-ඔබ මෙතෙක් කිසිම මාධ්‍යකට නොකියපු ශ‍්‍රි ලංකා යූත් පුවත්පතට මුලින්ම කියන යමක් තියෙනවද?
ඇත්තටම ඔව්…..ලංකාවේ එක්තරා ගීපද රචකයෙක් ඉන්නවා ඔහු තරම් පිළිලයක් මම මගේ ජිවිතයට දැකලා නෑ. අපි වගේම දරුවෝ ඉන්න කෙනෙක්. ඒත් ඉතාම නරුම කපටි මිනිහෙක්. ඒ වගේ තක්කඩි මේ ක්ෂේත‍්‍රයට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. පුදුම කපටි විදිහට සියල්ල තමන්ගේ කරගන්න තමයි ඒ මනුස්සයා වෑයම් කරන්නේ. එන්න මල්ලි කියලා බොහෝම ආදරෙන් කතා කරලා අන්ත අසරණ තැනට ඇදලා දාන්න තරම් දුෂ්ට කපටියෙක් ඔහු. ලොකු චරිත විදිහට හිටියට ලොකු කම්පැනිවල වැඩ කළාට මේ තරම් නරුම නිමිස්සු මොන නිර්මාණ කළත් වැඩක් නෑ. ලගදීම මම මේ මනුස්සයගේ සියලු දුෂ්ඨකමම් හෙලි කරනවා. ශිහාන් මේ ලෝකෙ කෙනෙක්ට වෛර කරනවානං ඒ පුද්ගලයා ඔහු තමයි. ඒ වගේ අය කලාවෙ තියන්න නරකයි. මොකද කලාව දෙවියන්ගේ.