ඔබත් genuine බෞද්ධයෙක්ද සහ තවත් දෑ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔබත් genuine බෞද්ධයෙක්ද සහ තවත් දෑ

    මේක ලියන්නේ මට හිතෙන විදිහට මගේ දැනුම අනුව
    මැට්ටා කියන බුවා දාලා තිබ්බ තෙඩ් එකක් අනුව තමා මේක ලියන්න හිතුනේ


    අපි මුලින්ම බලමු බෞද්ධයා කියන්නේ කවුද කියලා

    සාමාන්‍ය දැනුම අනුවමනම් බෞද්ධයා කියන්නේ බුදුදහම අදහන කෙනා

    ඒ ප්‍රකාශයේ වැරැද්දක් නැති වුනත් ටිකක් අවුල වගේ

    මම විශ්වාස කරන ආකාරය අනුව නම්
    යම් පුද්ගලයෙක් තම සංසාර ගමන කෙලවර ‍කර ගැනීමේ අදහසින් (ගිහි හෝ පැවිද)එය තම පරම අරමුණ බවට පත් කරගනිමින් කටයුතු කරයිද
    හෙතම ඔහු හෝ ඇය genuine බෞද්ධයෙකු වේ

    මොකක්ද බොලේ මේ පොරටෝක් කාරයා කිව්වේ කියලා දැන් ගොඩක් ඈයෝ බලයි

    ඔබ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් ඉංජිනේරුවෙක් නලුවෙක් හෝ වෙන ඕනෑම අයෙක් විය හැක
    ඒ ඔබේ ජීවන උපායමාර්ගගය

    නමුතු ඔබ කුමන කේෂත්‍රයක වැඩ කලත් මම යම් දිනක නිවන් දකිමි යන සිතුවිල්ල අනුව හැසිරේ නම්
    (ඒ කියන්නේ කඩේ බඩු විකුණන් ගමන් බන කියන එකවත්
    වාහනය එලවනකොට භාවනා කරන එකවත් නෙවෙයි)
    ඔබ නියම බෞද්ධයෙකි

    නියම බෞද්ධයා කියලා කීවම ගොඩක් අයට සිහිවෙන්නේ
    නිතරම සුදු ඇදගෙන සිටින
    පන්සල් ගානේ නිතරම ගැවසෙන
    බණ පොත් සහ නවගුණ වැල අතේ තියන් ඉන්න පොරවල්

    මේ සමාජ තත්ත්වයන් අනුව එහෙම හැසිරීමේ අවශ්‍යතාවයක් නෑ
    තමන්ට අවස්ථාව ලද සැනින් ධර්මය අවබෝධ කරගැනීමේ කටයුතු වල යෙදී
    හැකි විට භාවනා වේ යෙදමින්
    යම් පුද්ගලයෙක් කටයුතු කරයිද හේ නියම බෞද්ධයෙකි

    කොල්ලෙක් ඉන්නවා
    විලාසිතා වලට බරයි
    නවීන පන්නයට සැරිසෙනවා
    යාලු වෙච්චි ගෑණු ළමයෙකුත් ඉන්නවා
    මගුල් සාද සංගීත ප්‍රදර්ශන ආදියේ යනවා
    ගීත අසනවා ‍චිත්‍රපටි බලනවා
    දැන් ඔබ හිතනවා අනිවා ඌ රස්තියාදු කාරයෙක් වෙන්න ඕනි කියලා

    හැබැයි මූ භාවනා කරනවා
    බණ දහම් ඉගෙන ගන්නවා
    ඒ අනුව කටයුතු කරනවා

    දැන් බලයි මං කියන දේ පරස්පරයි කියලා

    පරස්පර නෑ
    ගොඩක් අය නියම බෞද්ධයෙක් කීවම ඒ අයගෙන් බලාපොරොත්තු වන්නේ අටසිල් අනුව ජීවත් වෙන කෙනෙක්
    ඒක වැරදි මතයක්

    ගිහි අයට රැකිය යුත්තේ පන්සිල්

    කලින් කිව්ව එකා
    බණ දහම් අනුව කටයුත් කරනවා කීවම අවුල් වගේද
    බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ
    ගිහියන්ට කසාදබඳින්න එපා
    ගීත අහන්න එපා
    ප්‍රිය සාද ආදියට යන්න එපා කියලා


    යම් පුද්ගලයෙක් පන්සිල් රකිමින් ජීවත් වෙනවා නමුත් ඔහු පන්සිල් කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ
    සත්තු මරන්නේ නෑ
    අනුන්ගේ දේවල් හොරෙන් ගන්නේ නෑ
    බ්ලා බ්ලා බ්ලා

    නමුත් ඔහු ධර්ම ඉගන ගන්නේ නෑ
    භාවනා ආදියේ යෙදෙන්නේ නෑ

    එම නිසා ඔහු කෙතරම් යහපත් විදිහට හැසිරුණත් ඔහු බෞද්ධයෙක් නෙවෙයි

    ඔහු යහපත් හැසීරීමක් තියන විනයවත් යහපත් පුද්ගලයෙක් පමණයි

    නිතර දෙවේල් පන්සිල් ගත්තා හෝ නැතා
    පෝයට පන්සල් ගියා හෝ නැතා

    යම් පුද්ගලයෙක් තමා ඒකායන පැතුම නිර්වාණය අවබෝධ කරගැනීම කොට ගෙන හැසිරේ නම්
    ඒ අනුව ක්‍රියාවේ යෙදේ නම් ඔහු බෞද්ධයෙකි
    ඔහුගේ හැසීරීම මා කලින් සදහන් කල යහපත් පුද්ගලයාගේ හැසීරීමට වඩා ගුණවත් වූවකි

    එහෙම බැලුව අද සමාජයේ ඉන්නේ ‍genuine බෞද්ධයෝ ඉතාම සුලු ප්‍රමාණයයි

    මේක මගේ පොර ටෝක් කතාවක්
    එහෙම එකකුත් දැම්මේ නැත්නම්
    මාත් එක්ක අවුල තියන fake උන්ට ආතල් එකක් නෑනි ඒක නිසා ඒකත් දාන්නම්

    ඔන්න අහගන්නකෝ
    අපේ ගෙදර කට්ටිය සිල් ගන්න පන්සලකට ගියා
    සිල් ගැනීම මාගේ අකමැතිම කියාවක් වුනත් (හැබෑවටම සිල් ගන්න පුලුවන් ස්ථාන ලංකාවේ අඩුයි. පන්සල වේලා කාලේ කනවට වඩා
    ගෙදරට වෙලා බණ පොත්ක කියවීම හෝ භාවනාවේ යෙදීම මට ප්‍රියජනක දෙයක්)
    දහවල් දානය පන්සලට රැගෙන ඒමෙන් පසු මම සහ මගේ මිතුරන් කිහිප දෙනෙක් සමග
    බණ ශාලාවේ රැදෙමින් සිටියා

    දහවලා දානයෙන් පසු බණ ශාලාවේ ඊලග දේශනය තිබුනේ
    සිල්වත් යැයි සුප්‍රසිද්ධ උපාසක මහතෙකුට
    එතුමා බණ ශාලාවට පැමිණ
    තමන්ගේ දේශනය පටන් ගත්තා
    ජාතක කතාවක් ඇසුරෙන් පටන් ගත් දේශනය ප්‍රිය උපදවන සුලුයි

    ටිකවේලාවක ට පසු ඔහු තමන් දඹදිව ගිය සංචාරයන්ගේ විස්තර කියන්න පටන් ගත්තා

    විවිධ කණ්ඩායම් රැගෙන ගිය අයුරු
    දඹදිව විස්තර
    අසිරිය ගොඩනැගිලි
    නැවත එක්ක යන ලෙස පිරිස් බල කරන අයුරු ආදී ගැන කියවනවා

    සිල්ගන්න ඇවිත් හිටපු ‍අයත් ආසාවෙන් අහන් ඉන්නවා
    සමහරු අහනවා වියදම කොච්චර යනවද යන්න
    වගේ දේවල්

    මට තේරුනා මෑන් තමන්ගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා තව සෙට් එකකට දඹදිව ට්‍රිප් එකක් ලෑස්ති කරන්න යන්නේ කියලා

    ඔහුගේ එක් ප්‍රමාදයක් බලා වාඩි වී සිටි තැනින් නැගිට ගත් මම

    " සමාවෙන්න සියලු ඈයෝ මට
    මෙහෙම අනවසරයෙන් කඩාපැන්නට දේශනයක් මැද්දට
    මහත්තයෝ මෙතනට මේ පිරිස රැස් වෙලා ඉන්නේ විනෝදචාරිකාවන් යන්න නෙවෙයි
    ඔබතුමා ගේ ‍පෞද්ගලික චාරිකා ගැන විස්තර ‍මේ අයගේ නිර්වාන කර්තෘවයට අදාල වෙන්නේ නෑ මහත්තයෝ
    කරුණාකර මේ ඈයින්ට වැදගත් වෙන යම් ධර්මය කරුණු වේනම් එම කරුණු ගැන සාකච්ජා කරන්න
    තරහකට නෙවෙයි කියන්නේ"

    කියලා ඉදගත්තා

    ගොඩක් අය මගේ දිහා බලනවා
    සමහර අය රවනවා

    අර පොරගේ මූනත් රතු වෙලා
    මෑන් කියනවා

    "ඔය දරුවා එහෙම කියන එක වැරදියි
    බුදුන් උපන් ස්ථානය බුදුවනු ස්ථානය බ්ලා බ්ලා බ්ලා

    ඒ වගේ තැන් වලට ගියහම අපේ සිත් සතන් එලිය වෙනවා
    පුදුමාකාර හැගීමක් දැනෙනවා
    බුදුහාමුදුරුවන්ට තියන ගෞරවය වැඩිවෙනවා බ්ලා බ්ලා බ්ලා බ්ලා "

    මෙයා දිගටම කියන්නේ ඒ ඒ ස්ථාන වලට ගියහම නිවන් දකින්න පහසුයිලු

    ඉතිරිය පසුවට ලියන්නම්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔහුගේ කරුණූ දැක්වීමට කටපියන් ඉන්න අකමැති මං

    " මහත්තයෝ බුදුරජාණන් වහන්සේ කොතනද දේශනා කරලා තියෙන්
    උන් වහන්‍සේ දිහා බලන් ඉදලා
    උන්වහන්සේ බුදුවුන තැන් බ්ලා බ්ලා බ්ලා ආදී ස්ථාන දැකලා
    ඇතිවුන ආතල් එක නිසා නිවන් දකින්න කියලා

    මේ ජීවිතයේ තියන අනියත බව
    මේ සංසාරයේ තියන අනියත බව
    මේ සංසාර ගමන නිසා සත්වයා පත්වන දුක


    (මෙතන දුක කියන්නේ කවුරුහරි මැරුණම ඇතිවන දුක‍ නෙවෙයි
    අපි වෙලාවක දුකින් ඉන්නවා
    තව වෙලාවකට සතුටින් ඉන්නවා
    නමුත් මේ කිසිම දෙයක් ස්ථීරව පවතින්නේ නෑ
    හැම දෙයක්ම වෙනස් වෙනවා
    මේ වෙනස් වීමට මුහුන දෙන අපි
    මේ වෙනස් වීම් නිසා හෙම්බත් වෙනවා
    අන්න ඒ‍ දේට තමයි දුක කියන්නේ
    ගොඩක් අය කෙල්ල දාලා ගියහම දුක නැති කරගන්න මහනවෙනවා
    ඒන අන‍වබෝධයෙන් කරන දෙයක්)

    ගැන අවබෝධ කරගෙන
    ඒ දුක නැති කරන්න තමයි
    උන් වහන්සේ නිර්වාණ මාර්ගය ගැන දේශනා කලේ

    ඒක නිසා කාට හරි නිවන් දකින්න ඇත්තටම ඕනි කමක්
    තියනවනම්
    දඹදිව ට්‍රිප් යන එක නෙවෙයි කරන්න ඕනි
    හැම තත්ත්පරයකම ධර්මානුකූලව ජීවත් වෙන එක
    ධර්ම ගැන ඉගෙන ගන්න එක
    බුදුරජණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ
    යම් අයෙක් ධර්මය දකීද
    හේ තමන්වහන්සේ දැක්කා හා සමානයි කියලා

    බ්ලා බ්ලා බ්ලා බ්ල(සේරම කරුණු මෙතන දාන්න බෑ)"

    කියලා පැවසුවා

    එහිදී මුලදි යම් යම් අය මට විරුද්ධත්වයක් පෑවද
    පසුව බොහෝ දෙනෙක් මාගේ කරුණු ගැන පිලිගත්තා
    පසුව කරන ලද සොයා බෑලිමකදී දැන ගන්නේ ලැබුනේ
    අර මනුස්සයා කරන්නේ දඹදිව ගමන් ලෑස්ති කරන එක
    පැන්සන් ගිය ගුරුවරයෙක්
    දඹදිව චාරිකා සංවිධානය කරන එක තමයි ආදායම් මාර්ගය
    මෙයා හැසිරෙන්නේ සිල් රෙද්දක් පොරව ගෙන
    ඒක නිසා ගොඩක් අය මෙයාට රැවටිලා

    එහෙනම් ඔයාම ඇවිත නිවන් අවබෝධ කරවන්න කියලා
    ඒ මනුස්සයා ශාලාවෙන් එලියට ගියා

    චෙච්චි වැඩෙක් ධෛර්ය මත් වෙලා හිටපු මං

    මං කලින් කරපු කතාවටම සම්බන්ධ කරලා තවත් දේශනයක් පටන් ගත්තා

    ඔන්න ‍ඔහොමයි මං ඒ වැඩවලට පෙලඹුනේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඊගාව කරුණ තමයි

    ඉස්ලාම් ආගම කිස්තියානි ආගම හා අනිත් ආගම්

    මේ සියලු ආගම් වල දෙවියෙක් මුල් වෙලා ඉන්නවා
    ඒ හැම ‍ආගමකම නිර්වානය ගැන විස්තරයක් නෑ
    හැමතැනකම කියන්නේ
    අපේ ලොක්කා දෙයියා අපිව බලාගන්නවා
    මැරුනමත් දෙයියා තමා අපිව බලා‍ගන්නේ
    අපිව මැව්වෙත් දෙයියා තමා කියලා

    බුදුරජාණන් වහන්සේ කිසිම තැනක කියලා

    මං ඔයාලව මැව්වා
    මට පුලුවන් ඔයාලව මේ සංසාරෙන් එතර කරවන්න


    ඒ අනුව අපිට තේරුම් ගන්න පුලුවන්
    අනිත් සියලු ආගම් වල තියෙන්නේ බොරුව

    (දැන් දැන් ‍කතෝලික අය බුදුදහම තියෙන සමහර කරුණු එයාලගේ වගේ කියනවා)

    ඒ අනුව අපිට තේරුම් ගන්න පුලුවන්
    බුදුදහම සහ අනිත් ආගම් කියන්නේ එකිනෙකට විරුද්ධ මතවාදයන් දෙකක් කියලා
    ඒ නිසා කවදාවත් සර්වආගමික ආතල් හරියන්නේ නෑ

    ඊලග දේ තමයි බුදුදහම විද්‍යාත්මක දහමක්
    සියලු කරුණු සත්‍යයයි

    නමුත් අනිත් සියලු ආගම් වල තියෙන්නේ බොරුවක්
    ඒ ආගම් පටන්ගන්නෙම මහා බොරුවක් වන දෙයියා අපිව මැව්වා කියන පදනමින්

    ඒක නිසා බය නැතුව කියනවා
    යම් පුද්ගලයෙක් බුදුදහමින් පිට වෙනත් ආගමක් අදහයිද
    ඔහු නූගතෙකි වැරදි මග ගමන් කරන්නෙකි

    (මේවා ගැන වෙනම කැමති නම් තර්ක කරමු)

    දැන් ගොඩක් අය ලෑස්ති වෙනවා
    හාමුදුරුවෝ පල්ලි යවලා
    පූජකයින්ට පන්සලේ බණ කියන්න සලස්සන්න

    ඇත්තමට කතාවනම්
    කිසිම උත්සවයක හාමුදුරුවන්ට සහ අනිත් පූජකයින්ට සම අසුන් දිය යුතු නෑ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔයලා තමන්ගේ මතය මෙතන දාන්න
    මම හිත හිතා ටයිප් කරනවට වැඩිය පහසුයි
    ප්‍රශ්න වලට උත්තර දෙන එක
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සහතික ඇත්ත පෝය දවසට උදේම සිල් අරගන්න කියලා යන අම්මණ්ඩිලා දහය වෙනකොට පන්සලේ තැන් තැන්වල ගොරව ගොරව බුදි... කොල්ලෙක් ගියාම සතේකට ගනන් ගන්නෙත් නෑ,, හුඟක් එවුන්ට පුණ්‍යමානය තියෙන්නෙ:frown:
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඒකනම් ඇත්ත අද රටේ ගොඩක් අයට තියෙන්නේ අංද බක්තියක්. ගොඩක් ධර්ම සාකච්ඡාවලදි වැඩිහිටියන් අහන්නේ මෝඩ ප්‍රශ්ණ

    උදා -

    01 පහන දල්වනකොට නිතරම අලුත් පාන්තිරයක් භාවිතා කරන්නම ඕනෙද?
    02 පහන පත්තු කරලද ගෙදර විදුලි පහන් දල්වන්න ඕන?

    ඔන්න ඔය වගේ කිසිම වැඩකට නැති තේරුමක් නැති තැන් වලින් තමයි ගොඩදෙනෙක් බුදුධහම අල්ලගෙන ඉන්නෙ ඒක ඉතාම කේධනීය තත්වයක්. බුදධාගමේ නියම හරය දන්න කෙනාට ඔය අනවශ්‍ය දේවල් ගැන හිතන්න කිරන්න දෙයක් නෑ. ධර්මානුකූල ප්‍රතිපත්තියෙන් ඉන්නවා නම් ඔහුට මෙලොවදීම ධර්ම රසය බුක්ති විදින්න පුලුවන්.

    බෞද්ධාගමික සංස්කෟතිය මතු පරපුරට ඉතිරි කරගන්න උවමනා නිසා ආමිසයෙත් බෞද්ධයෙක් විදියට රැ‍‍දෙන එක වැදගත්. හැබැයි ඒකෙම එළබගෙන ඉන්නැතව ප්‍රතිපත්තියේ තියෙන වැදගත්කම අවබෝධ කරගෙන නියම බෞද්ධයෙක් වෙන එක තමයි කරන්න ඕන.

    මූලිකවම බෞද්ධයා කියල අර්ථ දක්වනුයේ බුද්ධ, දම්ම, සංඟ යන තෙරුවන් සරන ගිය පුද්ගලයා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි ඔලුවෙන් හිටගෙන අනිත් ආගම්වලට බැන්නත් වැඩක් නෑ,, කවදාහරි අපේ ආගම නැතිවෙන්නෙ ගොන්කම් කරන මිනිස්සු හින්දමයි.. බලපන් මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දාන්න එකෙක් නැති හැටි:(
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපි ඔලුවෙන් හිටගෙන අනිත් ආගම්වලට බැන්නත් වැඩක් නෑ,, කවදාහරි අපේ ආගම නැතිවෙන්නෙ ගොන්කම් කරන මිනිස්සු හින්දමයි.. බලපන් මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දාන්න එකෙක් නැති හැටි:(

    :yes::yes:

    මං ආනාපානසතිය ගැන තෙඩ් එකක් දැම්මා
    කර්මවාදය ගැන දැම්මා
    කමන්ටු නෑ

    හැබැයි හම්බයින් මරු කැති ගාමු වගේ තෙඩ් එකක් දැම්මානම්
    අම්මෝ කමන්ටු ගොඩ
     
    • Like
    Reactions: killershan

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    යම් පුද්ගලයෙක් තමා ඒකායන පැතුම නිර්වාණය අවබෝධ කරගැනීම කොට ගෙන හැසිරේ නම්
    ඒ අනුව ක්‍රියාවේ යෙදේ නම් ඔහු ''නියම'' බෞද්ධයෙකි
    :yes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes:

    මං ආනාපානසතිය ගැන තෙඩ් එකක් දැම්මා
    කර්මවාදය ගැන දැම්මා
    කමන්ටු නෑ

    හැබැයි හම්බයින් මරු කැති ගාමු වගේ තෙඩ් එකක් දැම්මානම්
    අම්මෝ කමන්ටු ගොඩ
    ඒවා හම්බයො කැතිගාමු කියලා බොරුවට කෑ ගහන එවුන්ට එහෙම වෙලාවකම පෙන්නන්න තියාගනින් මචො;)
     
    බුදුරජාණන් වහන්සේ වෙතට වරක් පැමිණි මහානාම ශාක්‍යයා, කෙනෙකු බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි විමසා සිටියේ ය. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ තෙරුවන් සරණයාමෙන් කෙනෙකු බෞද්ධයකු වන බවයි.