 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 1,469
Join Date: Jun 2008
Location: In your dreams
|
|
|
අවුරුදු 29 ක් තිස්සේ ලියන්න හැදුවත් ලියන්න -
07-31-2012, 12:43 AM
මම මේක පෝස්ට් කරේ මේ කතාව ටිකක් හිතට වැදුන නිසාවෙනි. එහෙම නැතුව වෙනත් පරමාර්තයකින් නොවන බව කරුනාවෙන් සලකන්න..  
2012 ජුලි 23
ආදරණීය සමන්ති අක්කා වෙතට යි,
අපි අවුරුදු ගාණකින් මුණ ගැහිල නොතිබුණත් සමන්ති අක්කාට මාව අමතක වෙලා නැතුව ඇති. මම මේ ලියන්නේ අවුරුදු 29 ක් තිස්සේ ලියන්න හැදුවත් ලියන්න බැරිවුණ ලියුම.
මට තාම මතකයි අපේ තාත්තලා එකම දෙපාර්තමේන්තුවෙ වැඩ කරන කාලෙ අපි හිටපු නිල නිවාස තිබුණෙ එක ළඟ. ඔයාල කන්ද උඩ. අපි කන්ද පහළ. තාත්තයි අම්මයි වැඩ ඇරිල එනකම් අක්කයි මායි හිටියෙ ඔයාලගෙ ගෙදර. මතකද ගේ වටේට තිබුණු කෙහෙල් ගස්වල කොළ එකතු කරගෙන අපි සෙල්ලම් ගෙවල් හදනවා? ඇයි එහෙ පොඩි අයියා ඒ දවස්වල ගන්න චිත්‍ර කතා පත්තර? ඉස්කෝලෙ එකේ පන්තියෙ හිටියට මාත් ඒ ඔක්කොම කියෙවුවනෙ. ඒ දවසවල කැම්පස් එකේ හිටපු සමන්ති අක්කා අපේ තාත්තා මට අරන් දීපු විජය පත්තරෙයි හඳමාමා පත්තරෙයි බලනවා. මට දැන් හිතෙනකොටත් පුදුමයි. අපි කොච්චර දේවල් කියෙව්වද? අක්කලගෙ අම්මා ඒ දවස්වල ආප්ප හදනවා. රෝල්ස්, එළවළු රොටි එහෙමත් හදනවා. රෝලස් නම් ඔක්කොම කඩේට යවනවා. ආප්ප නම් අපිටත් හම්බවෙනවා. ඇන්ටි ඒ හදපු ඒවට කිව්වෙ කඩයප්පන් කියල.
ඒ කාලෙ අපිට නැතිවුනේ ඇයි කියල මම තාම හිතනවා සමන්ති අක්කෙ. එක දවසක් රෑ සිද්ධ වුණ ඒ සිද්ධිය නෙවෙයි නම් අපි තාම ඔයාලගෙ ගෙදර අර ලොකු ජම්බු ගහ යටට වෙලා චොකලට් ගංගාවක තියෙන සූකිරි නැවක් ගැන තරඟෙට කතන්දර හද හද කියනවා ඇති කියල මට හිතෙනවා. අක්කා හිතනවා ඇති අපිට මොනව වුනාද කියලා. නැත්නම් අපිව අමතක වෙලත් ඇති. මටත් තාම හරියට ම තේරුම් ගන්න බැරි වුනත් අවුරුදු 29 හිතේ තියන් හිටපු මේ දේවල් ලියල හරි පැහැදිළි කරන්නයි මට ඕනෙ. ඒ හරියටම 1983 ජුලි 23. එදා ගෙදර හිටියේ මමයි තාත්තයි අක්කයි විතරයි. අපේ අම්මා නෑදෑයෙකුගෙ මළ ගෙදරක ගිහින්. හවස 6 ට විතර තාත්තා හිටියේ අපිට බත් කව කව. අපි රේඩියෝ එක දාගෙන සිංදු අහගෙනයි හිටියේ. එකපාරටම තාත්තා රේඩියෝ එකේ සද්දෙ අඩු කරන්න කිව්වා. මම අකමැත්තෙන් වුනත් සද්දෙ අඩු කළා. ක්වාටස් එකේ වහල උඩට මොනවද වැටෙන සද්දයක් ඇහෙන්න ගත්තා. මොකක්ද තාත්තෙ? අක්කා අහුවා. තාත්තා උත්තර දුන්නෙ නෑ. හෙමින් සීරුවෙ දොර ටිකක් ඇරලා එළිය බැලුවා. එතකොටම ගෑණු කෙනෙක් කෑ ගහනව ඇහුණා.
අනේ මහත්තයෝ... එළියට එන්න.. එළියට එන්නකටහඬින් මම අඳුර ගත්තා ඒ පුංචි කාලෙ අපිව බලා ගත්තු වෙලෙන් එගොඩ ලිලි ආච්චි කියලා. තාත්තා දොර ඇරලා ඇයි කියල අහද්දි ලිලි ආච්චි හිටියෙ බයේ ගැහි ගැහි.
අනේ බුදු මහත්තයෝ, දරුවො දෙන්නත් අරන් කොහාට හරි යන්න. අරුන් ගිනි තියන්න එනවා... ලිලි ආච්චි අඬා වැටුණා.
ඒ වෙනකොට ඇඳිරි වැටිල තිබුනත් තාර පාර ඈතින් කීප දෙනෙක් රොක් වෙලා හිටිය බව මම වගේම තාත්තත් දකින්න ඇති. හැබැයි ඒ හිටියෙ ලිලි ආච්චි වගේම අපි අඳුනන අය. ඒගොල්ලො ඇයි අපිට ගිනි තියන්නෙ? තාත්තා ඉක්මණින් ගෙට ගියා. පුෂ් බයිසිකලේ අරගෙන ආවා. අපි ඇඳන් හිටිය ඇඳුම් පිටින්ම ඒකට නග්ග ගත්තා. ලිලි ආච්චි කළබලේට ආයෙත් වෙලෙන් එගොඩ එයාගෙ ගෙදරට දිව්වා. අපි තාර පාර දිගේ ටික දුරක් ආවම තාත්තා බයිසිකලේ නවත්තලා මාව සමන් අංකල්ලගෙ ගෙදර සීයටයි ආචිචිටයි භාර දීලා ඉක්මණින් එනව කියලා ගියා. මම බලන් හිටියා... හිටියා... තාත්තා ආවෙ නෑ... මම අඬන්න පටන් ගත්තා. මුලින් හොරෙන්. ඉන් පස්සෙ මහ හයියෙන්. මම අඬ අඬ පාරට යන කොට තාත්ත ළඟ වැඩ කරන මනුස්සයෙක් තාත්තගෙ සයිකලෙන්ම ඇවිත් තාත්තා මාව එක්ක එන්න කිව්ව කියල ඒ ගෙදර අයටත් කියල කියල මාව නග්ග ගත්තා. අපි ටවුමට ආපු ඒ කිලෝ මීටර් දෙක තුන එන්න සෑහෙන්න වෙලා ගියා. හැම තැනම මිනිස්සු දුවනවා. තැන් දෙකකින්ම පොලු ගත්ත මිනිස්සු අපිව නවත්තලා කොහෙද යන්නෙ කියල ඇහුවා. තාත්තාගේ ගෝලයා ටවුමට යනවා කිව්වම තව ටිකක් කතා කරල අපිට යන්න දුන්නා. ඒ වුනාට ටවුම පේන මානෙදි අපට නවතින්න උනේ පොලීසියෙන් යන්න දීපු නැති හින්දා.
යන්න එපා.. ඉස්සරහ ගිනි ගන්නවා පොලිස් නිළධාරියෙක් අපට කිව්වා. එතන ඉස්සරහින් තිබුණෙ අපිට දුරින් නෑ වෙන ගෙදරක්. මම ඒ ගෙදර ඉන්න උඩු රැවුල තියෙන මාමට බයයි. ඒ වුනාට ඒ වෙලාවෙ හැටියට ඒ මනුස්සය කරන්න තිබ්ච්ච හොඳම දේ තමයි ඒක. ඒ ගෙදර ආච්චියි ගෙදර අනික් කට්ටියයි මාව නවත්ත ගත්තා. මම හිටියෙ බයේ අඬ අඬ. ඒ මහ විසාල ගෙදර ඉස්සරහ තියෙන ජැම්සන් ගහ යටට වෙලා මම ඇඬුවා. ඒ කට්ටිය කොච්චර කතා කරත් මම නෙවෙයි ගෙට ගියේ. තාත්තා ගියේ මාව අරන් යන්න එන්නම් කියලා. අක්කත් නෑ තාත්තත් නෑ... හැම තැනම ගිනි ගන්නවලු... ඈත ටවුමෙ හැම තැනින්ම දුම් දානවා. මම හිටියෙ බය බීරාන්ත වෙලා. පැය ගාණක් මම එහෙම ඉන්න ඇති. මහ රෑ කිට්ටු වෙන්න අපේ ලොකු අම්මයි ලොකු තාත්තයි ඇවිත් මාව එහෙට එක්කන් ගියා. ඒත් ටවුම කිට්ටුවමයි. එහෙ මට පුරුදුයි. ඒත් තාත්තා හිටියෙ නෑ. මම හිත ඇතුළෙ බය තද කරගෙන හිටියා. දවසක් දෙකක් ගෙවුණා. මේ අතරේ ඒ ගෙදර එක එක ආරංචි කතා වුනා.
වේලු මුදලාලිගෙ කඩේ ගිනි තියල. ඒක දරා ගන්න බැරුව වේලු මුදලාලිත් ඒ ගින්නටම පැනල මැරිල. ලොකු අම්ම කාටද කියනව මට ඇහුණ. ඩැනිස්ටන් වත්තේ ලැයිම් පේළියක් ගිනි තියපු බව, ලැයිමෙ මිනිස්සු අට දෙනෙක්ම එක තැන කපල මරපු බව... මේ වගෙ එක එක ආරංචි ආවා. ටවුමෙ හුඟක් කඩ ගිනි අරගෙන.
දවස් තුනකට පස්සෙයි තාත්තා ආවේ. මම මඟට දුවගෙන ගියා. තාත්තා මාව බදා ගත්තා. එදා හවස අපි ක්වාටස්වලට ආවා. ඔයාලව හම්බ වෙන්න කතා කරන්න ඕන වුනත් ඒකට වෙලාව නෙවෙයි කියල තාත්තගෙ හදිස්සියෙන් මට තේරුණා. අපේ ගෙදර ඉස්තෝප්පුවෙ වීසි කරපු ලාම්පු තෙල් බෙලෙක්කයක් වැටිල තිබුණා. ගිනි අරන් තිබුණෙ නෑ. පිඟන් එහෙම නම් නැතිවෙලා තිබුණා. රේඩියෝ එක තිබුණෙත් නෑ. එදා බෑග් දෙක තුනකට ඇඳුම් කැඩුම් දා ගත්ත අපි දුර නෑ ගෙදරකට ගියා.
තාත්තගෙ මහගෙදර ට ගිනි තියලා. ගෙදර, වාහන හැම දේම අළු වෙලා තිබුණා. ඒ ගිනි තිබ්බෙ හවස ගෙදර ඇවිත් තේ බීල ගිය ළමයි වගයක් කියල ආච්චිඅම්මා තාත්තට කියල තිබුණා. ග්‍රැමෆෝන් එක, තව තව දේවල් නම් තවත් අවුරුදු පහළොවක් විතර යනකම්ම අහල පහළ ගෙවල්වල තිබුණා කියලයි එයාල කිව්වෙ.
අවුරුදු ගාණකට පස්සෙ එදා හවස තාත්තට වුන දේ තාත්තා මට කිව්ව. තාත්තා ගිහින් තියෙන්නෙ අක්කව ලොකු අම්මලගෙ ගෙදරට ඇරලල ආයෙත් ඇවිත් මාවත් අරන් යන්න. ඒ වුනාට ටවුමට යද්දි හැම තැනම ගින්දරලු. මිනිස්සු පිස්සුවෙන් වගේ දෙමළ මිනිස්සු හොය හොය මරනවලු. එතනට ආපු පොලිස් ලොක්කෙක් තාත්තට වාහනේකට නගින්න කියල- ඒ කෑම්ප් එක සරණාගතයින්ට ඉන්න එවෙලෙ හදපු එකක්. මගෙ දරුව දාල යන්න බෑ කියල තාත්ත අඬද්දි ඒ පොලිස් ලොක්ක තාත්තගෙ පපුවට තුවක්කුව තියල නගින්න කිව්වලු. එහෙම නොකළනම් තාත්තයි අක්කයි දෙන්නම අර වියරු වෙච්ච පිරිස අතින් මැරෙන්න තිබුණ. මම පරිස්සම් තැනක හිටියත් මා ගැන පපුවෙ ගින්දරින් කෑම්ප් එකේ හිටිය හැටි කියද්දි තාමත් තාත්තගෙ ඇස් දෙකට කඳුළු එනවා.
එදායින් පස්සෙ සෑහෙන කාලයක් යනකම් අපි කවුරුවත් ඔහේ ආවෙ නෑ. අපි එක එක දිහාවල පදිංචි වුනා. ආච්චි අම්මල මඩකලපුවෙ පදිංචියට ගියා. අපි කොළඹ නැවතුණා. කාලය ගෙවෙද්දි අපිට ගම දුර තැනක් වුණා. අපි ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ සිංහලෙන්. ඉස්කෝලෙ දි අම්ම සිංහල වුනත් වාසගම නිසා ගුරුවරු කෙණෙහිළිකම් නොකළා නෙවෙයි. ඒ වුණාට අපි ඉගෙන ගත්තා. තාත්ත තරඟ විභාගෙකදි පාස් වුන වෙලාවෙ වාසගම නිසා ප්‍රමෝෂන් එක නැති කළාලු. දෙපාර්තමේන්තුව අධිකාරියක් කරද්දි තාත්තලට රස්සාව නැති කරේ වන්දියකුත් දීල. අවුරුදු ගාණක් යනකම් අපි බයේ හිටියෙ. සිංහල මිනිස්සු ආයෙත් අපිට ගිනි තියයි කියල. ඒ බය ඇරෙන්න අවුරුදු විස්සක් ගියා. ඒ අතරෙ උතුරෙ යුද්ධෙ ඇවිළෙමින් තිබුණා. අපිට ආච්චි අම්මලව බලන්න යන්න බැරි වුණා. අක්ක ලොකු ළමයෙක් උන දවසෙ තාත්තගෙ නෑදෑයො කාටවත් එන්න බැරි වුනේ යුද්ධෙ නිසා කියල තාත්ත කිව්ව. අපි ටවුමට ගියත් කඩේ ගියත් කොහේ ගියත් හැඳුනුම්පත අරන් යන්න වුනා.
කොටුවෙ බෝම්බෙ පිපිරෙන කොට අපි පොඩියි. ගමනක් යන්න කොටුවට ගිහින් හිටියේ. ඒ කළබලේ මැද අහුවෙච්ච බස් එකකට නැගල තාත්තයි අපියි ගිහින් නතර වුනේ තංගල්ලෙ- තාත්තගෙ යාළුවෙකුගෙ ගෙදර. එදා හොඳටම වැස්ස. වැහි වතුර එක්ක ගලාගෙන ආපු ලේ අපේ කකුල්වල ගෑවිලා තිබුනා. ඒවා කාගෙ ලේ ද කියල දන්නෙ නැති වුනාට එතන හැම ජාතියෙම මිනිස්සු ඉන්නව මම දැක්ක. 89 දිත් පාර අයිනෙ මිනී ගොඩවල් ගහල තියෙනව දැක්කම අපි ළඟට නොයා ඈතින් යන්න ගියා.
අපි ඉගෙන ගෙන රස්සාවල් කරල බැන්දා. අක්ක බඳින කොට මස්සිනාගෙ ගෙදර අය විරුද්ධ වුනා- අපි දෙමළ කියල. මට ඒ හැටි බාධාවක් ආවෙ නෑ. දැන් අපේ හුඟක් නෑදෑයෝ ආරක්ෂාවට පිට රටවල පදිංචියට ගිහින්.
මගෙ හිතේ මහා වෛරයක් ඇවිලි ඇවිලි තිබුණ මුල් කාලෙ. අපි හිටියෙ අවිශ්වාසයෙන් හෙම්බත් වෙලා. කාලය ගතවෙද්දි බයත් වෛරයත් වෙනුවට වෙනම හැඟීම් ගොඩක් ඇතිවෙන්න ගත්තා. කාලය සහ යුද්ධය අපිට හුඟක් දේවල් ඉගැන්නුවා... අපි හැමෝටම... මම දැක්ක යුද්ධෙන් දෙමළ මිනිස්සු වගේම සිංහල මිනිස්සුත් මැරෙන හැටි. සිංහල සොල්දාදුවො බොන්න වතුර ටිකක් නැතුව කාණුවලින් මඩ වතුර බිබී යුද්ධ කරන හැටි. හය හතර නොතේරෙන දෙමළ ළමයි තුවක්කු අල්ලන් ඉන්න හැටි. මිනිස්සු තේරුමක් නැතුව එක එක හේතු හදාගෙන මිනි මරා ගන්න හැටි.... දවසින් දවස යුද්ධෙ දරුණු වෙන කොට 83 වගේම පර දෙමළු කියල මම වැඩ කරපු ආගම අදහන්න ගිය හැම තැනින්ම මට ඇහුණ. 83 වගේ දකුණෙ දෙමළ මිනිස්සුන්ට ගිනි තිබ්බෙ නෑ. ඒත් බෝම්බ, වෙඩි සද්ද හැම තැනම තිබුණා. කවුරු කාව මරනවද කියල නොතේරෙන තරමට මිනිස්සු මැරුණා. අන්තිමේදි යුද්ධෙ ඉවර වුණා. සිංහල මිනිස්සු කිරි බත් කෑවා. දෙමළ මිනිස්සු අඬන්නවත් බැරුව ගල් වෙලා හිටියා. මේ මිනිස්සු දෙගොල්ලො ගැනම මට මහා කම්පාවක් දැණුන. ඒගොල්ලො එකම රටේ මිනිස්සු. වෙනත් ආගම් අදහපු පලියට වෙනස් භාෂාවන් කතා කළ පලියට වෙන්වෙලා ඇණ කොටාගෙන... අන්තිමට දිනපු කෙනෙක් නෑ. පිරිහුණ, ලෙඩ වුණ ආත්ම ටිකක් විතරයි ඉතිරි වුණේ.
දැන් මට සිංහල මිනිස්සු ඇවිත් ගිනි තියයි කියන බය නෑ. ඒ වෙනුවට තියෙන්නෙ වෙන බයක්.. ඇත්තම කිව්වොත් පපුවෙ ඇදුම් දෙන වේදනාවක්. 83 දි අපේ තාත්තගෙ මහ ගෙදරට ගිනි තියපු, ටවුමෙ දෙමළ කඩ සේරම ගිනි තියපු, වතුවල මිනිස්සු මරපු අය සිංහල තමයි. ඒත් සිංහල අය අපිට ගිනි තියන්න එද්දි ඒ පණිවුඩය ඇවිත් කිව්ව ලිලි ආච්චි සිංහල. මාව බලා ගත්ත සමන් අංකල්ගෙ ගෙදර සීයයි ආච්චියි සිංහල. අපේ අම්මගෙ දුර නෑදෑයො, අර ලොකු රැවුලක් තියෙන නපුරු පෙනුම තියෙන මාමා සිංහල. මාව එහාට බයිසිකලෙන් එක්කන් ගිය තාත්ගෙ ගෝලයා සිංහල. පපුවට තුවක්කුව තියල තාත්තව කෑම්ප් එකට යවල ජීවිතේ බේරපු පොලිස් නිළධාරිය සිංහල. ජීවිතේ පුරා මට මුණ ගැහුණු මිත්‍රයො හුඟ දෙනෙක් සිංහල. 83 ඇතිවුණ මරණීය වේදනාව සහිත තුවාලය හිත ඇතුලෙ කැවෙද්දි ඒක සුවපත් කරෙත් මා ළඟ හිටිය අයම යි. ඒ අය වෙලාවකට සිංහල, වෙලාවකට දෙමළ, වෙලාවකට මුස්ලිම් අය වුණ බව ඇත්ත. ඒත් අද? යුද්දෙ ඉවරයි. ඒ වුනත් සිංහල මිනිස්සු සහ දෙමළ මිනිස්සු කොච්චර දුර ද? ඒ තුවාල සුව වෙන්න - සමාව දෙන්න- අමතක කරන්න - විසඳුම් හොයන්න- විසඳුම් දෙන්න තව කොච්චර කාලයක් යයිද? මිනිස්සු මේ ළඟ ඉන්නෙත් තමන් වගේම මිනිහෙක් කියල කවද තේරුම් ගනියිද? අපි අදහන, අපි බැඳිල ඉන්න දේවල් නිසා අපි බෙදෙනවා මිසක් අපි මිනිස්සුම තමයි කියල ඒගොල්ලන්ට කවද තේරෙයිද?
ඉස්සර වගේ රතු ජම්බු ගහ යටට වෙලා දිමි ගොටු අහක් කරල ඉඳගෙන නිවි හැනහිල්ලෙ කතා කරන්න පුළුවන් වුනා නම් අපිට මේව තේරුම් ගන්න තිබුණ. ඒත් දැන් එහෙම බැරි වෙයි. ඔයා බැඳල ළමයි ඉන්නව නේද? රස්සාව නිසා විවේකයකුත් නැතුව ඇති. මේව ගැන හිතන්න කොහෙද එතකොට වෙලාවක්. හැමෝටම එහෙම තමයි.
අම්ම තාත්තා ආදරෙන් මතක් කලා කියන්න. පොඩි අයියත් බැන්ද කියල අපේ අම්මා මට කිව්වා. මම සුභ පැතුවා කියන්න. මගේ පුතා ට අවුරුදු 6 යි. එයා ඉස්කෝලෙ යනවා. එයා නම් දෙමළවත් සිංහලවත් නෙවෙයි.
ඔබටත් ගෙදර හැමෝටමත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
මීට,
ආදරණීය,
සාවිත්‍රි නංගි 
Last edited by asanga456; 07-31-2012 at 02:49 AM.
|
 |
Senior Member
|
|
Posts: 1,469
Join Date: Jun 2008
Location: In your dreams
|
|
|
07-31-2012, 01:04 AM
bump
|
 |
Senior Member
|
|
Posts: 1,625
Join Date: Jun 2012
Location: London - United Kingdom
|
|
|
07-31-2012, 01:31 AM
එල කතාව මචන්. මම නම් ජාතිවාදී කුහකයින්ට සාප කරනවා. අපි හැමෝම මිනිස්සු කියල හිතන කෙනාට ආචාර කරනවා.
(අපේ හොඳම කාලේ පොඩි කාලේ. එත් අපිට එක ඒ වයසේදී තේරුනේ නෑ, හිතුනෙම ලොකු වෙලා රස්සාවක් කරන්න. පොඩි කාලේ ආයෙත් එන්නේ නෑ.)
Rep දෙන්න බෑලු.
|
 |
Senior Member
|
|
Posts: 11,313
Join Date: Jan 2009
Location: ගෙදර
|
|
|
07-31-2012, 01:33 AM
aaya ehema kaalayak ape ratata enna nam epa.
|
 |
Senior Member
|
|
Posts: 16,626
Join Date: Aug 2009
Location: කන්දඋඩරට
|
|
|
07-31-2012, 02:39 AM
|
|
Senior Member
|
|
Posts: 188
Join Date: Jun 2011
|
|
|
07-31-2012, 02:42 AM
adoo kiyawanna amarui ban akuru tika loku kalanam watinawa
|
 |
Senior Member
|
|
Posts: 1,469
Join Date: Jun 2008
Location: In your dreams
|
|
|

07-31-2012, 02:47 AM
Quote:
Originally Posted by asanga456
bump
|
Quote:
Originally Posted by බන්ටු
එල කතාව මචන්. මම නම් ජාතිවාදී කුහකයින්ට සාප කරනවා. අපි හැමෝම මිනිස්සු කියල හිතන කෙනාට ආචාර කරනවා.
(අපේ හොඳම කාලේ පොඩි කාලේ. එත් අපිට එක ඒ වයසේදී තේරුනේ නෑ, හිතුනෙම ලොකු වෙලා රස්සාවක් කරන්න. පොඩි කාලේ ආයෙත් එන්නේ නෑ.)
Rep දෙන්න බෑලු.
|
Quote:
Originally Posted by sanath ekanayake
aaya ehema kaalayak ape ratata enna nam epa.
|
Quote:
Originally Posted by පැටියා
|
rep nathath comment karapu ubala okkotama thuthi....
|
 |
Senior Member
|
|
Posts: 1,469
Join Date: Jun 2008
Location: In your dreams
|
|
|

07-31-2012, 02:50 AM
|
 |
Senior Member
|
|
Posts: 46,819
Join Date: Oct 2010
|
|
|
07-31-2012, 03:24 AM
|
 |
Senior Member
|
|
Posts: 10,250
Join Date: Jan 2011
Location: Necker Island
|
|
|
07-31-2012, 05:00 AM
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|