මහබාගේ පිහිටි මස් මඩුව

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මහබාගේ පිහිටි මස් මඩුව

    487282_478258245519832_326616101_n.jpg


    මරණයට කැපවූ ගවයන් මරණයෙන් බේරා ගැනීමේ අබයදාන පුණයකර්මය සදහා ගවයන් නිදහස් කිරීමට‍ මහබාගේ පිහිටි මස් මඩුවට ගිය විට අපේ නෙත ගැටුණු අනුවේදනීය ඡායාරුපයකි මේ.
    කුසට අහරක් නොමැතිව, තිබහට බිමට වතුර පොදක් නොමැතිව මේ අසරණ කිරි අම්මා වරුන් මෙසේ සිර කොට තබා ඇත.

    එම අබයදාන් පින්කමට අදාළ ඡායාරුප එකතුව බලන්න පහත ලින්ක් එකට යන්න
    http://www.facebook.com/media/set/?set=a.471063539572636.116508.311150485563943&type=1

    ගව ඝාතනය තහනම සහ එහි පසුබිම පිලිබදව අප වෙත ලැබුන ලිපියක් මෙසේ සටහන් කරමු

    දිනකට ගවයන් දහසක්‌ මරණා
    බුදුන් තුන් වරක්‌ වැඩි දෙරණයි මේ

    හක්‌කේ බුදු රැස්‌ය. බොක්‌කේ දඩ මස්‌ය. එහෙම වදන් අප අසා ඇත. බුදුන් වැඩිය ලංකාවේ දිනකට ගවයන් දහසක්‌ මරා මිනිස්‌ ආහාරයට ගන්නා වූ රටකි. ආගමික අංශයේ දැනුවත් කිරීම මත මඳක්‌ අඩු වුවද ගවමස්‌ කෑම අප සමාජයේ දැකිය හැකිය. එය කිරට මිරිසට තෙලට බැදුමට සකස්‌ කරන්නේ කිසිදු හිරිකිතයක්‌ නැතුවයි.

    ඝෝගාතන පනත, සත්ව පනත, ආහාර පනත්ද ප්‍රවාහන පනත්ද ඇති නමුත් මෙය නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න ප්‍රශ්නයකි.

    ගව පාලනය කිරීම ගව පාලනය මගින් දේශීය ආර්ථිකයට කිරි උතුරන්නට රට කරවූ හැටතුන් වසරක්‌ම පාලනය කළ, කරවූ ඇත්තෝ පියවර ගත්හ. නමුත්, එය සිදුව ඇතිද යන්න දෙවැනි ප්‍රශ්නයයි.

    කිරි ලීටරයකට ලබාදෙනු ලබන සහතික මිල වැඩි කිරීම, කිරි ගවයන් ආනයනය කිරීම, කිරි ගන්නා වූ කිරි හලවල් රට පුරා ඇති කිරීම, තැන තැන ඇති තලාවල තණ බිම් ඇති කිරීම, පාසල් දරුවන්ට කිරි වීදුරුවක්‌ ලබා දීම, ගව ගාල් සකස්‌ කිරීම, ඒ සඳහා සහන ලබාදීම, ගව ඝාතනය තහනම් කිරීම හා ඒ සඳහා ලබාදෙනු ලබන දඬුවම් හා දඩය වැඩි කිරීම වේ.

    නීති කඩන අයට, රුපියල් 250 ක පමණ වූ දඩ මුදල මෑතක දී රුපියල් පනස්‌ දහස දක්‌වා වැඩිකර ඇති බවද දැක ගත හැකිය. දැන් මිනිස්‌ ඝාතනයක්‌ සිදු කළහොත් මරණීය දඬුවම නියම කරයි. එසේ නම් ගව සම්පත රැක ගන්න නම්, ගව ඝාතකයන්ට මරණීය දඬුවම යෝජනා කරන්නේ මේ රටේ සත්ව අහිංසා සංවිධානවල සාමාජිකයෝ පමණි.

    ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේ, සත්ව අහිංසාවාදී සංවිධානය මගින් දැවැන්ත සටනක්‌ සිදුකරන්නේ, ගවයන්ට අභය දානය දීම සඳහාය. ඒ ඇත්තෝ විසිවැනි වරටත් ගවයන් නිදහස්‌ කිරීමේ සත් කටයුත්තක්‌ පසුගියදා ද පැවැත් වූහ. කණුමුල්දෙණියේ චන්ද්‍රවිමල නායක හිමියෝ මෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අතර, තලංගල්ලේ විජිත හිමි, හිටපු බන්ධනාගාර නිලධාරි ආර්. ධර්මප්‍රිය, සිරිසෝම රූපසිංහ ආදි ගිහි පැවිදි උත්තමයෝ ලංකාවේ ද විහිදී පැතිරී ඇති සාමාජිකයන් සැමගේම සහයෝගයෙන් මෙම සත් කටයුත්ත ඉටුකිරීම අගය කළ යුතුය.

    එසේ අභය දානය හිමිවෙන ගවයන්ට හා ගොවියනට පසු අධීක්‍ෂණයක්‌ද සිදු කරන අතර ඒ තුළින් දියුණු වී සරුවී ඇති පිරිස විශාලය.

    ගාල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌ අධිකාරී වාස්‌ ගුණවර්ධන මහතාද සත් භාවයෙන්ම තම නිලධාරීන් හා එක්‌ව ගව ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අපේ කාලයේ පොලිස්‌ නිලධාරියෙකි. මස්‌ පිණිස රැගෙන ගිය වාහන කිහිපයක්‌ම අල්ලා ගවයන් නිදහස්‌ කළ අතර භික්‍ෂූන් වහන්සේලා වඩම්මා ගැබිනි ගව එළදෙනුන්ට පිරිත් කියා සෙත් පතන්නටද තරම් කාරුණික වූ අවස්‌ථාවක්‌ද ගාල්ල මූලස්‌ථාන පොලිසියේ දී දැක ගත හැකි විය.

    ගවයන් නිදහස්‌ කිරීම ද යම් කලාවකට සිදුකරන අවස්‌ථා ඇත. එනම් ගවයන්ට නියම කරන මිල දෙගුණයකි. ඒ රුපියල් විසි දහසක්‌ වූ ගව එළදෙනුන් නිදහස්‌ කිරීමේ දී රුපියල් හතළිස්‌ දහසක්‌ පමණ වේ.

    වෙසක්‌ පොසොන් දිනවල දී හා පෝය ආසන්න දිනවල දී මෙසේ ගවයන් නිදහස්‌ කිරීමට පැමිණෙන පිරිස වැඩිය. ඒ නිසා කියන ඕනෑම මුදලකට ගවයන් ගන්නා බවත් එදිනම වැඩි ආදායමක්‌ ගත හැකි බව ගව ඝාතනාගාර අයිතිකරුවෝ කියති.

    හරක්‌ මස්‌ වැඩියෙන්ම කන්නේ සිංහල අය බවත් ගවයන් නිදහස්‌ කර ගත්තත් කිරට හදන ගවයන් මිලට ගන්නේ සිංහල නිවෙස්‌ වල හරක්‌ හදන අයගෙන් බවත් ඔවුහු කියති.

    මරණයට කැප වූ ගවයන් නිදහස්‌ කිරීමේ ජාවාරම ද අද මහා ධන උල්පත් වී ඇති සෙයක්‌ දැකිය හැකිය. ඒ සඳහා තැරැව්කරුවන්ද දැකිය හැකිය. කොළඹ ගාල්ල මාතර ගම්පහ එම ස්‌ථාන පවතින අතර ආගමික ආයතන ආසන්නයේම ඇතැම් ගවහල් පවත්වාගෙන යන්නේ සමහර දේශපාලනඥයන්ගේම පිහටෙනි.

    පසුගිය කාලයේ හම්බන්තොට සිට රැගෙන එන ගව ලොරි ගාල්ල නගරයට එන්නේ අරතුමාගේ මේ තුමාගේ පිංතූරයක්‌ද වාහනයේ අලවාගෙනය. සම්බුදු සරණයි කියා බෝඩ් ලෑල්ලේ ඇති නමුත් ලොරියේ සිටින්නේ මස්‌ පිණිස ප්‍රවාහනය කරන ගවයන් සමූහයකි.

    ඒ සතුන්ගේ බෙල්ල තද කර කකුල් බැඳ ඇත්තේ ඉතා අමානුෂික ආකාරයට බව දැකිය හැකිය. එක්‌ ගසක ගවයන් හත්අට දෙනා බැඳ තබන්නේ දින ගණනාවක්‌ම කිසිදු ආහාරයක්‌ හෝ අඩු තරමින් බොන්න හෝ ජලය ලබාදී නොවේ.

    දකින බලන හැම තැනම වෙහෙර විහාරය. බණ කියන මෙහෙව් රටක බණ අහන මෙහෙව් සමාජයක්‌ අප දන්නා පරිදි වෙනත් රටක්‌ නැත. තාක්‍ෂණයක්‌ ගැන කතා කළ ද අප දන්නා පරිදි මේ ගවයන් මරන්නේ ඉතාම කෲර වද දීමෙන්ය. සමහර අවස්‌ථාවල ගෙල කපන්නේ පසුවයි. ඊට පෙර සමහර කොටස්‌ කපා මස්‌ කරන ආකාරය දැකගත හැකිය.

    මෙය නතර කිරීමට හැකිද නොහැකිද යන්න දෙවරක්‌ම කල්පනා කළ යුතුව ඇත. නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට ද, නිලධාරීන්ටද සත්ව අහිංසාවාදී සංගම්වලටද තනි තනිවම හෝ කළ හැකි දෙයක්‌ නොවේ.
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    හරක් මැරුවොත් විතරයි පව්, හම්බයෝ කනවනේ. මාළු අනේ ඔහේ ගියාදෙන් එවා නැවැත්තුවොත් අපි මොනවද කන්නේ
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හරක් මැරුවොත් විතරයි පව්, හම්බයෝ කනවනේ. මාළු අනේ ඔහේ ගියාදෙන් එවා නැවැත්තුවොත් අපි මොනවද කන්නේ


    තොගෙ මිනිමරු අල්ලද එහෙම කියල තියන්නෙ?මොකෙක් මැරුවත් පවු සිද්ද වෙනව උරෝ!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයගොල්ල කරලා තියෙන්නේ ලොකු පිංකමක්..
    තවත් දෙයක් යාලුවනේ, අපි මේ හරක් බේරගන්න යොදන සල්ලි වලින් මේ පව්කාරයෝ තවත් හරක් සල්ලිවලට ගන්නවා.. ඒ නිසා මේ හරක් මරන එක නවත්තන්න ක්‍රමයක් හැදුවනම් හුගාක් හොදයි
     
    Mar 29, 2012
    1,343
    89
    0
    sathun marana eka lankawe thahanam karala deewara amathanyashayai food city eke mas vikunana angshayai lankawe thiyena kukul farm tikai wahala dammama wadey harine.
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය සල්ලි වලින් කන්න කෑම නැති හිගන්නෙක්ට , අනාත නිවාසෙකට ආධාරයක් කලා නං නරකද ??

    නිකං හරක් වැඩ කරන්නේ නැතුව

    උඹ release කලා කියලා ලංකාවේ හරක් මරන එක අඩු වෙනවද ??

    ඌ 20,000 වලට ගන්න හරකා උඹට 25,000 දෙනවා :lol:

    see the irony ?? මෙතන real හරකා උඹයි :P
     
    • Like
    Reactions: Jim07

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    රත්තරං;13129153 said:
    ඔයගොල්ල කරලා තියෙන්නේ ලොකු පිංකමක්..
    තවත් දෙයක් යාලුවනේ, අපි මේ හරක් බේරගන්න යොදන සල්ලි වලින් මේ පව්කාරයෝ තවත් හරක් සල්ලිවලට ගන්නවා.. ඒ නිසා මේ හරක් මරන එක නවත්තන්න ක්‍රමයක් හැදුවනම් හුගාක් හොදයි


    let's give the cows a metal collar , so then it'd be impossible to cut it off
    thus saving the lives of innocent cows at a very reasonable cost !

    genius , am I not ? :yes: