~ "ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ"~

~ "ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ"~

ආදරයේ උණුසුම ළඟ


ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ


ආදරයේ උණුසුම ළඟ...




මීට පෙර අන්තර්ජාලයට එක්වී තිබූ වීඩියෝව පහතින් :( :sorry:



ලයාන්විත කටහඬකින් ගැයුනු ගීත කිහිපයක් සමඟ එම ගීත ගායනා කරන ලද කියන තිලින දුලාජ් නම් පුද්ගලයා මියගොස් ඇති බවට මීට මාස 8කට පමන පෙර YouTube වෙත වීඩියෝවක් එක්වී තිබුණා

එම මෝටර් රථ අන්තුරේ ජායාරූපද එම වීඩියෝවෙහි ඇතුලත්ව තිබිණු නිසා .මෙම කටහඬ අයිති පුද්ගලයාගේ වියෝව ගැන බොහෝ දෙනෙකු කම්පා වී තිබුනා.

නමුත් එම ගීත ගැයූ සත්‍ය පුද්ගලයා මියගොස් නොමැති අතර ජනක ක්‍රිෂාන්ත නම් වන ඔහු ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනට පැමින එම ගීතම සජීවීව ගයා තිබුණා.

ඔහු සජීවීව එම ගීතම ගැයූ අයුරු පහතින් :confused: :eek:


ජනක ක්‍රිෂාන්ත පිළිබඳ විස්තර කිහිපයක් පසුගියදා පුවත්පතක පළවී තිබුණේ පහත පරිදිය..

තවත් කිසිම රාත්‍රියක ඒ කට හඬ ජීවමාන රුව මට හමුවේයැයි මා විශ්වාස කළේ නෑ. ඒ තරමටම ඒ කට හඬ මරණයේ සියුම් සංවේදනාවක් ස්පර්ශ කරල තිබුණා.

ආදරයේ උණුසුම ළඟ…
දුක දැනෙන්නෙ නෑ…

අපිට හුරුපුරුදු ගීතය වෙන මොකක්දො කියාගන්න බැරි හැඟීමකින් ප්‍රතිනිර්මාණය වෙලා තිබුණා. මීට මාස කිහිපයකට පෙරදී මගේ දුරකතනයට මගේ මිතුරෙක් විසින් තිළිණ කළ ‘Broken heart’ නමැති AUDIO CLIPඑක දින කිහිපයක් පුරාවට මාව පිස්සු වැට්ටුවා. පිස්සු වැට්ටුවා විතරක් නෙමෙයි මරණය පිළිබඳ වෙන වෙන චිත්ත රූප මවන්න ගත්තා. ඒ හැඟීම් පුළුවන් තරමින් මම අකුරු කරන්න උත්සාහ කළා.

“මචං මේ සිංදු සෙට් එක කියන කොල්ලා මැරුණෙ ඇක්සිඩන්ට් එකකින්. උගේ උපන්දිනයට ගෙදරින් ඌට තෑගි කරල තිබුණෙ බයික් එකක්. එදා ඌ ඒ ෆිට් එකට යාළුවොත් එක්ක පොඩි සැපක් අරන් ඔය සිංදු සෙට්එක කියල තියෙනවා. ඊට පස්සෙ තව යාළුවෙක් එක්ක යද්දී අර බයික් එක ඇක්සිඩන්ට් වෙලා ඌ මැරෙනවා. මැරෙන්න විනාඩි කීපයකට කලින් තමයි ඔය සිංදු ටික කියල තියෙන්නෙ.”

ඒ කතාව ඇතුළෙ මම තව දුරටත් මරණය තුළ ජීවත් වෙන්න වුණා. හදවත රිදුම් දෙන හැම රැයකම කට්ට කළුවරේ ඒ ගීත පෙළ අහන්න මම පුරුදු වුණා. ඊටත් පස්සෙ ඒ කටහ‍ඬේ අයිතිකරු, මියගිය තරුණයාගේ නිවෙස හරි දන්න කියන කෙනෙක් හරි ඉන්නව නම් කතා කරන්න කියල ඉරිදා පත්තරේ ‘රහයි ජීවිතේ” සටහනක් තැබුවා. ඊටත් පස්සෙ ගෙවී ගියේ ඉතාමත් නිශ්ශබ්ද මාස කිහිපයක්. ඒ මාස කිහිපය පුරාවට මරණයේ රමණීය තැන් ඒ කටහඩින් මා අත් වින්දා.

ඒත් පසුගිය දවසක මගේ කනවැකුනෙ අදහාගන්න බැරි ආරංචියක්…

“මචං අර සිංදු සෙට් එක කියපු ඇත්තම ගායකයා ජීවතුන් අතර ඉන්නවලු.”

ඒ මොහොත මට දැනුණේ වෙනමම හැඟීමක්. උගෙ නම “ජනා” මාව සසල කළ, හදවත මරණයට පත්කළ කොල්ලො පිස්සු වැට්ටුව ජනාට මම කතා කළා. ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියෙ මාව බලන්න ජනා කොළඹ ඇවිත් තිබුණා. පහත සඳහන් වන්නේ ඇත්තටම ජනා සමඟ වුණු හෘදයාංගම කතා බහ.

මට තේරෙන්නෙ නෑ. උඹගෙන් ඉස්සෙල්ලාම අහන්නෙ මොකක්ද කියලා. ඇත්තම කතාව කියපන්.
2005 අවුරුද්දෙදී තමයි මම ඔය සිංදු ටික කිව්වෙ. එදත් රැහැයියො අඬන රාත්‍රියක්. කටුනායක කළපුවක් අයිනෙ පොඩි බැමි කෑල්ලක් උඩ, ඔය සිංදු ටික කිය කියා කොල්ලො ටිකකට සැපක් දුන්නා. ඒ වෙලාවෙ රෙකෝඩ් කරගත්ත සිංදු ටිකක් මගේ ජීවිතයට මෙච්චර දෙයක් කරයි කියල මම කවදාවත් හිතුවෙ නෑ.

එතකොට ඔයා මැරුණා කියලා මිනිස්සු කිව්වෙ ඇයි?
ඊට පස්සෙ ඔය සිංදු ටික ෆෝන් එකෙන් ෆෝන් එකට ගිහින් අර කැලණියෙ මැරුණු මල්ලිගෙ අතටත් ගියා. එයත් ඔය ගීත පෙළට තදින් ඇබ්බැහි වෙලා හිටියා.

එයාගෙ උපන් දිනය දවසෙ බයික් එකක් ගත්ත සතුටට යාළුවොත් එක්ක එකතුවෙලා එදත් ඔය සිංදු ටික අහල තියෙනවා. ඒ අහල යන කොට තමයි ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නෙ.”

ඊට පස්සෙ?
මම හිතුවෙවත් නැති විදියට මගේ කටහඬ ලක්‍ෂ සංඛ්‍යාත මිනිස්සු අතරට ගියේ ඒ සිද්ධියත් එක්ක.

ජනාගෙ පදිංචිය කොහේද?
මිනුවන්ගොඩ.

මොනවද කරන්නෙ?
ඇත්තටම මම ඉපදුණේ බහරේන්. මගේ තාත්තා අම්ම හැමදෙනාම හිටියෙ එහේ. මට අවුරුදු 12 දී තමයි මම ලංකාවට ආවෙ. එතකොට මට සිංහල වචනයක්වත් බෑ. මම සිංහල ඉගෙන ගත්තෙ අවුරුදු 12දී. 2 වසර පංතියටයි ඇතුළු වුණේ. පසුකාලයකදී මම ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් විදියට වෘත්තීය ජීවිතේ පටන් ගත්තා. දැන් ඒ හැමදෙයක්ම වෙනස් වෙලා.

එතකොට සංගීතය පැත්තට ආවෙ කොහොමද?
මමවත් දන්නෙ නෑ. මිනිසුන්ගෙ FEELING කියන්නෙ පුදුමාකාර දෙයක්. හැඟීම් සමඟ ජීවත්වෙන්න මම කැමැතියි. ඒ ජීවිතය ඇතුළෙ MUSIC කියන්නෙත් හැඟීමක්. මට ගිටාර් එක ළං වුණේ ඒ විදිහට.

ඔය ගීත පෙළ නිසා අත්වින්ද අත්දැකීම් එහෙමත් ඇති.
ඔව්. කවුරුත් හිතපු විදියට ඔය ගීත ඇතුළෙ මරණය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මීට මාස කිහිපයකට උඩදී කටුනායකදී හමු වුණු මිතුරන් ටිකක් මට කියල ඔය ගීත පෙළ කියව ගත්තා. එතැන හිටපු කෙනෙක් ඔය ගීත ටික අහල මට කිව්වා.

මල්ලී මම මැරුණු දවසක මගේ මිනීපෙට්ටිය ළඟ උඹගෙ ඔය සිංදු කියපං කියල. අපි කවුරුවත් හිතපු නැති විදියට ඒ මනුස්සය සති කිහිපයකින් හදිසියේ මරණයට පත් වුණා. එයාගෙ අවසාන කැමැති පත්‍රයේ මට කියල මේ සිංදු ටික මරණය ළඟ කියවන්න කියල ඉල්ලීමක් කරල තිබුණා. ගමේ මිනිස්සු ටිකක් ඇවිත් මට කිව්වම මම පුදුම වුණා. අන්තිමට ඒ මියැදුණු මනුස්සය ළඟ මම සිංදු කිව්වා.

දැන් ජනා මොනවද කරන්නෙ?
තැන් තැන්වල හමුවන යාළුවො රංචු අතරේ මට ශේන් අයියා හමුවුණා. එයා මට සංගීත් අයියා මුණ ගැස්සුවා. ඊටත් පස්සෙ අමල් පෙරේරා, ගැමුණු වන්නිනායක මේ හැමෝම මගේ ජීවිතය වෙනස් කරන්න උදව් කළා. දැන් මම සංගීත් අයියගේ වායෝ බෑන්ඩ් එකේ ගායකයෙක් විදියට කටයුතු කරනවා.

ජනාට මරණය ගැන අදහසක් නැද්ද?
තියෙනවා. මගේ හැඟීම් හිස් වුණු දවසට මරණය ඉතිරි වේවි.

බලාපොරොත්තු තියෙනවද?
ඔව්. මගේ ගීත අහලා ඇක්සිඩන්ට් වෙලා මියගිය මල්ලිගෙ ගෙදර යන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව මගේම කියලා ගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ගිය බ්‍රහස්පතින්දා රාත්‍රිය තලවතුගොඩ පෝඩියම් අවන්හල සුවිශේෂී දවසක්. මමත් සංගීත ශිල්පියෙක් නිසාම අපේ “චක්‍ර” සංගීත කණ්ඩායම හැම බ්‍රහස්පතින්දාවක්ම සුන්දර කරනවා. ජනා මාව හමුවෙන්න ආවෙත් එතැන්ටමයි. වෙනදාට වඩා ඒ බ්‍රහස්පතින්දා සුවිශේෂියි. ජනාගෙ අතට මම ගිටාර් එක දුන්න. බුබුළු නඟින හැඟීම් දැනීම්, උසුළු විසුළු, සිනා සෙන මිතුරු රංචු අතරේ ජනා නැවත වතාවක් මරණයේ රමණීය ගීත පෙළ අපි ඉදිරිපිට සජීවීව කියන්නට වුණා.

මම තාමත් කිරිකෝඩුයි
ඉවසන්නත් බෑ..
දුටු දාම බහ දුන්නෙ
ඉල්ලන්නත් බෑ
ඔය හැමදාම බොරු කීවෙ
රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නෙ
උහුලන්නත් බෑ…

JANA Live in Concert With Hard Black :eek:




Bamp rep+ dunnata ahetak ne hode :):D


-): re post nam sorry:(

copy by;Paparasi News
 
Last edited:
  • Like
Reactions: crazybuddy
ආදරයේ උණුසුම ළඟ


ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදේ
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලේ
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැඟෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ...

දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි
ගීත හඩින් සුසුම් හඩින් පිරුණු ලෝකයේ
සිනහ නැඟෙයි කඳුළු නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ...
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):)
    මමත් කලින් හිතන් හිටියෙ බියගම ඇක්සිඩන්ට් සීන් එකේ මැරුණ මල්ලියි ඔය සිංදුව කියන්නෙ කියල.. ඒ කියන්නෙ හැමෝටම ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ..

    මචං වීඩියෝ එකක්වත් වැඩ කරන්නෙ නැහැ.. ප්ලේ වෙන විදියට දාපන් පුළුවන් නම්.. :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ සින්දුව මුගේද??

    අනේ බං දන් නැති නිසා අහන්නේ..... මේ සින්දුව මුගේද?? මම හෙන කාලෙකට ඉස්සෙල්ල මේ සින්දුව වෙනින් ගායකයෙක් කියනව අහල තියෙනවනේ...( සෝමතිලක ජයමහ වගේ මතක.)

    මොකක්ද බං මේ වෙන්නේ? මේ සින්දුව දැන් මුගේද???:eek:

    ලින්ඩා
     
    අනේ බං දන් නැති නිසා අහන්නේ..... මේ සින්දුව මුගේද?? මම හෙන කාලෙකට ඉස්සෙල්ල මේ සින්දුව වෙනින් ගායකයෙක් කියනව අහල තියෙනවනේ...( සෝමතිලක ජයමහ වගේ මතක.)

    මොකක්ද බං මේ වෙන්නේ? මේ සින්දුව දැන් මුගේද???:eek:

    ලින්ඩා
    එයාගේ තමා (
    14.gif
    සෝමතිලක ජයමහ වගේ මතක.) ජනා මේක තව සිංදු 2 එක්ක කියන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ බං දන් නැති නිසා අහන්නේ..... මේ සින්දුව මුගේද?? මම හෙන කාලෙකට ඉස්සෙල්ල මේ සින්දුව වෙනින් ගායකයෙක් කියනව අහල තියෙනවනේ...( සෝමතිලක ජයමහ වගේ මතක.)

    මොකක්ද බං මේ වෙන්නේ? මේ සින්දුව දැන් මුගේද???:eek:

    ලින්ඩා
    :shocked::shocked:
    "ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ" සිංදුවෙ මුල් ගායකයා සෝමතිලක ජයමහ මහත්තය තමයි.. රංග නදීකා කියන්නෙ ධනපාල උඩවත්ත මහත්තයා.. කෝටුකෑලි සොයාලා සිංදුව කියන්නෙ මොහිඳින් බෙග් මහත්තයා..
     
    :shocked::shocked:
    "ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ" සිංදුවෙ මුල් ගායකයා සෝමතිලක ජයමහ මහත්තය තමයි.. රංග නදීකා කියන්නෙ ධනපාල උඩවත්ත මහත්තයා.. කෝටුකෑලි සොයාලා සිංදුව කියන්නෙ මොහිඳින් බෙග් මහත්තයා..
    "රංග "" සිංදුවේ ගයකයි ගායකයා මමත් නොදැන හිටියෙ
    thank macho
    11.gif
     
    ආදරයේ උණුසුම ළඟ

    මීට පෙර අන්තර්ජාලයට එක්වී තිබූ වීඩියෝව පහතින් :( :sorry:




    ඔහු සජීවීව එම ගීතම ගැයූ අයුරු පහතින් :confused: :eek:



    Jana New Release- Milton Mallawaarachchi nonstop by ( JANA ):lol:


    බලලම විතරක් යන්නෙපා... comments, rep ,දුන්නට තරහක් නැ........ :):D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිස්සුද බං ???

    උඹලට පිස්සුද බං පාරෙ යන ගං කබ්බො ෆෝම් කරන්න? ජනා ජනා කිව්වහම මාත් බැලුව එළ වැඩකාරයෙක් ෆීල්ඩ් එකට බැහැල කියල. බලන්ගියාම මූ අනුන්ගේ සින්දු උගේ වහේ කියනව ඒත් ඒ ගායනය මුල් ගායනයට වඩා පහත් මට්ටමක් මිසක් කිසි විශේෂයක් පේන්නෑ.... ආදරයේ උණුසුම ලඟ ඔරිජිනල් සින්දුව අහල මුගේ අඳෝනාව ඇහුවහම බඩදඟලනව.
    උඹලයි උඹලටම හරියන ජනාලයි.... තූ විතරක්!!!


    මට ඇත්තටම් තේරෙන් නෑ මූ මොන අහවල් එකකට ෆේමස් කරනවද කියල. දෙකක් දාගත්තහම මූ ට වඩා එළට අපි සින්දු කියනවනෙ බං.

    මට තේරෙනෙනම් මූ අර මැරිච්ච උන්ගේ මිනී විකුනන් කනව වගේ, ඊටත් වඩා මට තියෙන එකම දුක ලස්සන සින්දුවකට මූ හින්දා මුස්පේන්තු කාලකන්නිකමක් ඈඳුන එක.

    ලින්ඩා....
     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    උඹලට පිස්සුද බං පාරෙ යන ගං කබ්බො ෆෝම් කරන්න? ජනා ජනා කිව්වහම මාත් බැලුව එළ වැඩකාරයෙක් ෆීල්ඩ් එකට බැහැල කියල. බලන්ගියාම මූ අනුන්ගේ සින්දු උගේ වහේ කියනව ඒත් ඒ ගායනය මුල් ගායනයට වඩා පහත් මට්ටමක් මිසක් කිසි විශේෂයක් පේන්නෑ.... ආදරයේ උණුසුම ලඟ ඔරිජිනල් සින්දුව අහල මුගේ අඳෝනාව ඇහුවහම බඩදඟලනව.
    උඹලයි උඹලටම හරියන ජනාලයි.... තූ විතරක්!!!


    මට ඇත්තටම් තේරෙන් නෑ මූ මොන අහවල් එකකට ෆේමස් කරනවද කියල. දෙකක් දාගත්තහම මූ ට වඩා එළට අපි සින්දු කියනවනෙ බං.

    මට තේරෙනෙනම් මූ අර මැරිච්ච උන්ගේ මිනී විකුනන් කනව වගේ, ඊටත් වඩා මට තියෙන එකම දුක ලස්සන සින්දුවකට මූ හින්දා මුස්පේන්තු කාලකන්නිකමක් ඈඳුන එක.

    ලින්ඩා....

    aththa kathawa... 100% agreed. Thamange deyak kiwwanam hodai...:eek: