ජාතිවාදයද? සාමයද?
මේ නූල එලකිරියට තැපැල් කරන්න හිතුනේ හිතුනේ එලකිරියේ මා දුටු පෝස්ට් එකක් හේතුවෙනි. බොහෝ පිරිසක් මුස්ලිම්වරු කියපු ගමන් බලන්නේම වපර ඇසින්ය, ඒ අන්කවර හේතුවක් නිසාවත් නොව ජාතිවාදය මේ රටේ අවුලන්නට කට්ට කන ගොන් වාහෙලාගේ මෝඩ කතා වලට රැවටිලාය. ශ්‍රී ලංකාවට දැන් අවශය වන්නේ තවත් ජාතිවාදී ප්‍රශ්ණයක් නෙවෙයි, අපි ජීවත් වෙලා හිටියේ පොඩිකාලයක් උනත් අපේ අම්මල තාත්තල අවුරුදු 30ක් ඇතිවෙන්න බැට කාල ඉන්නෙ. අදටත් ඒකෙ ප්‍රතිපලයක් විදියට දෙමව්පියො අහිමි දරුවන්, දරුවන් අහිමි දෙමව්පියන් මේ රටේ අනන්තවත් ඉන්නව. මේ ප්‍රශ්ණයට රැකියා අර්බුද හා තවත් හේතු නිසා ඇතිවෙච්ච තරුණ අසහනයත් එක්තරා හේතුවක්, ඒකට මේ රටේ බලයට පත්වෙච්ච ආණ්ඩුත් වග කියන්න ඕන. ලංකාවට අද තියෙන ප්‍රශ්ණ ඕව නෙවෙයි, අපේ රටට හොදක් දකින්න නම් අද අපට ඕන කරන්නේ ඒකීය ශ්‍රී ලාංකිය ජාතියක් කියනේ දේ විතරයි. අපිට හැමෝටම ඉන්න එකම එක හතුරෙක් නම් ඒ LTTE යට උඩගෙඩි දෙන අයයි. මේ ජාතිවාදී ප්‍රශ්ණය උච්චයේ සිට අදෘශයමාන විදියට හසුරුවන්නේ උන්ද කියා දෙයියො තමයි දන්නෙ.
කාට හරි පෞද්ගලික ප්‍රශ්ණයක් තියෙනව නම් ඒක අදාල කෙනා එක්ක බේරගන්න එක තමයි නේද හොදම දේ නැතුව ඒක රටේ ප්‍රශ්ණයක් නොකර. මම මෙතන බෞද්ධයන්ට විතරක් වැරදි කියනවා නෙවෙයි, මූලධර්මවාදීන්, ජාතිවාදී පුද්ගලයො හැමෝම මේකට වග කියන්න ඕන. ඕයාලගෙත් වරදි ඇති අපෙත් වැරදි ඇති, වෙන්න ඕන එකිනෙකාව තේරුම් ගෙන සාමයෙන් ජීවත් වෙන එකයි.
රමලාන් මාසය පටන් ගත්තු දවසේම එලකිරියෙ පෝස්ට් දැම්මෙ ගව ඝාතන මාසයක් ගැන කියල. ඒක වැරදියි, ඉස්ලාමයේ එහෙම දෙයක් කොතනක වත් සඳහන් වෙලා නැහැ. ඇත්තටම වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත, උපවාස කාලයේ දල වශයෙන් උදේ 4.40 ඉඳන් හවස 6.30 වෙනකම් කන්නෙ බොන්නෙ නෑ. සරලව කියනවනම් සාමාන්‍ය දවසකට වඩා ගොඩක් අඩුවෙන් කන්නෙ. මුස්ලිම්වරු මේ රටේ ඉන්නෙ 8%, කන්නෙ ගව මස් විතරක් නෙවෙයිනෙ මාලු, කුකුල් මස්, බිත්තර වගේ බෙදිල යනකොට තවත් අඩු වෙනව නේද? අනෙක් කාරණාව නම් මේ රටේ වෙසක් සහ පොසොන් සමයේ සත්ව ඝාතන ඉතාමත් අවම අගයක පවතින්නේ බෞද්ධ රටක් නිසාය. නමුත් අපේ රටේ ඉහලින්ම සමරන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දයි. මිලියන 20 කින් 85%ම මේ උත්සවය සමරනවා. වෙජිලා අපේ රටේ ඉන්නේ අල්ප ප්‍රමාණයක්. ගම මස් නොකෑවත් (කන පිරිසකුත් ඉන්නවා) එතකොට මේ සමයේ මස් සහ මාලු සඳහා බෞද්ධ රටේ සතුන් කීයක් ඝාතනය කරනවාද? තවත් 8% සමරන නත්තල, පොඩි සතෙක්ගෙ එක ජීවයක් පුද්ගලයන් කීදෙනෙක් අතරද බෙදෙන්නෙ, උනුත් සත්තු නේද? ඉස්ලාමයේ කොන්දේසි සහිත අවසර තිබුනත් බෞද්ධ ආගමේ නම් අවසර නෑ නේද, ගවයා කෝකටත් තෛලය කරගන්නේ අනුකම්පාව ගන්න නම් අනිත් සත්තු පවු නැද්ද. එසේ නම් මේ විදියට ගව ඝාතන ගැන බොරු දාල අපි ඔයගොල්ලො කොටවන්න නෙවෙයිද මේ හදන්නෙ. මම මෙතන කිසිම ආගමකට අපහාස කරන්න මේක දැම්ම එහෙම නෙවෙයි.
කුරුණෑගල පල්ලියෙ සිද්ධියත් අනවශ්‍ය ප්‍රශ්ණයක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා. පන්සලක් ලග මුස්ලිම් ගෙයක් තියෙනවනම් ප්‍රශ්ණ ඇතිකරගන්නෙ නෑනෙ උදේන්ම පිරිත් දැම්ම කියල, ඒකෙන් ප්‍රතිලාභ තියෙන අයත් ඉන්නව. සෞදි අරාබියේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයෙකු බුද්ධ ප්‍රතිමාවකට වැඳුම් පිදුම් කිරීම නිසා අත්අඩංගුවට ගෙන සිරගත කරනලදැයි කියන කතාවද අමූලික බොරුවකි.මේ රට ලෝකයේ කොන් කරල තියෙන්නෙ, LTTE එක ඉන්න රටක් නම් අපිට කොකාම තමයි පෙන්නන්නෙ. ඒත් ලංකාව අසරණ උන වෙලාවෙත් අරාබි රටවල් අපි වෙනුවෙන් පෙනී හිටියා, අපිට ආධාරත් කරනව, සුද්ද උනත් මෙහෙට ආවම කියන්නෙ ලාංකිකයන් කලගුණ දන්න ජාතියක් කියල තමයි.
ජිහාද් වැඩසටහනක් ගැන එලකිරියෙ පෝස්ට් එකක් දැම්මෙ ඔයාලව දැනුවත් කිරීමෙ අදහසින් වෙන්න පුලුවන්, ඒත් ඒක අමූලික බොරුවක් බව ඔප්පු උනා. හැබයි ඒ වෙනකොටත් කට ඉස්සර වෙලා ඉවරයි. ඒ වගේම තමයි චීනයේ කොහෙද ගමක ගෑනු කෙනෙක්ව බෙල්ල කපල මරපු එක අන්තිමට අපේ අකවුන්ට් එකට ආවෙ වෙන ආගමකට ගියපු නිසා මැරුව කියල. බලාගෙන ගියාම මේකත් අර මැක්කගෙ කතාව වගේ වැඩක් ලෝකෙ මොනව උනත් අන්තිමට බර පැන එන්නෙ මුස්ලිම්වරුන්ට. අන්තර්ජාලයට අපිට ඕන දෙයක් දාන්න පුලුවන්, ඒ දාන හැම එකක්ම "ආ මේ බලන්නකෝ මෙහෙම වෙලා" කියල හිස් පුදුනින් පිලිගෙන වත්ත වටේ ශෙයා කරන්නෙ ඇත්ත නැත්ත හොයලද, කියනව වගේ කියන්නා කෙසේ කීවත් අසන්නා බුද්ධිමත්ව අහන්න ඕන. විචාර බුද්ධියක් කියල දෙයක් තියෙනවනෙ, අපි පොඩි කාලෙ විහිලුවට වගේ කිව්ව කතාවක් තමයි ජපනෙක්ගේ මොලෙයි ලංකාවෙ කෙනෙක්ගෙ මොලෙයි ප්‍රදර්ශනේකට තිබ්බම වැඩිම මිල ලැබුනෙ අපිට ඇයි කිව්වොත් ඒක පාවිච්චි කරාට තාම බ්‍රෑන්ඩ්නිව් වගේ. කවුරු හරි photoshop කරල දාන ඕනම කෙප්පයක් පිලිගන්න තරම් අපි මෝඩ රටක්ද? ඒ නිර්මාණය කරපු කෙනා ඇත්ත දැනෙගෙනත් ඒක කරේ අපිව කොටවල ආතල් ගන්න නෙවෙයිද?
මුස්ලිම් වෙලද ව්‍යාපාර ගැනත් බොරු තොරතුරු ඔය විදියටම ඕන තරම් තියෙනව. හැමෝම දන්නවනේ CocaCola සහ Pepsi සමාගම් දෙක ගැන (මේක ගත්තෙ හැමෝම දන්න නිසා විතරයි) මේ සමාගම් වල වෙලඳ යුද්ධයක් ගැන පොතක් පවා ලියල තියෙනවා. ලංකාවෙ සමහර ප්‍රධානපෙලේ ව්‍යාපාර වලට මෑතක ඉදන් සීග්‍ර වර්ධනයක් පෙන්වන මෙම ව්‍යාපාර එල්ල කරන තරගකාරීත්වය සුලුපටු නොවේ. ඒවාට මුහුණ දෙන්න බැරි කල කරන්න තියෙන හොදම වැඩේ නම් ඇති තරම් බොරු බේගල් කියා මිනිසුන් නොමග යවා මඩිය තර කර ගැනීමයි, මෙය අන්තිමට ජාතීන් අතර ගැටුමක් වීම කණගාටුවට කරුණකි.
හිට්ලර්ගේ තියරියට අනුව බොරුවක් දහස්වාරයක් කියනවිට මිනිසුන් ඒක ඇත්තක් කියල පිලිගන්නවාලු. මේ ගෙනියන්නේද එවැනිම සමාන සංකල්පයකි. මේක මෙහෙම ගියොත් අනාගතයේ හැම ලාංකික සහෝදරයෙක්ගෙ ලේ බිංදුවටම, අසරණ අම්ම කෙනෙක්ගෙම ඇසින් වැටෙන හැම කඳුලකටම, ඒ පාපතරයන්ට පවුගෙවන්න සිද්ද වේවි. එලකිරි සහෝදරයන්ගෙන් මම ඉල්ලන්නෙ මේ වගේ ලනු කාල මේ රට තවත් අගාධයකට තල්ලු කරන්න එපා. ලොකු වැඩ අපිට බැරි උනත් අපි අපිවත් හැදෙමු, එතකොට අපිට ඒ ලස්සන ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේම දකින්න පුලුවන් වෙවි.
මේක එලකිරි එකේ මම දැකපු පෝස්ට් එකක්, (මේක මට කියපු දෙයක් නම් නෙමෙයි)
සහෝදරයා ඔයා මෙහෙම කියන එක එක අතකින් සාධාරණයි. ජාතිවාදයේ සූක්ශම ගැට වලට අහුවෙන්න එපා (brainwash). අපිට එහෙම ආකල්පයක් නැහැ. මම පෙරපාසල් ගියේ ගල්ල කොටුවෙ පන්සලට. 7-9වසර වෙනකම් අවුරුදු 3ක් (සතියට දවස් 5ක්) සංඝාරාම පන්සලේ ඉගෙනගෙන තියෙනව (නැවත්තුවේ සුනාමි ආවට පස්සෙ). මුස්ලිම් උනත් පන්සලේ ලොකුහාමුදුරුවො මාත් එක්කත් මගෙ අයියත් එක්කත් හුඟක් හිතවත්, එකපාරක් අපේ ගෙදර ගාවට ආපුවෙලාවක මාව දැකල අපේ ගෙදරටත් වැඩියා. මම විතරක් නෙවෙයි මුස්ලිම් බහුතරය එහෙම තමයි. හැම ආගමකටම ගොඩක් ගරු කරනවා. අසල්වැසියා වේවා මිතුරා වේවා රැකියවේ වෙවා මේ හැම තැනකම අන්‍ය ආගමිකයන් ඉන්නවා. ඉතාමත් සුලුතරයක් ඉන්න පුලුවන් එහෙම නොවී ගරහන අය ඒක අපි ඔයාල හැමෝටම පොදු දෙයක්.
ඉස්ලාම් භක්තිකයෙක් හැටියට මම නබිවරයා දේශනා කල ඒ අව්‍යාජ දේව ධර්මය කිසිදු ආකාරයකින්වත් විකෘති නොකොට සියල්ලටම වඩා ඉහලින් අදහනවා. මේකට මූල බීජය තමයි විකෘති වෙච්ච ආගමික සිතිවිලි. ප්‍රශ්ණයට පිලිතුරු ඇත්තේද එතනයි. නියම බෞද්ධ දර්ශණය, කිතුණු, හින්දු ආගම් පිලිපදින්නන් මෙම ප්‍රශ්ණවලට සම්බන්ධ නැත.
"ඉස්ලාම් යන වචනයේ අරුත සාමයයි"
"වෛරයෙන් වෛරය නොසන්සිදේ, අවෛරයෙන් වෛරය සන්සිදේ කියා බුදුරජානණ් වහන්සේ දේශනා කර ඇත."
"අසල්වැසියාට ප්‍රේම කරන්නැයි ක්‍රිස්තූන් වසන්සේ කී සේක"

මමන් ඔය ෆොටෝ ටික දැක්කම හිතුවෙ ලංකාවෙ කොහේ හරි තැනක සහජීවනය කියන දේ දන්න හොඳ මනුස්සකම් තියෙන මුස්ලිම් අයත් ඇති කියලයි. නමුත් ඒක එහෙම නෙමෙයි, මුස්ලිම් කියන්නෙ එහෙම ආගමික සහජීවනයකට කැමති අය නෙමෙයි කියල සාක්ෂි ඇතුව ඔප්පු කරාට ස්තුති.
සහෝදරයා ඔයා මෙහෙම කියන එක එක අතකින් සාධාරණයි. ජාතිවාදයේ සූක්ශම ගැට වලට අහුවෙන්න එපා (brainwash). අපිට එහෙම ආකල්පයක් නැහැ. මම පෙරපාසල් ගියේ ගල්ල කොටුවෙ පන්සලට. 7-9වසර වෙනකම් අවුරුදු 3ක් (සතියට දවස් 5ක්) සංඝාරාම පන්සලේ ඉගෙනගෙන තියෙනව (නැවත්තුවේ සුනාමි ආවට පස්සෙ). මුස්ලිම් උනත් පන්සලේ ලොකුහාමුදුරුවො මාත් එක්කත් මගෙ අයියත් එක්කත් හුඟක් හිතවත්, එකපාරක් අපේ ගෙදර ගාවට ආපුවෙලාවක මාව දැකල අපේ ගෙදරටත් වැඩියා. මම විතරක් නෙවෙයි මුස්ලිම් බහුතරය එහෙම තමයි. හැම ආගමකටම ගොඩක් ගරු කරනවා. අසල්වැසියා වේවා මිතුරා වේවා රැකියවේ වෙවා මේ හැම තැනකම අන්‍ය ආගමිකයන් ඉන්නවා. ඉතාමත් සුලුතරයක් ඉන්න පුලුවන් එහෙම නොවී ගරහන අය ඒක අපි ඔයාල හැමෝටම පොදු දෙයක්.
ඉස්ලාම් භක්තිකයෙක් හැටියට මම නබිවරයා දේශනා කල ඒ අව්‍යාජ දේව ධර්මය කිසිදු ආකාරයකින්වත් විකෘති නොකොට සියල්ලටම වඩා ඉහලින් අදහනවා. මේකට මූල බීජය තමයි විකෘති වෙච්ච ආගමික සිතිවිලි. ප්‍රශ්ණයට පිලිතුරු ඇත්තේද එතනයි. නියම බෞද්ධ දර්ශණය, කිතුණු, හින්දු ආගම් පිලිපදින්නන් මෙම ප්‍රශ්ණවලට සම්බන්ධ නැත.
"ඉස්ලාම් යන වචනයේ අරුත සාමයයි"
"වෛරයෙන් වෛරය නොසන්සිදේ, අවෛරයෙන් වෛරය සන්සිදේ කියා බුදුරජානණ් වහන්සේ දේශනා කර ඇත."
"අසල්වැසියාට ප්‍රේම කරන්නැයි ක්‍රිස්තූන් වසන්සේ කී සේක"
අවසානයට ගත්තම අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො. මේ රට ආයෙමත් ඟද ගස්සනවද නැත්තම් සුවදවත් කරනවද කියන එක තියෙන්න අපේ අතේ.
ජයවේවා!!!!!!
එක රටක්, එක ජාතියක්.
කියවල කියවල් එපාවෙලා වගේනම් සින්දුවකුත් අහලම යන්න.

මේවා මගේ අදහස් නිසා මට බැන්නාට කම් නැත ගල්, මුල්, මල් සියල්ල පිලිගනිමි. රෙප් කපුවාටද කම් නැත, මම එලකිරි ත්‍රෙඩ්වල පෙර් හිගාකන්නේ නැත. කපනවානම් ශිෂ්ඨසම්පන්න විදියට නම කියල කපන්න.

when it comes to the practical side. most of people don't give a damm about religion. it's solely a traditional decoration.