නාමල්ට බිය නොවූ බැංකු සභාපතිවරයා

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    නාමල්ට බිය නොවූ බැංකු සභාපතිවරයා

    එජාප දේශපාලනඥයකුට සම්බන්ධ ඇලෝෂියස්‌ පවුලේ මුණුපුරකුගේ විවාහ උත්සවයක් පසුගිය අඟහරුවාදා හිල්ටන් හෝටලයේ පැවැත්වුණා.

    මේ නිසා මඟුල් ගෙදරට රනිල්, ජයලත්, නාමල්, ජොන්ස්‌ටන්, යෝෂිත, ජෝන් වැනි විශාල දේශපාලඥයින් පිරිසක්‌ සිටි අතර එම තරුණයා විදේශයන්හිදී ඉගෙනගෙන ඇත්තේ නාමල් රාජපක්‍ෂ සමඟ එකටය.

    මඟුල් ගෙදර ටික වේලාවක්‌ සිටි නාමල් රාජපක්ෂ ද ආපසු යන්නට එලියට පැමිනෙනවිටදී හෝටලයට එක්‌තරා ප්‍රකට රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක්‌ පැමිණ සිටියේය.

    ඔහු වෙත ගිය නාමල් පැවසුවේ
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මම මේ ඔබතුමා හමුවෙන්නයි බලා හිටියේ. ඔබතුමා ගැන ලොකු දෝෂාරෝපණයක්‌ තියෙනවා අපේ පක්‍ෂයෙන්. ඔබතුමා ශ්‍රී ලංකා එකට සම්බන්ධ තරුණ පිරිසක්‌ රැකියාවලට නොගෙන ඉවත් කරලා එජාපයේ තරුණ සංවිධානවලට සම්බන්ධ පිරිසක්‌ සේවය ස්‌ථීර කරලා තියෙනවා. ඇයි එහෙම වැඩ කරන්නේ."

    "මම බැංකුවට මේ සේවය කරන්නේ ආණ්‌ඩුවටයි, පක්‍ෂයටයි සේවය කර කර නොවෙයි. මට කවුරුත් එකයි". සභාපතිවරයා නාමල් ගණන් නොගෙනම කීවේය.

    ඔව්. ඒ බව පේනවා. නමුත් මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ නොතකා එජාපයේ අය බඳවා ගත්තේ ඇයි එහෙනම්.

    මම මන්ත්‍රීවරුන්ගේ නියෝග භාරගන්න බැඳිලා නැහැ.

    හරි... ඒ වුණාට ඔබතුමා මතක තියාගන්න ඔබ ඔය සභාපතිකමක සැප විඳින්නේ ගමේ ගොඩේ අහිංසක ශ්‍රී ලංකාකාරයන් ඡන්දය දීල හදපු ආණ්‌ඩුවකින්ය කියන එක.

    මම මේ තනතුරට ආවේ දේශපාලනයෙන් නෙවෙයි. මගේ සුදුසුකම් වලින්.එක නිසා මම වැඩවලට දේශපාලනය ගාවාගන්නේ නැහැ.

     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සභාපතිවරයාගේ එම පිළිතුරට නාමල්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇත.

    එහෙම කතා කරන්න එපා.ඔබතුමා කොහෙන් කොහම ආවද කියල මට වැඩක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න ..ඉස්සෙල්ලම මිනිස්සුන්ට සලකන්න ඉගෙන ගන්න.නැත්නම් අප්‍රසාදයට පත්වෙන්නේ ආණ්ඩුවයි. මම ඊළඟට ජන්දේ දිනයි. ඊළඟ එකත් දිනයි. එහෙම නැත්නම් මට ප්‍රක්ටිස් කරන්න හරි පුළුවන්. හැබැයි මෙහෙම ගියොත් ආණ්ඩුව තියෙන එකක් නැහැ. UNP එකටත් උනේ ඒකයි.

    සභාපතිවරයා නාමල්ගේ කතාව පිළිගත්තේ ද නැත. නාමල් ඇරියේ ද නැත. ටික වේලාවක්‌ මේ වාදය ඇදී ගියේය. ජොන්ස්‌ටන්ලා නාමල්ව කැඳවාගෙන ගියේ මේ හබය දුරදිග යන ලකුණු පෙන්නූ නිසාය.

    ගොසිප්9 කල සොයාබැලීමකදී අනාවරණය වුයේ මෙසේ නිර්භයව කතාකල සභාපතිවරයා වන්නේ මෑතකදී කොටස් ගනදෙනුවක් සම්බන්ධව ආන්දෝලනයට පත්වූ රාජ්‍යය බැංකුවක අලුතින් පත්වූ සභාපතිවරයා බවය.

     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    11.gif
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    namal rajapaksava mokekvath ganan ganne ne.okage dady ta kela vuna davasata sri lanka eke amathivaru okata pukata payen gahala elavanava .
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,576
    652
    113
    sri lanka
    mehema niladarin thama ratata one karanne. Deshapalakayo kiyana hema ekatama yes sir kiyana ewun hinda tama me ratata kela wela thiyenne..
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    namalta vasa lajjava. eka koheda law practice karanne.okkoma nadu paradinavaa. mahindath usavi inna kalei okkoma kata karapu nadu paradila vartavak tiyala tiyenava.
     
    May 10, 2012
    466
    122
    0
    255
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:හා නාමල්ටත් හෙටක් .
    මේ අපේ ශිරාණි බණ්ඩාරනායක නෝනගේ කවුරු හරිද? අපිට ඕව දන ගන්න විදියක් නැහැනේ.:frown:
     
    මේක මමත් දැක්ක
    ඉස්සර මමත් මේවට සතුටු උනා
    මේක දාපු කෙනා මාත් එක්ක තරහ වෙන්න එපා මචන් මම මෙහෙම කියනවට
    නාමල් කවුද කියල උඹල අපි දන්නවා
    එක මේ අන්තර්ජාලය භාවිත කරන අය දන්නා ප්‍රසිද්ධ රහසක්
    එත් හෙට චන්දයක් තිබ්බොත් හම්බන්තොටින් මහින්ද ගාවට වැඩිම මනාප ගන්නේ නාමල්
    ලොක්ක ඉල්ලුවේ නැත්තම් දිස්ත්‍රික්කේ වැඩිම මනාප නාමල්ට
    මේවගේ ඔටෝ චුන් වෙන්නේ නැතුව ඔය කියන අමිහිරි ඇත්ත වෙනස් කරන්න විදිහක් හොයමු
    දුෂණය, අවනීතිය, අසාධාරණය වෙනුවට
    අවම ප්‍රජාතන්ත්‍රවාදයවත් හිනා සමාජයක් වෙනුවෙන් වැඩ කරමු
    නැතිනම් මේ ගෝත්‍රික සමාජ ක්‍රමයේ ඉඳල මෙරෙනකොටත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි කියල මැරෙමු
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එකා තාත්තගේ ඇගට මුව වෙලා ඉන්නේ... හරියට සිංහ වෙස් ගත්ත නරිය වගේ...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එකා තාත්තගේ ඇගට මුව වෙලා ඉන්නේ... හරියට සිංහ වෙස් ගත්ත නරිය වගේ...

    මොනා උනත් බැංකු සබාපති තුමා අදහන්න වටිනවා..