~~ කැම්පස් කවි ~~

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    හොදයි යාලුවනේ ඔන්න ඉතින් මේ දවස් ටිකේම මොකුත්ම ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනානේ ඉතින් මන් හිතුවා ලඟදි කියවන්න ලැබුනු පොතකින් ගත්ත කවි ටිකක් උබලට ගේන්න. මේවාගේ විශේශත්වේ තමා ඇත්තම අයිතිකාරයෝ අපෙ රටේ විශ්වවිද්‍යාල කොල්ලො කෙල්ලො ටික වීම. ඉතින් මන් උපුටගත්ත පොතේ නමත් කියන එක යුතුකමනේ පොතේ නම විශ්ව විද්‍යාල උපසංස්කෘතිය - S W කපිල හේමන්ත සමාජ විද්‍යා අංශය , පේරාදෙනිය විශ්වවිද්‍යාලය කියලා තමා ඔන්න තිබ්බේ :):)

    430371_10150742987812433_1822615598_n.jpg


    අපේ EK එකෙත් ගොඩක් කැම්පස් කොල්ලො ඉන්නවා මම දැකලා තියනවා පේරේ මොරටුවේ රුහුනෙ ජපුරේ රජරට වෙල්ලස්සේ අයත් ඉන්නවානේ ඉතින් ඒ අය නම් මේවා ඇත්තටම දැකලා ඇතී මොකද මට කැම්පස් යන්න වාසනාව නැති උනාට උබලට ඒ වාසනාව තිබුන නිසා එහෙනම් අපි පටන් ගමුකො (පේරාදෙනිය මගේ ඒ කාලේ හීනේ අන්තිමට ඒක හීනයක්ම වෙලා ගියා ඕන් :sorry::sorry::(:()

    dawn_-_university_of_peradeniya.jpg


    ප්‍රේමය සහ විරහව පිලිබඳ ලියැවුනු කවි

    වසන්තය ලෙසින් නුබ
    ආවාම මගේ ලොවට
    කප්පරක් දුක් ගින්න
    තත්පරෙන් මියැදුනා
    (රජරට විශ්වවිද්‍යාලය - ආපන ශාලාවකින් )

    නෙත් දෙක පොතක් තුල සිරවී රැඳුනාය
    පොත් දෙක තුලින් රුව මනසේ ඇඳුනාය
    දෙකොපුල් තල පුරා සිනහව සිඳුනාය
    දැහැනන සතුඅ ඔබ සිහි වී බිඳුනාය
    (රුහුනු විශ්වවිද්‍යාලය - මැද්දවත්ත නේවාසිකාගාරය )

    දින දින වෙනස් වෙමින්
    මුලු ලොවම එකලු කර
    පායන සඳුට් වඩා
    පුන්චි තනි තාරුකාවිය
    සැබැවින්ම මට
    නුබ අගෙයි

    සරුංගලේ අවදිව මා රෑ තිස්සේ
    පාඩම් කරමි නුඹ ඇයි හැම පොත් අස්සේ
    තනිකඩකම හොඳයි නිදහස් හැම තිස්සේ
    සිත තව ඉඳුල් නෑ හමුවෙමු අපි පස්සේ
    ( කැලනිය විශ්වවිද්‍යාලය - සරුංගලය කියවීම් ශාලාව )

    කවුද හිතුවේ ඒ ඇස් දෙක
    මාංචු කුට්ටමක් කියලා
    මගේ සිතට දාලා තදට
    බොහෝ දුර ගෙන යාවි කියලා
    ( පේරාදෙනිය - ප්‍රදාන පුස්තකාලය )

    මා සන්තක
    එකම එක සිත්මල
    බද තුරුලු කොට් පපුවට
    සිත රූපයට රූපය
    භාර වෙමි මම දෙවියන්ට
    සංසාර චාරිකාවෙ කෙලවර
    දකින තුරාවට මට ඒ සිත්මලම සතු
    ( පේරාදෙනිය විශ්වවිද්‍යාලය - හිල්ඩා ඔබේසේකර ශාලාව )

    ගිය සෙමෙස්ටරයෙ ඔබ මා ලඟ
    මේ සෙමෙස්ටරයේ ඔබ ඔහු ලඟ
    ලබන සෙමෙස්ටරයේ ඔබ කා ලඟද ?
    මගේ සිත නම් තවම ඔබ ලඟ
    ( රජරට --ආපන ශාලාවකින් )

    අනේ රුපියල
    නුඹේ බාල්දු වීම
    මගෙ ප්‍රේමය
    අහිමි වීමට හේතු විය
    ( රුහුනු විශ්වවිද්‍යාලය - කැටපත් පවුර )

    North-Carolina-Campuses-Where-Students-Find-Love.jpg


    ස්ත්‍රීය සහ ලිංගිකත්වය ගැන ලියවුනු කවි


    රිසි පුලුලුකුල රියසක යුතු තිසර තන
    පියයුරු බරට ඉඟසුඟ වැහැරී ගොසින
    දිසි වැඳිරියෙකි රූසිරු යුත් ඒ අඟන
    ඇසි පිය හෙලන පමනින් නොවෙති හොල්මන
    ( පේරාදෙනිය විශ්වවිද්‍යාලය - ප්‍රදාන පුස්තකාලය )

    රුව කත ගුන නැත
    ගුන කත රුව නැත
    රුව ඇති ගුන කත
    ලඟ පතිවත නැත
    ( සබරගමුව විශ්වවිද්‍යාලය - කියැවීම් ශාලාව )

    දුමබර කන්ද බැසගෙන ආ ටිකිරි නගා
    අන්දර කැලෙ වැට ගාවදි දුටුව නගා
    ගන්දර පාරෙ මුකුළු පපා ආව නගා
    අපට නොදී සීනියර්ට දීපු නගා
    ( රුහුන - කැටපත් පවුර )

    සොඳුර
    අඳුර අඳුර
    අපි කොඳුර කොඳුර
    සොයමු හොඳම පඳුර
    ( රජරට - අංක 9 කියැවීම් ශාලාව )

    සරසවියේ ආදරේ
    දවාලට ලස්සන්යි
    හැන්දෑවට
    රෑ වෙනකොට
    හිරිකිතයි
    ඊට වඩා කැතයි
    ( රුහුන - උඩ ආපන ශාලාව )

    අනේ මට පාරෙ බැහැලා යන්න බැරි කරන්න
    අනේ මට සමජයට මූණ දෙන්න බැරි කරන්න
    මගේ මූනේ දැලි ගාන්න
    මගේ අම්මටයි තාත්තටයි දෙල් කොලෙන්
    මූන් වහගෙන යන්න කරන්න
    අනේ මට කරන්න..... කරන්න කරන්නකෝ .....
    (කැලනිය විශ්වවිද්‍යාලය - කියැවිම් ශාලාව )

    අප්පා පූජා බූමිය පැත්තේ
    වෙරලු මල් සුවඳේ බෑ
    වෙරලු මල් සුවදට හුරු මට
    දැනුනා බොම්බෙලි සුවඳ
    පූජා බූමියෙදි
    ( රුහුන - කැටපත් පවුර )

    ප්‍රෙශා කාලේ ඇය ගියෙ බිම බලාගෙන
    දෙවැනි සෙමෙස්ටරේ කොක්කක් දමාගෙන
    දෙක තුන වසර වල හොඳහැටි ....... ගෙන
    ඩිග්‍රියටත් කලින් පැටියෙකු හදාගෙන
    ( කැලනිය විශ්වවිද්‍යාලය - සරුංගලය කියැවීම් ශාලාව )

    DormRoomSex.jpg


    අධ්‍යාපන ක්‍රමය සහ සමාසික ක්‍රමය පිලිබද ලියැවුනු කුරුටු ගී

    උසස් අධ්‍යාපනය අපට උරුම කර දෙන්නේ
    තට්ට හිසක් සහ පොට්ට ඇස් දෙකක්
    පමනක්ද ?
    නැත
    මස් ලේ නැති
    අස්ති පද්ධතියක්
    තරඟකාරිත්වය හා ආත්මාර්තකාමිත්වය
    පෙරටු කරගත්
    මනුශ්‍යත්වය නොහඳුනන මිනිස් පරපුරකි
    ( පේරාදෙනිය - ප්‍රධාන පුස්තකාලය )

    ඩින්ගක් හොඳයි කියා Tourism තෝරා ගත් හන්දා
    Repeat වුනා අපි කොල්ලන් වුනු හන්දා
    කවදාක මේ කරුමෙන් ගැලවෙන්නද මන්දා
    අන්නන්න එපා රත්නායක මම වැන්දා
    ( සබරගමුව - කියැවීම් ශාලාව )

    අසීමිත නිදිමතයි
    අසංවර ලිඟුවයි
    නැතිනම් අපිත්
    ලෙචාලාය ප්‍රොපාලාය
    ( රුහුනු විශ්වවිද්‍යාලය - කැටපත් පවුර )

    Semester එකක් අලුතෙන් හැදුවාට
    Assignment , tute පිට පිට ලිව්වාට
    නොකා නොබී බොග දාලා මැරුනාට
    ඵලක් වේද උපහින් හිස නැතුවාට
    ( පේරාදෙනිය - ප්‍රධාන පුස්තකාලය )

    ජීවිතය තිත්ත වී
    සරසවිය එපා වී
    සිය දිවි නසා ගන්නා තත්වයට
    අප පත්කිරීමට සමත්
    කෝස් යුනි සිස්ටම් ගෙනා
    වල් බූරූ පාලකයිනි
    තොපි භංග වේවා
    ( රුහුනු විශ්වවිද්‍යාලය - කැටපත් පවුර )

    සෙමෙස්තරය නුබ උපන්නේ
    මා අමු අමුවේ
    මරා දමන්නද
    (ජපුර - ප්‍රදාන පුස්තකාලය )


    college-degree.jpg


    හොදයි යාලුවනේ එහෙනම් අපි කැපුනා පහල මගේ පරන ත්‍රෙඩ් ටිකත් ඇති ඒවත් බලාගෙනම යන්න එපා පොඩි කොමෙන්ටුවක්වත් කොටලා යන්නකෝ එලකිරි :):):):)




     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩේ මලේ පට්ටයි බන්z.
    ස්තූතියෙ කැම්පස් බැරි උන අපිට ඔව්වා කියවන්න සැලැස්වුවාට.
    රෙප් ලගදි දීල තියනවලු බන් වටේ යන්නලු
    සොරි වෙන්න ඕනේ.
    B4SqP.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;13964651 said:
    අපේ එකෙත් (රුහුන e-fac) සෑහෙන්න තියෙනව...
    මම පුලුවන් වෙලාවක දානම් මචෝ,
    මේ ටිකේ training නිසා කුරුනැගල ඉන්නෙ.....
    රෙප් දෙන්න වටේ යන්නලු.....

    අනිවා දාපන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    patta pata pata... :D :D

    අනේ මට පාරෙ බැහැලා යන්න බැරි කරන්න
    අනේ මට සමජයට මූණ දෙන්න බැරි කරන්න
    මගේ මූනේ දැලි ගාන්න
    මගේ අම්මටයි තාත්තටයි දෙල් කොලෙන්
    මූන් වහගෙන යන්න කරන්න
    අනේ මට කරන්න..... කරන්න කරන්නකෝ .....
    (කැලනිය විශ්වවිද්‍යාලය - කියැවිම් ශාලාව ) :rofl::rofl::rofl:

    mechchara kello inna uni tiyenawane ape asawata ekek dekek wat natuwa weleddi..
    sampath bedee yaame wishamathawaya kiyanne meka tamai.. :(
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සමාජ විද්‍යා අංශයේ පර්යේෂණ කල විවිධ පුද්ගලයන් ඔවැනි පර්යේෂණ ග්‍රන්ථ රාශියක් රචනාකොට තිබෙනවා......
    එය යම්තාක් දුරකට රසවින්දනය කිරීමට ඔබත් විශ්වවිද්‍යාල සංස්කෘතිය තුල කෙටි කාලයක්වත් ගත කිරීමට තිබේ නම් එය සතුටට කරුණකි......
    ලස්සනයි මචන් උඹේ ඉදිරිපත් කිරීම....! :yes: :)
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    patta pata pata... :D :D

    අනේ මට පාරෙ බැහැලා යන්න බැරි කරන්න
    අනේ මට සමජයට මූණ දෙන්න බැරි කරන්න
    මගේ මූනේ දැලි ගාන්න
    මගේ අම්මටයි තාත්තටයි දෙල් කොලෙන්
    මූන් වහගෙන යන්න කරන්න
    අනේ මට කරන්න..... කරන්න කරන්නකෝ .....
    (කැලනිය විශ්වවිද්‍යාලය - කියැවිම් ශාලාව ) :rofl::rofl::rofl:

    mechchara kello inna uni tiyenawane ape asawata ekek dekek wat natuwa weleddi..
    sampath bedee yaame wishamathawaya kiyanne meka tamai.. :(

    sirawata ban api nam welenawa