දුමින්දට මතක නෑ අපිට අමතක නෑ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දුමින්දට මතක නෑ අපිට අමතක නෑ

    thumb.php

    හිටපු ජනාධිපති වෘත්තීය සම්ති අධ්‍යක්ෂක ජෙනරාල් භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතර කොලොන්නාවෙි දී ඇතිවූ වෙඩි තබා ගැනිමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනටය ලක් වූ අතර දුමින්ද සිල්වා බරපතල තුවාල ලබා සිංගප්පූරුවට ප්‍රතිකාර සදහා පිටව ගියේය. අනතුරුව මේ සම්බන්ධයෙන් වූ නඩුවක් කොළඔ මහේස්ත්‍රාත් අධ්කරණයේ විභාගයට ගනු ලැබීය. අද එම නඩුව කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ නිළධරිීන් විසින් අධිකරණයට වාර්ථා කර සිටියේ කොලොන්නාව සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාට මතක නැති බවට ඔහු විසින් කට උත්තරයක් ලබා දුන් බවයි. සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත ගිය රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මෙරිල් රන්ජන් ළමාහේවා මහතාට එම රෝහලේ වාට්ටු අංක 5 බී 5535 කාමරයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ලබා දුන් කටඋත්තරය පහත දැක්වේ.

    ‛‛පළාත් පාලන මැතිවරණය තිබුණු පසුගිය වසරේ ඔක්තෝබර් 8 වැනි දා මම මගේ ආරක්‍ෂක නිලධාරීන් හා අනුගාමිකයන් සමඟ කොළොන්නාවේ තමිල්නාඩුවත්තට ගියා. එහිදි ඡන්දදායකයන් බොහෝ පිරිසක් මා සමඟ ගොඩක් වේලා කථා කර කර හිටියා. ඉන් පස්සේ මට මතක ඇදක ඉදන් සිහිය ආවා කියලා. මම දැක්කා අම්මා මගේ ලඟ ඉන්නවා. මම ඇහුවම කොහෙද ඉන්නේ කියලා එයා කීවා ජයවර්ධනපුර ඉස්පිරිතාලේ කියලා. ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් එතෙන්ට ඇවිත් කීවා මට වෙඩි වැදිලා කියලා. මට වෙඩි තිබ්බෙ කවුද? වෙඩි තැබීම උනේ කොතැනකදිද? වෙඩි තියන තැන හිටියෙ කවුද? කියලා මතක නෑ. ’’ ඒ අනුව කොලොන්නාව සිද්ධිය සම්බන්ධයෙන් අපට දැන් හිතන්නට වන්නේ දුමින්ද සිල්වාට කිසිවක් මතක නැති බවයි.

    පසුගිය දා දුමින්ද සිල්වාගේ සහෝදරයාට අයත් හිරු ටී.වී නාලිකාවේ ගිය විකට වැඩ සටහනක අපූරු කතාවක් විකාශණය විය. ‛ආටක නාටක’ නමින් විකාශණය වූ එම වැඩ සටහනේ එම කතාව නම් කර තිබුනේ ‛විජයබා කොල්ලය’ නමිනි. මෙහිදී සිදු වන්නේ පොලීසියේ රැකියාවකට බැදෙන්නට එන තරුණයෙකු සම්මුඛ පරීක්ෂණයකට පොලිස් ස්ථානාධිපතිතුමා විසින් භාජනය කර සිටින අතර ඔහුගේ සාහිත්‍ය දැනුම උරගා බලන්නට ස්ථානාධිපතිතුමා ඔහුගෙන් ’විජයබා කොල්ලය’ සිදු කලේ කවුරුන් ද යන්න ප්‍රශ්ණ කරයි. මෙහිදී ඔහුට පිළිතුර කල්පනා කර බලන්න යැයි කියා ස්ථානාධිපත්වරයා එතනින් පිටව යයි. එවිට මෙය අසා සිටින පොලිස් සැරයන්වරයෙකු සහ අදාල පුද්ගලයා අතර ඇතිවන්නේ පහත සංවාදයයි.

    සැරයන්-තමුසෙලාට අපේ ලොකු මහත්වරු හොද වැඩියි. මම හොයා ගන්නනම් තමුසෙගෙන් උත්තරය යැයි කියමින් ඔහුව වධ කාමරයට රැගෙන යයි. අනතුරු ඔහුගෙන් ප්‍රශ්ණ කරයි

    සැරයන්- හොද බබා වගේ කියන්න කවුද විජබා කොල්ලය කළේ
    අමුත්තා-මතක නෑ සර්

    සැරයන්-අන්න අන්න බොරු කියන්වා ඇත්ත කියන්න නැත්තම් කරදර වෙයි

    පසුව ස්ථානාධිපතිවරයා යළි පොලිස් ස්ථානයට පැමිණෙන අතර අමුත්තා අදාල ස්ථානයේ නැති බව දැක ඔහු සොයා සැරයන්වරයා හමුවන්නට යයි.

    ස්ථානාධිපති- අයිසේ කෝ අතන හිටපු මනුස්සයා
    සැරයන්-ඉන්නවා සර් කිසි ප්‍රශ්ණයක් නෑ

    ස්ථානාධිපති- මිනිහට මතක් වුනාද විජයබා කොල්ලය කළේ කවුද කියලා
    සැරයන්- ඔව් සර් මිනිහට මතක් වූනා විතරක් නෙමෙයි. මිනිහාගේ අත් අකුරින්ම ලියලා පිළිගත්තා. මිනිහා තමයි වැඩේ කළේ කියලා.

    ස්ථානාධිපති- තමුසෙට පිස්සුද ඕයි, කෝ දැන් මිනිහා
    සැරයන්- මේ ඉන්නේ සර්,බොරුනම් සර්ම අහලා බලන්නකෝ

    පසුව ලේ පෙරාගෙන නැගී සිටින අමුත්තා පවසන්නේ විජයබා කොල්ලය තමන් කළ බවයි.

    ලංකාවේ පොලීසියේ හැටි එහෙමය. ඕනෑම අමතක අයෙකුට මතක් කර දෙන්නට ලංකාවේ පොලීසියට පුලුවන් බව කියන්නේ අපි නොව දුමින්ද ගේ සහෝදරයාගේ රූපවාහිනි නාලිකාවමයි. නමුත් දුමින්දට පසුගිය සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් මතක නැති බව අධිකරණයට කියන්නේ ලංකාවේ පොලීසියමයි.

    අපට මේ සම්බන්ධයෙන් කියන්නට කිසිවක් නැත. අපට කියන්නට තියෙන්නේ වරක් ගැලිලියෝ ගැලීලි විසින් පාප් වහන්සේට කී කතාවමය. එනම් ‛එපූර් සිමෝර්’ ඒක එහෙම කැරකුණත් මම ඒක එහෙම කැරකෙන බව දන්නා නමුත් ඔබ වහන්සේ ඒක එහෙම නෙමෙයි කියනවා නම් මම ඒක එහෙම නෙමෙයි කියා හිතන් නම්. අපටත් කියන්නට ඇත්තේ දුමින්ද කියනවා නම් ඔහුට කිසිවක් මතක නෑ කියා. අපටත් හිතන්නට වන්නේ ඔහුට කිසිවක් මතක නැතිව ඇති බවයි. පව් එ අහිංසකයට මොකවත් මතක නැත්තම් අපි ෙමානවා කරන්න ද?


    Source: 3Mana News Web
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මොනා අමතක උනත් ඕකට ලංකාව නම් අමතක වෙන්නේ නෑතුව ඈති,
    ඕකව මෙහෙට ගේන්නේ නෑතුව එහෙම තිබ්බා නම් හොදයි,පර බල්ලව!
     
    • Like
    Reactions: rajitha2009

    xibit

    Member
    Jun 12, 2007
    756
    7
    0
    42
    italy
    Anarga keliwa matahaka nadda danne naha..mewwa tama me anduwe lokuma njokess.mun hitan inne minissu modayo kiyala
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ane duminda vage wesa balloi, me aanduve inne ponna kariyoi inna rataka apit ipadunane

    :rofl:

    මොනා අමතක උනත් ඕකට ලංකාව නම් අමතක වෙන්නේ නෑතුව ඈති,
    ඕකව මෙහෙට ගේන්නේ නෑතුව එහෙම තිබ්බා නම් හොදයි,පර බල්ලව!

    :yes::dull: