නොදන්න ඉංගිරිසියට ගිහින් වරිගෙ නහගෙන
එය කොළඹ සිට මහනුවර බලා ධාවනය වන බස් රථයකි. බස් රථයේ බාගයක් පමණ මගීන්ගෙන් පිරී ඇත. හදිසියේම වගේ අතින් කටින් ගමන්මලූ උසුලාගෙන කොළඹ පන්නයට කලිසන් ඇඳ ගත් කන්තාවක් බස් රථයට ගොඩවූවාය. ඈ පැමිණ සිටියේ තම සිඟිති පුතු සමගය.
ඈ බස් රථයට ගොඩවූ පසු මුලූ බස් රථයම විලවුන් සුවඳින් පිරී ගියේය. බස් රථයේ අසුනක හරි බරි ගැසී වාඩිවුණු කාන්තාවගේ කථාව තොර තෝංචියක් නැතුව ඉංග‍්‍රීසියෙනි. ඈ කථා කළේ තම පුතු සමගය. සිඟිති පුතු මවගේ කථාවට උත්තර දෙන්නේ සිංහලෙනි. බස් රථයට ගොඩවුණු වෙළෙන්ඳන් ගෙන එන සියලූ දේවල් පුතු ඉල්ලා සිටී.
හොඳ බබා වගේ ඉන්න ”නෝටි” වෙන්න එපා ඇය කීවේ ඉංග‍්‍රීසියෙනි.
”මට බඩ ගිනී” පොඩි පුතු කියයි.
”ඩඩා” නුවර ස්ටේෂන් එකේ අපි එනකං කාර් එකත් තියාගෙන ඉඳී. අපි නුවර ගියාම මොනව හරි කමු” ඈ කීවේ ඉංග‍්‍රීසියෙනි.
මේ අතර බැලූම් කාරයෙක් බස් රථයට ගොඩ විය.
”අම්මේ මට බැලූං එකක්නම් ඕනමයි” පොඩි පුතු කියයි.
”මම එක සැරයක් කීවනේ ”නෝටි” වෙන්න එපා මව ඉංග‍්‍රීසියෙන් කියයි.
”බැලූං එකක් අරං දීපිය” පොඩි පුතු තරහින් කියයි.
පොඩිපුතුගේ කථාවට බස් රථයේ සිටි සියලූ දෙනාම උපහාසයෙන් ලෙස සිනා සෙති.
කම් විල් ගෝ.. ඉන් ඒ ටැක්සි (එන්න අපි කුලී රථයකින් යමු) යයි කී කාන්තාව පොඩි පුතුද අතින්අල්ලා ගෙන බස් රථයෙන් බැස නොපෙනී ගියාය.
Source - lankadeepa online edition

Last edited: