පිත්, සෙම්, වාත, තුන් දොස්, සෘතු විපර්යාසයෙන්, විෂම පැවැතුමෙන්, අන්‍ය උපක්‍රමයෙන්, කර්ම දෝෂයෙන් යන මේ කරුණුවලින් හටගන්නා වූ ලෙඩය ආදී වසයෙන් මේ ශරීරයෙහි බොහෝ රෝග හටගන්නේ -ගිරිමානන්ද පිරිත ;සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ දෙවන පණ්ණාසකයේ සචිත්ත වග්ගයේ 10 වන සූත්‍රයයි.
බුදුන් වහන්සේ වදාලේ ලෙඩ රෝග කර්මය නිසාම පමණක් නොව ඉහත සඳහන් කල අනෙක් හේතු නිසාත් ඇති විය හැකි බවයි.
නිරෝගී සුවය සඳහා බෙහෙත් ගිලන් පස පූජා කරන්න. අභය දානය දෙන්න. සතුන් මැරිමෙන්, සතුන්ට හිංසා කිරීමෙන් වළකින්න, ඕනෑම බොජ්ඣග පිරිතක් හෝ ගිරිමානන්ඳ පිරිත නිතිපතා නිවැරදි උච්චරණය සහිතව, අර්ථ දැන, ශ්‍රද්ධාවෙන් කියන්න, බෝ මලු අමදින්න, භික්‍ෂු සංඝයාට පහන් සිතින් උපස්ථාන කරන්න, අසරණ රෝගීන්ට හැකි අයුරින් පිහිට වෙන්න, රෝහල් සදන වැඩ වලට ධනයෙන්, ශ්‍රමයෙන් දායක වෙන්න, නිතර සාදරයෙන් බෝධි පූජා තියන්න, දැහමි දිවියක් ගෙවන්න, හැකි නම් මස් මාලු කෑමෙන් වළකින්න. යම් සුවයක් ලැබෙයි.
අනුරුද්ධ මහ රහතන් වහන්සේ ගේ නංඟී ගේ කුෂ්ට රෝගය සුව වූ අකාරය ධරමය දන්න කෙනෙක් ගෙන් අහගන්න.
මේ නූලත් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1508757
http://www.elakiri.com/forum/showthread.php?t=1508895
සුවපත් වේවා!