පද පේලි .....

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෑ... අහසේ.. තරුකැට පායා දිලුනා..
    මා... තනියේ.. සිතුවිලි සයුරේ වෙලුනා..//

    ඔබේ සුමුදු අත මා අත් පටලා..
    තරු දහසක් පායා දිලුන එක..
    පියමන් කෙරුවා පෙර අප දෙදෙනා..
    තරුකැට අතරේ රැදී තිබෙනවා..
    හිතට දැනෙනවා..

    තරු එළියක් දෙනෙතට වැටිලා..
    සඳ කිරණින් ඔබෙ මූණ පෙනීලා..
    ආදරයෙන් අප පියමන් කෙරු හැටි..
    තරුකැට මා මතකයට ගෙනෙනවා..
    හිතට දැනෙනවා..

    -ආත්මා ලියනගේ-

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳකඩ පහනක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැඟුම් ගනී
    කැළැතුනු රසයක පැන ආ බුබුලක්
    අකුරු වැළක් දෙහඳක ලියැවී
    යුගයෙන් යුගයක නොමියෙන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා
    සියුමැලි කැකුළක් මැලවෙද්දී

    දහසක් පෙති මත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බින්ඳූ
    ගව්වක් ඉහලට ගොනු කොට රඳවා
    කොපියන දෙතොලක් එහි කැන්දූ
    අහසත් ගුගුරා කළුවක් වපුරා
    ඒ හා මුහු වුණු වැහි බින්දූ
    ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
    තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

    හදවිල ඉපැදුණු කැකුළක් නොකලට
    නටුවෙන් ගලවා දුරක යවා
    ලිහිනිය තෙත් කොට ගිලිහුණු කඳුලක්
    සත් සමුදුරකට මුහුව ගියා
    ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
    එක්ටැම් මැදුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටී බලා

    සිටී බලා..............

    -සුනිල් එදිරිසිංහ-

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ..
    මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ..
    කොළොම්පුරේ නුඹේ ගෙදර පහළ කාමරේ..
    මාව තියාගන්න බැරිද රත්තරන් පුතේ..

    ලොකු දුවගේ ගෙදරට වී හිටියා බොහො කල්..
    එහෙ ඉන්නා හැම දෙනාට මාව ලොකු බරක්..
    මැරෙන්න මොහොතකට කලින් නුඹේ ළඟ ටිකක්..
    තියාගන්න පුළුවන් නම් පුතේ ලොකු පිනක්..

    අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද..
    මං කැව්වම විතරයි පුතු කෑවෙ බත් ටික..
    සාංකාව වගේ පුතේ ඔයා නොදැක්කම..
    ගමට එන්න පුතාගෙ සුදු මූණ බලන්න..

    -චාමර වීරසිංහ-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා නිසා මගේ සිනා මැකී ගියා දෙන්
    ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
    ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
    ඔයා ලැබෙන්නේ නැත්නම් තනිකඩ වෙද්දෙන්

    තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුඹ නෑ අම්බරේ
    බිඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංගුනේ
    අපි හමුවුනොතින් සඳ එයි නැගිලා ගංඟාවට එළිය අරන්
    ආදර මල් යායක් අරන්

    බලා ඉන්නම් තව හුඟක් කල් ඔයා එනතුරු මා සොයා
    ඔයා නාවත් ඉවසලා හිත හදාගන්නම් ඔබ නිසා
    තනිකම උහුලා පහලට ගළනා ගඟ සේ ඉන්නම් සතුටින්
    සෙනෙහස රන්දා රහසින්


    -චන්ද්‍රසේන හෙට්ටිආරච්චි-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුඹ ‍යන්නම ‍යන්නම ‍යනවා නම්...
    මට ඉන්න කි‍යන්නට බැහැනෙ ඉතින්...
    ‍යලි එන්නම එන්නම හිතුනේ නම්...
    නුඹ් එන්න එපා මගෙ හිත තහනම්...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේක අහලා බලන්න



    I follow the Moskva
    Down to Gorky Park
    Listening to the wind of change
    An August summer night
    Soldiers passing by
    Listening to the wind of change

    The world is closing in
    Did you ever think
    That we could be so close, like brothers
    The future's in the air
    I can feel it everywhere
    Blowing with the wind of change

    Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow dream away
    in the wind of change

    Walking down the street
    Distant memories
    Are buried in the past forever
    I folow the Moskva
    Down to Gorky Park
    Listening to the wind of change

    Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow share their dreams
    With you and me
    Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow dream away
    in the wind of change

    The wind of change
    Blows straight into the face of time
    Like a stormwind that will ring the freedom bell
    For peace of mind
    Let your balalaika sing
    What my guitar wants to say

    Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow share their dreams
    With you and me
    Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow dream away
    in the wind of change

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක අහලා බලන්න



    I follow the Moskva
    Down to Gorky Park
    Listening to the wind of change
    An August summer night
    Soldiers passing by
    Listening to the wind of change

    The world is closing in
    Did you ever think
    That we could be so close, like brothers
    The future's in the air
    I can feel it everywhere
    Blowing with the wind of change

    Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow dream away
    in the wind of change

    Walking down the street
    Distant memories
    Are buried in the past forever
    I folow the Moskva
    Down to Gorky Park
    Listening to the wind of change

    Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow share their dreams
    With you and me
    Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow dream away
    in the wind of change

    The wind of change
    Blows straight into the face of time
    Like a stormwind that will ring the freedom bell
    For peace of mind
    Let your balalaika sing
    What my guitar wants to say

    Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow share their dreams
    With you and me
    Take me to the magic of the moment
    On a glory night
    Where the children of tomorrow dream away
    in the wind of change

    thanks....:D
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේ භවයෙදි මුළු දිය දහරේ - එකතු නොවනු ඇත අපි ආයේ
    පවස නිවන දිය පොදක් නොවී ඔබ - ඇයි මහ සාගරයක් වූයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    වැටෙන මල් පෙති පාවුණා‍ වේ
    සුළං රැළි ඔහෙ යන අතේ
    යලිත් ගහ කොළ පාළු නෑනේ
    රිකිලි නංවා ලියලැවේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    කොහේ ද සීතල ජලාශයක රැළි
    ගැටී ගැටී එයි සුළං වැදී
    අපේ ම සිරුරේ අපේ ම ඩාදිය
    නිවී නිවී යයි සුළං වැදී
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    ගලා බසී දිය පහර සෙමින්
    වැලිතලා සදා සමතලා බිමේ
    හැපී ගලක යලි සලා වැටුම් දී
    නඟා නඟා හඬ දිවේ දිවේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    ගායනය :- නාරද දිසාසේකර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා
    අපටත් දවසක හඳ පායනවා
    එදා අපිත් මල් පැණියෙන් නානවා:rolleyes::rolleyes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රුවන් තාරකා
    නුවන් පායලා
    ඉදින් හදවතේ රැදී
    වේදනා නිවා...

    නිසල රැයේ නැගෙන සඳේ
    සිසිල වූ ඔබේ
    සෙවන ඇගේ සුවඳ ගෙනේ
    නිබඳ මා වෙතේ
    නිබඳ මා වෙතේ

    තිසර විලේ පිපුනු මලේ
    රැදුනු ආදරේ
    සුවඳ ගෙනේ සතර දෙසේ
    යොවුන් මාවතේ
    යොවුන් මාවතේ...
     
    • Like
    Reactions: m3pium

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගේ නෙත් ඇයි මෙසේ
    නිබඳ මා පෙළන්නේ ......
    මගේ සිත රවටමින්
    ඇයිද මා පෙළන්නේ .....
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සිතක් කෙලෙසද මේ තරම්
    වේදනාවන් විදින්නේ
    නෙතක් කෙලෙසද මේ තරම්
    දුකට කදුළැලි සලන්නේ...//

    ‍ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
    කල්පයක් වී දැනේ නම්..//
    ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
    සිතා ගන්නේ කෙලෙසදෝ..

    සිතක් කෙලෙසද...//

    සුසුම් කදුළැල් සිහින පමණක්
    උරුමයන් වී සදා කල්...//
    සතුට මොහොතක මිරිඟුවක් වී
    බිඳී යන්නේ ඇයි මෙසේ...

    සිතක් කෙලෙසද...//
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෑස් පියාගෙන සිහිකරනාවිට මගේ සිතට ඔබ පිවිසේ නම්
    ඔබ ගැන මුමුණන සෙනෙහස උතුරන සිතුවිලි හා දොඩමළු වේ නම් :dull:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
    අලුත් සිහිනයක් මට නැතිදෝ
    සුපුරුදු එක සිහිනෙම දැකලා
    සිතේ සතුට මගෙ ඇත මැකිලා :love::love:
     
    • Like
    Reactions: m3pium

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතනම් මා ළඟයි ඔය දෑත දුර ඈතයි
    හැකිනම් ඔබ ළඟයි මා ආදරේ නුඹටයි

    ඈත සයුරු මානයේ කීව පෙම් කථා
    දෑසෙ කඳුළු නංවලා ඔබේ පෙම් සිනා
    ඈත සයුරු මානයේ එදා කී කථා
    සිහින ලොවක තනිවෙලා හිට ඇසෙයි මෙදා
    ඔබ හා යන්න එකවී මට දෑත දෙනවා නම්
    හැරදා වුණත් මගෙ ජීවිතේ ඔබ ළඟට මා එන්නම්

    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා
    මා ළඟම දැවටිලා උරට හිස තියා
    ඉන්න ඔබට මා ළඟින් දෙන්නෙමී සදා
    ඔබ හා යන්න පාවී ඔය දෑත දෙනවා නම්
    හැරදා මේ ජීවිතේ ඔබ ළඟට මා එන්නම්


    ගායනය :- සදීප්ත, සංධපා, සිනෙත්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පානා සෙනෙහස ඇල්මෙන් නිමගෙන ඉන්න නුඹට බැරිනම්.

    කීවා නාහන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්නම්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳේ එළියෙන් පවා ඇඳුණේ නුඹගේ සිනා
    රැයේ සි‍හිනේ වෙලා හිනහෙන් මා හා ඔයා
    හදේ සෙනෙහෙ අමතක කර නොයන් මා දමා
    මගේ පණ ඔයා

    රෑ සිහිනෙන් වත් ඇවිදින් හමුවන්න ඔයා
    නුඹයි මගේ ජී‍විතේ සදා
    සිහිනෙන්වත් හිතන්නෙපා යන්න මා දමා
    ආදරෙයි මා සදා
    අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
    මගේ පණ ඔයා

    මහද අහස් තලයේ පෑයූ සඳයි ඔයා
    අමාවකයි නුඹ නැතිවුණ දා
    හත්දින්නත් තරු පොකුරෙත්
    දුටුවෙ නුඹෙ සිනා
    ආදරෙයි මා සදා
    අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
    මගේ පණ ඔයා

    සඳේ එළියෙන් පවා .............


    ගායනය :- තුෂාර ජීවන්ත
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී හිත අද්දරට

    විස්මිත කමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
    සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

    සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්........


    රොහාන් ශාන්ත බුලේගොඩ
     
    Status
    Not open for further replies.