බොදු බලු සේනාව
බල්ලා මිනිසාගේ ළඟම මිතුරා’ කියා කවුරුන් හෝ කියා ඇති හෙයින් මේ ලිපිය ලියන්නට පෙර සියලු සිව් පා බල්ලන්ගෙන් සමාව ඉල්ලන්නට අපට සිදුවේ!
පාරේ දඩාවතේ යන බල්ලන් හිටපු ගමන් කඩා පැන - යන එන මිනිසුන් හපා කෑ විට ඉස්සර නම් කළේ වහා ඉස්පිරිතාලයකට ගොස් බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගසා ගැනීමය. ඒත් පසු කාලය වන විට බුරිය වටේ ඉන්ජෙක්ෂන් විසි ගාණක් ගහනවා වෙනුවට ඉන්ජෙක්ෂන් දෙකෙන් තුනෙන් ගොඩයන ආකාරයට සෞඛ්‍ය සේවාව ‘දියුණු’ විය. බල්ලකු කෑ විට, මේ තරම් බෙහෙත් විද ගන්නට මිනිසුන් උත්සුක වන්නේ ඇයි? ඒ වෙන මොකක්වත් නිසා නොව දඩාවතේ යන බල්ලන්ට පිස්සුද කියන සැකය නිසාය. ඒ සැකයත් සාධාරණය. දඩාවතේ යන බල්ලන්ගේ සෞඛ්‍යය ගැන සහතික දෙන්නට ජනාධිපතිගේ දොස්තර එලියන්ත වයිට්ටවත් බැරිය.
පිස්සු නැතත් බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන එක ඇඟට ගුණය. ලොකු ලොකු ගෙවල්වල ගේට්ටුවල බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු කියා බෝඩ් ගසා තිබෙන්නේ ඒ නිසා නොවුණත් බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන එක ඇඟට ගුණය. මොකද එක අතකට පිස්සුද නැත්ද කියා අයිතිකාරයා දන්නේත් නැති බල්ලා දන්නේත් නැති බල්ලන් ඕනෑ තරම් සිටිය හැකිය.
මේ සේරම කතා වලංගු වන්නේ කකුල් හතරේ බල්ලන්ටය. මේ තරම් දිග ‘බලු’ පූර්විකාවක් අපට ලියන්නට සිද්ධ වුණේ කකුල් හතරේ බල්ලන් පිරිසක් නිසා නොව කකුල් දෙකේ බල්ලන් පිරිසක් නිසාය. ඇත්තටම කියනවා නම් මේ නිකම්ම නිකම් බලු රංචුවක් නොව බලු සේනාවකි. මේ බලු සේනාව දැන් පාර පුරා දුවමින් බුර බුරා දඟලන නිසා ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් බලු සේනාව නිරුවත් කළ යුතුය.
බලු සේනාව ‘නිරුවත්’ කිරීමක් ගැන අප කියද්දී ඔබේ සිතේ ප්‍රශ්නාර්ථයක් මතු වෙනවාට සැකයක් නැත. ‘‘බල්ලන් කොහොමද නිරුවත් කරන්නේ? උන් ඇඳුම් අඳින එකක්යැ’’ කියා ඔබ අසනු ඇත. ඔව්! කකුල් හතරේ බල්ලන් සම්බන්ධයෙන් ඔබ නිවැරැදියි. එහෙත් කකුල් දෙකේ බල්ලන් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මේ බලු සේනාව සම්බන්ධයෙන් ඔබ වැරැදිය. මේ බලු සේනාව සිටින්නේ විළි වසාගෙනය. හරියටම කියනවා නම් මේ බලු සේනාව සිටින්නේ කහ පැහැති රෙදිවලින් විළි වසාගෙනය.
මොනවාද මේ කහ රෙදි? බලු සේනාවෙන් ඇහුවොත් ඒවාට කියනු ඇත්තේ ‘සිවුරු’ කියාය. මොකද, මේ බලු සේනාව තමන් හඳුන්වා ගන්නේ ද ‘බොදු’ යනුවෙන් විශේෂණ පදයක් ඉස්සරහට දමාගෙනය.
පසුගිය සතියේ ‘ජනරළ කතුවැකිය’ බොදු (යැයි කියාගන්නා) බලු සේනා නමින් මෙය පැහැදිලි කර තිබිණි. මෛත්‍රිය දෙසූ ශාස්තෲවරයකුගේ දහමක නමට මුවා වී මේ කරන ගෝත්‍රික විගඩම, එයින් කදිමට පහදා තිබූ හෙයින් ඒ ගැන වැඩිමනත් දේ නොකියා බොදු (යැයි කියාගන්නා) බලු සේනාව එන්නේ මොකාටදැයි අපි බලමු.
මේ බලු සේනාවට සිංහල - බෞද්ධයන් මිසක් වෙන කිසිදු ජීවියෙක් පෙන්නන්නට බැරිය. දෙමළ මිනිසුන්, මුස්ලිම් මිනිසුන් තබා කතෝලික හෝ ක්‍රිස්තියානි ආගම් අදහන මිනිසුන්වවත් මේ බලු සේනාවට පෙන්වන්නට බැරිය. උන්ට අනුව සිංහල - බෞද්ධයා වටේ සියලුම ග්‍රහයන් කැරකෙන්නට ඕනෑය.
බලු සේනාව බුරමින් දඟලන්නේ සෑහෙන කාලයක සිට වුව ද මේ ඊයේ පෙරේදා සිට වැඩි වැඩියෙන් බුරන්නට පටන් ගෙන තිබේ.
බණ්ඩාරගම දී පවත්වන්නට නියමිතව සිටි සෞඛ්‍ය සායනයකට බලු සේනාව කඩා පැන්නේ ‘වඳ සැත්කම් නතර කරනු’ යන සටන් පාඨය අතැතිවය. ඒ සටන් පාඨය අයිති වන්නේ විනය - සූත්‍ර - අභිධර්ම පිටක තුනෙන් කෝකටද කියා තේරුම් ගත නොහැකිය. වඳ සැත්කම් නිසා සිංහලයන් වඳ වෙන බවත් දෙමළුන්, මුස්ලිමුන් ශීඝ්‍රයෙන් බෝවන බවත් බලු සේනාවෝ කියති. ‘‘බුද්ධාගම අයිති සිංහලයන්ටය, ලෝකය අයිති සිංහල බෞද්ධයන්ටය, විශේෂයෙන්ම ලංකාව කියන දූපත අයිති සිංහල බෞද්ධයන්ට විතරමය, මාගේ ශ්‍රාවකයිනි, සිංහල බෞද්ධයන්ගේ හිතසුව පිණිස ගම් නියම්ගම් ඔස්සේ යව්’’ කියා බුදුහාමුදුරුවන් දේශනා කළේ කවදා, කොතැනදිද යන්න; බුද්ධ පුත්‍රයන් සේ රඟපාන මේ සුනඛ පුත්‍රයන් කියන්නේ නැත. නව ලිබරල් ආර්ථිකයෙන් බෙල්ල මුලට හිරවී ඇති අම්මලා වඳ සැත්කම් කරගන්නේ, පෝලිමට දරුවන් හදන්නට ධෛර්යය නැති නිසා නොව එහෙම හදන දරුවන්ට කන්න බොන්න දෙන්න තරම් හයියක් නැති නිසාය. ඒ ඉරණම බෞද්ධ - හින්දු - ඉස්ලාම් - කතෝලික කාටත් එකය. සමහර පන්සල් ‘සමීපව ඇසුරු කරන’ අයට එවැනි ‘ස්වර්ණමය අවස්ථා’ උදාවී තිබුණ ද හැමෝටම එහෙම නැත සහ හැමෝම එහෙම ද නැත. වඳ සැත්කම් නවත්වනු කියා කෑ ගසන බලු සේනාව, උපදින දරුවන්ට කන්න බොන්න දෙන්නේ ‘ආවාස ගෙවල්වලින් ගෙනල්ලාදැ’යි යන ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනෑය.
බණ්ඩාරගමෙන්, බලු සේනාව ඊළඟට ගියේ බදුල්ලටය. බදුල්ලේ කඬේක තිබුණා යැයි කියන මේස් කුට්ටමක් උඩ දමන්නට පටන් ගත් බලු සේනාව පොළොවේ හැපෙමින් කියා සිටියේ දෙමළ - මුස්ලිම් ව්‍යාපාරිකයන් බුද්ධාගමට විරුද්ධව කුමන්ත්‍රණ කරන බවය. සිංහල - බෞද්ධයන්ට අපහාස කරන බවය. ඒ අපහාස කුමන්ත්‍රණ කතා කොහොම වුණත් මැදහත් සිතින් මේ දිහා බලන ඕන කෙනකුට පෙනෙන්නේ, වෙළෙඳපොළේ තරගයට මුහුණ දීගන්න බැරුව ගියාම ජාතිවාදය, ආගම්වාදය ඇදගෙන පට්ට කුහක ලෙස අවලාද නඟන බවය. කොහොම වුණත් අන්තිමේ දී ‘අපහාසාත්මක මේස් කුට්ටමේ කතාව’ බලු සේනාවේ සුරංගනා කතාවක් බව තහවුරු විය.
අපට පත්තරයක් හැටියට ආගම් එක්ක මෙලෝ ගනුදෙනුවක් නැත. ගනුදෙනු කරන අයට අප කියන්නේ අනිත් එකාට වළ කපන්නේ නැතුව අදහන දහමක් අදහා ගන්න කියාය. හැම ආගමකම මෛත්‍රිය - කරුණාව - පේ‍්‍රමය අරක මේක කියා කයිකතන්දර හැටහුටහමාරක් ඇතත් ඒවා නැත්තේ ද පැල් බැඳගෙන ඕවා අදහන අය ළඟමය. ආර්ථිකයේ හොඳකම නිසා ජීවිතය නන්නත්තාර වී ඇති එකාට හිතවන්න හදන්නේ ‘උඹට ඕක වෙලා තියෙන්නේ අරූ නිසාය’ කියාය.
ඉතින් සිංහලයාට දෙමළා හතුරෙකි. දෙමළාට මුසල්මානුවා හතුරෙකි. බෞද්ධයාට කතෝලිකයා හතුරෙකි. කතෝලිකයාට ඉස්ලාමිකයා හතුරෙකි. ඉස්ලාමිකයාට හින්දු භක්තිකයා හතුරෙකි. මෙන්න මේ මනෝභාවය විකාරයකි. විකෘතියකි. පිස්සුවකි. බොදු (යැයි කියා ගන්නා) බලු සේනාව පාර පුරා දුවමින් - බුර බුරා දඟලමින් - බෝ කරන්නේ මෙන්න මේ පිස්සුවයි.
බොදු (පිස්සු) බලු සේනාවේ ‘මතවාදී කෙළ’ පෑගුණු අය - ශරීරගත වුණු අය - ආසාදනය වුණු අය - පිස්සුව හදා ගනිති. එවැනි පිස්සු බලු රෝගී සමාජයක මෛත්‍රිය ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. ලෝවාමහපායෙත් නැත. ඒ නිසා ජනතාවනි ප්‍රවේශමෙන්!
------------
බලු සේනාවේ ඉදිරියෙන්ම බුරන ගලගොඩඅත්තේ පැටිකිරියෙන් බිඳක්....
මීට අවුරුදු ගානකට කලින් තමයි ‘ගලගොඩඅත්තේ’ කොළඹට එන්නේ. උළුවිටිකේ තමයි ගලගොඩඅත්තෙට කොළඹ නවාතැන් දෙන්නේ. ඒ, රාජගිරියේ සුදර්ශනාරාමේ. ඒත් ගලගොඩඅත්තෙගෙ ‘ගේම්’ ගැන පොඩි ඉවක් දැනිලද කොහෙද, උළුවිටිකේ තීරණය කරනවා සුදර්ශනාරාමේ දිගටම ගලගොඩඅත්තෙටත් නවත්ත නොගන්න. එකපාරටම පන්නන්නත් බැරි හින්දා, සුදර්ශනාරාමෙට අයිති නාවල පැත්තෙ ඉඩම් කෑල්ලක, පොඩි ගරාජ් කාමරයක තමයි නවාතැන් දෙන්නේ. එතැන තවත් කතාවක් තිබ්බා. ඒ ඉඩමේ ගැරේජ් එකක් කරපු හාදයාව එළව ගන්නත් උළුවිටිකෙට ඕන වෙලා තිබුණා. කොහොම හරි ‘ගලගොඩඅත්තේ’ නාවලට ආවා.
ඊට පස්සෙ ගලගොඩඅත්තේ යූ.එන්.පී. එකේ නායකයෙක් එක්ක සම්බන්ධතා හදාගත්තා. ඔය කාලයේ රාවයක් ගියා ප්‍රසිද්ධ භික්ෂුවකගෙ වීඩියෝ පටයක් ඒ නායකයා ගාව තියෙනවා කියලා. ගලගොඩඅත්තේ තමන්ගෙ හිතවතුන්ට කිව්වලු ‘‘ඒ වීඩියෝ එක පරෙස්සමට තිබ්බේ මා ගාව’’ කියලා. කොහොම හරි ඊටත් පස්සෙ කාලෙක තමයි ගලගොඩඅත්තේ හෙළ උරුම දේශපාලනේට සම්බන්ධ වෙන්නේ. බල අරගලයක් නිසා හෙළ උරුමෙ දාලා ගියත් තාමත් සමහරු එක්ක නිල නොවන සම්බන්ධකම් තියෙනවා.
යුද්ධෙන් පස්සෙ ගලගොඩඅත්තෙ ගෝඨා එක්ක ‘ඩීල්’ එකක් දානවා. ඒ ඩීල් එකට උදව් පදව් කරන්නේ කිරම. කිරම එක්ක කාලෙක ඉඳන් ගලගොඩඅත්තෙ සම්බන්ධයි. මේ ‘ඩීල්’ එක දැම්මේ සිංහල ජාතිවාදී - බෞද්ධ ආගම්වාදී ව්‍යාපාරයක් ‘ෆෝම්’ කරන්න. වර්ගවාදය - ආගම්වාදය අවුළුවන තරමට තමන්ගේ ව්‍යාපෘතිය ගොඩ යනවා කියලා ධනපති පාලකයෝ දන්නවා. ගලගොඩඅත්තෙලා වගේ නරුමයන් ඒ ව්‍යාපෘතියෙ බළල් අත් බව අපි දැන ගන්න ඕන.
සදාචාරය කියන විෂය තුළ හෙළ බොදු ‘විනය’ බෙහෙවින් ‘තකන’ කෙනෙක් හැටියටත් ප්‍රසිද්ධ; ඥානෙකුත් නැති - සාරෙකුත් නැති ගලගොඩඅත්තෙගෙ පැටිකිරියෙන් මේ ලිව්වේ බිඳක් විතරයි!
විමල් කැටිපෙආරච්චි
උපුටාගැනීම
re-post නම් සමාවෙන්න.