මිහිරාවියනේ.... මිහිරාවියනේ.....
අසනු මැනවි සිත වැලපෙන අන්දම..
බලනු මැනවි නෙත කදුලින් බරවුන...
ඔබගේ සෙනෙහස අයදින අන්දම.....
මහවැසි හැලෙනා සීතල දිනයක....
අහසට වැඩියෙන් අදුරු ඔබේ වත...
කෙලෙස බලාගෙන ඉන්නද මම තව....
උනුසුම් කදුලැති නෙතක විඩා මැද....
මිහිරාවියනේ....
මිතුරන් අතරේ ගිලිහෙන හසරැල්
මියුරු කෙලිදොලෙන් පිරුනු වදන් ලග...
ඔබේ හදවතේ සුපිපුන පෙම් මල..
පරවී යා දෝ ගැහෙයි මසිත අද.....
මිහිරාවියනේ....
අදුරු අහස යට තෙමෙන සොදුරු ලොව...
වසන්තයේ උනුසුමට රැගෙන යන...
ආදරයෙන් විකසිත වූ හිරු කැන්...
නැවත වඩිනු මැන සසල හදවතට.....
මිහිරාවියනේ....






