පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මකුළු දැලක සවියක් නැති ඔබෙ සිත
    කොහොම දරා ගත්ත ද මන් දුන් දුක
    මහමෙරකට වැඩි සවිමත් මගෙ හිත
    අද දරාගන්න බෑ ආදරයක දුක

    අමාවකට සඳක් වෙලා ඔබ මට
    එළිය කළා මතකයි මගෙ පෙම් ලොව
    ඔබ තනිකර තව හිතකට පෙම් කළ
    මම අද විඳින්නෙ ඒ හිත දුන් ගින්දර

    මකුළු දැලක සවියක් .....

    නෙතු රැවටුව මායාවකි ඇය මට
    උරුම කළේ කඳුළයි මගෙ දිවියට
    වෙන්වුණු දා ඔබ ඒ හැඬුවා සේ ම
    ඇය වෙනුවුණු දා මගෙ සිත හැඬුවේ මෙහෙම

    මකුළු දැලක සවියක් .....

    ගායනය :- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුදු සේල මුතු මාල පළදා ඇවිල්ලා
    හිත ගාව දඟ පෑව සෙනෙහස නොඉල්ලා
    මනමාළ සඳ සේම රෑ?අහස ඉල්ලා
    ළඟපාත ඔබ නෑනෙ මගෙ දෑත අල්ලා
    මම අදරෙයි තාම මේ දෑස පල්ලා

    සතුටින්ද ඔබ ඉන්නෙ හැරදා ගිහිල්ලා
    තනියෙන්ම මම ඉන්නෙ ඔබ නේන හින්දා
    සඟවන්න බෑ ප්‍රේම දුක් ගින්න කිසිදා
    යලි එන්න සුළඟක්ව සිසිලක් ගෙනැල්ලා
    මා ළගට වීලා..

    සුදු සේල...

    සැනසීම මා පැතුව ඔබගෙන්ම සැමදා
    උඳුරාන ගියෙ ඇයිද දුක් සයුරෙ ගිල්වා
    හසරැල්ල මුව ගාව ගෙනැවිත් තියාලා
    කඳුළැල්ල පිසලන්න යලි සෙනෙහෙ දීලා
    මා ළඟට වීලා..

    සුදු සේල..

    ගායනය - සලින්ද ප්‍රනාද්දු (All Right නායක - Flash Back 2)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා ඇදෙන්නෙ ජීවිතේ කතාවදෝ,,,,,,,,,
    නෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාවදෝ,,,,,,,,,,,,
    තරු ඇසක් ඇරී උදා ගිරේ,,බිම් මලක් මුවින් හිනා නැගේ ,,
    තරු ඇසේ කතා මියේද බිම් මලේ හිනා මැකේද මේ වෙනස දෝ ආදරේ :love::love::love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගෙලේ රන්මාල දා හැඩ වී
    කනේ රන් තෝඩු දා සැරසී
    මගේ මනමාලිනී නුඹ කවදාද මා වෙත
    එන්නේ කියන් මැණීකෝ....

    රැන්දූ සිනා සඳ වගේ මුහුණේ
    දැක්කාම සිත බැඳුනේ
    පෙන්නා අගේ හද රැදි සෙනෙහේ
    ඉන්නම් බැඳී එකසේ
    නැතේ දායාද ඕනේ කිසිදාක නෝනේ ඔය දෑත හිමි වේනම්
    සුදු නෑනා මාගේ කරකාර බැඳගෙන පන වාගේ රැකගන්නම්
    මගේ පණ වාගේ රැකගන්නම්

    බන්දා තොරණ් හැමටම කියලා
    හද්දා මගුල් කනවා
    කැන්දා අරන් යන දා මැණීකා ගම්මානේ එලි වෙනවා
    පැලේ රන් පහන වාගේ ඔබ ඉන්න ඕනේ හැමදාම සන්තෝසෙන්
    සුදු නෑනා මාගේ කරකාර බැඳගෙන පන වාගේ රැකගන්නම්
    මගේ පණ වාගේ රැකගන්නම්.......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මිලින කුසුමෙක මිලින සිහිනයක
    මගේ සිහියද සැඟවගත් කල
    සිතනු මැන ඔබ ඔබට අවනත
    හදක් මිහිමත මෙතෙක් රැඳි වග..
     
    • Like
    Reactions: amila_90210

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    What are words,
    If you really don't mean them
    When you say them...
    What are words,
    If they're only for good times
    Then they don't..
    When it's love
    Yeah, you say them out loud
    Those words, They never go away..
    They live on, even when we're gone...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    I used the deadwood to make the fire rise
    The blood of innocence burning in the skies
    I filled my cup with the rising of the sea
    I poured it out in an ocean of debris

    I'm swimming in the smoke

    Of bridges I have burned
    So don't apologize
    I'm losing what I don't deserve

    What I don't deserve


    We held our breath when the clouds began to form

    But you were lost in the beating of the storm
    And in the end we were made to be apart
    The separate chambers of the human heart
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I told you how I felt,
    I told you what it meant,
    But I still haven’t changed your mind,
    I know that you’re afraid,
    You’re frightened of the pain,
    But you can let down your guard...

    Cause when we run, when we hide,

    We deny what’s inside...

    What good is a heart if you’re not gonna use it,

    What good is a love if you’re too scared to choose it,
    If you’re heart is beating, then it’s for a reason, girl,
    If you’re not willing to start, what good is a heart?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I used the deadwood to make the fire rise
    The blood of innocence burning in the skies
    I filled my cup with the rising of the sea
    I poured it out in an ocean of debris

    I'm swimming in the smoke

    Of bridges I have burned
    So don't apologize
    I'm losing what I don't deserve

    What I don't deserve


    We held our breath when the clouds began to form

    But you were lost in the beating of the storm
    And in the end we were made to be apart
    The separate chambers of the human heart
    is this about atomic bombing at time of war? .kind of love story Great !!
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු මුතු රළ පෙල කිඳුරු කොදෙව්වේ
    පාවඩ පළස එලා
    සිඳුලද ගෙනදුන් මුතු කැකුළක් සේ
    ඔබ මට තිළිණ වෙලා

    යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ
    මුකුලිත සිතැගි සරා
    අරණැල්ලක් සේ...
    අරුණැල්ලක් සේ නුඹ මිණ පායා
    සෙනෙහස ජනිත කලා

    සැඩ රළ රැල්ලේ සැලෙන කැඳැල්ලේ
    රැදුනෙමි සරණ සොයා
    පවනැල්ලක් සේ....
    පවනැල්ලක් සේ නොම හැර ආවෙමි
    ඔබ හද සැදෙන තුරා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා
    සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා
    පැතුමන් ‍ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා
    ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා
    පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා

    සොඳුරුයි හදේ දැන් සුපෙම් කල්පනා
    ඔය දෑස මට ආදරේ පැවසුවා
    සඳපාන වාගේ ඔය මූණ ඔබගේ
    සොඳුරුයි ළඳේ සෑමදා
    සෙනෙහේ මැවූ ඒ හසඟන විලාසේ
    මම ආදරෙයි සෑමදා

    දඟකාර සිහිනේ ...........

    සිතුවම් ඇඳී යයි ඔහේ පාවෙලා
    මට ඉන්න ආසයි තවත් ළංවෙලා
    රන්පාට හීනේ හිමිකාරී මාගේ
    හිත රෝස යායක් කළා
    නිල්පාට නෙතඟින් මදහාස මුවගේ
    මට දෙන්නකෝ ළංවෙලා

    දඟකාර සිහිනේ ...........


    ගායනය :- චමිල් හා රිෂාන්
     
    • Like
    Reactions: m3pium

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අඩන්නෙ ඇයි සුදු මැණිකේ
    කියන්න පණ මාගේ
    හෙලන්නෙ ඇයි කදුළැලි
    ආදර නිල්මිණි දෑසේ

    ඔයාව ජීවිතයේ
    මට හමුවුන මුල් දවසේ
    සිනාව දෑසේ
    අහිංසක ආදරයයි තිබුණේ
    කියාපු මිහිරි කතා
    තවමත් ඇහෙනවෙ වගේ
    ප්‍රියාවි රැක ගන්නම්
    හද බලකොටුවෙහි මාගේ

    මැණිකේ සුවද මලයි
    පිපි බාධක කටු අතුලේ
    සිටින්න දෝතින් ඒ මල
    නෙලනා තුරු මැණිකේ
    දිලෙන්නෙ එක තරුවයි
    සද වට කර පෙම් ලෝකේ
    සද මැණිකෙයි මා පායන තරුවයි
    රෑ අහසේ
     
    • Like
    Reactions: m3pium

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල් ගොලුවී සිටී
    නැගුනු සෙනෙහෙ
    කියනු බැරි වී
    මගේ හිත වේදනා විඳී

    ලවන් හසකැන්
    නුවන් කැල්මන්
    හොඳින් හදුනන්නේ ආදරේ
    නුවන් රැහැනින්
    බැදෙන්නට පින්
    නොමැති දෝ මා කෙරේ

    මගේ විජිතේ
    සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ
    ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ

    ඔබේ පෙම්ලොල්
    හදේ නොකැළැල්
    ලැගුම් සොයමින් නුවන් අයා
    යොවුන් බිඟු දැල්
    හෙලු හසරැල්
    මසිත සුසුමන් දවා ගියා

    මගේ විජිතේ
    සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ
    ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ

    ඔබට සිත ආදරේ කරයි .....
    :(:(:(

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඳුලැල් සුසුමන් මැකීලා...
    සීමා මා‍යිම් බිඳීලා...
    මුදු සුළඟේ සිත නිවීලා...
    නව දිනකට හිරු නැගේදෝ...

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං කවි කාරිලු මං කවි කාරිලු
    ගජමන් නෝනට වැඩි කවි කාරීලු
    ආලවඩන කවි සිංදු ගොතන්නට
    ඉස්සර ඉඳළම
    මං කවි කාරිලු

     
    Status
    Not open for further replies.