බලාගෙනයි කොල්ලනි....!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලාගෙනයි කොල්ලනි....!

    දස මස ‍දරා කුස තුල නෙක විට හඩලා.....
    මව්තුම බිහි කරයි බිළිදෙකු දුක් විදලා....
    සිය ලේ කිරි බිදුව නිරතුරු පොවලා...
    ඇති දැඩි කලේ මගෙ ආදර පුතු කියලා....

    සුරතල් ළමා කාලේ කෙලිලොල්ව සැදී.....
    මවිපිය සෙනෙහෙ ඔහු නොඅඩුව විදින ලදී ..
    කිසියම් දුකක් කරදරයක් ඇති විටදී.......
    සිටියා වෘක්ෂයක් මෙන් රැකවරණ දිදී...........


    පසුකර ළමා කාළය ක්‍රමයෙන් ළමයා......
    නව යෞවන වියේ අරුමය සොයා ගියා......
    ඇසුරට මිතුරු මිතුරියො රිසි ලෙසින් තියා....
    අන්තර් ජාලයට මිතුදම් රැගෙන ගියා....

    සා පෙළ ලියා උ පෙලටත් සැරසෙනවා....
    කෙලිලොල් වියේ හැගුමන් විකසිත වෙනවා....
    කුසුමන් පිපී මග දෙපසින් හිනැහෙනවා....
    දුටුවත් පියුම් යන බඹරුන් කොහි වෙනවා.......

    පාසල් වියේ ‍සුන්දර කම විදින තුර....
    සිත යයි වෙනත් තැනකට ඔය අතරතුර.....
    පාඩම් පොතේ පිටු පෙරලෙයි වරින් වර.....
    එනමුත් මනස ඇත්තේ පාඩමින් තොර.....

    මිතුරන් හමු වෙලා සිදුවූ තතු කියලා.....
    සහයෝගය පතයි ඇගෙ ගැන හෙලි කරලා...
    කෙලෙසින් ගමිද ඇයගේ හිත මගෙ කරලා...
    කියලා දෙන්න මිතුරනි මට සමාවෙලා.....

    කොල්ලන් සිටින විට පාරේ වැටීගෙන....
    කෙල්ලන් උදම් වෙයි සුරගන වෙසක් ගෙන...
    දැක දැක නොදැක්කා සේ ඉගි මරාගෙන...
    පසු කර යන්නෙ ඇය පස්සත් ගසාගෙන....

    අයියෝ මචං මා හට උන වියෝයා....
    එක බැල්මකින් ආදර හිත පිරේයා......
    ඇය නැති ලොවින් දැන් මට ථල නැතේයා.....
    ආදරයකින් මගෙ ලොව මල් පිපේයා.... :love:

    මෙලෙසින් ටිකෙන් ටික කාලය ගත වෙනවා....
    කොල්ලත් අත් නොහැර ෆුල් ට්‍රයි එක දෙනවා....
    කෙල්ලගෙ ගනන් දැං ටික ටික අඩුවෙනවා.....
    ආල කථා එස් එම් එස් මුමුනනවා..............

    ආදර රත්තරං ඔබ මගෙ චූටි සුදූ.........
    උක්කුං මැණික මගෙ රන්කද චූටි කුකූ....
    වරකින් වරෙක නව නව නම් මැවෙයි ගෙතූ....
    දිනයෙන් දිනය ගෙවිලා යයි ආලෙ තතූ.....

    ආලේ ලීලෙ පාලා නැගලා යනවා....
    කොල්ලා කෙල්ල වෙනුවෙන් පණ විකුණනවා...
    එම් සී එකට නිතරම දෙන්නා යනවා....
    පන් හය දහක් දවසට ඉවරම වෙනවා....

    ඕනෑ දෙයක් ඇත්නම් මට දෙනවාද......
    ඔව් පවසන්න ඔබහට අඩු මොනවාද...
    අර වර්ගයෙන් මුද්දක් මට දෙනවාද...
    නැත්තං හොදවගෙං ඇදුමක් දෙනවාද.... :rolleyes:

    සල්වාරියට බර ගානක් යට වෙන්නේ....
    ඒ මගුලෙනුත් කෙල්ලට නෑ ඇති වෙන්නේ....
    දහවල් උනා දැං අපි මොනවද කන්නේ....
    අයෙත් ගනෙකට කොල්ලට කෙල වෙන්නේ....

    ඕටී කරලා තව තව එලවුන්ස් දාලා.....
    මීටර් ටැක්සි වාගේ අර පිරිමහලා.....
    පර්ස් එක පුරවගෙන එන්නේ දුක් විදලා....
    ඒ මොක උනත් හවසට එය හිස් කරලා... :baffled:

    අමතර පන්ති සිටිනා කල සැන්දෑවේ......
    බස් එක එනතුරුම හෝල්ට් එකෙ උන්නාවේ...
    චොක්ලට් එකක් විතරද අද ගෙන ආවේ.....
    ඇයි අර ලවර් එකෙ මාලය නොගෙනාවේ.....

    ටික ටික ඇගේ තර්ජනයන් වැඩි වෙනවා....
    පුදනා දෙයින් කිසි සතුටක් නොලැබෙනවා....
    වෙන වෙන ඉසව් ඔස්සේ විපරම යනවා...
    කොල්ලව ටිකින් ටික දැං අමතක වෙනවා.....

    වෙනදා වගේ නෑ පැය ගානක් ඉන්නේ....
    හිටියත් අහන්නේ කීයට දෝ යන්නේ.....
    පැය ගණනකින් නෑ දුරකථනය ගන්නේ....
    මැසේජ් එකක් වත් නෑ ඇය ලැබ දෙන්නේ....

    සීතල යුද්ධයක් දෝ මේ පවතින්නේ....
    ඇයගෙන් කිසිදු ලකුණක් නෑ දිස් වෙන්නේ.....
    කාලය ශ්‍රමය රැකියාවද හැරයන්නේ.....
    කොල්ලට තමා පමණයි මතු හිමිවෙන්නේ....

    ආදරෙ කරන කොල්ලනි මේ අහගන්න....
    නිරතුරු ඔබත් විමසීමෙන් පසුවන්න.....
    දුටු දුටු පියුම් අගුණයි මතකෙට ගන්න....
    කෙලිලොල් තරුණ ජීවිත රැකගෙන ඉන්න....

    ලෝකෙන් උතුම් සුන්දර දේ ආදරය...........
    නොලැබුන විටදි එය මාරක විරාගය....
    කාලය පවා නැවතී ඇති විලාසය...
    වැටහේ ලැබුන විට ඒකෙන් පරාජය....:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙපමණ හැකියාවක් තියාගෙන
    එය හදවතෙහිම සගවාගෙන
    වල් බයිලා කියා නිකටේ අත තබාගෙන
    ඉන්නාවිටදි පුදුමයි සහෝ සත්තකට මට ඔබ ගැන
    පොල් ගස සමීපය අප ලක් වැසියන්ට.....
    ගෙඩි පොල් කොප්පරා කොහුබත් සපයන්ට..
    ඒකාකර නොවනට කවි ගලපන්ට.....
    බයිලා ,කියා වෙනසක් නං නෑ මෙමට...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොල් ගස සමීපය අප ලක් වැසියන්ට.....
    ගෙඩි පොල් කොප්පරා කොහුබත් සපයන්ට..
    ඒකාකර නොවනට කවි ගලපන්ට.....
    බයිලා ,කියා වෙනසක් නං නෑ මෙමට...

    මා පැවසූ දෙය....
    නිවැරදිව නොගත් බවට ...
    හැගුණු නිසා මසිතට...
    පවසමි සහෝ යලිත් මෙලෙසට....

    ඔබ සතු කුසලතාවන් ඔප නංවන්න.....
    නිබදව කවට ඔය සිත යොමු කරලන්න...
    උපමා සමග නිතරව ඔබ ගැවසෙන්න....
    එවිටදි හැකිය පරිනත කවියෙකු වන්න...

    පුදුමයි ඔබේ අදහස් කව බැලුවාම...
    අරුමයි ඔබේ එක දෙක පද ගැලපීම...
    කදිමයි සිතේ අදහස හා ඇමිණීම...
    දිගටම කලොත් මිණි මෙන් වෙයි දිලිසීම....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා පැවසූ දෙය....
    නිවැරදිව නොගත් බවට ...
    හැගුණු නිසා මසිතට...
    පවසමි සහෝ යලිත් මෙලෙසට....

    ඔබ සතු කුසලතාවන් ඔප නංවන්න.....
    නිබදව කවට ඔය සිත යොමු කරලන්න...
    උපමා සමග නිතරව ඔබ ගැවසෙන්න....
    එවිටදි හැකිය පරිනත කවියෙකු වන්න...

    පුදුමයි ඔබේ අදහස් කව බැලුවාම...
    අරුමයි ඔබේ එක දෙක පද ගැලපීම...
    කදිමයි සිතේ අදහස හා ඇමිණීම...
    දිගටම කලොත් මිණි මෙන් වෙයි දිලිසීම....

    වැටහුනි ඔබේ ඔවදන් පැහැදිලිව ඉතා....
    උත්සහ කරන්නම් කවි පබැදුමට සිතා....
    පරිණත බව දුරයි එය බෑ ගන්න ඔතා...
    උත්සහ කරන්නම් ඔබ වැනි වෙන්න පුතා....

    තරුවක් වෙලා ගණදුරු රැය පායන්න....
    හබලක් වෙලා ඔරුවට සරණක් වෙන්න....

    පියුමක් වෙලා නටුවට ලස්සන දෙන්න...
    සස්ලිට් කිවිද ඔබ නිරතුරු වැජඹෙන්න..
    11.gif
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    lassana kawi pelen apa sitha purawanne...
    me kawi nomatha mata amathaka noma wanne..
    hoda owadan pelak api kath oba dunne..
    mewata nodena rep wena katada denne..


    thnxx bro rep+
     
    • Like
    Reactions: Dinushasankalpa