ඉරාන්_කොල්ලා

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    ඉරාන් පවුලක් පදිංචියට ගිහින් ප්‍රංශේ ගම්පලාතකට. පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි අවුරුදු 10ක විතර පුතයි. ඉතිං මේ අම්මයි තාත්තයි දෙන්න කිට්‍ටුව තියෙන ඉස්කෝලෙකට තමන්ගෙ පුතාව දැම්මලු.

    ඔන්න දැන් පුතා පලවෙනි දවසෙ ඉස්කෝලෙ යනව. පංති භාර මිස් ඇවිල්ල ටිකක් විතර ජාතිවාදී කෙනෙක්.

    මිස් : පුතාගෙ නම මොකක්ද?
    කොල්ලා : මොහොමඩ්
    මිස් : පුතා දැන් ඔයා ඉන්නෙ ප්‍රංශේ. මෙහේ මොහොමඩ් ල නෑ. මේ වෙලාවෙ ඉඳන් පුතාගෙ නම ෆ්‍රැන්සිස්කෝ

    ඉතිං කොල්ලටත් හරි සතු‍ටුයිලු අලුත් නමක් ලැබුනට. මූත් ඉස්කෝලෙ වැඩ ඉවර කරල හවස ගෙදර ආවලු.

    අම්මා : මොහොමඩ් පුතේ, කොහොමද අලුත් ඉස්කෝලේ?
    කොල්ලා : මගේ නම මොහොමඩ් නෙමේ, ප්‍රංශෙදි මගේ නම ෆ්‍රැන්සිස්කෝ
    අම්මා : උඹට අපි දුන්න නම මොඩ් මදිද? උඹට මෙහෙ ආවම අම්ම තාත්ත අමතක උනාද?
    කොල්ලා : නෑ අපේ ටීච තමා මට මේ නම දුන්නේ. මමත් ඒකට ආසයි

    මේක ඇහුවම අම්මට මල පැනල මූට හොඳටම නෙලල. තාත්ත ගෙදර ආවම තාත්තටත් මේ කතාව කියල. තාත්තට මල පැනල තාත්තත් මූට හොඳටම අල්ලගෙන නෙලලා.

    කොල්ලා පහුවෙනි දවසෙ ඉස්කෝලෙ ආවම මිස් දැකල මුගේ මූන ඉදිමිලා එහෙන් මෙහෙන් සීරීම් තුවාල එහෙමත් තියෙනව.

    මිස් : ෆ්‍රැන්සිස්කෝ, ඔයාට මොකද පුතේ උනේ?
    කොල්ලා : බලන්න මිස්, මම නම වෙනස් කරල ප්‍රංශ ජාතිකයෙක් වෙලා පැය ගානක් යන්න කලින් මට අරාබිකාරයො දෙන්නෙක් හොඳටම අල්ලන් ගැහුවනේ
    :P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php
     
    • Like
    Reactions: snoop