කටට රහට උයමු....ජෑම් පාන්/Jam Buns - EK Coockery Class 18
සෑහෙන කාලෙකින් උයන පිහන එක ගැන ත්‍රෙඩ් එකක දැමීම කරන්න බැරි වුණා විතරක් නොවයි...ඒක ගැන මූණ දික් කරගෙන ඉන්න පිරිසත් එන්න එන්නම වැඩි වුණා........
එළකිරි රේඩියෝ එකට සෙට් වෙච්ච නිසාත්, රාජකාරි කටයුත් නහයට ඉහලින් යන්න සෙට් වෙච්ච නිසාත්, ශ්‍රී බෝයි අයියාත් කාර්ය බහුල වෙලා, විදේශ ගත වෙලා (ඕං අද එනව ලු! තායිලන්තෙ ගිහින් තියෙන්නේ......
) නිසා උයන ත්‍රෙඩ් දැමීම නැති වෙලා ම ගියා.......
පහුගිය කාලෙක උයන පිහන එකක් ගැන දැක්කේ ටූලිට්ල් නංග ගේ ත්‍රෙඩ් එකක් විතරමයි........

ඔන්න වාරකන් ඉවර කරනවා........මින් පස්සේ අඩුම තරමේ මාසයකට එකක් වත් උයන පිහන දේවල් දාන්න හිතා ගත්තා..........
ජෑම් පාන් /Jam Buns (මැද ජෑම් තියන ඒවා

)
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ ප්‍රමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)
1. පිටි 1kg
2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)
3. මාගරීන් 150g
4. සීනි 200g
5. ලුණු 12g
6. බිත්තර සුදු මදයක්
7. ජෑම්.....සාමාන්‍ය යෙන් පාවිච්චි වෙන්නේ ස්ට්‍රෝෙබරි රස ගන්වන ලද පුහුල් ජෑම්...ගෙදර තිබුනේ දිවුල් එක නිසා ඒක ගත්තා........
පිටි මෝලිය තැනීම.
පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 175 ක් පමණ සහ බිත්තර සුදු මදය මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)
මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)
පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)
අවසානයේ දී පිටි මෝලිය මෙලෙස දිස්වේ. (ඉහත රූපයේ D)
මෙම පිටි මෝලිය විනාඩි 10ක් පිපෙන්නට හරින්න (ඉහත රූපයේ E)
පිපුණු මෝලිය 50-75g පමණ කොටස් වලට වෙන් කරන්න.(ඉහත රූපයේ F)
මෙම කොටස් නැවත පිපෙන්නට විනාඩි 10ක් තබන්න.(ඉහත රූපයේ G)
ජෑම් පාන් පිරවීම සහ පිළිස්සීම.
දැන් මෙම පිපිණු කොටස් පිටි විසිරූ ලෑල්ලක් මත රෝලින් පින් එකක් ආධාරයෙන් තුනී කරගන්න.
මැද ජෑම් මේස හැදි 2ක් පමණ තබා, දාරයෙ ඇතුළු පැත්තේ බුරුසුවක් ආධාරයෙන් වතුර ගාගන්න...
දාරය හොදින් තද කර ගන්න....මෙය අත්‍යාවශ්‍යයි.......හේතුව අවන් එකේ ඇති ඉහල උෂ්නත්වය නිසා ජෑම් පිටට ලීක් වී ජෑම් පාන්-ජෑම් ලස් පාන් වන්නට පුළුවන් නිසා.............
මාගරීන් තැවරූ තැටියක තබා තෙත රෙදි කඩනික් වසා පැය 2ක් පමණ මෙය පිපෙන්නට තබන්න. පිපුණු, පිළිස්සීමට සුදුසු ජෑම් පාන් මෙලෙස දිස්වේ. මෙය අවන් එකට දැමීමට පෙර මතු පිටට වතුර සිවල්පයක් සමග ගැසූ බිත්තර කහමද දියරය ස්ප්‍රේ එකක් ආධාරයෙන් ස්ප්‍රේ කර ගන්න. (ඔය එයාර් ෆ්‍රෙෂ්නර් ගහල ඉවර වෙච්ච එකක් හොදට හොදලා, වේලලා ගන්න) එසේම මතු පිටට කැට ලොකු සීනි ටිකක් ද ඉස ගන්න.
අවන් එකක සෙල්සියල් 180 උෂ්ණත්වයේ විනාඩි 30ක් පුලුස්සා ගන්න...............
නියම පදමට පිළිස්සූ ජෑම් පාන් මෙලෙස දිස්වේ...............
දැන් ඉතිං...................ඉතිරි ටික කියන්න ඕන නෑ නේද.......???????????????
දෙන්නට පුළුවන් ලොකුම රෙප් එක ගෙදරදී හදා එහි ඡායාරූපයක් මෙහි පළ කිරීම බැවින් ඒ රෙප් එක හිගා කමි......

ප.ලි.-බම්ප් එකක් වත් දාල යනනෝ.............අනිත් උන්ට පේන්නවත්.............
සෑහෙන කාලෙකින් උයන පිහන එක ගැන ත්‍රෙඩ් එකක දැමීම කරන්න බැරි වුණා විතරක් නොවයි...ඒක ගැන මූණ දික් කරගෙන ඉන්න පිරිසත් එන්න එන්නම වැඩි වුණා........
එළකිරි රේඩියෝ එකට සෙට් වෙච්ච නිසාත්, රාජකාරි කටයුත් නහයට ඉහලින් යන්න සෙට් වෙච්ච නිසාත්, ශ්‍රී බෝයි අයියාත් කාර්ය බහුල වෙලා, විදේශ ගත වෙලා (ඕං අද එනව ලු! තායිලන්තෙ ගිහින් තියෙන්නේ......
) නිසා උයන ත්‍රෙඩ් දැමීම නැති වෙලා ම ගියා.......පහුගිය කාලෙක උයන පිහන එකක් ගැන දැක්කේ ටූලිට්ල් නංග ගේ ත්‍රෙඩ් එකක් විතරමයි........

ඔන්න වාරකන් ඉවර කරනවා........මින් පස්සේ අඩුම තරමේ මාසයකට එකක් වත් උයන පිහන දේවල් දාන්න හිතා ගත්තා..........
ජෑම් පාන් /Jam Buns (මැද ජෑම් තියන ඒවා

)අවශ්‍ය ද්‍රව්‍ය
පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ ප්‍රමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)
1. පිටි 1kg
2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)
3. මාගරීන් 150g
4. සීනි 200g
5. ලුණු 12g
6. බිත්තර සුදු මදයක්
7. ජෑම්.....සාමාන්‍ය යෙන් පාවිච්චි වෙන්නේ ස්ට්‍රෝෙබරි රස ගන්වන ලද පුහුල් ජෑම්...ගෙදර තිබුනේ දිවුල් එක නිසා ඒක ගත්තා........
පිටි මෝලිය තැනීම.
පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 175 ක් පමණ සහ බිත්තර සුදු මදය මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)
මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)
පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)
අවසානයේ දී පිටි මෝලිය මෙලෙස දිස්වේ. (ඉහත රූපයේ D)
මෙම පිටි මෝලිය විනාඩි 10ක් පිපෙන්නට හරින්න (ඉහත රූපයේ E)
පිපුණු මෝලිය 50-75g පමණ කොටස් වලට වෙන් කරන්න.(ඉහත රූපයේ F)
මෙම කොටස් නැවත පිපෙන්නට විනාඩි 10ක් තබන්න.(ඉහත රූපයේ G)
ජෑම් පාන් පිරවීම සහ පිළිස්සීම.
දැන් මෙම පිපිණු කොටස් පිටි විසිරූ ලෑල්ලක් මත රෝලින් පින් එකක් ආධාරයෙන් තුනී කරගන්න.
මැද ජෑම් මේස හැදි 2ක් පමණ තබා, දාරයෙ ඇතුළු පැත්තේ බුරුසුවක් ආධාරයෙන් වතුර ගාගන්න...
දාරය හොදින් තද කර ගන්න....මෙය අත්‍යාවශ්‍යයි.......හේතුව අවන් එකේ ඇති ඉහල උෂ්නත්වය නිසා ජෑම් පිටට ලීක් වී ජෑම් පාන්-ජෑම් ලස් පාන් වන්නට පුළුවන් නිසා.............

මාගරීන් තැවරූ තැටියක තබා තෙත රෙදි කඩනික් වසා පැය 2ක් පමණ මෙය පිපෙන්නට තබන්න. පිපුණු, පිළිස්සීමට සුදුසු ජෑම් පාන් මෙලෙස දිස්වේ. මෙය අවන් එකට දැමීමට පෙර මතු පිටට වතුර සිවල්පයක් සමග ගැසූ බිත්තර කහමද දියරය ස්ප්‍රේ එකක් ආධාරයෙන් ස්ප්‍රේ කර ගන්න. (ඔය එයාර් ෆ්‍රෙෂ්නර් ගහල ඉවර වෙච්ච එකක් හොදට හොදලා, වේලලා ගන්න) එසේම මතු පිටට කැට ලොකු සීනි ටිකක් ද ඉස ගන්න.
අවන් එකක සෙල්සියල් 180 උෂ්ණත්වයේ විනාඩි 30ක් පුලුස්සා ගන්න...............
නියම පදමට පිළිස්සූ ජෑම් පාන් මෙලෙස දිස්වේ...............
දැන් ඉතිං...................ඉතිරි ටික කියන්න ඕන නෑ නේද.......???????????????
දෙන්නට පුළුවන් ලොකුම රෙප් එක ගෙදරදී හදා එහි ඡායාරූපයක් මෙහි පළ කිරීම බැවින් ඒ රෙප් එක හිගා කමි......

ප.ලි.-බම්ප් එකක් වත් දාල යනනෝ.............අනිත් උන්ට පේන්නවත්.............
Last edited:

නොකිව්වට දැනුත් එහෙම්ම තමා... 