You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සුපිරියි.. 
සුපිරියි.. 
thanks
එල් ජී සමාගම මහත් බලාපොරොත්තුවක් තබා ගෙන සිටි විස්මිත ටෙලිවිශන් තිරය සහිත රූපවාහිනිය ලබන මාසේ කොරියාවේ වෙළඳ පොළට එනවා. ඕඑල්ඊඞී තාක්ෂණය නිසා මමී 4ක් පමණක් ඝනකම ඇති ඇදහිය නොහැකි තරම් පැහැදිලි රූප සහිත මේ විශාල තිරය ඇති රූපවාහිනී යන්ත්‍රය නිපදවීමට එල්ජීසමාගමට හැකිවී තියෙනවා.
මෙය දැනට මෙම තාක්ෂණය සහිතව වෙළඳ පොළට ලොකුම ටෙලිවිශනයයි. දකුණු කොරියානු නිෂ්පාදන සමාගම කියන්නේ මේ ටෙලිවිෂනයක් කොරියානු වොන් මිලියන 11කට මිල දී ගත හැකි බවයි. ශී‍්‍ර ලංකා රුපියල්වලින් නම් 1,32,000ක්.
දකුණු කොරියානු එල්ජී සමාගම නිපදවා ඇති අලූත්ම ටෙලිවිශනය ඕඑල්ඊඞී තාක්ෂණය යොදා ලෝකයේ විශාලතම හා තුනීම තිරය එකක්. එහි රූප මෙතෙක් නොවූ විරූ තරමට පැහැදිලියි.
මේ නව ටෙලිවිශන අත්දැකීම ලෝකයේ අනෙක් රටවලට ලබා ගත හැක්කේ මාර්තු මාසයේ අග සිටයි.
මේ ටෙලිවිශනයට යොදා ගෙන ඇත්තේ ඕඑල්ඊඞී හෙවත් කාබනික ආලෝක විමෝචන ඩයෝඩ තාක්ෂණයයි. මෙහි දී රූප වඩාත් පැහැදිලිව, ගැඹුරු වර්ණ සංයෝජනයක් හා තියුණු වර්ණ ප්රහේදනයක් සහිතව දැක ගත හැකියි. මෙහි තිරය දැනට භාවිත වන ද්‍රව ස්ඵටික තිරයට වඩා සුපැහැදිලියි.
මේ නව ටෙලිවිශනයේ තිරය කෙතරම් සිහින්ද කීවොත් එහි ප්‍රමාණය මිලිමීටර 4ක් පමණයි.
ටෙලිවිශන නිෂ්පාදනයේ දී දැන් ලබා ඇති තාක්ෂණික දියුණුව නිසා දකුණු කොරියානු සමාගම් ලොව අනික් සමාගම් අබිබවා යමින් සිටිනවා. එල්ජී හා සැම්සුන් ඒ අතර ප්‍රධානයි. ඒ අතරිනුත් අනාගත පරම්පරාවේ ටෙලිවිශන යන්ත්‍රය ඉදිරිපත් කිරීමේදී එල්ජී සමාගම ඉන්නේ වඩාත් ඉදිරියෙන්.
අනාගත පරම්පරාවේ ටෙලිවිශනය ඉදිරිපත් තරගය මෙසේ නිමාවට පත් වෙන්නේ එල්ජී සමාගම ලෙන ආ නව තිරයේ ටෙලිවිශනය නිසයි.
ජපානයේ සෝනි තමයි, මේ ඕඑල්ඊඞී තාක්ෂණය යොදා ගෙන ලෝකයේ ප්‍රථම ටෙලිවිශනය තැනුවේ. ඒ 2007 දී තිරය අඟල් 11 ප්‍රමාණයෙන්. ඒත් ඔවුන් එම තාක්ෂණය යොදා ගෙන විශාල තිර නිෂ්පාදනය සඳහා ඉදිරියට ගියේ නෑ ඒ සඳහා කළයුතු ආයෝජනය අති විශාල නිසා.
මේ ඕඑල්ඊඞී තිරය දැන් බහුලව භාවිත කෙරෙන්නේ ජංගම දුරකතනවලටයි. තාක්ෂණික අභියෝග හා මුදල් ආයෝජනයේ විශාලත්වය නිසා මේ ක්රමයේ විශාල තිර නිෂ්පාදනය ලෝකයේ බොහෝ ටෙලිවිශන් යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගම්වලට අසීරු දෙයක් වෙලා තියෙනවා.
පසුගිය වසරේ මේ නව ටෙලිවිශනය ගැන අදහස් දක්වමින් එල්ජී සමාගමේ ව්‍යාපාර අධ්යක්ෂවරයා වූ ජෑන් මූන් ඉක් කීවේ, මේ ඕඑල්ඊඞී තාක්ෂණය යොදා විශාල තිර නිෂ්පාදන හැකියාව ඇත්තේ ලෝකයේ සමාගම් දෙකකට පමණක් බවයි. ඔහු කියන විදියට ඒ හැකියාව ඇත්තේ ඒ එල්්ජී සමාගමටත් ඔවුන්ගේ දකුණු කොරියානු ප්‍රධාන ප්‍රතිවාදියා වූ සැම්සුන් සමාගමයටත් පමණයි.
විශාල තිරය සහිත නව පරම්පරාවේ රූපවාහිනී යන්ත්‍රය තැනීම සඳහා කර්මාන්තශාලා නවීකරණයට දැවැන්ත ආයෝජනයක් කරන්න එල්ජී සමාගමට සිදු වුණා. ඒ නිසා නව පරපුරේ රූපවාහිනී යන්ත්‍රය ටිකක් මිලෙන් වැඩියි. ඉල්ලූම වැඩි වී නිෂ්පාදනය වැඩි වෙත් ම අනාගතයේ දී මෙයට වඩා අඩු මිලට මේ ටෙලිවිශන් යන්ත්‍රය අලෙවි කළ හැකි වෙතැයි සමාගම බලාපොරොත්තු වෙනවා.
එළකිරි කොල්ලෙක්;14250103 said:
thanks