හලාල් සංකල්පය පිලිබඳ සමාලෝචනයක්

eminem.mosh

Member
Nov 19, 2010
395
60
0
හලාල් සංකල්පය පිලිබඳ සමාලෝචනයක්

හලාල් සංකල්පය පිලිබඳ සමාලෝචනයක්

මෙම ලිපිය උපුටා ගැනීමකි. click here.


අනුමත-කැප (හලාල්) හා තහනම්-අකැප (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත්වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව, මේ පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීම් ඉදිරිපත් නොවී තිබීම බව අපගේ අදහසයි. එහෙයින් මෙම කරුණු සියල්ල සලකා බලා මෙම සංකල්පය පිළිබඳව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු.

හලාල් (අනුමත) හා හරාම් (තහනම්) යන අරාබි වචන ප්‍රයෝජනයට ගැනීමෙන්, මෙය ඉස්ලාමයට පමණක් සීමාවූ සංකල්පයක් බව හා එය අන් දහම් වලට අදාළ නොවන්න්නක් ලෙසත් වැරදි අවබෝධයක් ඇති වීමට හේතුවී තිබිය හැක.



ලෝකයේ සියළුම ජීවීහු ආහාර මත යැපෙති. එය සර්ව සාධාරණ ලෝක නියාමයකි. මෙම කාරණය බුද්ධ දේශනාවෙහි “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් කෙටියෙන් සඳහන් වේ. මිනිසා අනාධිමත් කාලයේ සිට ආහාරයේ යහ හා අයහගුණ පිළිබඳව අත්දැකීම් ලබමින් සිටින්නෙකි. සමහර ආහාර හේතුවෙන් ශාරීරික, මානසික මෙන්ම අධ්‍යාත්මික අසාත්මික තාවයන්ට මිනිසාට මුහුණ පෑමට සිදුවන්නේය. ශාරීරික අසාත්මිකතාවයන්ගෙන් සමහරක් නම් ජීරණ පද්ධතියේ ආබාධයන්, පිළිකාව, දියවැඩියාව, රුධිර පීඩනය, හෘද රෝග වැනි ආබාධයන් පොදු වුවත් ආහාරය තවත් විවිධ රෝගයන්ට හේතුකාරකය බවට පත් වී ඇත. මෙම හේතුව නිසාම මනුෂ්‍ය වර්ගයා යහ (අනුමත – හලාල්) සහ අයහ (තහනම් – හරාම්) ආහාර හා අනෙකුත් පරිභෝජන වර්ග පිළිබඳව නිර්ණායක ගොඩනගා ගැනීමේ අත්‍යාවශ්‍ය තත්වයට මුහුණ දෙමින් සිටී. මේ හේතුව නිසාම සියලු දහම් මෙම නිර්ණායකයන් පිළිබඳව මනුෂ්‍ය වර්ගයාට විවිධ ප්‍රමාණයන්ගෙන් මග පෙන්වයි.



ආගමික මතයන්

පළමුව, බෞද්ධ ඉගැන්වීම් දෙස අපගේ අවධානය යොමු කරමු. භික්ෂුන් වෙනුවෙන් නොකෑ යුතු මස් වර්ග දහයක් විනය පිටකයේ මහාවග්ගපාලියේ සඳහන් වෙයි. ගිහි බෞද්ධයින්ගේ විනය, පන්සිල් පද වල ගැබ්වී ඇති බව බෞද්ධ විශාරධයින්ගේ මතය වී තිබේ. මෙහි පස්වන සිල් පදයෙන් සියලුම මත්ද්‍රව්‍ය අකැප බව පැහැදිලිව ඇති කරුණකි. දීඝ නිකායේ (සුත්‍ර පිටකය) 31 වන සුත්තය වූ සිඟාලක සුත්තය අනුව මත්පැනෙහි විපාක හයක් විග්‍රහ කොට ඇත. ඒවා නම්:



1. වස්තුව වැනසී යාම, 2. කෝලාහල නඩුහබ ඇතිවීම, 3. රෝග හටගැනීම, 4. නරක නමක් පැතිර යෑම, 5. ලැජ්ජාව නැතිවීම, සහ 6. නුවණ දුබලවීම යන මේවාය.



ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කළ ඉහත කරුණු අනුව බෞද්ධ ඉගැන්වීම් තුල අනුමත-කැප (හලාල්) මෙන්ම අනුමත නැති-අකැප (හරාම්) සංකල්පයක් ඇති බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණකි.



මීළඟට කිතුනු ඉගැන්වීම් කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු.



“ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක්වූ සතුන්ගේ මස් නොකෑ යුතුය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය.” (ශුද්ධ බයිබලය – ලෙවීගේ ව්‍යවස්තාව 11:7-8)



“ඌරා කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය” (ශුද්ධ බයිබලය – ද්විතීය නීති සංග්‍රහය 14:-8)



ඌරාගේ රුධිරය රසායනික විශ්ලේෂණයකට බඳුන් කළ විට එහි විශාල ප්‍රමාණයක් යුරික් අම්ලය ඇති බව දැන ගත හැකිය. මෙය මනුෂ්‍ය ශරීරයට ඉතාම අහිතකරය. ඌරාගේ මාංශය තුල විශාල ප්‍රමාණයක් පරපෝෂිතයින් ජීවත් වන හෙයින්, එය අනුභව කිරීමෙන් මනුෂ්‍ය ශරීරයේ විවිධ රෝග ඇති වීමට ඇති ඉඩකඩ බොහෝය. කොලස්ටරෝල් හා අනෙකුත් ලිපිඩ් හා හෝමෝන වර්ග බහුලව ඌරාගේ මාංශයේ දක්නට ඇති හෙයින් එයද අහිතකර ප්‍රතිඵල ගෙනදිය හැක. පෙර සඳහන් කලාක් මෙන් ඌරාගේ ශරීරයේ ඇති යුරික් අම්ලයෙන් ජීවරසායන ක්‍රියාවලියෙන් බැහැර කරනුයේ 2% ක් පමණක් වන අතර ඉතිරි 98% ශරීරයේ රැඳෙන හෙයින් මෙයින් සිදුවිය හැකි සෞඛ්‍යමය හානිය ඉතා භයානකය.



ඉහත කරුණු වලින් පෙනී යන්නේ ප්‍රධාන දහම් මිනිසාට හිතකර මෙන්ම අහිතකර හා අයෝග්‍ය ආහාර වර්ග මෙන්ම අනෙකුත් පරිභෝජනය සඳහා නුසුදුසු දෑ පිළිබඳව කරුණු පැහැදිළි කිරීමක යෙදී ඇති බවය. නමුත් “හලාල් සහ හරාම්”යන වචන උපයෝගී වන සෑම අවස්ථාවකම කෙනෙකුගේ මනසේ ඇතිවන චිත්ත රුපය වනුයේ මෙය ඉස්ලාමිකයින්ට පමණක් සීමාවූ සංකල්පයක් බවය. එවැනිම ඉගැන්වීම් අනෙකුත් දහම්හි අන්තර්ගතයේ නොමැති බවත් සිතෙන්නට ඉඩ ඇත. මෙය සහමුලින්ම සාවද්‍ය මතයක් යන්න ඉහතින් ඉදිරිපත් කළ කරුණු වලින් පැහැදිළි වන්නකි. සියළුම දහම් මෙම මතය විවිධ ප්‍රමාණයන්ගෙන් තම ඉගැන්වීම් වල අන්තර්ගත කොට ඇතිබව ඉතාම පැහැදිළි කරුණකි.



සැබැවින්ම ඉතා පළල් පරාසයක ඉස්ලාමය විසින් මිනිසාට හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳව වෙන්කර ගැඹුරු සංකල්පයක් ඉදිරිපත් කොට ඇත. මෙය ආහාර සම්බන්ධව පමණක් නොව ජීවිතයේ සෑම දෙයක් සඳහාම වලංගුය. නිදසුනක් ලෙස ඉස්ලාමයට අනුව පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් විවාහ විය යුත්තේද හලාල් සහකරුවෙක් හෝ සහකාරියක සමගයි. එමෙන්ම ඔවුන්ගේ විවාහය සිදුවිය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙතකටය. ඉන්පසුව ඔවුන් අඹුසැමි සබඳතා පැවැත්විය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙලටය. එමෙන්ම අප කරන රැකියාද හලාල් විය යුතුය. නිදසුනක් ලෙස මත්පැන් හෝ දුම්වැටි නිශ්පාදනය/ අළෙවිය වැනි රැකියාවන් මුස්ලිම් වරයෙකුට තහනම්ය. අප අඳින්නාවු වස්ත්‍ර වලටද අනුමත සහ අනුමත නොකළ විධි ඉස්ලාමය උගන්වා ඇත. ඒ නිසා වස්ත්‍රද හලාල් විය යුතුය. අප යන ගමන් බිමන්ද ඉස්ලාමය අනුමත පිළිවෙලට විය යුතුය. ඒ නිසා ගමන් බිමන්ද හලාල් විය යුතුය. මෙහිදී සාකච්ඡා වට බඳුන් වන්නේ එම පුළුල් සංකල්පයේ අංශුවක් තරම්වූ මිනිසාගේ පරිභෝජනය සඳහා ගන්නා වූ දෑ පිළිබඳව පමණි.



අල් කුර්ආනයේ සහ මුහම්මද් ධර්ම දුතයානන්ගේ ඉගැන්වීම් අනුව ඉස්ලාමීය අනුමත (හලාල්) හා තහනම් (හරාම්) සංකල්පය ගොඩනැගී ඇත.



“ජනයිනි, මිහිතලයේ ඇති අනුමත කළ යහපත් දෑ අනුභව කරවූ; ෂෙයිතාන්ගේ (නපුරු බලවේගයේ) පියසටහන් අනුගමනය නොකරවූ; සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි” (අල් කුර්ආන් 2:168)



“ඔහු (අල්ලාහ්) නුඹලා වෙත තහනම් කර ඇත්තේ මළ සතුන්, රුධිරය, සුකර මාංශ, හා අල්ලාහ් හැර වෙනත් දෑ සඳහා කැප කරනු ලැබූ දෑ ම වේ; යමෙක් බලවත් අවශ්‍යතාවයක් හේතුවෙන් (විකල්පයකින් තොරව) බලකරනු ලබන්නේ නම් ආස්වාදයකින් තොරව හා (ජීවිතය රැකගැනීමට අවශ්‍ය) ප්‍රමාණය නොඉක්මවා (ඒවා ආහාරයට ගැනීම) පාපයක් නැත; සැබැවින්ම අල්ලාහ් ක්‍ෂමාශීලීය, කරුනාභරිතය” (අල් කුර්ආන් 2:173)



“විශ්වාස කළවුනි, සැබවින්ම සුරාවද සුදුවද (බිලිපුජා කරන) අල්තාරයද (පේන බැලීම සඳහා භාවිතා කරන) ඊතල ද ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ කිලිටකි. එබැවින් නුඹලා ජයග්‍රහණය කරනු පිණිස එයින් වැළකෙවූ” (අල් කුර්ආන් 5: 90)



“විශ්වාස කළවුනි, අල්ලාහ් නුඹලාට අනුමත කළාවූ යහපත් දෑ නුඹලා තහනම් කර නොගනිවූ. තවද සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම සීමාව ඉක්මවා යන්නන්ව අල්ලාහ් ප්‍රිය නොකරන්නේය. අල්ලාහ් නුඹලාට (ආහාර වශයෙන්) ලබා දුන් දැයින් අනුමත කළ යහ දෑ අනුභව කරවූ. නුඹලා කවරෙකු විශ්වාසවන්තයින්ව සිටින්නේද එවන්වූ අල්ලාහ්ට බියභක්තිමත් වවු” (අල් කුර්ආන් 5: 87-88)



යමෙක් ඉහත ඉගැන්වීම් ඉතා සුපරීක්ෂාකාරීව විමසා බලන්නේ නම් පැහැදිළි වන එක් සත්‍යය කරුණක් නම්, හලාල් (අනුමත) සහතිකය ලබා දෙන්නේ සැබැවින්ම මුළු මනුෂ්‍යය වර්ගයාගේම සෞඛ්‍යයට හිතකර හා හානිකර නොවන දෑ වලට පමණක් බවය. මෙම හේතුව නිසාම මුස්ලිම් නොවන ලාංකීය මෙන්ම ජාත්‍යන්තර පරිභෝජකයින් හලාල් සහතික ලත් නිෂ්පාදන කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. දේශීය මුස්ලිම් නොවන නිෂ්පාදන ආයතන හලාල් සහතිකය ලබාගැනීමෙන් පසු ඔවුන්ගේ පිරිවැටුම් ධාරිතාවේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ඇත්තේ මෙම හේතුව නිසාම විය හැක.



හලාල් සහතික ලබා දෙන්නේ අවසාන නිෂ්පාදිත භාණ්ඩයේ සුදුසු නුසුදුසු බව පදනම් කරගෙන පමණක් නොවේ. ගොවි පලේ සිට, ගබඩා කිරීම, ප්‍රවාහනය, නිෂ්පාදන ක්‍රියාවලියේ සියළුම අවස්ථා මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කරන සියළුම රසකාරක හා අනෙකුත් සියළුම රසායනික ද්‍රව්‍යයන් පිළිබඳව නිවැරදි ලෙස සොයා බලා ලැබෙන්නාවූ වාර්තා පදනම් කර ගෙනය. හලාල් සහතිකය ලබා දෙන්නේ ගොවි පොලේ සිට ආහාර මේසය දක්වා ඇති සියළුම අවස්ථා සුපරීක්ෂාකාරීව සොයා බැලීමෙන් පසුව බව මෙයින් පැහැදිළි වන කරුණකි. එම නිසාම මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා හලාල් සහතිකය භාණ්ඩයේ තත්ත්ව සහතිකයක් ලෙසද සලකන්නට පුරුදුව සිටිති. හලාල් සහතික ලත් භාණ්ඩයන්ගේ පිරිවැටුම් ධාරිතාව ඉහළ යන්නට මෙය ප්‍රධාන හේතුවක් ව පවතී.



ආර්ථික ප්‍රතිලාභ

හලාල් සහතික ලත් භාණ්ඩ සඳහා ඇති ජාත්‍යන්තර වෙළඳ පොළේ ධාරිතාව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන දෙකකට වඩා වැඩි බව 2006 රොයිටර් වාර්තාවක් පෙන්වාදෙයි. 2012 වනවිට එනම් වර්තමානයේ මෙහි නිසැකවම සීඝ්‍ර වර්ධනයක් සිදුවී තිබිය යුතුය. මෙම ජාත්‍යන්තර හලාල් වෙළඳ පොළේ අපගේ කොටස වැඩි කර ගැනීම, සැබැවින්ම ශ්‍රී ලංකාවේ සීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගයක් ලෙස සලකා අප විසින් කටයුතු කළයුතුව ඇත. තෙල් මිළ ඉහළ යාමත් සමග, තෙල් නිෂ්පාදනය කරණ අරාබි හා මුස්ලිම් රටවල දේශීය ආදායම වැඩිවීමෙන් එම රටවල ඒක පුද්ගල ආදායමත් වැඩිවී ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙම තත්වය තුල ඔවුන්ගේ පරිභෝජන රටාවද වෙනස්වී ඇති අතර භාණ්ඩ ආනයනයේ විශාල ඉහළ යාමක් දක්නට ඇත.



මෙය අවබෝධ කරගත් බොහෝ ආසියාතික රටවල් එම වෙළඳ පොලට අවශ්‍ය වන පරිදි හා ඔවුන් අපේක්ෂිත තත්ත්ව හා නිර්ණායකයන් සපුරා ලමින් තමන්ගේ නිෂ්පාදනයන්ට හොඳ වෙළඳ පොළක් දිනා ගැනීමට කටයුතු කළහ. ඔවුන් පටු සීමාවන් තුල කොටු නොවී මේ මගින් විශාල ආර්ථික ප්‍රතිලාභ උපයා ගැනීමට කටයුතු කළහ. මෙය තම රටේ විරැකියාව අවම කොට ආර්ථික වර්ධන වේගය වැඩිකර ගැනීමට ඔවුන්ට උපකාරී වී ඇත. ලෝක ජනගහණයෙන් 25% ක් පමණ වන මුස්ලිම් ජනයා බහුලව මැදපෙරදිග, නිරිතදිග, හා දකුණු ආසියානු රට වල හා අප්‍රිකානු රටවල වෙසෙන අතර යුරෝපයේ හා ඇමෙරිකානු රටවල මිලියන 50 ටත් 60 ටත් අතර ප්‍රමාණයක් වෙසෙති. මෙම හලාල් වෙළඳ පොළේ විශාල පංගුකාරයින් බවට පත් මුස්ලිම් නොවන රටවල් කිහිපයක් පිළිබඳව විමසා බලමු. මේ සඳහා තායිලන්තය හා සිංගප්පුරුව හොඳ උදාහරණයන්ය.



තායිලන්තය.

තායිලන්තය හා අපගේ මාතෘභූමිය අතර සමානකම් බොහොමයක් ඇත්තේය. එය විවෘත, ප්‍රජාතන්ත්‍රීය, රටක් වන අතර, විවිධත්වය තුල ස්ථාවරත්වය හා ඒකීය භාවය පවත්වාගෙන යන රටකි. විවිධ ආගමිකයින් සිටිනා අතර ජනගහණයෙන් බහුතරය අනුගමනය කරන්නේ ථෙරවාදී බුදු දහමයි. රජතුමා හා රජය විසින් සියළු දහම් වලට පුර්ණ ආගමික නිදහස ව්‍යවස්ථාවෙන්ම සහතික කොට දී ඇත.



මෙම රටෙහි ලොව ඉතාම ඉහළ තාක්ෂණ හැකියාවන්ගෙන් පරිපුර්ණවූ හලාල් රසායනාගාරය පිහිටා ඇත්තේය. හලාල් විද්‍යා මධ්‍යස්ථානය (The Halal Science Centre – HSC – CU) 2003 වර්ෂයේදී චුලලොන්කොන් (Chulalongkrn) විශ්ව විද්‍යාලයේ ආරම්භ කොට ආහාර හා අනෙකුත් මිනිස් පාරිභෝජනයට උපයෝගී කර ගන්නාවූ භාණ්ඩ යන්හි අහිතකර හා හලාල් තත්ත්ව මිම්මට පටහැනි ද්‍රව්‍යයන් ඇති දැයි පරීක්ෂා කිරීම මෙහි වැදගත්ම කාර්ය භාරයයි. මෙය ලොව එම තත්වයේ ප්‍රථම අංග සම්පුර්ණ රසායනාගාරයයි.



මෙම කාර්යයන් තුලින් ලොව හලාල් වෙළඳ පොළේ 5 වන ස්ථානයට පැමිණෙන්නට තායිලන්තයට හැකිවී තිබෙන්නේ 2009 වර්ෂයේ දත්ත අනුව 5.3% ක වෙළඳ පිරිවැටුමක් සමගය. තායිලන්ත රජයේ මැදිහත්වීමෙන් හලාල් වෙළඳපොළේ තම කොටස වර්ධනය කර ගැනීමේ අදහසින් පරිවාර ආයතන රාශියක් පිහිටුවා ඇත. තායිලන්ත ඉස්ලාමීය බැංකුව, තායිලන්ත හලාල් ආහාර තත්ත්ව ආයතනය (Institute of Halal Food Standard of Thailand) හලාල් විද්‍යා මධ්‍යස්ථානය සහ පටානි දිස්ත්‍රික්කයේ ඇති හලාල් ආහාර කර්මාන්ත පුරය මේවායින් සමහරකි. මෙම ක්‍රියාවන් තුලින් තායිලන්තය මහා පරිමාන ආර්ථික ප්‍රතිලාභ ලබමින් සිටියි. මෙයින් අප හට ඉගෙනගත හැකි පාඩම් රාශියක් ඇත්තේය.



විදේශ සංචාරක කර්මාන්තය

ශ්‍රී ලංකාව, මැද පෙරදිග හා ඉස්ලාමීය රටවලින් මෙන්ම ඉස්ලාමීය නොවන රටවල මුස්ලිම් ජනයා අතර ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්වෙමින් පවතී. මෙම අංශය වඩාත් ආකර්ෂණීය එකක් බවට පත්කර ගැනීමට හැකි වන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් අප විසින් සපුරාලීමට කටයුතු කිරීමෙන් පමණි. ඔවුන්ගේ නිර්ණායකයන් අනුව ආහාරය සකස් වී නොමැති නම් කොහෙත්ම මෙය කළ හැකි වන්නක් නොවේ. මෙම අංශයේ සීඝ්‍ර වර්ධනයක් සඳහාද හලාල් සහතික ලත් ආහාර හා අනෙකුත් පාරිභෝජන භාණ්ඩ සැපයීම අත්‍යාවශ්‍යව තිබේ.



සමස්තයක් වශයෙන් ගත් කළ හලාල් සහතික ලත් කර්මාන්ත රටේ ආර්ථික වර්ධනයට මෙන්ම ජනයාට සුදුසු තත්ත්ව සහතිකයක් ඇතිව සැපයුම් සලස්වන්නට උපයෝගී වන්නාවූ යහ පිළිවෙතක් බව ඉහත කෙටි විග්‍රහය තුලින් අපට අවබෝධ කරගන්නට හැකිවේ යැයි විශ්වාස කරන්නෙමු. මේ පිළිබඳව මෑතකදී මතුකරනලද විවේචන කිහිපයක් පිළිබඳවද සලකා බැලීම වැදගත් යැයි සිතන්නෙමු. ඒ පිලිබඳ විස්තර පහතින් ලබා දී ඇත්තෙමු.



විවේචන

සැබැවින්ම රටක සිදුවන්නාවූ සියළු කාර්යයන් පිළිබඳව විවේචන තිබීම එම සමාජයේ යහපත පිණිසම වන්නක් බවත් එම සමාජයේ අදහස් දැක්වීමේ අයිතියේ සහතිකයක් ලෙසත් එය දැක්විය හැක. නමුත් විවේචන වෛරය හා ක්‍රෝධය පදනම් වුවක් නම් සිදුවන්නේ පිරිහීම හා සමාජ ඒකාග්‍රතාවය බිඳ වැටීම පමණි. තිස් වසරක් පුරා ලාංකීය දේශය පීඩාවට පත්කළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු අප හමුවේ නිර්මාණය වන්නේ අලුත් මොහොතක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මෙම අලුත් මොහොතේ ලාංකීය දේශය, ලාංකීය ජාතිය ගොඩ නැඟීම යහ අයුරින් කළමනාකරණය කර ගැනීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ නිර්මාණයවී තිබේ. මෙම අභියෝගය ජය ගැනීමෙන් තොරව රටක් ලෙස, ජාතියක් ලෙස අපට ඉදිරි ගමනක් නැත.



යුද්ධය රටට අහිමි කල විශාලතම සම්පත වුයේ “ජීවිතයයි”. ලක් මවට තමන්ගේ දරුවන් අහිමි කල යුද්ධය දැවැන්ත දේපළ විනාශයකටද මග හෙළි කළාය. තමන් උපන් භූමිය තුලම සරණාගතයන් කරනු ලැබූ අති විශාල සිවිල් ජනකායක් විවිධ දුක් ගැහැට වලට මුහුණ පාමින් අන්ත අසරණ තත්වයකට පත්වී සිටිති. අංග විකලභාවයට පත් අත්පා අහිමිවූ ජන සංඛ්‍යාව අති විශාලය. වැන්දඹු බවට පත්වූ ස්ත්‍රීන්, ජීවනෝපාය බිඳවැටුණු මිනිසුන්, අධ්‍යාපනය අහිමිවූ දරුවන්, පිළිසරණක් නැති වැඩි හිටියන්, අතවරට පත්වූ ගැහැනුන් මේ යුද්ධයේ අනිවාර්ය ප්‍රතිපලයන්ය. මේ සියල්ලටත් වඩා බරපතල වන්නේ ගිලන් බවට පත් “සමාජ මනස” සුවපත් කල හැක්කේ කෙසේද යන කාරණයයි. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ තත්වය බැරෑරුම් ලෙස තේරුම් ගෙන ඇතිද යන්න බහුතරයකගේ සැකයට බඳුන්වූ කාරණයක් බවට පත්ව ඇත්තේ පුර්ව යුද වකවානුවේ ප්‍රචාරයන් දැනුත් සිදුවෙද්දී ඒ පිළිබඳව වගකිවයුත්තන් නිහඬ නිරීක්ෂකයින් බවට පත්වී ඇති බව දැකීමෙනි. දශක තුනක වෛරය, අවිශ්වාසය හා එකිනෙකා කෙරෙහි වන බිය හද තුළ ගැඹුරට කා වැදී ඇත්තේය. ජන විඥාණයේ හා හදවත්වල විනිවිද ගිය මෙම තුවාල සුවපත් කරන්නේ කෙසේද යන්න සැමට අභියෝගයක්ව පවතී. මෙලෙස රෝගාතුරවී ඇති ජන විඥාණය සුවපත් කොට වෛරයෙන්, බියෙන්, සැකෙන්, අවිශ්වාසයෙන් තොරවූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියළු දරුවන් එකට අත්වැල් බැඳගෙන කටයුතු කළයුතු කාලය දැන් එළඹ තිබෙනවා නොවේද?



මේ වෙනුවට නැවත වරක් වෛරයේ ගිනිසිළු මොලවන්නට යමෙක් ඉදිරිපත් වන්නේද සැබැවින්ම ඔහු ලක් මවට ද්‍රෝහිකම් කරන්නෙක් මිස අන් කවරෙකු නම් විය හැකිද? මොවුන්ගේ වෛරය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියට අවාසනාවට මෙන් දහම් හා දහම්වල ශාස්තෘන් උපයෝගී කරගැනීම මෙරට සියළු ජනයාගේ කෝපයට හේතුවන කරුණක්ව ඇත. මෙම තත්වය පසුබිම් කරගෙන දැනට මතුවී ඇති විවේචන පිළිබඳව යතාර්ථයෙන් දකින්නට උත්සාහ කරමු.



1. හලාල් සහතික ලත් ආහාර වර්ග අල්ලාහ් ගේ නමින් ඉඳුල් කළ ආහාරයන්ය.

මෙවන් චෝදනා පිළිබඳව තමන්ගේ හෘද සාක්ෂිය අමතා විචාරන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. හලාල් සහතික ලත් ආයතනයන්ගෙන් බහුතරයක් ඉස්ලාමීය ඒවා නොවේ. කරුණාකර ඔවුන්ගෙන් විමසා බලන්න. හලාල් සහතික ලබා දීමේ ක්‍රියා වලිය විද්‍යාත්මක එකක් වන අතර එම ක්‍රියා වලිය තුල මෙවන් පිළිවෙතකට කොහෙත්ම ඉඩක් නොමැත්තේය. මෙය සත්‍යය වශයෙන්ම කිසිම පදනමක් නොමැති සම්පුර්ණයෙන්ම අසත්‍ය චෝදනාවකි.



2. හලාල් සහතිකය ලබා ගැනීම කරනුයේ එම ආයතනයන්ට කරන්නාවූ බලකිරීම් නිසාය.

හලාල් සහතිකය ලබාදෙන්නේ ශ්‍රී ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ අනුබද්ධිත ආයතනයක් මගිනි. එසේ නොවුවහොත් එයට ජාත්‍යන්තර පිළිගැනීමක් සහතික කරගැනීම කොහෙත්ම කළ හැකි දෙයක් නොවේ. කෙසේ නම් මෙම ආයතනය විශාල සමාගම් වලට බලපෑම් කරන්නට හැකි වන්නේද යන්න සැවොම සිතා බැලිය යුත්තක් නොවන්නේද? මෙයත් කිසිම පදනමකින් තොරවූ අභූත චෝදනාවක් පමණි.



3. හලාල් සහතිකය දීමෙන් ලැබෙන්නාවූ මුදල් ඉස්ලාමීය ප්‍රචාර කටයුතු වලට යොදා ගනිති.

හලාල් සහතික ලබා දෙන ආයතනයේ සියළු ගිණුම් වරලත් ගනකාධීකාරී වරයෙකුගේ විගණනයට බඳුන් කරණු ලැබ සියළු රාජ්‍ය නීති රීති අනුව පවත්වා ගෙන යන්නකි. ඉස්ලාමීය ප්‍රචාර සඳහා කිසිම මුදලක් වෙන්කිරීමට එම ආයතනයේ ගිණුම් හෝ පරිපාලන පටිපාටියේ ඉඩක් කොහෙත්ම නොමැත්තේය. මෙයද පෙර චෝදනා මෙන් අර්ථ ශුන්‍ය එකක් පමණි.



4. මුස්ලිම් වරුන්ගේ අවශ්‍යතාවයක් වූ හලාල් සහතිකය සඳහා මුස්ලිම් නොවන්නන් හට අධික මිළක් ගෙවා භාණ්ඩ මිලදී ගැනීමට සිදුවී තිබේ. මෙය, භාණ්ඩ මිළ සකස් වන්නේ කුමන සාධක මතද යන්න පිළිබඳව දැනුමකින් තොරව මතු කළ චෝදනාවක් බව පැහැදිලිය. ලංකාවේ ආහාර නිෂ්පාදනය කරන අය හලාල් සහතිකයෙන් ඉවත් වුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න දැන් අපි සොයා‍ බලමු.



සැබවින්ම, ලංකාවේ පාරිභෝගික වෙලඳපොල (Consumer Market) ඉතා කුඩා එකකි. එනිසා අපේ රටේ නිෂ්පාදකයාට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම ඇති ඇති වෙලඳපොල ඉතා කුඩා එකකි. මේ නිසා නිෂ්පාදන පිරිවැය ඉල්ලුමට සාපේක්ෂව බෙදීගොස් භාන්ඩයක මිල තීරණය වේ. අප අසල්වැසි ඉන්දියාව යනු දැවැන්ත වෙලඳ‍පොලකි. ඒ නිසා ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩිකර භාන්ඩයක මිල අඩු කිරීමට ඉතා පහසුය. මේ නිසා අපේ රටේ නිෂ්පාදකයින් දැනුදු සිටින්නේ ඉන්දියානු නිෂ්පාදකයා හමුවේ ඉතා අසරණ තත්වයේය. අද අපේ රටේ බොහෝ භාන්ඩ වල නිෂ්පාදකයා ඉන්දියාවයි. මෙරට නිපදවන සමහර දේ ඊට වඩා බොහෝ අඩු මිලකට ඉන්දියාවෙන් ආනයනය කළ හැක.



මෙම තත්වය තුල ජාතික නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව පහත හෙලන්නට අප කටයුතු කළහොත් එය ජාති ද්‍රෝහී ක්‍රියාවක් වනවාට කිසිම සැකයක් නොමැත. හලාල් සහතිකය ඉවත් කල වහාම ජාතික නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව පහත වැටී ඔහුගේ භාණ්ඩ නිෂ්පාදනයේ නිශ්චිත පිරිවැය සුළු නිෂ්පාදන ප්‍රමාණයක් විසින් අවශෝෂණය කරගැනීමට සිදුවන හෙයින් වෙළඳ පොලට යවන භාණ්ඩ යන්ගේ මිල ඉහළ දැමීමට අනිවාර්යයෙන්ම සිදුවන්නේය.



එසේ කිරීමේදී ඉන්දියාවෙන් ආනයනික ලාබ භාණ්ඩ සමග තරඟ කරන්නට නොහැකි වීමෙන් ඉතා අසරණ තත්වයකට ඔවුන් පත් වන්නේය. නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක තිබියදී අඩුමිලට භාණ්ඩ සැපයුවහොත් ඔහුගේ කර්මාන්තයේ ආයු කාළය ඉතාම කෙටි විය හැක.



ජනයා උද්වේගයට පත්කරවීම සඳහා මේවා සටන් පාට විය හැකි මුත් අර්ථ ශාස්ත්‍රය පිළිබඳව දැනුමකින් තොරව කරන්නාවූ මෙවන් ප්‍රකාශන නිසා දේශීය නිෂ්පාදකයා සහතික වශයෙන්ම මේවායින් සිදුවන්නේ ඉතා කෙටි කාලයක් තුල විනාස කර දැමීම පමණයි. එමනිසා බුද්ධිමත්ව හා යහ චින්තනයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වෙමු.



වෛරය හා ක්‍රෝධය ඉවතලා ලක් මවගේ දු දරුවන් මෙන් සාමය, සමගිය හා සෞභාග්‍ය සපිරි රටක් ගොඩ නගන්නට අත්වැල් බැඳ ගනිමු.

අබුෆාතිමා
 

eminem.mosh

Member
Nov 19, 2010
395
60
0
හලාල් සංකල්පය පිලිබඳ සමාලෝචනයක්

මෙම ලිපිය උපුටා ගැනීමකි. click here.
 

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    da-fuq.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "මෙම තත්වය තුල ජාතික නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව පහත හෙලන්නට අප කටයුතු කළහොත් එය ජාති ද්‍රෝහී ක්‍රියාවක් වනවාට කිසිම සැකයක් නොමැත. හලාල් සහතිකය ඉවත් කල වහාම ජාතික නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව පහත වැටී ඔහුගේ භාණ්ඩ නිෂ්පාදනයේ නිශ්චිත පිරිවැය සුළු නිෂ්පාදන ප්‍රමාණයක් විසින් අවශෝෂණය කරගැනීමට සිදුවන හෙයින් වෙළඳ පොලට යවන භාණ්ඩ යන්ගේ මිල ඉහළ දැමීමට අනිවාර්යයෙන්ම සිදුවන්නේය."

    Mehema wenne komada pahadanna?
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    මේ හලාල් සහතිකය මෙතරම් දුරට ප්‍රශ්නයක් කරගන්නේ ඇයි. ලංකාවේ හැම භාන්ටයක්ම හලාල් ලාංචන දන්නා කියල කවද කිව්වේ. ඔය ජමියතුල් උළමා සංවිධානයට එහෙම බලයක් නැහැනේ. එම සංවිධානය එසේ බලකලෙත් නැහැනේ. ඕනෑම කෙනෙකුට අවශ්‍යනම් දන්නා පුළුවන්, නොඅවශ්යනම් නොදැ ඉන්න පුළුවන්. හලාල් ලන්චනය නොදැ ඉන්න එක වීර ක්‍රියාවක් බවට දැන් පත්වෙලා. කාඩ්බෝර්ඩ් වීරයන්ට වෙන වීර ක්‍රියාවල දනහ වගේ . ලංකා රජයෙන් කාටත් කිව්වේ නැහැනේ හැම වියපරිකයෙක්ම හලාල් ලන්චනය දන්නා කියල. සුවමින්වහසේලටත් වෙන වැඩක් එපයේ. කෙටියෙන් හලාල් කියන්නේ "භාවිතයට සුදුසුයි" කියන එකනේ. ඕක ඕනෑම මින්හෙකුට අදාල වෙනවා. නැ අපි නොසුදුවුනත් පරිබෝජයට ගන්නවා කියන කෙනෙක් ඉන්නවනම්, ඕනෑම හා ජරාවක් කාලා යමන්ලා. එකට අනිත් මින්මිනිස්සු මොනවා කරන්නද. වෙන වැඩක් නැත්නම්, උදව් අවශ්‍ය කරන දුප්පත් ජනතාට ගිහින් උදව් කරපල්ලා.
     
    • Like
    Reactions: eminem.mosh

    eminem.mosh

    Member
    Nov 19, 2010
    395
    60
    0
    මේ හලාල් සහතිකය මෙතරම් දුරට ප්‍රශ්නයක් කරගන්නේ ඇයි. ලංකාවේ හැම භාන්ටයක්ම හලාල් ලාංචන දන්නා කියල කවද කිව්වේ. ඔය ජමියතුල් උළමා සංවිධානයට එහෙම බලයක් නැහැනේ. එම සංවිධානය එසේ බලකලෙත් නැහැනේ. ඕනෑම කෙනෙකුට අවශ්‍යනම් දන්නා පුළුවන්, නොඅවශ්යනම් නොදැ ඉන්න පුළුවන්. හලාල් ලන්චනය නොදැ ඉන්න එක වීර ක්‍රියාවක් බවට දැන් පත්වෙලා. කාඩ්බෝර්ඩ් වීරයන්ට වෙන වීර ක්‍රියාවල දනහ වගේ . ලංකා රජයෙන් කාටත් කිව්වේ නැහැනේ හැම වියපරිකයෙක්ම හලාල් ලන්චනය දන්නා කියල. සුවමින්වහසේලටත් වෙන වැඩක් එපයේ. කෙටියෙන් හලාල් කියන්නේ "භාවිතයට සුදුසුයි" කියන එකනේ. ඕක ඕනෑම මින්හෙකුට අදාල වෙනවා. නැ අපි නොසුදුවුනත් පරිබෝජයට ගන්නවා කියන කෙනෙක් ඉන්නවනම්, ඕනෑම හා ජරාවක් කාලා යමන්ලා. එකට අනිත් මින්මිනිස්සු මොනවා කරන්නද. වෙන වැඩක් නැත්නම්, උදව් අවශ්‍ය කරන දුප්පත් ජනතාට ගිහින් උදව් කරපල්ලා.

    :yes::yes::yes::yes:
     

    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    මේ හලාල් සහතිකය මෙතරම් දුරට ප්‍රශ්නයක් කරගන්නේ ඇයි. ලංකාවේ හැම භාන්ටයක්ම හලාල් ලාංචන දන්නා කියල කවද කිව්වේ. ඔය ජමියතුල් උළමා සංවිධානයට එහෙම බලයක් නැහැනේ. එම සංවිධානය එසේ බලකලෙත් නැහැනේ. ඕනෑම කෙනෙකුට අවශ්‍යනම් දන්නා පුළුවන්, නොඅවශ්යනම් නොදැ ඉන්න පුළුවන්. හලාල් ලන්චනය නොදැ ඉන්න එක වීර ක්‍රියාවක් බවට දැන් පත්වෙලා. කාඩ්බෝර්ඩ් වීරයන්ට වෙන වීර ක්‍රියාවල දනහ වගේ . ලංකා රජයෙන් කාටත් කිව්වේ නැහැනේ හැම වියපරිකයෙක්ම හලාල් ලන්චනය දන්නා කියල. සුවමින්වහසේලටත් වෙන වැඩක් එපයේ. කෙටියෙන් හලාල් කියන්නේ "භාවිතයට සුදුසුයි" කියන එකනේ. ඕක ඕනෑම මින්හෙකුට අදාල වෙනවා. නැ අපි නොසුදුවුනත් පරිබෝජයට ගන්නවා කියන කෙනෙක් ඉන්නවනම්, ඕනෑම හා ජරාවක් කාලා යමන්ලා. එකට අනිත් මින්මිනිස්සු මොනවා කරන්නද. වෙන වැඩක් නැත්නම්, උදව් අවශ්‍ය කරන දුප්පත් ජනතාට ගිහින් උදව් කරපල්ලා.

    උබලට උරුමස් විතරනේ ජරාව .. අපිට උබල ලගින් ගියත් ජරාව
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හලාල් කියන එකේ තේරුම නේ බාවිතයට සුදුසුයි කියන එක. එත් බාවිතයට සුදුසු වන්න හලාල් සහතිකය ගන්නම ඕනිද??????? නැනේ. මෙතන හලාල් සහතිකය දෙඑඉ එක්තර සමාගමක් මගින්. යමක් හලාල් ය කියන්න තියන විද්‍යාත්මක නිර්ණායක මොනවාද??? විද්‍යාත්මක කිඋවේ නබිතුම හීනෙන් දැක්ක. අල්ල දෙවියෝ ඇවිත් කිවුව, දෙවියන් සිහිකරලා මැරුවම හලල්ල් වෙනවා , බෙල්ල කපල ලේ යන්න දුන්නම හලල්ල් වෙනවා, ඒවගේ ගොන් කතා නෙමයි. පුලුවන්න නම් විද්‍යාත්මකව හලාල් නිර්ණායක මොනවාද කියන්න. අනික කිසිම උගත් කමක් නති නබිතුම දන්නේ කොහොමද ඌරු මස් වල යූරික් අම්ලය තියනවා කියල. ඒ කලර් අම්ල ගැන දන්නෙත් නැහැ මිනිස්සු. හලාල් කියන වචනේ තේරුම සුදුසු කියන එක එක හරි එත් ඇයි සුදුසුයි කයන්නේ. හලාල් කොම්පැනියට මුදලක් ගෙවුඋසනින් බාවිතයට සුදුසුවෙනව්ද????????? නිකම් විහිලිවු නේ. අනිකුත් ජාත්‍යන්තර ප්‍රමිති සහතික වලට නම් තියනවා නිර්ණායක හලාල් වලට තියන නිර්ණායක මොනවාද?????? මේක නිකම් ආගමට සල්ලි හොයන්න හදාගත්ත සහතිකයක් ආයතනයක්. එකයි අපි හලාල් ගන්න එප කියන්නේ. අපි මොකටද කවද හරි අපේ සිංහල දරුවෝ මරන්න සල්ලි දෙන්නී??????? පන්සාල් පුපුරවන්න්න සල්ලි දෙන්නේ මොකටද????? ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම පුපුරවන්න පුපුරන ද්‍රව්‍ය වලට අරමුදල් දුන්නේ හලාල් ආයතනයෙන්. අමෙරිකාවෙන් හදපු ෆිල්ම් එකට උධ්ගොෂණය කරන්න අනුග්‍රය දැක්වුවේ හලාල් ආයතනයෙන්, සින්හල මිනිස්සු දැනගන්න අනාගත දරුවෝ සිංහල දරුවෝ මරන්න අනුබල දිමක් හලාල් ගන්න එක. එතින හැමෝම දැනුවත් කරමු ඉන්ටනෙට් එන්නැති අයව විශේෂයෙන් දැනුවත් කරන්න ඕනි. ඉන්ටනෙට් එන අය නම් දැන් දන්නවා ගොඩක් මේ ගැන
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ හලාල් සහතිකය මෙතරම් දුරට ප්‍රශ්නයක් කරගන්නේ ඇයි. ලංකාවේ හැම භාන්ටයක්ම හලාල් ලාංචන දන්නා කියල කවද කිව්වේ. ඔය ජමියතුල් උළමා සංවිධානයට එහෙම බලයක් නැහැනේ. එම සංවිධානය එසේ බලකලෙත් නැහැනේ. ඕනෑම කෙනෙකුට අවශ්‍යනම් දන්නා පුළුවන්, නොඅවශ්යනම් නොදැ ඉන්න පුළුවන්. හලාල් ලන්චනය නොදැ ඉන්න එක වීර ක්‍රියාවක් බවට දැන් පත්වෙලා. කාඩ්බෝර්ඩ් වීරයන්ට වෙන වීර ක්‍රියාවල දනහ වගේ . ලංකා රජයෙන් කාටත් කිව්වේ නැහැනේ හැම වියපරිකයෙක්ම හලාල් ලන්චනය දන්නා කියල. සුවමින්වහසේලටත් වෙන වැඩක් එපයේ. කෙටියෙන් හලාල් කියන්නේ "භාවිතයට සුදුසුයි" කියන එකනේ. ඕක ඕනෑම මින්හෙකුට අදාල වෙනවා. නැ අපි නොසුදුවුනත් පරිබෝජයට ගන්නවා කියන කෙනෙක් ඉන්නවනම්, ඕනෑම හා ජරාවක් කාලා යමන්ලා. එකට අනිත් මින්මිනිස්සු මොනවා කරන්නද. වෙන වැඩක් නැත්නම්, උදව් අවශ්‍ය කරන දුප්පත් ජනතාට ගිහින් උදව් කරපල්ලා.

    හලාල් සහ හරාම් යන වචන යුගලය එදිනෙදා මුස්ලිම් ලෝකයා විසින් පමණක් භාවිතා කරන නමුත් දැන් ශ්‍රී ලංකා ජනජීවිතයේදී මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති වචන සෙට් එකක් බවටද පත්වී තිබීම එම හලාල් හෝ හරාම් යන්න කුමක්දැයි මුස්ලිම් නොවන්නන් පවා අසා දැනගැනීමට තරම් ප්‍රබල මාතෘකාවක් බවට පත්වී තිබීම පිළිබඳව එක අතකින් අපි සතුටට පත්වෙමු. තවත් අතකට මෙය එක ජාතියකට විරුද්ධව සටන් පාඨ කියා තවත් ජාතියක් උසිගැන්වීමට සමහරු දරන බොළඳ උත්සාහයක් බවද කනගාටුවෙන් හෝ කිව යුතුව තිබේ. හලාල් පිළිබඳව මෙතරම් කෑමොර දෙන්න අවශ්‍ය නැත. එය ඉතා කෙටි සහ පැහැදිලි ක්‍රමවේදයකි. මුස්ලිම් අය අල්ලාහ් දෙවිදුන්ගෙන් නාමය නොකියවා අප්‍රාණ කරනු ලබන කිසිදු සතුන්ගේ මස් මාංශ අනුභව කිරීම දහමින්ම තහනම් කර ඇති බැවින් එය තහවුරු කරගැනීම පිණිස මුස්ලිම්වරුන්ට ලබාදෙන පණිවුඩයේ ලාංජනය තමා මෙම හලාල් සහතිකය. ඉතිං මෙහි ඇති වරද කුමක්ද ? :confused:

    ඕනෑම ජරාවක් අසූචියක් සල්ලි දී ලබාගෙන හවසට අඩිය ගහනකොට “බයිට්” එකට බදින සහ බුදින අය මේ හලාල් සහතිකයට විරුද්ධව ඝෝෂා නගමින් අප රටේ සිටින්න පුළුවන්. ඒ පිළිබඳව අපට ගැටළුවක් නැත. හේතුව මරණයෙන් පසුව සමහරු හරකා හෝ එළුවා ලෙස ඉපදෙන බව විශ්වාස කරන නිසා ඔවුන් ගව ඝාතනයට හමන්ම මෙ‍ම හලාල් මුද්‍රාවටත් එරෙහිවෙති. මරණයෙන් පසු සතුන් හැටියට ඉපදෙන නිසා වෙන්න ඇති ඔවුන් සතුන් මරන්න එපා කියා අපෙන් ඉල්ලන්නේ. මෝඩ කමට තවමත් බෙහෙත් සොයාගෙන නැති බව වටින් ගොඩින් අපට ආරංචියි.

    :yes: