අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?

අධිකරණයද පාර්ල&#3538

  • අධිකරණයද බලවත් ?

    Votes: 120 61.2%
  • පාර්ලිමෙන්තුවද බලවත් ?

    Votes: 76 38.8%

  • Total voters
    196

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුල ඉවරයි – සරත් එන්. සිල්වා

    sarath-n-silwa.png

    අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් මෙතෙක් තිබුණ අවුල්කාරී තත්ත්වය අහෝසි වනු ඇති බවත් රජය මින් ඉදිරි යට ගන්නා ක්‍රියාමාර්ග වලින් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කරන බවට ඔප්පු කළ යුතුව තිබෙන බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවැසීය.
    අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීමෙන් පසුව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු අගවිනිසුරුවරයා මේ ප්‍රකාශය කළේ ය.
    නව පත්වීමක් අගවිනිසුරු ධූරය සම්බන්ධයෙන් කිරීමේදී පිටස්තර පුද්ගලයන් පත් නොකර පැවැති සම්ප්‍රදාය අනුව යමින් ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම් ඇති පුද්ගලයකු එම තනතුරට පත් කිරීමෙන් දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටින කුමන්ත්‍රණකාරීන්ට ඉඩක් නොලැබෙනු ඇතැයි ද හිටපු අගවිනිසුරුවරයා කීය. මේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් මෙතෙක් ලොකු කැලඹීමක් තිබූ බවත් මෙයින් මතු විය හැකි යයි සිතෙන අයහපත් ප්‍රතිවිපාකවලට ඉඩ නොතබා රටටත් ජනතාවටත් යහපතක් ලැබෙන ආකාරයට ක්‍රියා කළ යුතුව ඇතැයි ද සරත් සිල්වා මහතා පෙන්වා දුන්නේ ය.
    මෙතෙක් ආණ්ඩුව එක පසෙකත් විනිසුරුවරුන් හා නීතිඥයන් එක පසෙකත් සිටි බව සඳහන් කළ සිල්වා මහතා මේ ගැටුම මෙතැනින් එහාට යා යුතු නැතැයි කීය.
    රජය පැත්තෙන් ඉදිරිපත් කළ චෝදනා මෙන් ම රජයේ ස්ථාවරය ද ඔප්පු වී අවසාන යයි ද කීය.
    රජය මෙය ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතු නොවන බව ඉහළ විනිසුරුවරයකුගේ විෂම පැවැත්මක් සම්බන්ධයෙන් ගන්නා ලද ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයක් ලෙස පමණක් මෙය සැලකිය යුතු යැයි ද හිටපු අගවිනිසුරුවරයා කීය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ කෑල්ලක් හලලා ඉතිරි කෑල්ල විතරක් අර්ථකතනය කරලා කොටින්ම කියතොත් බලය රහිත ආයතනයක් ව්‍යවස්ථාව සංශෝධනය කරලා තමාගෙ නඩුව තමන්ම අහගෙන දුන්න තීන්දුව උඩද උඹ කියන්නෙ වාර්තාව නීති විරෝධී කියලා. ඔලුව විතරක් නෙවේ පස්සපැත්තත් අතගාලා බලපන් අලුතින් මොනවා හරි ඇවිත්ද කියලා:lol::lol:
    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව ගිණියම් කල විමල්ගේ කතාව


    siratiyorari.png

    අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විවාදයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කල කතාවට පක්‍ෂ විපක්‍ෂ සියල්ලන්ගේ දැඩි අවධානය යොමු විය.

    විපක්‍ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ වීරවංශ මහතා විසින් සිදු කරන ලද එම කතාව පහත වීඩියෝවෙන් බලන්න.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරානි අගවිනිසුරු නිල නිවස අතහරී

    shi-end.png

    ධුරයෙන් ඉවත් කළ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අගවිනිසුරු නිල නිවසෙන් බඩු බාහිරාදිය ඉවත් කර ගෙන තිබේ.
    ඒ අනුව අගවිනිසුරු නිල නිවසේ තිබු භාණ්ඩ ලිපි ලේඛනවලට අතුළත් කොට භාර ගැනීම සඳහා අධිකරණ නිලධාරියක අගවිනිසුරු නිල නිවසට ගොස් ඇත.
    ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මේ වනවිට නිල නිවසේ නිල නිවසේ වූ සියලුම පුද්ගලික බඩු බාහිරාදිය කොළඹල රෝයල් පාර්ක්හි පිහිටි ස්වකීය පෞද්ගලික නිවස කරා රැගෙන ගොස් තිබේ.
    මේ අතර හිටපු අග විනිසුරුවරිය ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ අද විභාගයට ගැනීමට නියමිතව තිබූ නඩු 11ක් කල්තබා ඇත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නව අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් දිවුරයි


    1-sri.jpg
    නව අගවිනිසුරු ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
    ඒ මහතා ශ‍්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයාය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නව අගවිනිසුරු යටතේ අපි වැඩ කරනවා

    wijedasa-rajapaksha.jpg

    නව අගවිනිසුරු යටතේද සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතුවල නිරතවන බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය ප‍්‍රකාශ කරයි.
    ඒ අනුව තම සංගමයේ සාමාජික නීතිඥවරුන් අද සිට යළිත් සාමාන්‍ය පරිදි අධිකරණ කටයුතුවලට සහභාගිවන්නේ යැයි ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ ප‍්‍රධාන ලේකම් සංජය ගමගේ මහතා සඳහන් කරයි.
    නව අගවිනිසුරුවරයෙකු යටතේ සේවය නොකරන බවක් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය කිසි විටෙකත් ප‍්‍රකාශ කර නැතැයිද කී ගමගේ මහතා තම සංගමය මීට වඩා පෙර ප‍්‍රකාශ කර තිබුණේ නව අගවිනිසුරුවරයා පිළිගැනීමේ උත්සවයට සහභාගි නොවන බව යැයි ද කීය.
    ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සංගමයේ විධායක සභාවේ සාමාජිකයින් තිස් දෙනෙකු පමණ පිරිසක් ඊයේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡුාවක නිරත වූ බව ද ඔහු සඳහන් කළේය.
    ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් හා ජනාධිපතිවරයා අතර එම සාකච්ඡුාව පැවැත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමේ නියෝගය නිකුත් කර තිබූ හෙයින් ඒ පිළිබඳව සාකච්ඡුා කිරීමක් සිදු නොවී යැයි ගමගේ මහතා කීය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශිරාණි නැන්දගේ මොකක්ද එක ලොකුයි,එයාව එළවන්ඩ බැ කියල පොර ටෝක් දුන්න මෝඩ ගොබ්බයො ටික හොයා ගන්ඩත් නැ,:lol::lol::lol:ඇද්ද බෝලාලට ආව මගුලක් කියවන්ඩ,:lol::lol::lol:ගගේ පැනපල්ල අනාථයෝ ටික.:lol::lol::lol: ඔන්න අපි පාර්ලිමේන්තුව බලවත් කියල ඔප්පු කරා බොලාල කිච විය.:lol::lol::lol:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    නව අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් දිවුරයි


    1-sri.jpg
    නව අගවිනිසුරු ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
    ඒ මහතා ශ‍්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයාය.

    අපෝ පව් බන් උරුවන්සයා කරපු කතාවට ඇමිනෙන්නම ___ ___ කියන කොටියව පත් කරලා
     
    Last edited: