බුද්ධිමත් කොන්ද පණ තියෙන අයට පමණයි
තමන්ගේ උප්පැන්න සහතිකේ මොන ආගම ජාතිය තිබුනත් ඔබට බුදු දහමේ වටිනාකම තේරුම් ගන්න
බුද්ධිය තියෙනවා නම් ඒ වෙනුවෙන් දෙයක් කරන්න කොන්ද පණ තියෙනවා නම් ඉදිරියට කියවන්න
.
ගොඩක් අය බුදු දහමට වෙන අනතුරු ගැන මේ දවස් වල කතා වෙනවා. පරුෂ වචනයෙන් පවා ඇතැමුන් අපහාස කරනවා. එත් එයින් බුදු දහමට රැකවරණයක් ලැබෙනවාද නැතිනම් අපහාසයක් වෙනවාද යන්න හිතා බැලිය යුතු කාරනාවකි. ඊට කලින් අතීතයෙන් පාඩම් ටිකක් ඉගෙන ගමු
.
ඉතිහාසයෙන් පාඩමක්

තමන්ගේ උප්පැන්න සහතිකේ මොන ආගම ජාතිය තිබුනත් ඔබට බුදු දහමේ වටිනාකම තේරුම් ගන්න
බුද්ධිය තියෙනවා නම් ඒ වෙනුවෙන් දෙයක් කරන්න කොන්ද පණ තියෙනවා නම් ඉදිරියට කියවන්න
. ගොඩක් අය බුදු දහමට වෙන අනතුරු ගැන මේ දවස් වල කතා වෙනවා. පරුෂ වචනයෙන් පවා ඇතැමුන් අපහාස කරනවා. එත් එයින් බුදු දහමට රැකවරණයක් ලැබෙනවාද නැතිනම් අපහාසයක් වෙනවාද යන්න හිතා බැලිය යුතු කාරනාවකි. ඊට කලින් අතීතයෙන් පාඩම් ටිකක් ඉගෙන ගමු
. ඉතිහාසයෙන් පාඩමක්
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි -
1. ගිහිකල ගිංගමලද්දූ මිගෙල් මැන්දිස් යන නමින් හැඳින්වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කුඩාකල සිටම කීමේ, භිනීමේ උපන් හපන්කමක් දැක්වූයේය. එහෙයින් තම දෙමව්පියන්ගේ ඉල්ලීම මත පැවිදි වූ මේ කුඩා හිමියෝ ඉතා දක්ෂ ලෙස ශබ්ද ශාස්ත‍්‍රය හැදෑරුහ.
2. තම පියාගේ හදිසි අභාවයෙන් පසු උන්වහන්සේ ටික කාලයකට උපැවිදිව සිය මවගේ ආරක්ෂාව උදෙසා කටයුතු කළේය. එකල,
3. ඥාති පූජකවරයෙකුගෙන් බයිබලය සහ කි‍්‍රස්තියානි ධර්මය හොඳින් උගත්තේය.
4. බලපිටියේ ඒබ‍්‍රහම්ද අල්විස් නම් මහ මුදලිඳුගේ ආධාර උපකාර ඇතිව කොළඹ වෙස්ලි නම් ඉංග‍්‍රීසි විද්‍යාලයට ඇතුළත් ව ඉංග‍්‍රීසි භාෂාව හැදෑරුවේය
5. ධර්ම ශාස්ත‍්‍රයෙහි හා වෙනත් සමායාන්තර ආගම් පිළිබඳව කුලනාත්මක දැනුමක් ඔහු සතු විය
6. නැවත මිගෙට්ටුවත්තේ ගුණානන්ද නමින් පැවිදි වී දේශනාකරන ලද ධර්මය ඇසීමෙන් පැහැදුණු බොහෝ ජනී ජනයා තුළ ධර්ම ප‍්‍රබෝධය ඇති කරන ලදී
7. බුදුසසුනේ දියුණුවට කටයුතු කරන ලදී.
8. එවකට ඉංග‍්‍රීසි පාලන සමයේ බෝධි රුක්ෂ කපා විනාශ කිරීමේ කි‍්‍රයාපටිපාටියට දැඩිව විරුද්ධව කි‍්‍රයා කළ ගුනාන්ද හිමියෝ “බෝධිරාජ සංවර්ධන සමිතිය” නමින් සමිතියක් පිහිටුවා නැවත බෝධිරුක්ෂ සිටවීමේ වැදගත් කාර්යයට අත ගැසුහ. උන්වහන්සේ එකල සිට වූ බෝධි වෘක්ෂ අදද අගනගරයේ බොහෝ තැන්වල දක්නට ඇත.
9. විදේශීන්ගෙන් වැළැඳගත් සංකර ගති පැවතුම් දුරලීමට කටයුතු කළ අතර ඉංග‍්‍රීසීන්ගෙන් තාන්න මාන්න ලැබූ කළුජාතික සිංහල සුද්දන්ට රට ජාතිය හා ආගමේ වටිනාකම කියා දුන්නහ.
10. බුද්ධ ධර්මයට හා ජාතක පොත් වහන්සේට මෙන්ම සිංහල චාරිත‍්‍ර වාරිත‍්‍ර වලට තදබල ලෙස මිෂනාරින්ගෙන් විවේචනයට ලක් වෙද්දී එම දුර්මත දුරලීමට වාද විවාද සහ දේශන පැවැත්වීමට කටයුතු කළහ.
මෙම වාද වලින් පසු සිංහල බෞද්ධයන් හා කි‍්‍රස්තියානි ලබ්දිකයන් අතර පැවැති මිථ්‍යාමත දුරලීමටත් සත් ආගමික සහ සිංහල චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිගැනීමටත්, දැනුම වර්ධනය කිරීමත්, නව සංස්කෘතික සහ ජාතික අභිවෘද්ධියටත් හේතු වූවානොවනුමානය.
http://www.danuma.lk/sinhala/index....0-40-20&catid=94:biography&Itemid=117&lang=si

Last edited: