බොදු බල සේනාව නොදන්න හලාල්
මේක වෙන thread එකක reply කරපු එකක්. දැනුම සඳහා වෙනම දැම්මා. ඔබේ අදහස් මොනවද?
(මෙහිදී හලාල්/හරාම් සම්බන්ධයෙන් ආහාර ගැන පමණක් කෙටියෙන් විග්රහ කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ ඌරගෙන් ගන්න දේවල්, ලේ, මිනිස් අංගයන් ආදිය අපේ ආහාර වල කලවම් වන හැටි පෙන්වීමයි)
සැ.යු: ඔය කුණුහරප වලින් ස්වයංපෝෂිත සෙට් එකට මෙතනට විත් fun ගත හැකි වුවද, ඔවුන්ව ignore කිරීම අපේ සෞඛ්‍යයට හිතකර බව කරුණාවෙන් සලකන්න.
මේක වෙන thread එකක reply කරපු එකක්. දැනුම සඳහා වෙනම දැම්මා. ඔබේ අදහස් මොනවද?
(මෙහිදී හලාල්/හරාම් සම්බන්ධයෙන් ආහාර ගැන පමණක් කෙටියෙන් විග්රහ කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ ඌරගෙන් ගන්න දේවල්, ලේ, මිනිස් අංගයන් ආදිය අපේ ආහාර වල කලවම් වන හැටි පෙන්වීමයි)
සැ.යු: ඔය කුණුහරප වලින් ස්වයංපෝෂිත සෙට් එකට මෙතනට විත් fun ගත හැකි වුවද, ඔවුන්ව ignore කිරීම අපේ සෞඛ්‍යයට හිතකර බව කරුණාවෙන් සලකන්න.
Halal=ඉස්ලාමයට අනුව පරිභෝජනයට අනුමත දේ. හලාල් ලාංජනය එන්න කලිනුත් යම් දෙයක් හලාල්ද කියා බලලයි ගන්නේ. සැකයක් තියනවනම් ගන්නෑ. Haram=තහනම්=හලාල් නැත. උදා: ඌරගේ සෑම දෙයක්ම, ලේ, සවභාවිකව මැරුනු සතුන්ගේ මස්, ඉස්ලාමීය නොවන ක්‍රමයට මැරූ සතුන් ආදිය. ශාඛමය ආහාර කොහොමත් හලාල්.
එනිසා, මස් වර්ග ගන්නෙ මුස්ලිම් කඩවලින් විතරමයි. ශාඛමය දේවල් ඕන කඩයකින් ගන්නව. ප්‍රශ්නෙ තියෙන්නෙ සැක සහිත කෑම වලයි. එනම්, කොම්පැනි නිෂ්පාදන වල ingredients වල සත්ව මූලද්‍රව්‍ය බොහෝයි. උදා: gelatin (in yoghurt etc.), emulsifier (in ice cream etc), cochineal (insect coloring in "smarties") etc...
(Chart එක බලන්න)
(පැහැදිලි රූප සඳහා http://www.mediafire.com/?7x88ujac4eckj0u එකෙන් pdf එක download කර ගන්න).
එවිට, ඒ නිෂ්පාදනය හරාම් යැයි සැක නිසා නොගෙන සිටීමට පෙළඹේ. ගන්නේ නම්, මුස්ලිම් නිෂ්පාදකයෙකුගෙන්ම එවැනි නිෂ්පාදන ගැනීමට පෙළඹේ. මක් නිසාද යත්, මුස්ලිම් නිෂ්පාදකයින් යොදාගන්නේ හලාල් අමුද්‍රව්‍යයි යන විශ්වාසය නිසා.
හලාල් සහතිකය යනු මෙලෙස සෑම අතින්ම යම් නිෂ්පාදනයක් හලාල් යැයි තහවුරු කිරීමයි. එය විද්‍යාත්මක පරීක්ෂන වලට පසු දෙනු ලබන සහතිකයකි (ඒකට වියදමක් යනවා). මේ සහතිකය නිසා මුස්ලිම් නොවන නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ගැන සැකය නැතිවී මුස්ලිම්වරු ඒවා පරිභෝජනයට ගන්නවා. එලෙස ආදායම වැඩිවෙන නිසා නිෂ්පාදකයො හලාල් ලාංජනය ගන්නෙ කැමැත්තෙන්. කිසිම බල කිරීමක් නෑ. ඒක ගන්න ලක්ෂ ගනන් යන බවත්, එකෙන් කෝටිගනන් ACJU උපයන බවත්, ඒක නිසා බඩු මිල වැඩි වන බවත්, එනිසා මුස්ලිම් නොවන අයටත් එමගින් tax වන බවත්, යන්න මහම පට්ට පල් බොරු!!
(මේකත් බලන්න- http://www.elakiri.com/forum/showthread.php?t=1520036)
හලාල් වල කතාව එච්චරයි. එනිසා තේරෙනව ඇති, හලාල් වර්ජනයෙන් මුස්ලිම්වරුන්ට කිසිම හානියක් නොවන බව සහ එය බලපාන්නෙ මුස්ලිම් නොවන නිෂ්පාදකයින්ට බව. බොදු බල සේනාවෙ අයට මෙවැනි සරල දෙයක් තේරෙන්නෙත් නෑ, එහෙම ඕනකමකුත් නෑ. මොකද, ඔවුන්ගෙ අරමුණ මුස්ලිම්වරු නැති කිරීම මිසක්, බුද්ධාගම රැකීම නෙමෙයි.












