පොඩිසිඤ්ඤෝ 01

blue_in_rio

Well-known member
  • කට්ටිය ට අදත් මම අරගෙන ආවා සත්‍ය කතාවක්.මේක ඉතිං අපේ ගම්පැත්තෙ හැට ගනංවල කතාවක්.(ඒ කිව්වේ එකදාස්නමසිය බර ගනංවල). :frown::frown: අපේ සීයා තමයි මේව මම පොඩි දවස්වල කිව්වේ.හිනාවෙන්න වගේම හිතන්නත් දෙයක් මේවයේ තියෙන නිසා, මෙතන දානවා. :nerd::nerd: කතාවේ කතා නායකයගේ නම 'පොඩිසිඤ්ඤෝ'(නම කියවන්න ගිහින් හක්ක පන්න ගන්න එපා) :P:P සිරා නමම දානව ඉතිං, දැන් උන්දැ මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා නිසා.ඒ පව්ලේ අන්තිමයා නිසයි, උන්දැ බැඳලත් නැති නිසයි එහෙම කලාට අවුලක් ඇත්තෙම නෑ මගේ හිතේ. :oo::oo: මේ කියන කාලේ, උන්දැට හැට පැනලා.උන්දැගේ රස කතා නම් ගමකට තියෙනවා.කට ඇරියොත් ඉතින් කෙප්පයක් තමයි. :yes::yes: කොච්චර කතා තියෙනවද කිව්වොත්, එක එක කතාවට, වෙන වෙනම ත්‍රෙඩ් දාන්න පුලුවන්.(යකෝ, කිව්වත් වගේ එහෙම කලා නම් හරි )ඔන්න අද එකක් දානවා. :confused::confused:

    මුලුන්ම කියන්නම් උන්දැගේ හැඩරුව.කොටු කොටු සරමක් තමයි නිතරම ඇන්දේ.ඉනට බැන්ඳේ මරු යකඩ ගාන්චුවක් තියෙන කලුපාට පටියක්ලු.උඩට ඇඳුමක් ඇන්ඳේ වැදගත් තැනකට යනකොට විතරලු.වෙනවෙලාවල් වලට තුවායක් කරේ දාගෙන තමයිලු හිටියේ.පුවක් ගෙඩියක් විතර පොඩි කොන්ඩගෙඩියක් බැඳලා තිබුනලු.ඉහ මුඳුනේ නම් වැඩිය කෙස් තිබිලා නැහැ.(වට කෙස්, මැද හිස්) :rolleyes::rolleyes: නහින දෙහින කාලේ නිසා, වැඩක් පලක් කලෙත් නැහැලු.ඒත් මරණ ගෙවල් වලට නම් කියාපු බඩුවලු.රස කර කර කියන පච ටික අහගෙන ඉන්න පුලුවන්ලු එළිවෙනකම්ම.අපේ ගමේ විතරක් නෙමෙයි,අහල පහල ගම්වල මළගෙයක් උනත්, කට්ටිය එනවලු උන්දැව එක්ක යන්න.හත් දවසේ දානේ වෙනකම්ම තියාගෙන හොඳට කන්නයි බොන්නයි, දීලා අතට කීයක් හරිත් දීලා, තුන්මාසේටත් එන්න කියලා පොරොන්දු කරගෙනලු උන්දැව එවන්නේ.ඉතිං තනියම ඉන්න මනුස්සයගේ ආර්තිකේ නම් මරුලු.ඔන්න ඉතිං එහෙම මළගෙදරකදි, අපේ සීයත් ඉන්න වෙලාවක උන්දැ කියපු කෙප්පයක් ඉතින් මේ..... :D:D:D:D:D

    උන්දැ පුලුවන් කාලේ කරලා තියෙන්නේ කරත්ත රස්සාව.ලස්සන ගොන් නාම්බෙක් බැඳපු, සිරාම කරත්තයක් තිබුනලු ඒ කාලේ පොරට. :love::love: සෙල්ලමක් නෙමෙයි, කරත්තෙකුයි, ගොනෙකුයි තියෙන එකත් ඒ කාලේ, ගෑණියෙක් ගන්න තරම් වත්කමක් බොලව්. :baffled::baffled: (ඒත් කවුරු හරි උන්දැගෙන් ඇහුවොත් බඳින්න එහෙම අදහසක් නැද්ද කියලා, උන්දැ කියන්නේ, කොහෙවත් ඉන්න ගෑණු ගෙට දාගෙන, කන්නත් දීලා, වත්තෙත් රෙවාගන්නේ මොකටද බන් ? කියලා.) :nerd::nerd::nerd::nerd::nerd:

    දවසක් පොර වැඩ ඉවර කොරලා, කරත්තෙන් ගෙදර එනවලු.නා කපන වැස්සලු.කැළණි ගඟෙන් එගොඩ වෙලා තමයි ඉතින් උන්දැගේ පැල්කොටේට යා ගන්න ඕනා.ඒත් මහ වැස්ස නිසා ගඟ දෙගොඩ තලා යනවලු.ගඟෙන් එගොඩ මෙගොඩ යන්න තිබුන පාලම් පාරුවත් වතුරෙන් යට වෙලාලු.තිබිච්ච තැනක්වත් හොයා ගන්න නැහැලු.(මේකෙන් ඒ කාලේ කරත්ත හිටන් එගොඩ කලා කියනවනේ)කොහොමෙන් කොහොමෙන් හරි දැන් රෑත් වෙනවලු.හද්දා බඩගිනියිලු.පොර කල්පනා කලාලු මේ මහා සැඩ පහරෙන් එගොඩ වෙන්න ක්‍රමේයක්. :confused::confused::baffled::baffled:

    ඔන්න ඉතිං පොඩිසිඤ්ඤෝගේ ටිකිරි මොළේට වැටුනලු එල අයිඩියා එකක්.කරත්තේ හරවගෙන ගියාලු හැතැප්මක් විතර ආපස්සට.ආයෙමත් ගඟ තියෙන පැත්තට හරවාගෙන, ගොනාගේ වලිගෙන් අල්ලලා ඇඹරෙව්වලු.දැන් ගොනා කඟවෙනා වගේ හැල්මේ දුවනවලු කරත්තෙත් ඇඳගෙන ගඟ පැත්තට.ගං ඉවුරට ලංවුනා විතරලු, පොර ගොනාගේ නැට්ට අල්ලලා හැපුවලු හොඳ පාරක්.ඒ පාර හොඳටම කුලප්පුවෙච්ච ගොනා, පොඩිසිඤ්ඤොවයි, කරත්තෙයි ඇඳගෙන ගඟෙන් එහාට පැන්නයි කියනවනේ...... :rolleyes::rolleyes: ඒ විතරක් නම් මදැයි...ගඟ මැද්දෑවෙදි කරත්තේ රෝදවල කැරකෙන වේගේ කොච්චරද කියනවා නම්, පොඩිසිඤ්ඤෝ සීතලට සුරුට්ටුවකුත් පත්තුකර ගත්තලු, හයියෙන් කැරකෙන රෝදේ ගාවල ඕන්...... :rofl::rofl::rofl::rofl::rofl:

     

    blue_in_rio

    Well-known member

  • Patta dayal ekakne.....
    Sorry wewa, adata rep iwarailu.

    spider man ge siya wenna athi ban :D


    Begal Ada banawa


    Captain ජැක් ස්පැරෝ;13444825 said:

    maxxa bn
    digatama daapan
    rep +


    තෑන්ක්ස් මචන්ලා.....
    11.gif
    11.gif
    රෙප් දීපු කට්ටියට රෙප් බැක් කොලා............... :yes::yes::yes::yes::yes: