ආයෝජනය කරන්න හිතෙනවද රත්තරන් වලට.??? :rofl:

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ආයෝජනය කරන්න හිතෙනවද රත්තරන් වලට.??? :rofl:

    එලකිරි එකේ යාලුවො හැම දෙනාම වගේ ආසයි මුදල් ආයෝජනය කරල ප්‍රතිලාභ ලබන්න.. මම අද කියන්න යන්නෙ දීර්ඝ කාලීන ආයෝජන ක්‍රමයක් ගැන.. රත්තරන් අරන් තියාගත්ත කියල මාසිකව පොලියක් හම්බෙන්නෙ නෑ. රත්තරන් වල මිල අනුව තමයි අපේ ප්‍රතිලාභය තීරනය වෙන්නෙ. ඒ කියන්නෙ අද අපි රත්තරන් බිස්කට් එකක් රුපියල් ලක්ශෙකට ගත්තනම් තව අවුරුද්දකින් රත්තරන් මිල,ඒ බිස්කට් එක අපිට එක්ලක්ශ විසිදාහකට වගේ විකුනන්න පුලුවන් (රත්තරන් මිල ඉහල පහල යනව, විදේශ විනිමය අනුපාත වගේ). ඒකත් කොටස් වෙලඳපොල වගේ තමයි. හැබැයි දීර්ඝ කාලීනයි. මේ බිස්කට් ගත්ත කියල අපිට ගෙදර තියාගන්න එක එච්චර නුවනට හුරු නෑ.හොඳම දේ බැංකුවක safety deposit box එකක් අරන් ඒකෙ මේව සුරක්ෂිතව තියන එක. අනික මේව විකුනනවනම් අනිවාර්යයෙන් මිලදීගත් සැබෑ රිසිට් පත තිබිය යුතුයි. (මෙම රිසිට් පතේ ඔබ සතුව ඇති රත්තරන් බිස්කට් එකේ serial number එක අඩංගු වෙනව.)
    ……රත්තරන් ග්‍රෑම් 8ක් කියන්නෙ ලංකාවෙන් නම් පවුමක්. හුඟක් අය මේක දන්නව ඇති මම හිතන්නෙ.
    …අද රත්තරන් ග්‍රෑම් එකක් රුපියල් 7500ක් වගේ වෙනව මම හිතන්නෙ.

    රත්තරන් එහෙමත් නැත්නම් gold. :P:P:P:yes::yes::rofl:

    සමහර කට්ටිය කියයි මේක මේ කෙල්ලොන්ගෙ සබ්ජෙක්ට් එකක් කියල.එහෙම නෑ.. :D:D
    රට ඉන්න බොහෝ දෙනා කරන දෙයක් තමයි රට ගිහින් එනකොට පවුම් 3,4ක චේන් එකක් අරන් දාගෙන එන එක ලංකාවට එන එක. ඇවිත් ඉතින් ඒක විකුනන එක තමයි කරන්නෙ.. :rolleyes::rolleyes::rolleyes:

    මේ රත්තරන් බිස්කට් එහෙමත් නැත්නම් රත්තරන් බාර් බර අනුව වෙනස් වෙනස් කාන්ඩ වලට අයත් වෙනව. (ග්‍රෑම් 1 සිට කිලෝ එක දක්වා.) අවුන්ස 400 (කිලෝ 12.44) රත්තරන් බාර් ගනු-දෙනු වෙන්නෙ බොහෝ ජාත්‍යන්තර ප්‍රධාන බැංකු අතරයි.

    gold-bars-weight.jpg


    …මෙම රත්තරන් බාර් වල ජාත්‍යන්තර මිනුම් ඒකක වන්නේ ග්‍රෑම්-g,කිලෝ-kg (ග්‍රෑම් 1000) සහ අවුන්ස-oz (ග්‍රෑම් 31.10), ටයේල් (ග්‍රෑම් 37.32, අවුන්ස 1.02), ටෝලා (ග්‍රෑම් 11.66, අවුන්ස 0.38).


    …රත්තරන් බාර් වල බර(gram), දිග පලල උස (millimeter) මෙසේ දැක්විය හැක..

    Gold Bars in Gram, Dimensions in millimeter

    J8FPc.png



    රත්තරන් බාර් (බිස්කට්) වල පිංතූර..

    …ග්‍රෑම් 1
    1-gram-gold-bar.jpg


    …මෙය බොහෝදුරට නිපදවන්නේ ඉස්තාන්බුල් නගරයේ රන් පිරිපැහැදුමේදීය. (gold refinery) IAR. මෙහි රත්තරන් 999.9ක් පිරිසිදුයි කියල සඳහන් කර තියෙනව. මෙම බිස්කට් එක දිගින් 8.5 ක් සහ පලලින් මිලිමීටර 15කින් සහ ට්‍රෝයි අවුන්ස 0.03215කින් යුක්තවෙනව.

    …ග්‍රෑම් 2
    2-gram-gold-bar.jpg


    …මෙහි සඳහන් වෙන විදියටත් අඩංගු රත්තරන් සියයට 99.9ක් පිරිසිදුයි.මෙය ඕස්ට්‍රේලියාවේ පර්ත් අගනුවර රන් පිරිපැහැදුමේදී නිෂ්පාදනය කරනු ලැබූවක්. මෙම රන් ආකරය දැනට ඕස්ට්‍රේලියාවේ ක්‍රියාකාරී තත්වයෙන් ඇති රන් ආකර දෙකෙන් එකකි.

    …ග්‍රෑම් 2.5
    2.5-gram-gold-bar.jpg


    …මෙහි ශුද්ධ රත්තරන් 99.9%ක් ලෙස දක්වා ඇති අතර එහි රත්තරන් අවුන්ස 0.08ක් අඩංගු වේ. මෙහි PAMP යනු ස්විට්සර්ලන්තයේ PAMP සමාගමයි. එම සමාගම 1984 වර්ෂයේ පිහිටුවා ඇති අතර මෙම සමාගම විසින් වසරකට රත්තරන් ටොන් 450ක් පමණ නිෂ්පාදනය කරයි. මෙම සමාගම ලොව අංක1 සුප්‍රසිද්ධ රත්තරන් නිපදවන සමාගම් අතරින් එකකි.

    …ග්‍රෑම් 5
    5-gram-gold-bar.jpg


    …මෙයද ස්විට්සර්ලන්තයේ credit suisse නම් සමාගම විසින් නිපදවන 99.9%ක් පිරිසිදු රත්තරන් වේ.

    …ග්‍රෑම් 10
    10-gram-gold-bar.jpg


    …මෙම බිස්කට්ටුවේ දක්වා ඇති විදියට 99.9%ක් පිරිසිදු රත්තරන් ඇමෙරිකාවේ sunshine minting සමාගම විසින් නිපදවා තිබේ.

    …ග්‍රෑම් 50
    50-gram-gold-bar.jpg


    …මෙය NIBR (National Indian Bullion Refinery) සමාගම මගින් නිපදවා ඇත. මෙහි බර ට්‍රෝයි අවුන්ස 1.61ක් වන අතර මෙම සමාගමෙන් අවුරුද්දකට රත්තරන් ටොන් 25ක් ද, රිදී ටොන් 300ක් ද නිපදවයි.


    …ග්‍රෑම් 100
    100-gram-gold-bar.jpg


    …මෙහි ශුද්ධ රත්තරන් අවුන්ස 3.2ක් අඩංගු වන අතර එහිද 99.9% ලෙස සඳහන් කර තිබේ. මෙය ස්විට්සර්ලන්තයේ Credit Suisse සමාගම විසින් ලංඩනයේ Johnson Matthey සමාගම වෙත නිකුත් කරන ලද්දකි.

    …ග්‍රෑම් 250
    250-gram-gold-bar.jpg


    …මෙම ග්‍රෑම් 250 රත්තරන් බිස්කට් නිපදවන්නේ ලංඩනයේ Baird & Co Bullion Merchants නම් සමාගම විසිනි.

    …ග්‍රෑම් 500
    500-gram-gold-bar.jpg


    පින්තූරයේ දැක්වෙන්නේ ග්‍රෑම් 500යේ රත්තරන් බිස්කට් එකක් වන අතර එහිද 99.9%ක් ශුද්ධ රත්තරන් අඩංගු වේ. මෙය නිපදවා ඇත්තේ ස්විට්සර්ලන්තයේ Valcambi SA නම් ආයතනය විසින් වන අතර එය අයිතිවන්නේ European Gold Refineries Holding SA සමාගමටයි.

    කිලෝග්‍රෑම් 1 (kilobar):P
    1-kilo-gold-bar.jpg


    මෙහි පිරිසිදු රත්තරන් 99.99%ක් අන්තර්ගතවන අතර එහි රත්තරන් අවුන්ස 32.15ක් අඩංගු වේ.මෙය Royal Canadian Mint සමාගම විසින් නිපදවන අතර එම සමාගම විසින් කැනඩාවේ මුදල් සහ ලොව සුපතල මේපල් පත්‍රය සහිත රත්තරන් කාසි නිපදවනු ලබයි.


    කිලෝග්‍රෑම් 250:D
    biggest-gold-bar.jpg

    Gold Bar picture credit, cc license: wikipedia user PHGCOM

    ලෝකයේ ලොකුම රත්තරන් බාර් එක කිලෝ 250ක් බර අතර එය බරින් කිලෝ 250ක් වන අතර රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1500ක් වශයෙන් ගනන් බලා ඇත. මෙහි මුලු වටිනාකම ඩොලර් 13,224,000කි. මෙය නිපදවා ඇත්තේ 2005,ජූනි 11වන දින Mitsubishi Materials සමාගම සහ ජපානයේ කගාවා ප්‍රාන්තයේ Naoshima Smelter & Refinery හිදියි. මෙය මුල් වරට ප්‍රදර්ශනය කරනු ලැබූවේ 2005 ජූලි 11, ජපානයේ ටෝයි රත්‍රන් නිදියේදීයි. :rolleyes::rolleyes:






    ඊලඟට බලාපොරොත්තු වන්න...


    ටෝලා බාර්.. :oo::oo:

    මොනවද මේ ටෝලා බාර්?
    ටෝලා කියන්නෙ ඉස්සර ඉන්දියාවේ භාවිතා කල මැනුම් ඒකකයක්. ඒක සංස්කෘත භාෂාවෙන් "බර" කියන අරුත් දෙනව.. වැඩි විස්තර මෙතනින්.. :P:P



    …මා හට රෙප් වලින් සලකන අයට රෙප් වලින් (7+) ප්‍රතිඋපකාර කරනු ලැබේ. :rofl::rofl:



    මෙහි අඩංගු කිසිඳු විස්තරයක් වෙනත් බ්ලොගයකින් උපුටාගත් දෙයක් නොවන බව කරුනාවෙන් සලකන්න. :P:P:P:yes::yes:
    වැරදි ඇතොත් සමා. :baffled:
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    දැං ඔය බිස්කට් ගන්නෙ කොහෙන්ද බං

    පිට්ටු බම්බුවෙන් ගන්න පුලුවන්.මහ බැංකුවෙන්. ශුවර් නෑ හැබැයි.සයිට් එකේ චෙක් කරල බලපන් පොඩ්ඩක් සහෝ. :rolleyes::rolleyes::rolleyes: