විඳවන්නද මේ භවය පුරා.............
අපේ ලොකු නංගිට තියෙන ලොකුම පිස්සුව තමයි මල් හිටවන එක. මල් ප්‍රදර්ශනයක් නිකමට හරි දැක්කොත් කරන්න ආපුවැඩයි, ඒ වෙලාවෙ කර කර හිටිය වැඩයි ඔක්කොමඉවරයි. අපේ ගෙදරත් නානාප්‍රකාර මල් පැළ තියෙනවා. මිදුලෙ මගේ කාර් එක පාර්ක් කරනඉඩ ඇරෙන්න අනිත් ඔක්කොම ඉඩ මල් පොච්චි වලට. සමහර දවස්වලට උදේට වාහනේ එළියට ගන්නකොට ටයර් එකට මල් පැල අහුවෙනවා. එදාට ඉතං මතක් වෙන මතක් වෙන හැම වෙලාම ඒ ගැන කියලා රණ්ඩු වෙනවා. අපේ මුළු ස්කීම් එකේම ප්‍රසිද්ධයි මල් ගෙදර කිව්වම. දවසක් නංගිව විහාර මහදේවී පාර්ක් එකේ තිබුණ මල් ප්‍රදර්ශනයක් බලන්න එක්ක ගිය දවසෙ තමයි මම එයාව දැක්කෙ. ප්‍රදර්ශනයේ තිබුණ හැම මලකටම වඩා එයා ලස්සනයි. වයසක මනුස්සයෙක් එක්ක ඇවිත් හිටියෙ. මං හිතන්නෙ ඒ තාත්තා වෙන්න ඇති. මම එතන තිබුණ වතුර ස්ප්‍රේ කරන බෝතලයෙන් මල් පැළ වලට වතුර විඳින කොට එයා එතනට ආවා. මගෙන් මල් ගැන විස්තර මිල ගණන් අහනවා. පව් එයා හිතලා තියෙන්නෙ එක්ෂිබිෂන් එක මගේ කියලා. මම දන්න කෙහෙල් මලක් නැති වුණාට දන්නව වගේ රඟපෑවා. මොකක්දෝ දම්පාට බතික් මලක් පෙන්නලා මගෙන් ඇහුව මේ මල මොකක්ද කියලා. මිස් මේ මල් වර්ගයට කියන්නෙ ඩැෆඩිල් කියලා. එයත් විශ්වාස කළා. ටික වෙලාවකින් අපි ගත්ත මල් පැළ වලට සල්ලි ගෙවල කවුන්ටර් එකෙන් එළියට යනකොට එයා මගේ දිහා කන්න වගේ බලන් හිටියා. එයා එරෙව්වත් ලස්සනයි.
සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ..
හිම වාගේ සුන්දර හසකැන් රඳවා හදේ..
මුමුණා කියන්නෙ නළ රැලින් කඳු මානයේ..
ඔබ තාම මාගෙමයි වසත්කල යෞවනියේ..
අපි අතරින් වේගයෙන් කාලය ගතවෙලා ගියා. ඒ සිද්ධිය වෙලා අවුරුදු හතරකට පස්සෙ, මම කොළඹ මහ රෝහලට මාරු වීමක් හදාගෙන ආවා. සමාවෙන්න මට කියන්න බැරි වුණා.. මම වෛද්‍යවරයෙක්. ගෙදර සාලෙට අල්ලල තව බිල්ඩිමක් හදලා පුංචි නර්සිං හෝර්ම් එකකුත් දැම්මා. මේ දවස්වල තමයි අපේ අල්ලපු ගෙදර සිල්ලා අංකල් ගෙවල් විකුණලා නුවර ගියේ. ඒ ගෙදරට අලුතෙන් පදිංචියට කට්ටියක් ආවා. ගමේ මිනිස්සු නම් හැටපහයි තිස් පහ කියලා ඒ ජෝඩුවට විහිලු කරනවලු. සතියකටම ඕෆ් ඩේ එකක් තියෙන්නෙ බදාදා විතරයි. එදාටත් ඉතිං නංගිගෙ රාජකාරි ඉෂ්ඨ කරන්න ඕනෙ. මම සරමත් ඇඳගෙන උදේ මිදුලට ආවෙ නංගි කාත් එක්කද මේ කතා කරන්නෙ කියලා බලන්න. වාව්.. මතකද මගේ ඩැෆඩිල් මල. එයා අපේ ගෙදර ඇවිත්. අල්ලපු ගෙදර ඉන්නෙ එයාලු. මම විහාර මහදේවී එකේදි වුණ දේවල් මතක් කළාම එයාටත් හිනා ගියා. ඒ ඇස් මොනව හරි මට කියනව වගේ දැනුනා. දවසකට මොන තරම් මිනිස්සු මට හම්බවෙනවද..? ඇයි මේ ඇස් දෙක මට මෙච්චර ළඟයි වගේ දැනෙන්නෙ. එතකොට එදා ආපු වයසක මනුස්සයා මෙයාගෙ හස්බන්ඩ්ද. ඒ කියන්නෙ අන්සතු මලක්..
වැටෙන් එහා මල් පඳුරේ..
ඔබ පිපී වැනේ අත නුදුරේ..
මිලින වුණත් ඝණ අඳුරේ..
මල් නෙළන්න නම් තහනම්..
සුවඳ ඇඳෙයි මුලු ලොවට හොරෙන්..
නොවසා ඇති දොර කවුළු තුළින්..
සුවඳ දිදී තිබුණත් මිදුලේ..
මල් නෙලන්න නම් තහනම්..
අපි දැං හො යාළුවො. ඔව්.. එහෙම කියමු. නංගියි මමයි විතරක් නෙමෙයි දැන් එක්ෂිබිෂන් වලටඑයත් අපිත් එක්ක යනව. බොරු කියන්න ඒනෙ නෑ. මේ වෙනකොට මම හිතින් එයාට ආදරේ කරනවා. මොකට බැන්දද මන්දා මේ කෙල්ල අර නාකි මිනිහව. එයත් නංගි නැති වෙලාවට මගේ ඇස් දිහා බලනවා. කතාබහත් ටිකක් හුරතල්. ඒත් මට හිමි මලක් නෙමෙයි. පරසතු මලක්. මේ අතරෙ එයාගෙ හස්බන්ඩ් ලෙඩ වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කලා. උදේට මාත් එකක්ම හොස්පිට්ල් යන එයා හවසට ගෙදර ආවෙත් මාත් එක්කමයි. මගේ මේ ගෙවෙන්නෙ වසන්ත කාලය. දෝතින් අරන් ආවෙ ඩැෆඩිල් මල. ඒත් ඒ වසන්තයට අවසර නෑ.
වසත් කාලය මනරම්..
ඔබ මලක් වෙනවා නම්..
මගේ උයනේ නිකැළැල්..
පීදිලා එන හැමකල්..
මම දුරින් සුපිපෙන්නම්..
ඔබට ළංවෙනු තහනම්..
අනුන් සතු උයනේ මං..
පීදිලා ලත වෙන්නම්..
එයාගෙ හස්බන්ඩ් හොඳ වෙලා ගෙදර එනකොට අපි ආදරවන්තයො. අසම්මත ආදරවන්තයො. ආදරයක් සම්මත අසම්මත කියලා වෙන් කරපු සුචරිතවාදියොන්ගෙ හිතට එහෙම කවදාවත් වෙන කෙල්ලෙක්ව දැනිලා දැන්න දන්නෑ. අපි ලෝකෙටම හොරා ආදරෙන් බැඳුනා. මම උදේ වැඩට යනකොට එයා ලස්සන ඇඳුමක් ඇඳගෙන ඇවිත් බැල්කනියට වෙලා වතුර දානවා මල් වලට.
මං එනකල් බැල්කනියට වෙලා තරු ගණිනවා. ඇයි අපිකලින් මුණ ගැහුණෙ නැත්තෙ. එයා බබාලා හදන්නෙ නැත්තෙ ඇයි කියලා ඇහුවම මුලින්මනම් කිව්වෙ හස්බන්ඩ් කැමති නෑ කියලා. පස්සෙ තමයි ඇතත් කතාව දැනගත්තෙ. පව් මගේ ඩැෆඩිල් මල. ඕන දෙයක් වෙද්දෙන් කියලා අපි පුළුවන් හැම වෙලාවෙම මුණ ගැහුණා.
අපි හෙට ගැන පසුව හිතමු..
අද හමු වී කතා කරමු..
ආල හිතට උඩින් වැටෙන කළු වලාව..
පිපිරී වැහි ඇද වැටුණට..
තැති ගැන් වී පලා නොයමු..
හෙට හිරු හා හිනාවෙන්න..
බලාපොරොත්තුවක් වෙන්න..
කඳුළැලි උල්පත් නිවන්න..
ඇබින්දකට ළඟින් ඉන්න..
වැඩි දවසක් යන්න කලින් එයාලට ගෙවල් අතඇරලා යන්න වුණා. මම හැම වෙලාවෙම කිව්වා ඔයාදික්කසාද වෙන්න, මම බාරගන්නම් කියලා. ඒත් තිබුණ සමාජ ප්‍රශ්නත් එක්ක එයා දික්කසාදය වෙනුවට දුක් කසාඳය තෝරගත්තා. ඒ ගෙදරින් ගියාට පස්සෙ ආරංචියක්වත් නෑ.
එයා කොහොම ඉන්නවද මංදා. මටනං දරාගන්න බෑ මේ පාලුව. දන්න හැමතැනම හොයල බැලුවා. එක ආරංචියක්වත් නෑ. අපි අපෙන් සමු අරගෙන මේ භවයෙදි එක් නොවෙන්න. හැබැයි ඊළඟ ආත්මෙනං එයා මගේ. ඒත් හැම වෙලාවෙම මගේ ඇස් එයාව හොයනවා. අහම්බෙන් මම එයාව දැක්ක පත්තරෙන්. අදහගන්නත් බෑ එයාට පිහියෙන් ඇනල මරලා අර නාකි මිනිහ. පත්තරේ විස්තරේට මගේ ගැන නම සඳහන් නොකර මෙහෙම ලියලා තිබුණා. වෛද්‍යවරයෙකු සමඟ පැවැත් වූ අනියම් පෙම ඇයට මරු කැඳවයි කියලා. මම මගේ ඩැෆඩිල් මල මරා ගත්තද කියල හිතට දැනෙනවා. දෙලොවත් අතරේ ඉන්න බැරි නිසා එයා පරලොව ගිහිං මං එනකල් බලාගෙන ඇති. ඉතිං ඇයි මම තවත් බලාගෙන ඉන්නෙ..?
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව..
කවදා හෝ යළි දකින තුරා..
රැව් පිළි රැව් දේ ඇසෙන ඔබේ හඬ..
යළි මගෙ සවනට වැකෙන තුරා..
විඳින්න දුන් ජීවිතය අරන් මම..
විඳවන්නද මේ භවය පුරා..
-සුපුන් රත්නායක