එන්ඩේවර්(Endeavour) ෂටලයට විශ්‍රාම යන්න ගස් 400ක් කප&#3505

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    ගස් 400k කපන්න ඕනෙලූ Endeavour විශ්‍රාම යවන්න.

    1297314102988_ORIGINAL.jpg

    එන්ඩේවර් කියන්නේ පොලොව වට ඇති තරම් රවුම් ගහපු අභ්‍යවකාශ ෂටලයක්. ඒ රාජකාරි කරපු කාලේ, එහෙම උනත් දැන් එක පරණ පොලිස් කරයෙක්ගේ ගාණට වැටිලා තියෙන්නේ.ව්ශ්‍රම අරගෙන ජිවිතේ අවසාන කාලේ එන්ඩේවර් ෂටලය ගෙවන්නේ ලොස් ඇන්ජලිස් කෞතුකාගාරයේ. එකට යන්න තියෙන කිලෝමීටර් 19 ක දුර පසු කර යාමට මාර්ගයේ තියෙන ගස් වැල් ගොඩක් කපන්න සිද්ද වෙලාලු.

    ෂටලයට ලොස් ඇන්ජලිස් ගුවන් තොටුපලේ ඉදල ,කැලිෆෝර්නියා විද්‍යා මධ්‍යස්ථානයට යාමට බාධා රහිත මාර්ගයක් හදන්න, එක යන පාරේ තියෙන ගස් 400 කට වැඩි ගණනක් කපන්න වෙනවලු. ඒ විතරක් නෙමෙයි, පාරේ තියෙන ලයිට් කණු, ට්‍රැෆික් ලියිට් , ටෙලිෆොනේ කණු පවා ගොඩක් ඒවා අයින් කරන්න වෙනවා කියලයි බලධාරීන් කියන්නේ. කොහොමද වැඩේ?

    දින දෙකක මෙහෙයුමකින් ක්‍රියාත්මක වන මේ ගමන සංවිදානය කරන විද්‍යා මද්‍යස්ථානය කපන ගස් වෙනුවට අලුතින් ගස් 1000ක් හිටවන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම මාර්ග තදබදය, විදුලිය බිද වැටීම හා වෙනත් මහජන සේවා හැකිතරම් හොදින් පවත්වාගෙන යාමටත් මොවුන් පොරොන්දු වෙලා තියෙනවා.

    shuttle-endeavour-carrier-aircraft-mated.jpg


    ෂටලයේ නමටම ගැලපෙන විදියට මෙයත් (endavour = වෑයම,උත්සාහය) "මෙයත් විශාල වැයමක්. මේක අපේ රටට ජාතික සම්පතක්. මේක දැන් මෙහෙම පාරවල නිකන් ඇදන් ගියාට, අනාගතේ පුංචි දරුවෙකුගේ ඉදන් වැඩිහිටියෙකු දක්වා ඕනෙම වයසක කෙනෙක් සතුටු කරන්න පුළුවන් දෙයක් " මෙහෙම කියන්නේ විද්‍යා මද්යස්ථානයේ සභාපති වන ජෙෆ්රි රුඩොල්ෆ්.

    නාසා ආයතනයේ ෂටල සදහා වන නැවතුම් ස්ථාන 4 න් එකක් ලෙස, ලොස් අන්ජෙලිස් කෞතුකාගාරය ස්ථිර ස්ථානයක් ලෙස තෝරාගෙන තියෙන්නේ 2011 අප්‍රේල් වල. මිට පෙර මෙවැනි විශාල දෙයක් ඒ පැත්තේ පාර වල වල ගෙනිහින් නැතිලු.

    ටොන් 75ක් බර මේ අහස්යත්රාව, අඩි 122 ක් දිගයි. පළල ආදී 78යි. උස ගත්තොත් තට්ටු 5 ක ගොඩනැගිල්ලට සමානලු. ඉතින් මේක ගෙනියන්න තීරණය කරලා තියෙන්නේ රෝද සහිත විශේෂ වේදිකාවක. මේකට වැඩි වේගයකින් යන්න බැරිලු. සාමාන්‍ය වේගය ගත්තොත් පැයකට සැතපුමයි ලු.


    STS-134_Endeavour_rolls_to_VAB.jpg


    මේ වේදිකාවට අංශක 90 ක කෝණයක් පවා පහසුවෙන් හැරවිය හැකිලු. කොහොමහරි මේක පදවන්නේ නම් එකේ පැත්තකින් පයින් යන කෙනෙකු විසින් දුරස්ථ පාලකයකින්.


    එන්දෙවර් ෂටලය මෙහෙයුම් වලට සම්බන්ද වුනේ, චැලෙන්ජර් ෂටලය වසර 1986දි අභ්‍යවකාශ ගාමින් 7 දෙනෙකු සමග පුපුරා විනාශ වූ පසුවයි. මේ වනවිට ෂටලය මෙහෙයුම25කත සම්බන්ද වෙලා තියෙන අතර, කිලෝ මීටර් මිලියන 123ක් ප්‍රමාණයක් ගමන් කර තියෙනවා.


    images


    ඔන්න අදත් කට්ටියට අලුත් අත්දැකීමක් එකතු කරන්න, ෂටලයකට අවසන් ගමන යන්න තියෙන අමාරුව ගැන ලියුව. මේකෙන් ටිකක් තමන්ගේ දැනුමට එකතු කරන අපිටත් rep වලින් සලකන්න අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ? එහෙමන් මන් ගියා.
    :yes::yes::yes::yes:
     
    Last edited: