ලෝකයේ_විශාලතම_සර්පයා_සමග_පිහිනන්න_ගිය_අභ&#3539

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලෝකයේ_විශාලතම_සර්පයා_සමග_පිහිනන්න_ගිය_අභ&#3539

යුරෝපයේ සිට උතුරු ඇමෙරිකාවට ගොස් බ‍්‍රසීලයේ ගංගාවක දැවැන්ත සර්පයකු සමග පිහිනයි!

මේ කතාව ලෝකයේ විශාලතම සර්පයා සමග පිහිනන්න ගිය අභීත කිමිදුම්කරුවකු ගැනයි. එයා පසුගියදා ස්විට්සර්ලන්තයේ ඉඳලා උතුරු ඇමෙරිකා මහාද්වීපයට ගියා. ඒ ගියේ බ‍්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතටයි. දස දිනක සංචාරයක් සඳහා ඒ ගිය ගමනේදී තමයි ඔහු මේ ත‍්‍රාසජනක අත්දැකීම ලැබුවේ.
ඔහු මේ ත‍්‍රාසජනක ගමන ගියේ, ඒ බිහිසුණු සත්වයාගේ අඩවියට ගියේ ආත්මාරක්ෂාවට කිසිම අවියක් රැගෙන නෙවෙයි. ඔහු රැගෙන ගිය එකම අවිය කැමරාව විතරයි. ඔහු 53 හැවිරිදි ෆ්රැන්කෝ බැන්ෆි (Franco Banfi).
44127002.jpg


articlestheworldaccordi.jpg

හොඳ කිමිදුම්කරුවෙක්. කැමරාශිල්පියෙක්.
ඔහු සොයා ගියේ නම ඇහුනමත් බය හිතෙන සර්පයෙක්! ඒ තමයි ඇනකොන්ඩා (Anaconda)
30697820.jpg

ප‍්‍රහාරයකට ලෑස්තියි! අභීත කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි ඌට මේ විදියට ළං වුණේ දිය මතුපිටට හිස දමා ගොදුරක් සොයා විපරම් කළ අවස්ථාවේදියි.
ඔයාලා දන්නවද ‘ඇනකොන්ඩා’ කියන වචනය සිංහලෙන් ඉංගිරිසි භාෂාවට එකතු වූ වචන කීපයකින් එකක් බව. ඒ බව ඔක්ස්ෆර්ඞ් ඉංගී‍්‍රසි ශබ්දකෝෂයේ (Shorter Oxford English Dictionary - 2007) දැක්වෙන්නේ මෙහෙමයි; [ Anaconda - (Origin alt. Latin anacondaia python, for Sinhalese Henakandaya whipsnake, perh. from hena lightning + kanda stem) එහි ගැබ්වූ සාමාන්‍ය අරුත; ලතින් බසින් පිඹුරාට යොදන නාමයෙන් බිඳී ආවකි. සමහර විට සිංහල බසින් හෙනකඳයා යන්නෙන් බිඳී ආවෙකැයි සැලකිය හැකිය.]

”ඌ සිටියේ ජලය මතුපිටට අඟල් කීපයක් යටින් දරණ ගහගෙන ගොඩ උන්නු සතකුට කුරුමානම් අල්ලමින්. ඒත් ළඟට එනකම්ම ඌ ඉන්න බව පෙනුනෙ නෑ. ඌ ඒ තරම්ම සීරුවෙන් නිසොල්මනේ හිටියේ.” ෆ්රැන්කෝ බැන්ෆි කියනවා.

මේ පින්තූරවලින් පෙනෙන්නේ ඔහු ඒ දැවැන්ත සර්පයා, අඩි 26ක් (මිටර් 8ක්) දිග ඇනකොන්ඩා, දුටු අවස්ථාවයි. ගැඹුරු ජලයේ අඳුරු පෙදෙස්වල ඔහු කිමිදුනා මේ සතා සොයන්නට.

ඔහුගේ මේ ගමනේදී ඔහුට තවත් ඇනකොන්ඩාවකු හමු වුනා. ඌ හිටියේ ගං ඉවුර අසබඩ. දැඩි අව් රශ්මිය යට නිසොල්මනේ සිටියා. වාසනාවකට ඌ කැපිබාරාවකු ගිල දමා සිටි නිසා අනතුරක් නැතිව උගේ පින්තූර ගන්න හැකි වුනා.

ඔහු දකුණු ඇමෙරිකාවේ හරි මැද පිහිටි ‘මාටෝ ග්රොසෝ දෝ සුල්’ පළාතේ දස දිනක් තිස්සේ කළ සංචාරයේ දී ඇනකොන්ඩා ගැහැනු සතුන් හය දෙනකු විවිධ ස්ථානවලදී දුටුවා.

ඒ පළාත ජෛවවිවිධත්වයට හා ස්වභාව සෞන්දර්යයට ප‍්‍රසිද්ධයි. ඒ නිසා වසරක් පාසා ලොව පුරා සංචාරකයන් දහස් ගණනක් එහි යනවා.

ඒ පළාතට දී ඇති නමෙහි අරුත ‘දකුණේ පිහිටි ඝන වනාන්තරය’ යන්නයි.

”මුලදි ඌට ළං වෙන්න බය හිතුනා. ඒ මොකද, ඌ ගැන මං හරියට දැන ගෙන හිටියෙ නෑ. හැමෝම කිව්වෙ ඌ හරිම භයානක සතෙක් කියලයි.” බැනාෆි කියනවා.

”පස්සෙ, මං තේරුම් ගත්තා ඌට බය හිතෙන්නෙ නැති වෙන්න හැසුරුනාම කරදරයක් කරන්නේ නෑ කියලා.”

”මං මේ වගේ සර්පයකුට මේ තරම් ළංවෙලා නෑ කවදාවත්. ඒත් මං හිතන්නේ පුංචි විසකුරු සර්පයකු තරම් භයානක නෑ, මේ වගේ ලොකු සර්පයෙක්. අඩුතරමින් ඇනකොන්ඩා අපේ ඇහැට හොඳට පේනවා. ඒ වගේ ම ඌ කරන්න යන දේත් අපට හොඳින් දැක ගත හැකියි.”
44122603.jpg

මේ ඇනකොන්ඩා දියෙන් ගොඩට එබෙන්නේ ගොදුරක් සොයා ගෙනයි. ඒ මීයෙක්, මාළුවෙක්, කුරුල්ලෙක් විය හැකියි.
59379104.jpg

අති දැවැන්තයි! දරණ ගැසී ඉන්නා මේ ඇනකොන්ඩා මීටර් 8ක් විතර දිගයි. ස්විස් ජාතික කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි මේ සතා ඡායාරූපයට නැඟුවේ බ‍්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතේ කළ දස දිනක සංචාරයක් තුළදීයි.
53628792.jpg


75283929.jpg

‘ළං වෙලා පින්තූර ගන්න හොඳම වෙලාව. මේ ගං ඉවුරට වෙලා ඉන්නේ ගොදුරක් ගිලලා දාලා. බැන්ෆිට ඕනෑකමක් තිබුණා නම් මේ යෝධ ඇනකොන්ඩා අතගාන්නත් පුළුවන් තරමට ළංවුණා.
70191744.jpg

‘පොඞ්ඩක් හිනා වෙන්න!’ දිය යට දී ඇනකොන්ඩාවකුගේ පින්තූරයක් ගන්න හදන බැන්ෆි
51999413.jpg

ගොදුරකට සූදානම්ව: දිය යටට වැටුණු දීප්තිමත් හිරු එළිය කියන්නේ මේ ඇනකොන්ඩා නො ගැඹුරු තැනක සිට ඉලක්කයක් ගන්නා බවයි.
29140987.jpg

විස්තරේ ගත්තේ මල් කැකුළු එකෙන්..http://www.malkakulu.com/
පොටෝනම් එතනම ඒවා නෙමෙයි, ගූගල් මාම ගෙන් ඊට වැඩිය කොලිටි පොටෝ ටිකක් ඉල්ලා ගත්තා.


මේ තමයි ඔයි ඇනකොන්ඩා ලොක්කගේ පොඩි හපන්කම් ටිකක්.
67369052.jpg


54371692.jpg


68507406.jpg


anacondacomiendo03.jpg


26299852.jpg




තව පොඩි වීඩියෝ කෑල්ලකුත් හොයා ගත්තා
 
Last edited by a moderator:

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    machan niyama post eka.
    podi deyak thiyenawa dana ganna,
    me denna mehema inna photo gaththa anith kena kawuda ?
    eyath lagatama gihilla thiyenawa.