ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සුන්දර ගීයක ඇරබුම,..
Reply
 
Thread Tools Display Modes
(#2961)
Old
malkasun malkasun is offline
Junior Member
malkasun is an unknown quantity at this point
 
Posts: 9
Join Date: Jul 2008
Location: yakkalamulla
Send a message via Skype™ to malkasun
07-29-2012, 09:16 PM

මොර සුරන මහා වරුසාවේ
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ


තරු පායන මල්පෙති පවනේ
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ




සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ




මේ ගීතය පද රචනය , සංගීත සංයෝජනය කරලා තියෙන්නේ කවුද කියලනම් මට හොයාගන්න බැරි උනා... ගීතය ගායනා කරන්නේ නම් අල්හාජ් මොහිදීන් බෙග් මහතා .පද රචනය හා සංගීතය ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් සදහන් කරන්න. මටත් මේ ගීතය මුලින්ම අසන්න ලැබුනේ බස් එකේ කොළඹ සිට අනුරාධපුරය බලා යන අවස්ථාවක අතරමගදී ගොඩවුන, ගීත කීපයක් ගායනා කරලා ජීවිතය ගැටගහගන්න අහිංසක, දුප්පත්, ජංගම ගයකයකුගෙන්. මම මේ ගීය මගේ ජංගම දුරකතනයේ රෙකොර්ඩ් කරගෙන ටිකක් මහන්සි වෙලා mp3 එක හොයාගත්තා. මීට අවුරුද්දකට දෙකකට විතර කලින් සොයාගත් ගීයක් නිසා හොයා ගත්තේ කොහෙන්ද කියල නම මට මතක නෑ...


මටනම් දැනෙන්නේ ඉතාම සුන්දර ගීතයක් විදියට... ඇත්තටම ආදරය කරන කාලයේ කිසිම පෙම්වතියක් කැමති වෙන්නේ නෑ තම පෙම්වතා කිසිම අයුරකින් වෙන කිසිදු තරුණියක් එක්ක කතා කරනවට තබා ඒ දිහා බලනවටත්... ඇත්තටම යොවුන් ප්‍රේමය ඒ තරම්ම ආත්මාර්ථකාමියි... හැම තරුණියක්ම මෙහෙම තමා..
ඉතින් අපේ මේ පෙමවතාටත් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වෙලා...
මොර සුරන මහා වරුසාවේ
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ
රචකයා මොර සුරන වරුසාවක් විදියට ඒ අවස්තාව හදුන්වන්නේ එය එතරම්ම අවාසනාවන්ත අවස්තාවක් බවට දැන් පත්ව ඇති නිසයි .ඇත්තටමමේ තරුණයා මේ කියන තරුණිය සමග වැසි දිනක කුඩේ යටින් එන්නත් ඇති. මෙතරම්ම මේ සිද්දිය දුරදිග යන වග ඔහු කලින් දන්නවනම් මොනතරම් වැස්සක වුවද ඇය සමග නොඑන බව පසුව ඔහුගේ වැළපීම් වලින් අපට පැහැදිලි වේ...මේ දේ ගමේ ඉන්න තම පෙම්වතියට ආරංචි වේ යැයි ඔහු තුන සිතකින්වත් නොසිතන්න ඇති. මේ රචකයා අපට පහදන්න උත්සාහ කරන්නේඒ ගැමි ගතිය. ඕපා දුප වලට පියාපත් තියෙනවා.. අබිලින් ල හැමතැනම. දැන් කාලේ බිත්තිවලට ඇස කන් තියෙනවා වගේ.. ගමේ නාන ලිද ලගදි හරි කොහොම හරි පෙමවතියට මෙය ආරංචි වෙලා . එහෙම ආරංචි වුනාම වෙනදේ අමුතුවෙන් ලියන්න ඕන නෑනේ.රණ්ඩු කරන කිරිල්ලී.
මම එක දවසයි ආවේ මගේ කෙල්ලේ.මම අයිම කවදාවත් එහෙම එන්නේ නෑ, ඒකි දැන් ගමේ ඇත්තෙත් නෑ.මේ හුග කාලෙකට කලින් වුනේ. දැන් අඩන්න එපා කෙල්ලේ. මගේ මැණික දැන් අඩන්න එපා.ඒකි අයිම මේ පළාතකවත් නෑ.මං කියන දේ තේරුම් ගන්න මගේ රැජිනියේ..දැන් ඔය ඇඩිල්ල නවත්තල හිනාවෙන්නකෝ...
මොන හිනාවක්ද ඇය දිගටම මොහු සමග රන්දුකරනවා... ඒ තමා යොවුන් ප්‍රේමයේ තියෙන ආථ්මර්ථකාමී බව.
ඉස්සරනම් ගමේ නෑ කිවුවම ඉතින් අයිම එයාව ගමට ආවම තමා දකින්න වෙන්නේ. අයිම ඉතින් ඒ සබදකම් තියාගන්න ලියුං කඩදාසියක්වත් යවන්න වෙන්නේ හරි අමාරුවෙන්. හැබැයි ඉතින් දැන් කාලේ නම් ජංගම දුරකථන , ඊ මේල්, ෆේස්බුක්, ස්කයිප්, අරව මෙව්වා සබඳතා වර්දනය කරගන්න, ඇතිකරගන්න ක්‍රම ගොඩයි..


තරු පායන මල්පෙති පවනේ
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ


දැන් මේ දුකින් ඉන්න තරුණයා තනිවම කල්පනාවට වැටෙනවා. මෙච්චර කල් ප්‍රේම කරපු මාව ඇයට තේරුම් ගන්න බැරි ඇයි.මං කොච්චරනං තේරුම් කරන්න හැදුවද ? ඇය තේරුම් ගන්නේ නෑ . ඇයි එහෙනම් අපි මෙච්චර දුර ආවේ. බලනකොට කිසි තේරුමක් නෑ. ඔහු තනිවම හිතනවා. ඔහුගේ හිතත් පිළිගන්න අකමැතියි. ඔහුට මතක් වෙනවා ඇය එක්ක ගං ඉවුරේ උණ පදුර ලග ඇයත් එක්ක ප්‍රේම කරපු අයුරු... ඒ ආදරයට හද එලිය උණ ගස් අතරින් ගග දියට වැටිලා මවපු සුන්දර ලෝකය. ඒ සුන්දර ලෝකය ඇතුලේ ඔවුන්ගේම ප්‍රේම ගගක පීනපු හැටි ඔහුට එකිනෙක චිත්‍රපටියක් වගේ මතකයට එනවා... ඒ සුන්දර ලෝකේ ප්‍රේම කරනකොට ඔයාගේ අතගිල්ලේ මම පලදවපු පරම පිවිතුරු ප්‍රේමණීය රන් මුදුවේ කාන්තිය දැන් දැන් අඩුවෙනවා වගේ මට දැනෙන්නේ... ඒ ප්‍රේමණීය මුදුව පලන්දපු දවසේ ඔයාගේ ඇස්වල තිබුණු කාන්තිය මවෙත දීපු ආදරය අද කෝ කෙල්ලේ. ඒ ආදරය අද ඇත්තෙම නැද්ද.මට කියන්න. මාව ඔයාට එපාම වෙලාද... අනේ කෙල්ලේ මම අයිමත් කියන්නේ ඔයා අඩන්න එපා...ඒකි නෑ දැන් මේ ගමේ.. මාව විශ්වාස කරන්න මගේ රත්තරනේ...

මේ රචකයා පුන පුනා පැහැදිලි කරන්නේ මේ තරුණය තුල තිබෙන විරහවේ වේදනාව. ඒ ලතැවිල්ල . ඒ පීඩනය.

සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ


මෙච්චර ලස්සනට තිබුන මුහුණේ කදුලැලිමැවුවේ කවුද දෙයියනේ..ලස්සන මල්පෙති වගේ තිබුන ඇගේ සුන්දර පිරිසිදු මුහුණ... රචකයා උත්සාහ කරනවා මේ පෙම්වතා ඇයට කොතරම් ආදරේද කියනවාග පැහැදිලිකරන්නට.මේ පෙම්වතාට ඇය ඇඬුවත් ඇයගේ ලස්සනම තමා පෙන්නේ. ඇයගේ කදුලුත් මුතුකට වගේ... මෙච්චර ලස්සන මුහුණකට කොහොමද මේ කදුළු කැට මැවුවේ.. ඔහුට කිසිත් සිතාගන්නවත් බැරි තරමට වේදනාවෙන් මිරිකිලා...
ඔවුන් හමුවෙලා කතාබස්කරපු තවතැනක් රචකයා සදහන් කරනවා..
ඒ ගමේ පන්සල. ඇත්තටම පෝයදාට ගමේ පන්සල පෙම්වතුන්ට ලස්සන දේදුනු පාලමක් වගේ. බෝකොල අතරින් වැටෙනා සද එළියෙන් දිලිසෙන ඇගේ සුන්දර මුහුණ ගන්ටාර කුලුනට මුවාවෙලා ඔහු රස විදපු අපූරුව සිහියට නැගිලා මේ එන පෝයට පන්සල පාලුම පාලුයි.
ඇත්තටම පෝයකට පන්සලක් පාලු වෙන්න නම් ඉතින් පන්සල අන්‍යාගමික ප්‍රදෙශයකවත් ඉදිවන්න එපැයි. නමුත් මේ රචකයා තරුණයාගේ හිතේ තියෙන දුක ඉතාමත්ම වැඩි බව හගවන්න යොදන පදපෙල බලන්න.
මුළු ගමම පන්සලේ ඉදියත් වැඩක් නෑ මට. මගේ සුදු මැණික නැතුව. කොච්චර ලස්සනට හද පෑයුවත් වැඩක් නෑ.මගේ ලෝකේ එලිය වෙන්නේ නෑ. මගේ මැණික එන්නේ නැත්තම් මම ඇයි පන්සල එන්නේ.මම ඇවිත් වැඩක් නෑ. මගේ ලෝකෙම පාලුයි.පංසලත් පාලුයි.ඇයි මම පන්සල් එන්නේ.
මම අයිම කියන්නේ මගේ මැණික ඒකි දැන් මේ ගමේ නෑ.දකින්නවත් වෙන්නේ නෑ.මම කියන දේ තේරුම් ගන්න මගේ කෙල්ලේ...



මේ තරුණයාගේ වැළපීම දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ ඔහුගේ තියෙන වේදනාව රසිකයන්ට හැගාවන්ට... ඉතාම ලස්සන පදපෙලක්. සුන්දර සත්සර මුසුවක්... ගැබුරු වේදනාත්මක හදකින් ගැයෙන මේ ගීයබොහොමහැගුම්බර එකක්..
Reply With Quote
(#2962)
Old
0716aravinda's Avatar
0716aravinda 0716aravinda is offline
Senior Member
0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all
 
Posts: 20,909
Join Date: Aug 2008
Location: අනේ මන්දා බන්zලා
07-29-2012, 09:37 PM

patta patta.. maxxa info hv me thread eke
Reply With Quote
(#2963)
Old
aravinda145's Avatar
aravinda145 aravinda145 is offline
Senior Member
aravinda145 has a spectacular aura aboutaravinda145 has a spectacular aura about
 
Posts: 433
Join Date: Nov 2006
07-29-2012, 11:44 PM

Nice Work GUys....patta..
Reply With Quote
(#2964)
Old
Wambatu's Avatar
Wambatu Wambatu is offline
Senior Member
Wambatu will become famous soon enough
 
Posts: 363
Join Date: Nov 2011
Location: Sidadiye
08-01-2012, 09:48 AM

නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හඳින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

ප්‍රේමය ආරම්භකරනා කල්හි අපි සදාකල් ප්‍රේමයෙන් බැදී ඉමුයි පෙම්වත්හු ගිවිස ගනිති , අපේම කැදැල්ලක් තනමු, පුංචි කිරි පැටව් දෙන්නෙක් හදා ගම්මුයි දෙදෙනාටම ශපථ කර ගනිති. නමුත් මෙලෙස පරම පිවිතුරුව ආරම්භ කරනා අසීමිත ප්‍රේම දාමයන් සමාජ සම්මතයන්ට අනුව විවාහයකින් කෙළවර වන්නේ කවර භාගයකගේද ? ඇතැම්හු තම නොගැලපීම් හමු වන විට වෙන්වෙති ඇතැම්හු තම ප්‍රේමවන්තයාට/ප්‍රේමවන්තියට වඩා ධනයෙන්, බලයෙන්, රූපයෙන් සරුසාර පන්චස්කන්ධයක් දුටුවිට එය හා බැදෙති. ඇතැම්හු දෙමාපිය නෑදෑ හිතවතුන්ගේ විරෝධතාව මත වෙන්වෙති. තවත් සමහරෙක් නිදියහනේ සුව විද තම පෙම්වතිය විසි කර දමත්. මෙහිදී මෙහි සදහන් වන ඇය අයත් කුළකය නිර්ණය කිරීම ඔබට භාර කරම්. ඇගේ නිල් ඇස් යුගළ වචන නොකළ කවියක් ලෙස කවියා දකී. කවිය ලියන්නට පන්හිදක් අවැසිය. තම පෙම්වතා කෙරේ පෙමින් බැදෙන ඇය අවසන "පන්හිදක" පැටලෙයි. ඇය තම පෙම්වතාට පෙම්වතියක් පුද කරන උත්තම පරිත්‍යාගය පුද කරන්නීය, නොකියවූ අකුරු තෙලි තුඩට නැඟුණු සිත්තමක් මෙන් කවියක් බවට පත් වෙයි.

පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ

පිල මත හිඳ හිමිදිරියේ
ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ
තනි වී

මෙන්න ඇය කවියා කියන පරිදී ,
සීතල මිටියාවතක, පාළු ගෙපළක තනිවී ඇය තම පෙම්වතාට දෑසින් කියවූ කවිය මුමුණ මුමුණ . ඇය තනිවම ? කෝ දෙමාපියන් , නෑදෑ හිතවතුන් ? කාටත් වඩා ඇය ඇගේ නොකැළැල් බවෙන් පුදකල ඇගේ පෙම්වතා ? සිතූ දෙයම සිදුවී ඇත. ඇගේ පෙම්වතා ඇය සිතූ පරිපූර්ණ සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක් නොවේ. අද සමාජයේ බහුලව දක්නට ලැබෙනා ඇන්නා පැන්නා වර්ගයේ ඇත්තෙකි. තමන් පුදකළ "සත්‍ය ප්‍රේමයෙන්" කෙලෙසුනු ඇය නෑදෑ හිතවතුන් මධ්‍යයේ නරක ගැහැණියක් ලෙස හංවඩු ගැසෙන්නීය. ඇය තනිවෙයි, එදා දෑසින් කියවූ කවියම කියමින් තනිව සුසුම් ළයි.


රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී

දේදුනු සායම කලතා
ඇගේ හඳින් දුටු සිතුවම දෝ
සමරන්නේ තනි වී

කලින් පද පෙලින් සීතල මිටියාවතයක චිත්තරූප අපට ප්‍රවේශ කරවන කවියා මෙයින් මුහුදු රළ හඩන මුහුදු වෙරළක චිත්තරූප අසන්නාට ප්‍රවේශ කරවයි. ඈත අහසේ දේදුන්නක් පායා ඇත. කිරි කැටියෙක් මෙළොව එළිය දැක ඇත. සිදුවුනු දේ කිසිත් නොදත් කිරි කැටියා හුවෑ හුවෑ ගාමින් අඩයි. ඇගේ හදේ ප්‍රේමය කලතා ලත් ප්‍රතිඵලය, ඇගේ හදින් ඇගේ ප්‍රේමයේ නාමයෙන් ඇය දුටු සිතුවම. තම "පරාජයේ" සිහිවටනය, ඇගේ කිරි කැටියා දෙස බලමින් ඇය සුසුම් ළයි- තනිවම
.

ඇතැමුන්ට මෙය කොරහේ කිඹුල්ලු දැකීමක් ලෙස පෙනිය හැක. මෙය මට මේ ගීතය පෙනුනු ආකාරයයි. මා වැරදි නම් නිවැරදි කරත්වා. මෙවන් නූලක් පටන්ගත් සැමටම ජය !
Reply With Quote
(#2965)
Old
whizzkid's Avatar
whizzkid whizzkid is offline
Senior Member
whizzkid has a spectacular aura aboutwhizzkid has a spectacular aura aboutwhizzkid has a spectacular aura about
 
Posts: 2,048
Join Date: Feb 2009
08-01-2012, 04:18 PM

BUMP
Reply With Quote
(#2966)
Old
chamikaj10 chamikaj10 is offline
Junior Member
chamikaj10 is an unknown quantity at this point
 
Posts: 1
Join Date: Aug 2012
Location: Bandarawela
08-02-2012, 07:47 PM

මටත් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සින්දු ටිකක තේරුම්, නිධාන කථා ටිකක් හම්බුනා. (100 % ෂුවර්. මොකද එයාමයි අපිට කිව්වේ අපේ ඉස්කෝලේ දේශනයකදී). කස්ටිය මේ සින්දු අහලා තියෙනවද????
+ මිනින්දොරු කන්තෝරුවේ....
+ සුදු නෙළුම කෝ...
+ ශාන්තිනී....
පුළුවන් වෙලාවට අනිවාර්යයෙන්ම දානවා....
Reply With Quote
(#2967)
Old
subash priyankara subash priyankara is offline
Junior Member
subash priyankara is an unknown quantity at this point
 
Posts: 1
Join Date: Dec 2007
Location: Gampha
08-12-2012, 03:38 PM

Kynna wachana ne.....digatama kiyewwa. keep it up and all the best.....
Reply With Quote
(#2968)
Old
tshirtZ's Avatar
tshirtZ tshirtZ is offline
Senior Member
tshirtZ is a jewel in the roughtshirtZ is a jewel in the roughtshirtZ is a jewel in the roughtshirtZ is a jewel in the roughtshirtZ is a jewel in the roughtshirtZ is a jewel in the rough
 
Posts: 313
Join Date: Aug 2011
Location: earth
08-15-2012, 10:55 PM

නියමයි මචන්ලා උබලා ඔක්කෝම නූල දාපු කොල්ලා එක්ක!! එල කොල්ලෝ ටික්ක ආ... එලකිරි!!!!!!!!!
Reply With Quote
(#2969)
Old
IveyStyle's Avatar
IveyStyle IveyStyle is offline
Senior Member
IveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of light
 
Posts: 16,621
Join Date: Aug 2010
Location: සුන්දර ගීයක ඇරබු
Send a message via ICQ to IveyStyle Send a message via AIM to IveyStyle Send a message via Yahoo to IveyStyle Send a message via Skype™ to IveyStyle
08-18-2012, 02:27 PM

kohoma patan gena monawa liyannada netha mata watahenne......
Reply With Quote
(#2970)
Old
muvindu's Avatar
muvindu muvindu is offline
Senior Member
muvindu is just really nicemuvindu is just really nicemuvindu is just really nicemuvindu is just really nicemuvindu is just really nicemuvindu is just really nicemuvindu is just really nicemuvindu is just really nice
 
Posts: 3,080
Join Date: Sep 2007
Location: some place in Sri Lanka
Send a message via MSN to muvindu Send a message via Yahoo to muvindu Send a message via Skype™ to muvindu
08-25-2012, 09:01 PM

Morris Bhanu Wijesinghe - දුවිල්ලෙන් වත්සුණු තවරා
සහෝදරවරුනි...මේ සින්දුවේ විචාරයක් දෙන්න පුලුවන්ද... මම ආස සින්දුවක්..
Reply With Quote
Reply

Bookmarks

Tags
ඇර කිබුලෝ ඇර, ඇර කිඹුළා!!, ඇරපං කරාමේ, ඈඬෙනවා, කෑ ගෑස්සෙනවා, ගීයක මංපෙත, මේක මගේ පයිප්පේ, සුපිරිම thread එක, සුපිරිwiki, සොදුරු පදවැල, ⓣⓗⓘⓝⓚ ⓟⓘⓝⓚ, kimbula rox!!!, maxxane, meaning of songs, sasliit ට ජය :cool:, sasliit බොක්කක්, sasliit ලොවෙත් නෑ \m/, sasliit සහෘදයෙක්, sasliit ela mchn, sasliit ela mchn maxxa, sasliit is my hero, sasliit maxxa, sasliit we need more, saslitt is a real poet, sinhala songs

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.48705 seconds with 9 queries