ඔයාට...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙදහස් දොලහ පසුකර ලොව ගියාවේ...
    නව වසරක් දොරකඩ හිනැහුනාවේ.....
    සීතල රැයේ කිරි ඉතිරෙන වෙලාවේ....
    ඉටුවෙයි සියළු පැතුමන් වාසනාවේ......

    සදු හිනැහිලා රෑ අහසම එකලු වෙලා....
    තරු කැට දිලේ රන් මිනි මුතු කැන් සලලා....
    පවනැල්ලක සිසිලස තුරුලට තබලා....
    සන්සුන් ගමන් යනවද මට ඉගි කරලා...


    කරුණා ගුණ දහම් හද තුල වැඩි වෙන්න....
    සැම දෙන කෙරෙහි මෙත් කරුණා පතුරන්න...
    සුළු සුළු නුගුන පිණි බිදු මෙන් දුරලන්න...
    ඉවසා රුදුරු බාධක හැම ජය ගන්න.....

    දින දින හදවතින් තව තව ලං වෙන්න.....
    සෙනෙහස ඔබේ මට නිඹදව ලැබ ගන්න....
    කුළුදුල් ප්‍රේම සිතුවිල්ලක තනි වෙන්න...
    ඉඩ දෙනවාද ජීවිතයෙම ඔබෙ වෙන්න.....



     
    • Like
    Reactions: sameerasadaru

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අලුත් අවුරුද්දක්ලු, මට නම් ජීවිතේ තවත් එක දවසක් විතරයි. මැරෙන එක දවසකින් ඉක්මන් වුනා කියල හරි හිත හදා ගන්න තමයි වෙන්නෙ. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ අවුරුද්දෙ වත් මිනිස්සුන්ගෙ සිතුවිලි යහපත් වෙලා, ප්‍රශ්න කරදර අඩු වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔයාගේත් ඔයාගේ පවුලේ හැමෝගේම සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා!!!
    Happy-New-Year-Eve-2013-3_thumb.jpg
     
    • Like
    Reactions: Dinushasankalpa