව තිබුණා කීමට ඇති හොඳම මූලාශ්‍රයනම් ඒ ගැන යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ දැක්වීමයි. නමුත් වර්ගපූර්ණිකාවත් පසු කාලයේදී බමුණන් විසින් ගිණි තබා තිබෙනව. එසේම අරිසෙන් අහුබුදු, සූරිය ගුණසේකර, මි‍රැන්ඩෝ ඔබේසේකර වැනි හෙළ විදුදරයන්ද පවසන්නේ වෛමානික ශාස්ත්‍රය හෙළයින්ටම අයත්ව තිබූ බවයි, එනිසා තවත් ප්‍රශ්න නොකර එය හෙළයින්ගේම බව අපි පිළිගත යුතුයි.

    රාවණ රජතුමාගේ ලේසර් තුවක්කුව ලෙස හැඳින්වෙන රෞද්‍රී දර්පනය ගැන වෛමානික ශාස්ත්‍රයේ විස්තර කරන ශ්ලෝකයේ ඉංග්‍රීසි පරිවර්තනය පහත දැක්වෙනව.

    Rowdree-darpana is a mirror or lens which liquefies everything that it flashes against.
    Paraankusha says that where Rudraanyosharaa and abhralinga come into contact, a fierce force called roudree comes into being. Mingling with solar rays it melts everything. "Sammohana kriyaa kaanda" says:
    "By the mixing of roudree and solar rays an evil force called maarikaa is generated, and impelled by the solar electricity, it destroys the enemy planes."

    එහි සිංහල අදහස වනාහී,

    රෞද්‍රී දර්පණය හෙවත් රෞද්‍රී කාචය යනු එයට මුහුණලා එන සියල්ල උණු කර ද්‍රව කල හැකි විමානයේ ඇති අවියකි.
    පරානූක්ෂයන් පවසන පරිදි රුද්‍රාන්යෝෂරා සහ අබ්‍රලින්ග යන බලයන් ගැටුන විට රෞද්‍රී නැමැති රුදුරු බලය ඇති වෙයි. සුර්ය කිරණයන්ගෙන් ශක්තිය උරාගෙන රෞද්‍රි බලයෙන් සියල්ල උණු කර දැමිය හැකිය. රෞදී බලය හා සුර්ය කිරණ නැවතත් මිශ්‍ර වීමෙන් මාරික නැමති බලයක් හටගන්නා අතර එම බලය යොදාගැනීමෙන් සතුරු යනා විනාශ කල හැකි වේ.


    රෞද්‍රී දර්පනය හදන ආකාරය විස්තර කරන ශ්ලෝකයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙලෙසයි.

    Darpanaa prakarana describes its manufacture:
    8 parts of lead, 3 parts of shaalmali, 7 of durvaara, 8 parts kudupinjara, 21 parts of droonee, 8 parts sun-crystal, 27 parts of rudraanee-graavoshara, 6 parts betel leaves, 8 parts of kowtila, 30 of veeraabhra linga, 8 parts of salts, 7 of sand, 6 parts of matrunna, 3 of dimbhika, 8 of zinc, 13 of ant-hill earth, 6 of gum, 3 of kumbhinee, 3 parts sweet oil, 27 of Tinnevelly senna, 6 of godhaamla, 8 of silk cotton, 8 parts of virinchi satva, 5 parts of kanda, 3 parts of yellow orpimet, 7 parts of kaarmukha, or brown barked acacia?, these 26, powdered, purified, and filled in crucible and placed in furnace and boiled to 800 degrees, and poured into Darpana yantra, will yield a fine roudrikaa-uarpana.

    එහි සිංහල අදහස වනාහී,

    දර්පණ ප්‍රකරණයට අනුව රෞද්‍රී දර්පණය නිපදවන්නේ මෙසේය.
    ඊයම් කොටස් 8ක්, ශාල්මලී කොටස් 3ක්, දුර්වරා කොටස් 7ක්, කඩුපින්ජුර කොටස් 8ක්, දුර්නී කොටස් 21, සුර්ය පළිගු කොටස් 7ක්, රුද්‍රණි ගවෝෂර කොටස් 27ක්, බුලත් කොල කොටස් 6ක්, කෞතිල කොටස් 8ක්, වීරාභර ලින්ග කොටස් 30ක්, ලුණු කොටස් 8ක්, මාතෘණ කොටස් 6ක්, වැලි කොටස් 6ක්, ධිම්බික කොටස් 3ක්, සින්ක් කොටස් 8ක්, හුබස් පස් කොටස් 13ක්, මැලියම් කොටස් 6ක්, කුම්භණි කොටස් 3ක්, මංජු තෙල් 3ක්, තින්නවේලී සෙන්න කොටස් 27ක්, ගෝධාම්ල කොටස් 6ක්, සිල්ක් කපු කොටස් 8ක්, විරින්චි සත්ව කොටස් 8ක්, කන්ද කොටස් 5ක්, කහ හිරියල් කොටස් 3ක්, කර්මුක හෙවත් දුඹුරු ඇකේසියා පොතු කොටස් 7ක් ගෙන හොදින් පිරිසිදු කොට, පිටි වන තෙක් අඹරා උඳුනක බහා නියමිත උෂ්මකයක් බාවිතයෙන් ද්‍රව වන තුරු අංශක 800ක උෂ්ණත්වයට රත් කොට දර්පණ යන්ත්‍රයට වත් කිරීමෙන් රෞද්‍රී දර්පණයක් නිපදවා ගත හැක.

    මේ බෙහෙත් වට්ටෝරු හරියන්නේ නැති බවත් ඒ සඳහා නූතන විද්‍යාවට අනුව තාක්ෂණය භාවිතා කළ යුතු බවත් සමහරු පවසල තිබුණ. මෙන්න ඔවුන්ට උත්තර.
    1. බෙහෙත් කොටන තුවක්කුව ඔබ දන්නවාද? එයත් රාවන රජතුමාගේ තාක්ෂණයකි. එයට යොදා ගන්නේත් මේ ආකාරයෙන්ම සිංහල බෙහෙත් ය.
    2. අප පිළිගන්නේ මීට අවුරුදු දස දහස් ගණනකට පෙර හෙලයින් වෛමානික ශාස්ත්‍රයේ ලියූ ඒවා මිස අද ඊයේ කොලු කුරුට්ටන් වෙබ් අඩවි කියවා දැනගත් කාරණා නොවෙයි.
    3. වෛමානික ශාස්ත්‍රයේ දැක්වෙන ලේසර් තුවක්කුව ඇත්තක්නම් බෙහෙත් වට්ටෝරුව ඇත්ත විය යුතුයි. බෙහෙත් වට්ටෝරුව බොරුනම්, එසේම රාවණා විරෝධීන් විසින් ලේසර් තුවක්කුවත් බොරු කතාවක් යැයි කී විට පිළිගන්නට දෙයක් වෛමානික ශාස්ත්‍රයේ ඉතිරි නොවේ.
    4. පර සුද්දන්ගේ තාක්ෂණයෙන් අපිට වැඩක් නැත. අපිට අපගේ හෙළ තාක්ෂණය හොඳටම ඇති. එය වෛමානික ශාස්ත්‍රයේ දැක්වෙයි.
    5. දැනටමත් ඉහත වට්ටෝරුව නාසා ආයතනය විසින් සාර්ථකව අත් හදා බලා එය නිවැරදි බව ප්‍රකාශ කර තිබෙයි.

    හැමෝම කියන වෛමානිකශාස්ත්‍රයේ ගාම්භීරත්වය දැන් ඔබට වැටැහෙනවා නේද? මේ තමයි පර සුද්දන් හෙළුවෙන් යද්දී අපි ලේසර් තුවක්කු භාවිතා කළ බවට සාක්ෂි. මේ අනුව ඔබට දැන් රාවණ තාක්ෂණයෙන් ලේසර් තුවක්කුව නිෂ්පාදනය ආරම්භ කිරීමට පුළුවන්, නමුත් ඊට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පහත දැක්වෙන අමතර විස්තර ටිකත් කියවා බැලීම උපකාරී වේවි.

    අමතර විස්තර
    ==========

    වෛමානික ශාස්ත්‍රයට අනුව රාවණ රජතුමාගේ තාක්ෂණයෙන් ලේසර් තුවක්කුවක් නිපදවීමට අවශ්‍ය දෑ කිහිපයක පින්තූර ඔබට පහසුවක් වීම සඳහා පහතින් දැක්වෙනව.
    රාවණා තාක්ෂනයෙන් නිපදවන ලේසර් තුවක්කුවෙන් එන ආළෝකයේ කොළ පැහැය ඇති කිරීමටත්, ඒ සඳහා නැවුම් සුවඳකුත් ලබා දීමට බුලත් කොළ භාවිතා කරයි. බුලත් කොළ කැඩීමට පෙර දෑත භූගත කර ස්ථිතික විද්‍යුතය ඉවත් කිරීමට වග බලා ගත යුතු බව හෙළ අ‍ටුවා වල දැක්වෙයි.

    TH04BETEL-BRSC_280813f%5B1%5D.jpg

    හුඹස් පස්.
    ලේසර් තුවක්කුවෙන් එන ලේසර් ධාරාවේ ශක්තිය වැඩි කිරීමට හුඹස් පස් භාවිතා වෙයි. එමගින් ලේසර් තුවක්කුවෙන් වෙඩි තබන්නාගේ හුඹස් බියත් නැති වෙන බව හෙළ අ‍ටුවාවේ දැක්වෙයි.
    --sri-lanka--north-central--id=15816%5B1%5D.jpg

    ගම්
    ගම් යොදා ගන්නේ රාවණ තාක්ෂණයෙන් යුතු ලේසර් තුවක්කුවෙන් එන ලේසර් ධාරාවේ ලෙසර් කිරණ අතර ඇති බැඳීම වැඩි කිරීමටත් කිරණ විස්තාපනය වීමට නොදී කෙළින් තබා ගැනීමටත්ය. ඒ සඳහා සුපර් ග්ලූ වඩාත් යෝග්‍ය වුවත් අතිතයේදී හෙළයෝ යොදාගෙන තිබෙන්නේ කජු කිරි වෙයි. (කජු ගකක මුල කැපූ විට වෑස්සෙන කිරි). ඊට අමතරව කොළ අලවන ගම්, බයින්ඩර්, පාප්ප, එස්ලෝන් ගම් මෙන්ම චුවිං ගම් නොහොත් බබල් ගම්ද භාවිතා කිරීමට පුළුවන්.

    ඔබ වෛමානික ශාස්ත්‍රයේ දැක්වෙන කළමනා ටික එකතු කරගත් පසුව ඒවා මැටි බඳුනකට (නොන්ස්ටික් බඳුන් භාවිතා කිරීම සුදුසු නැත) බහා දර ලිපෙන් (ගෑස් කුකර්, හොට් ප්ලේට්, ඉන්ඩක්ෂන් කුකර් සුදුසු නැත) සෙල්සියස් අංශය 800 දක්වා රත් කරන්න. මේ සඳහා ඔබට උෂ්ණත්ව මානයක් අවශ්‍ය වේවි. දැන් එය පත අට එක දක්වා සිඳින්න.

    ඉන් පසුව ඔබට අවශ්‍ය වන්නේ රෞද්‍රී දර්පනයකි. ඒ සඳහා ඔබට ගෙදර ඇති මුහුණ බලන කුඩා කණ්නාඩියක් භාවිතා කිරීමට පුළුවන්.



    රෞද්‍රී දර්පනය ලෙසට ගත හැකි කණ්නාඩියක්.
    tv%2520mirror%5B1%5D.jpg

    ඔබ සකසාගත් බෙහෙත් වට්ටෝරුව නිවෙන්නට හැර පසුව එම කණ්නාඩිය මතට දමා තුනී කරන්න. රාවණ තාක්ෂණයෙන් යුත් අනර්ඝ ලේසර් තුවක්කුවක් දැන් ඔබ සතුව ඇත. මෙය ක්‍රියාත්මක කිරිම සඳහා, ඔබට විනාශ කිරීමට අවශ්‍ය ඉලක්කය වෙත රෞද්‍රී දර්පනය යොමු කර "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි හඬ නගා පවසන්න. මෙය අත් හදා බලා වැඩ කරපු අය කොමෙන්‍ටුවකුත් දාන්න අමතක කරන්න එපා.



     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බොරු දාන්න එපා බන්. නොදැනුවත්ව අපේ ඉතිහාසයට වෙන හානියක් ඕක. ඔය බ්ලොග් එකෙන් රාවණා රජු විහිලුවකට අරන් තියෙන්නේ
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    පිස්සුද? හැටිද! සෙන්න කොටස්27ක් නං දෙන්නං! අපෙ ලැට් වල උතුරල!
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ජයරන්ත කියන්නේ මානසික ලෙඩෙක්. මේ මනුෂ්‍යයා ගොස්පි9 එකෙත් රාවණාගේ බයිලා දානවා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කරුනාකරලා රාවනා රජතුමාගෙ චරිතයට අපහාස වෙන වෑඩ කරන්න එපා..මිනිස්සු හිනා වෙනවා,මෙවගෙ විකාර වෑඩ නිසා අපෙ ඉතිහාසයට:no:
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama hithanne kohe hari yana para ballo tikak ape ithihasayata api lawwama apahasa karanna karagena yana pahara wadak meka.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිස්සු...නැත්තම් සෝක් කියුවලු...රාවණා නැගිට්ට ගමන් ඉස්සෙල්ලම හොයන් එන්නේ වර්ගපූර්ණිකාව ලියන එකාව උම්මා එකක් දෙන්න සදහටම දොයිය ගෙනම ඉන්න..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු ආතල් දෙන්න එපා බන්,උබ ඔය කරන්නෙ කුණු කොන්ත්‍රාත් එකක්,උබට හොඳක් වෙන්නෙ නැහැ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    පිස්සු...නැත්තම් සෝක් කියුවලු...රාවණා නැගිට්ට ගමන් ඉස්සෙල්ලම හොයන් එන්නේ වර්ගපූර්ණිකාව ලියන එකාව උම්මා එකක් දෙන්න සදහටම දොයිය ගෙනම ඉන්න..

    :D:D:D:D:D:P