« ♥ බැලුමේ කතාව™ ♥ »©

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
« ♥ බැලුමේ කතාව™ ♥ »©

FIG-Balloon-Man-HN1954.jpg


සති පොලවල්හි බැලුම් විකිණීමෙන් ජීවිතය රැකගත් මිනිසෙකු විය. රතු, කහ, නිල් හා කොළ අතුළුව විවිධ පැහැයෙන් යුත් බැලූන් ඔහු ළග තිබිණි. බැලූන් අලෙවිය පහළ ගිය විටදී ඔහු කලේ, හීලියම් වායුව පිරවූ බැලූනයක් අහසට යැවීමය. එය දකිද්දී දරුවන්ට බැලූනයක් අවශ්‍යවීමෙන්, ඔහු වෙතට යළි පැමිණීමක් සිදුවේ. එවිට ඔහුගේ බැලූන් අලෙවිය යළි ඉහළ යයි. ඒ අයුරින් අලෙවිය පහළ ගිය සෑම විටකම ඔහු කලේ, එසේ හීලියම් පිරවූ බැලූනයක් අහසට යැවීමය.

එක් දිනයක යමෙකු තම කබායෙන් අදිනු බැලුම් වෙළෙන්දාට දැනුණි. ඔහු ආපසු හැරී බලද්දී තමා පිටුපසින් සිටියේ කුඩා දරුවෙකි.


"ඔයා කලුපාට බැලුමක් නිදහස් කලොත් ඒකත් අහසට යනවද?" දරුවා ඇසීය.

"පුතේ බැලුමක් උඩ යන්නේ ඒකෙ පාටට නෙමෙයි. ඒකෙ ඇතුලට දාල තියෙන දෙයින්" ඔහු බොහොම දයාබරව දරුවාට පැවසීය.

මෙම මූල ධර්මය ම අපේ ජීවිතවලටද අනුගත කල හැක. අපේ ජීවිත ඉහළ යෑමට අපේ ජීවිතය තුළ ඇති ආකල්ප බලපානු ඇත.

හාවර්ඩ් සරසවියේ විලියම් ජේම්ස්, ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙවැන්නකි..

"මගේ පරම්පරාව සොයාගත් ශ්‍රේෂ්ඨතම දෙය වන්නේ මනුෂ්‍ය සත්වයාට, තම ආකල්පවලට වෙනසක් ලබාදීමෙන් තම ජීවිතය වෙනස් කර ගත හැකි බවය."

පෝස්ට් 100ක් වෙනුවෙන් මොකක් හරි දාන්න හිතුන නිසයි දැන්මේ. සඟරාවක තිබිල ගත්තෙ. මේක හොදයි කියල හිතුන. :D

හොදයි නම් ඉස්සරහට යන්න තල්ලුවක් ඕනෙ. ;)
 
Last edited:

kasun69

Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    අපේ ජීවිත ඉහළ යෑමට අපේ ජීවිතය තුළ ඇති ආකල්ප බලපානු ඇත.
    11.gif
     
    • Like
    Reactions: Hood

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    මචෝ සඟරාවක තිබුන දෙයක් නිසා තව කෙනෙක් ඒක දැක්ක නම් එලකිරියේ පෝස්ට් වෙනවා ආධුනික නිසා තාම ඕක දැනෙන එක අඩුයි...ඉස්සරහට බලන්න කොච්චර නිර්මාණ මංකොල්ලය වෙනවද කියලා මහන්සි වෙලා සති ගනන් කට්ට කාලා හදන ත්‍රෙඩ් ගෙඩි පිටින් වෙන බ්ලොග් වල පබ්ලිෂ් වෙනවා...
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මචෝ සඟරාවක තිබුන දෙයක් නිසා තව කෙනෙක් ඒක දැක්ක නම් එලකිරියේ පෝස්ට් වෙනවා ආධුනික නිසා තාම ඕක දැනෙන එක අඩුයි...ඉස්සරහට බලන්න කොච්චර නිර්මාණ මංකොල්ලය වෙනවද කියලා මහන්සි වෙලා සති ගනන් කට්ට කාලා හදන ත්‍රෙඩ් ගෙඩි පිටින් වෙන බ්ලොග් වල පබ්ලිෂ් වෙනවා...
    :yes::yes::yes:

    bump