CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි තව එක Conversion එකක කරමු. මම 11010011 කියන Binary සංඛ්‍යාව Hexa Decimal වලට හරවනවා. අපේ කෙටි ක්‍රමය භාවිතා කරලා.

    hexa%20_conversion2.jpg


    දැක්ක නේද 13 කියන අංකය වෙනුවට මම දාලා තියෙන්නේ D අකුර ඒක තමයි Hexa Decimal වල 13 හැදින්වීමට තියෙන අකුර. ඒක අමතක කරලා පිළිතුර විදිහට 133 දැම්මනම් ඒ පිළිතුර වැරදියි. ඒක තේරෙන්න ඇතිනේ කලින මම ඒ ගැන කිව්වා. ඒ ඇති


    Hexa Decimal to Binary Conversion

    දැන් අපි දන්නවනේ මේකෙ අනිත් පැත්ත ඒ කිය‍න්නේ
    Binary to Hexa Decimal Conversion කෙටි ක්‍රමයකින් කරන හැටි. ඉතින් ඒ ක්‍රමයෙම අනිත් පැත්ත තමයි මේකෙදි කරන්න තියෙන්නේ. අපි කලින් Conversion වලදි ගත්ත Value එකක්ම ගමු.

    ඔන්න මම D3 කියන Hexa Decimal අගය Binary වලට හරවන්නයි යන්නේ. බලන්න කොහොමද කියලා.

    hexa%20_conversion3.jpg



    තේරැණා නේද අපිට කරන්න තියෙන්නේ Hexa Decimal වල තියෙන Digits වෙන වෙනම අරගෙන ඒවා 2න් බෙදාගෙන යන්න. හැබැයි ඉහත රෑපය දැක්කම මටනම් ඔන්න ප්‍රශ්නයක් ආවා ආයෙත්. මම කිව්වනේ Binary එහෙම නැත්තම් 2 පාදයේ සංඛ්‍යා Hexa Decimal එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්නේ 2 පාදයේ 4 වෙනි බලයෙන් කියලා. ඒ කිය‍න්නේ Hexa Decimal සංඛ්‍යාවක් අපි Binary වලට හැරෙව්වම හැම තිස්සේම Digits හතරක් තියෙන්න ඕනේ. ඔන්න D (13) කියන Hexa Decimal අගය Binary වලට හැරෙව්වම අපිට 1101 කියලා digits 4 ක පිළිතුරක් එනවා එතන ප්‍රශ්නයක් නෑ. නමුත් අපි 3 කියන Hexa Decimal අගය Binary වලට හැරෙව්වම එන්නේ 11 කියලා digits 2 ක අගයක් විතරයි. දැන් මොකද කරන්නේ. හරි ලේසියි අපි ඒ ආපු අගයේ වෙනසක් වෙන්නේ නැති වෙන්න ඒ වගේම digits 4 සම්පූර්ණ වෙන්න ඉස්සරහට 0 ටිකක් දාමු. මේ උදාහරණයේ නම් අපිට 0 දෙකක් ඉස්සරහට දාන්න ඕනේ. අපේ කලින් උදාහරණයත් එක්ක Check කරලා බලන්න පිළිතුර හරි නේද.


    hexa%20_conversion4.jpg


    ඔය ඇති Number System සහ Conversion ගැන


     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි කතා කරන ප්‍රධාන මාතෘකාව Ethernet. මම ටිකක් වැඩිපුර මේ මාතෘකාව ගැන කතා කරන්න මුල ඉදලම අදහස් කලා මොකද මේක CCNA Syllabus එකේ පොඩි කෑල්ලක් වුනාට පහුගිය ටිකේ වැඩිපුර ප්‍රශ්න අහලා තිබ්බා කියලා ආරංචි වුනා. අපි Ethernet පාඩම යටතේ දැනට පහත සදහන් දේවල් කතා කරලා තියෙනවා.

    Ethernet හැදින්වීම
    http://www.elakiri.com/forum/showpost.php?p=12454189&postcount=316

    Full Duplex and Half Duplex
    http://www.elakiri.com/forum/showpost.php?p=12454294&postcount=317

    MAC (Media Access Control) Address
    http://www.elakiri.com/forum/showpos...&postcount=318
    http://www.elakiri.com/forum/showpos...&postcount=338

    Number System and Conversion
    http://www.elakiri.com/forum/showpost.php?p=12954113&postcount=455
    http://www.elakiri.com/forum/showpost.php?p=12954401&postcount=456
    http://www.elakiri.com/forum/showpost.php?p=13219764&postcount=480
    http://www.elakiri.com/forum/showpost.php?p=13220643&postcount=482
    http://www.elakiri.com/forum/showpost.php?p=13256224&postcount=483

    Ethernet වල තව පාඩම් කිහිපයක් තියෙනවා කරන්න. අපි ඒවා ගැන බලමු.

    අපි OSI Layers ගැන කතා කරනකොට කිව්වා Network එකක් (
    Layers) හරහා Data ගමන් කරන විට ඒ Data එකට සිද්ධ වෙන දේවල් පිළිබදව. ඔන්න දැන් OSI Layers මතක් කර ගන්න වෙනවා. (අනිවාර්්‍යයෙන් OSI Layers ගැන මතක තියා ගන්න මොකද ඒක CCNA වලට විතරක් නෙවෙයි මොන Network Course එකක් කලත් Basics විදිහට මතක තබා ගත යුතු දෙයක්.)

    OSI Model (Open System Interconnection Model) හැදින්වීම
    http://www.elakiri.com/forum/showpos...&postcount=164
    http://www.elakiri.com/forum/showpos...&postcount=165

    07. Application Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=169


    06 Presentation Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=177


    05 Session Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=178

    PDU (Protocol Data Unit)
    http://www.elakiri.com/forum/showpos...&postcount=186


    04 Transport Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=188
    http://www.elakiri.com/forum/showpos...&postcount=202
    http://www.elakiri.com/forum/showpos...&postcount=203
    http://www.elakiri.com/forum/showpos...&postcount=205


    03 Network Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=255
    http://www.elakiri.com/forum/showpos...&postcount=263

    02 Data Link Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=275
    http://www.elakiri.com/forum/showpos...&postcount=276

    01 Transport Layer
    http://www.elakiri.com/forum/showpos...&postcount=284
    http://www.elakiri.com/forum/showpos...&postcount=285


    ඉතින් අපි කිව්වා Data එකක් ඔය Layers හරහා යද්දි ඒකට එක එක දේවල් එකතු කරනවා කියලා අර PDU (Protocol Data Unit) ගැන අපි කිව්වේ.

    Transport Layer එකේදි Segment එකක් බවට පත්වෙනවා
    Network Layer එකේදි Packet එකක් බවට පත්වෙනවා.
    Data Link Layer එකේදි Frame එකක් බවට පත්වෙනවා කියලා එක එක
    Protocol Data Unit ගැන අපි කතා කලා නමුත් මම කිව්වේ නෑ, අපි පරිගණකයක් හරහා යවන data එකක් ඔය එක එක දේවල් වලට පත් වෙන ක්‍රියාවලිය සහ එතකොට data එකක ස්වරෑපය මොන වගේද කියලා.

    අපි යවන Data එකක් OSI Layers හරහා යද්දි පිළිවෙලට


    Data ------> Segment -----> Packet ------> Frame -----> bit (0 and 1)

    මේකෙදි වෙන්නේ අපේ Data එකට අලුත් හදුනාගැනීමේ විස්තර ඒ ඒ Layers වලදි එකතු කිරීම. Data එකට මේ විස්තර (Tags) එකතු කිරීම මගින් ඒ data එක Network එක හරහා යද්දි එක එක network devices වලට හදුනා ගැනීමට පුලුවන් වෙනවා.

    මේක හරියට අපි මොනවා හරි දෙයක් පාර්සල් කරනවා වගේ දෙයක්. අපි හිතමු කාට හරි දෙන්න අපි Gift එකක් පාර්සල් කරනවා කියලා අපි මුලින්ම පොඩි පෙට්ටියක් අරන් Gift එක දානවා. ඊට පස්සේ අපි ටිකක් ලොකු පෙට්ටියක් අරන් අර පොඩි පෙට්ටිය ඒකට දානවා ඕන්නම් ඊටත් වඩා ලොකු පෙට්ටියක් අරන් නැවත අර කලින් පෙට්ටියත් දාන්න පුලුවන් අපිට එතකොට පොඩි දෙයක් වුනත් ලොකුවට පෙන්නන්න පුලුවන් :D. ඔන්න ඔය වගේ දෙයක් තමයි අපේ Data එකටත් වෙන්නේ. Layers හරහා යද්දි නොයෙකුත් දෙවල් වලින් මේ Data එක පාර්සල් කරනවා. එතකොට Data ‍එකේ ප්‍රමාණයත් ලොකු වෙනවා. මෙන්න මේ සරල සිද්ධිය අපි එක වචනෙකින් හදුන්වනවා.

    Data Encapsulation කියලා.

    අපි බලමු OSI Layers හරහා data එක ගමන් කරද්දී කොහොමද මේ data එක Encapsulate වෙන්නේ කියලා. ඒ කියන්නේ අදාළ Layers වලින් මේ data එකට add කරන දේවල් මොනවද කියලා.

    මෙන්න මම සරල රෑප සටහනකින් දානවා මොනවද Add වෙන්නේ කියලා.

    Data%20encap.jpg


    හොදට බලන්න අපි පරිගණකයෙන් යවන data එකකට ඒ ඒ අදාළ Layers වලදි එකතු වෙන දේවල් මම පැහැදිලිව දක්වලා තියෙනවා. ඊළගට අපි මේ එකතු වෙන දේවල් ගැන ගැන ටිකක් කතා කරමු.

     
    Last edited:
    • Like
    Reactions: thushana

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machn mokakda use karana packet tracer eka?wireshark da?

    හ්ම් අපේ Office එකේ නම් CISCO Packet Tracer පාවිච්චි කරන්නේ ඒක CISCO Routers සහ Equipments එක්ක එනවා. හ්ම් සාමාන්‍ය භාවිතයෙදි මම WireShark පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව අද හුගක් tracer software's හොයා ගන්න පුලුනන්. මම ඉදිරියෙදි Sikmulators සහ packet tracer ගැන වෙනම් පොඩි Article එකක් දානවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    යාලුවෙක් අහ‍ලා තිබ්බා අපි Layers ගැන කතා කරනකොට Data එකකට ඒ ඒ Layers වලින් නොයෙකුත් තොරතුරැ add කරනවනේ. ඒ අතර Protocol Details (TCP/UDP), IP Address details, MAC address details වගේ දේවල්. ඕවා අතරින් Data එකක් ගමන් කරද්දී ඊළග Host ව හදුනාගන්න මුලින්ම පාවිච්චි කරන්නේ මොකක්ද කියලා.

    ඒ සම්බන්ධයෙන් පොඩි රෑප සටහනක් ඇසුරෙන් පැහැදිලි කරගමු.


    data%20flow.jpg


    ඉහත X කියන PC එකේ ඉදලා Y කියන PC එකට data එකක් ගමන් කරද්දී ඒ අතරතුර තියෙන Host ලා ඒ data එක ලබාගෙන ඒක දිග ඇරලා බලනවා හැබැයි ඒ data එක ලැබිය යුතු කෙනා නෙවෙයිනම් එයා ඒක දිග හරින්නේ IP Address details ලබා දෙන Network Layer එක දක්වා පමණයි. ඊට පස්සේ ඒ details අනුව ඊළග Host ට යවනවා. Data එක අදාළ Destination එකට ආවම තමයි Application Layer එක දක්වා ඒ message එක දිගහරින්නේ. තේරෙන්න ඇති කියලා හිතනවා. මේ පොඩි පොඩි කෑලි මතක තියාගන්න එක වැදගත්. මේ කෑලි අල්ලගෙන තමයි ප්‍රශ්න අහන්නේ. අනික හරි දේ දැනගන්න එක කාටත් හොදයිනේ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි අන්තිම පාඩමේදී කතා කලේ Layers හරහා data එකක් යද්දී ඒකට එකතු වෙන පොඩි පොඩි කෑලි ටික ගැන. ඒ මොනවද කියලා අපි දැන් තව පැහැදිලි කරගමු. මතක නැත්තම් ටක් ගාලා බලලා එන්න

    http://www.elakiri.com/forum/showpost.php?p=13257227&postcount=484

    හොදයි මම තව රෑප සටහනක් දානවා. ඊට පස්සේ විස්තර බලමු.

    encap2.jpg


    රෑ‍ප සටහන බලලා ඔලුව අවුල් කර ගන්න එපා ඕකේ තියෙන්නේ හරි පොඩි දෙයක්. මුලින්ම අපි බලමු Transport Layer එකේදි වෙන දේ. මම ඉහළින් දක්වලා තියෙනවා. මේ
    Layer එකේදි ඊට පහළින් තියෙන Layer වලින් ඒ කියන්නේ Application,Presentation,Session Layers වලින් එන Data එක Segment එකක් බවට හරවනවා. හරවනවා කියන්නේ කොටස් කිහිපයක් අර message එකට එකතු කරනවා මේකට අපි කියනවා TCP Header එක කියලා. මේ TCP Header එකේ වැදගත් ‍කොටස් දෙකක් මම රෑප සටහනේ දක්වලා තියෙනවා.

    01. Source Port
    02. Destination Port

    Port
    මොකක්ද මේ Port කියලා කියන්නේ ?. අපි Network එකක පාවිච්චි කරන සමහර Services / Protocol හදුනා ගැනීම සදහා අන්තර්ජාතිකව පිළිගත් Number system එකක් භාවිතා කරනවා. අපි ඉතා සරළ උදාහරණයක් ගත්තොත් 80 කියන Number එක අපි භාවිතා කරන්නේ අපේ Web Services ඒ කියන්නේ Http services සදහා. ඒක අපිට මෙහෙම කියන්න පුලුවන් HTTP වල Port Number එක 80 කියලා.

    සාමාන්‍යයෙන් 0 සිට 1023 දක්වා අංක වෙන් කරලා තියෙන්නේ මෙවැනි ‍විශේෂ
    Services හදුනා ගැනීම සදහා. එතනින් එහාට තියෙන අංක අපිටත් භාවිතා කරන්න පුලුවන් නොයෙකුත් Services සදහා Port numbers assign කරන්න. උදාහරණයක් විදිහට අපි ‍multiplayer game එකක් ගහනවා කියලා කියමු එතකොට අපිට ඒ Game එකේදි අපි කැමති port Number එකක් set කරන්න පුලුවන්. මම පහල දානවා අපි දැනුවත්ව හෝ නොදැනුවත්වම හෝ හැමතිස්සේම භාවිතා කරන Port Numbers ටිකක්.

    Telnet 23
    SNMP 161
    SMTP 25
    TFTP 69
    HTTP 80
    DNS 53
    FTP 21
    DNS 53
    HTTPS 443

    උඩින් මම දාලා තියෙන්නේ CCNA වලට හුගක්ම වැදගත් වෙන Protocol ටිකක් සහ ඒවාට අදාළ port numbers (ඔය service/protocol ගැන බයවෙන්න එපා ඊළග කොටසින් ඕවා ගැන කරනවා.). දැනට ඔය ටික මතකේ ති‍යා ගන්න. අනිවාර්්‍යයෙන් ප්‍රශ්න අහන්න පුලුවන්.

    හරි ඉතින් අපි කතා කර කර හිටියේ මේ Transport layer එකේදි data එකකට එකතු කරන TCP header එකේ තියෙන Source port සහ Destination port එක කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ port ගැන දන්නවනේ. ඉතින්
    Source port එක කියන්නේ අපි යවන්න අදහස් කරගෙන ඉන්න data එක අදාළ වන service/protocol එකේ port number එක. Destination port කියන්නේ අපි යවන ස්ථානයේ ඒ data එක ලබාගන්න කෙනා භාවිතා කලයුතු port number එක.

    ඔන්න දැන්
    Transport layer එකෙන් TCP header එහෙම add කරලා Segment එකක් විදිහට අපේ message එක Network Layer එකට එවනවා. මම දගර arrows වලින දක්වලා තියෙන්නේ ඒක තමයි. ඊට පස්සේ Network Layer එකේදි ඔය Segment එකට තව ‍කෑලි කිහිපයක් add කරනවා ඒ කෑලි ඔක්කෝම එකට ගත්තම අපි කියනවා IP Header එක කියලා (‍රෑප සටහන බලන්න). එතනත් ප්‍රධාන ‍‍කෑලි දෙකක් තියෙනවා.

    01. Source IP Address
    02. Destination IP Address

    කලින්
    Network Layer පාඩම කියෙව්වනම් මේ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. මෙන්න link එක කියවලා එන්න.

    http://www.elakiri.com/forum/showpos...&postcount=255
    http://www.elakiri.com/forum/showpos...&postcount=263

    ‍මෙතනදි එයා අර Segment එකට අපි message එක යවන තැන IP Address එකයි යවන්න ඕනේ තැන IP Address details ටිකයි add කරනවා මේ අවස්ථාවේදි අපි මේ message එක Packet එකක් කියලා තමයි හදුන්වන්නේ (මතකනේ Network Layer එකේ PDU එක).

    දැන් ඊට පස්සේ මේ
    Packet එක යනවා Data Link layer එකට. එතනදි වෙන දේත් රෑප සටහනේ තියෙනවා. හරි ලේසියි එතනදිත් එයා ඒකට

    01. Source MAC
    02. Destination MAC

    කියනා ප්‍රධාන කොටස් දෙක එකතු කරනවා. මේ කෑලි සියල්ලටම MAC Header එක කියලා කියනවා. මෙතන
    Source MAC සහ Destination MAC කියන්නේ අපි data එක යවන තැන device එකේ MAC address එක සහ data එක ඊට පස්සේ මුලින්ම ලගාවෙන ස්ථානයේ Destination MAC address එක. මෙතනදි Network Layer එකෙන් ආපු Packet එක අපි හදුන්වන්නේ Frame එක කියලා (Data Link Layer එකේ PDU එක)

    Data Link Layer එක ගැන බලන්න ඕනේ නම් පහත link වලින් යන්න.

    http://www.elakiri.com/forum/showpos...&postcount=275
    http://www.elakiri.com/forum/showpos...&postcount=276

    ඔන්න ඊට පස්සේ තමයි මේ Frame එක Physical Layer එකේදි binary වලට හරවලා cable එක හරහා යවන්න ලෑස්ති කරන්නේ.


     
    Last edited:

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Help

    Man after a.l winsysnetowrks eke networking karanna yanne
    e gana danna kauru hari innavanam podi help ekek denna
    mulinma karanne yanne special diploma in advanced networking kiyana 1
    (man elakiri ekatath aluth set 1 podi help ekak denna me gana)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    mata podi deyak dana ganna one machan.
    CCNA Security kiyanne mokakda. Mama PHP weda karana kenek. mata one network security gana course eka karannna. puluwan nam CCNA security coz eka ganna wisthara tikak kiyanna, mama next week CCNA coz ekak patan ganna inne machan. CCNA Security level eka ganna udauwak one.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    mata podi deyak dana ganna one machan.
    CCNA Security kiyanne mokakda. Mama PHP weda karana kenek. mata one network security gana course eka karannna. puluwan nam CCNA security coz eka ganna wisthara tikak kiyanna, mama next week CCNA coz ekak patan ganna inne machan. CCNA Security level eka ganna udauwak one.

    දැන් තාක්ෂණය දියුණුයිනේ. එන්න එන්නම අලුත් Devices අපි අතරට එනවා, අලුත් Software වගේම services ලෝකයට හදුන්වදෙනවා. ඉතින් අපිට අධ්‍යයනය කරන්න තියෙන පැති හුගක් පළල් වෙනවා. ඉතින් මේ තාක්ෂණයේ දියුණුවත් එක්කම Network එකක දත්ත වල ආරක්ෂාව පිළිබදවත් වඩාත් සැලකිලිමත් වෙන්න වෙනවා. අපේ රටේ වැඩි හරියක් ඔය Cyber Attacks එහෙම නැති හින්දා මේක ලොකුවට අපිට දැනිලා නෑ. නමුත් ලංකාවෙත් ලොකු ආයතන තමන්ගේ Corporate Data වල ආරක්ෂාව ගැන දැන් දැන් වැඩි අවධානයක් යොමු කරනවා.

    ඉතින් අපි CISCO Devices ගැන කතා කරද්දී Routers සහ අනෙකුත්
    ප්‍රධාන CISCO Devices වල security පැත්ත ගැන (ඔය Firewall, authentication, authorization) CCNA Security වලින් කතා කරනවා. හැබැයි මම දන්න විදිහට අපිට CCNA Security එක පාරම කරන්න බෑ. ඉස්සේල්ලා CCNA Routing and Switch කරලා ඉන්න ඕනේ. ඔය වගේම CCNA Voice කියලත් Exam එකක් තියෙනවා ඒකෙන් කතා කරන්නේ VoIP ගැන.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    CCNA Professional exam එක කරන්න ලන්කවෙ හොද තෑනක් කියනවද මචන්...
     

    anu4ranga708

    Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    මචන් කව්රු හරි කියනවද winsys එකේ CCNA කරාම දෙන්නේ උන්ගේ Certificate එකක්ද, උන් කියනවලු ඒ එකෙන් JOB එක අරන් පස්සේ Exam කරන්න කියල මේක ඇත්තද?
    COMPANY වල එහෙම WINSYS එකේ
    Certificate එකට JOB දෙනවද බන? HELP....
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දැන් තාක්ෂණය දියුණුයිනේ. එන්න එන්නම අලුත් Devices අපි අතරට එනවා, අලුත් Software වගේම services ලෝකයට හදුන්වදෙනවා. ඉතින් අපිට අධ්‍යයනය කරන්න තියෙන පැති හුගක් පළල් වෙනවා. ඉතින් මේ තාක්ෂණයේ දියුණුවත් එක්කම Network එකක දත්ත වල ආරක්ෂාව පිළිබදවත් වඩාත් සැලකිලිමත් වෙන්න වෙනවා. අපේ රටේ වැඩි හරියක් ඔය Cyber Attacks එහෙම නැති හින්දා මේක ලොකුවට අපිට දැනිලා නෑ. නමුත් ලංකාවෙත් ලොකු ආයතන තමන්ගේ Corporate Data වල ආරක්ෂාව ගැන දැන් දැන් වැඩි අවධානයක් යොමු කරනවා.

    ඉතින් අපි CISCO Devices ගැන කතා කරද්දී Routers සහ අනෙකුත්
    ප්‍රධාන CISCO Devices වල security පැත්ත ගැන (ඔය Firewall, authentication, authorization) CCNA Security වලින් කතා කරනවා. හැබැයි මම දන්න විදිහට අපිට CCNA Security එක පාරම කරන්න බෑ. ඉස්සේල්ලා CCNA Routing and Switch කරලා ඉන්න ඕනේ. ඔය වගේම CCNA Voice කියලත් Exam එකක් තියෙනවා ඒකෙන් කතා කරන්නේ VoIP ගැන.

    thanks wisthara walata. mama tikak security paththata kamathi kenek. mage loku asawak thiyanawa oya level eka karanna. CCNA security gana thawa wisthara labunoth thread eke danna. me karana wade godak watinawa. digatama karagana yanna suba pathanawa. puluwan widihata help ekak dennam me threadeka digatama karagana yanna.